සිංහල
සිල්වර් ටිප්ස් | Silver Tips
Original price was: Rs 1,600.00.Rs 1,360.00Current price is: Rs 1,360.00.- 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
දරුපැටියෙක්ගේ එකම භාෂාව හැඬීම බව කියන්නට ග්‍රිසිල්ඩාට සිතෙයි. දරුවෙක් වඩා ගත යුත්තේ දරුවෙක් ලෙසින් බව කියන්නට ඇයට සිතෙයි. කිරි පෙවිය යුත්තේ ආදරයෙන් පෙරා බව කියන්නට ඇයට සිතෙයි. කිරි උරන වෙලාවට කන් පෙති සිනිඳු ලෙසින් අත ගෑ යුතු බව කියන්නට ඇයට සිතෙයි. නෑවීමෙන් පසුව කන් පෙති, නැහැය, අත් පා ඇඟිලි මෘදු ලෙස අත ගා නිසි ලෙස හැඩ කළ යුතු බව කියන්නට ඇයට සිතෙයි. කිරි බීවාට පසුව පැටියාව සිඹ සනසවමින් “ආදර අවධානය” දිය යුතු බව කියන්නට ඇයට සිතෙයි. යහනේදී නැළවිලි කවි කියා සිනිඳු සවන් පෙති මත ආදරයේ මී පැණි පිරවිය යුතු බව කියන්නට ඇයට සිතෙයි. දරු පැටියා අසලදී හැඟීමක් ලෙසින් “ආදරය” පමණක් ප්‍රකාශ විය යුතු බව කියන්නට ඇයට සිතෙයි. කිරිකැටියා ඇවිදින තෙක් වඩාගැනීමේ ශක්තියද, ජීවිත කාලය පුරා දරාගැනීමේ ශක්තියද තිබිය යුතු යයි කියන්නට ඇයට සිතෙයි.
එහෙත් ඇය ඒ කිසිවක්ම නොකිව්වාය.
ලක් බිමේ සත් වසක් | Lakbime Sath Wasak
Original price was: Rs 1,480.00.Rs 1,255.00Current price is: Rs 1,255.00. Growing
by Leonard Woolf
අපේ රටටත් අපේ මිනිසුන්ටත් පමණක් නොව, අපේ සතා සීපාවාටත් ආදරය කළ සුදු ඒජන්ත හාමුදුරුවෝ වන ලෙනාඩ් වුල්ෆ් ගේ (1904–1911) ස්වයං ලිඛිත චරිතාපදානයේ දෙවැනි කොටස වන GROWING (1961) කෘතහස්ත පරිවර්තකයකු වන ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතා විසින් සිංහලයට නඟා ඇත. පාහියන්ගේ – හියුංසාංගේ – දේශාටන වාර්තා – රොබට් නොක්ස්ගේ ලංකා විස්තරය ඩොයිලිගේ දිනපොත මෙන්ම වුල්ෆ්ගේ GROWING නම් කෘතිය ද ලංකාවේ අතීත තොරතුරු සොයන පර්යේෂකයනට ඍජු මූලාශ්‍ර ග්‍රන්ථයක් ලෙස අතිශය වැදගත් ය. ලෙනාඩ් වුල්ෆ් ලියූ, බැද්දේගම නමින් සිංහල පාඨකයන් හඳුනන VILLAGE IN THE JUNGLE (1912) නම් නවකතාව ලංකාව පසුබිම් කොට ඉංගිරිසියෙන් ලියැවුණු ශ්‍රේෂ්ඨතම නිර්මාණාත්මක කෘතිය ලෙසසැලකේ.
– තිලකරත්න කුරුවිට බණ්ඩාර
චැරෝන් | Charon
Original price was: Rs 1,480.00.Rs 1,260.00Current price is: Rs 1,260.00.මේ මොහොත වන විට ඈත අන්තර් තාරකා අඩවිය යයි හදුන්වන තාරකාවන්ගේ තිඹිරි ගෙදර වන විශාල කැටි වලාකුළු වලින් පිරිණු දූවිලි නිහාරිකා (Nebulae) වලාකුළු අතරේ යම් ආලෝකයක් පැතිර යන බව ගැලැක්සි 99 කණ්ඩායම නිරීක්ෂණය කරමින් සිටියෝය. එය වර්ණවත් ආලෝකයකි.
පෘතුවි හිරුගේ සූර්යය ලප (Sun Spots) බොහෝ සෙයින් පිහිටා ඇති දිශාවේ කේන්ද්‍ර වෙමින් සූර්යය ගිනිසිළු (Sun Flares) සූර්යයා සිට කිලෝ මීටර 450000 කට වැඩි දුරකට විහිදී යන අතර ඒ මග ඇති නිහාරිකා නම් යෝධ දූවිලි වලාකුළු ඇති පෙදෙසෙහි එම වලාකුළු ඉහලින් මතු වී ඇති මෙම වර්ණ ආලෝකය අපගේ පෘතුවි කක්ෂ ගෝලයේ මතුවෙන ඌෂාලෝක (aurora) නම් ආලෝක සංසිද්ධියට සමාන වූ ආලෝකයක් විය. එය නිරීක්ෂණය කරන්නට හිරුට ආසන්න බුධගේ කක්ෂයකට ගිය එම ෂටල යානය හිටි හැටියේ අතුරුදන් විය. එයට සිදුවූ අනතුර ගැන සොයන්නට වෙහෙසුණු ගගනගාමියෙකුට හමුවුණු අපූරු තොරතුරු ගොන්නක් හා ලින්ඩා නම් දිව්‍ය චක්ෂුතාවයක් ඇති Clairvoyance විශේෂිත කාන්තාවක් ඇසුරු කරගෙන මෙම කතාව පෙළගස්වා ඇත