සිංහල
අරණකට පෙම් බැඳ | Aranakata Pem Banda
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00.මිනිසා සහ පරිසරය අතර තිබෙන්නා වූ අධ්‍යාත්මික සබඳතාව හා එහි අසිරිය පරිපූර්ණ අයුරින්ද ළගන්නා සුළු රිද්මයකින්ද මේ රමණීය ගද්‍ය කාව්‍යයෙන් වර්ණිතය.
විභූතිභූෂණ සිංහල පාඨකයා අභිමුවට පැමිණියේ මාවතේ ගීතය අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය නම් වූ නවකතාත්රයෙනි. එම කෘති සිංහලයට නැගූ චින්තා ලක්ෂ්මී සිංහආරච්චිගේ තවත් විශිෂ්ට පරිවර්තනයක් ලෙස “අරණකට පෙම් බැඳ” හැඳින්විය හැකිය.
බින්දුගේ දරුවා | Binduge Daruwa
Original price was: Rs 500.00.Rs 400.00Current price is: Rs 400.00.වැදූ මව හා හැදූ මව අතර දරුවෙකුගේ ජීවිතය… හදා වඩා ගැනීමෙන් දරුවෙකු අයිති කරගැනීම හෝ අහිමි ජීවිතයක් උරුම කර ගැනීමට ගන්නා වූ වෙහෙස… සාම්ප්‍රදායික පුරුෂාර්ථ මත ගොඩනැඟුණ ගෘහ ජීවිතයක සබඳතා…
අනුවේදනීය ස්වරයකින් හා සියුම් චිත්ත විවරණයකින් යුතුව මේ කෘතියෙහි වර්ණිතය.
අපූගේ ලෝකය | Apuge Lokaya
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00.“අපූ” අප හඳුනා ගත්තේ “මාවතේ ගීතයෙනි”. “අපරාජිත ජීවිතයක්” වූ කලී ඔහුගේ ගැටවර විය නිරූපණය කළ කෘතිය වේ. “අපූගේ ලෝකය” අපූ නම් වූ ස්වාමි පුරුෂයාගේ – පියාගේ පමණක් නොව හසකුත් දුක්ඛ දෝමනස්සයන් මැද අකම්පිතව ජීවත් වූ පැසුණු මිනිසාගේ ජීවන වෘතාන්තයේ අවසන් භාගය වේ.
අපූගේ ජීවන ධාරිතාව පෘථුල කළ සුන්දර බිරිඳ අපර්ණා – ජීවත් වීමේ ආශාව දැල්වූ පුත් කාජල් ජීවනයේ මිහිරි සුවඳ විදහා පෑ ලීලා පාඨක සිත් සතන් තුළ සදා අමරණීය චරිත ලෙස අපූගේ ලෝකයේ සිතුවම් වී ඇත.
පාඨකයාගේ ජීවිතාබෝධය ගැඹුරු කරන මේ තුන් ඇඳුතු රමණීය ගද්‍ය කාව්‍යය අසාමාන්‍ය මුනිවරයකුගේ චරිතාපදානයක් වැන්න.
අපරාජිත ජීවිතයක් | Aparajitha Jivithayak
Original price was: Rs 1,100.00.Rs 880.00Current price is: Rs 880.00.විභූති භූෂණ බන්ද්‍යොපාධ්‍යාය භාරතීය සාහිත්‍යාම්ඹරය ප්‍රභාමත් කළ ප්‍රතිභා සම්පන්න මහා ලේඛකයෙකි. ඔහුගේ නිර්මාණ භාරත දේශයේ පමණක් නොව ලෝක සාහිත්‍යයේද උස් අසුන්වල වැජඹේ. අපරාජිත ජීවිතයක් වූ කලී ඔහුගේ “අපරාජිතෝ” නම් වූ නවකතාවේ සිංහල පරිවර්තනයයි. වංග බස පිළිබඳ මනා පරිචයක් ඇති චින්තා ලක්ෂ්මී සිංහආරච්චි මුල් කෘතියේ සාරය, රස නුසුන් කොට සිංහල පාඨකයා හමුවට පමුණුවාලීමට සමත් වී තිබේ .
ඈ විසින්ම පරිවර්තනය කරන ලද (මේ ශ්‍රේෂ්ඨ ලේඛකයාගේම) මාවතේ ගීතය නම් වූ කෘතියෙන් සහෘද මනසට පිවිසුණු “අපූ” නම් වූ සදානුස්මරණීය චරිතයෙහි ගැටවරවිය අපරාජිත ජීවිතයක් නවකතාවට විෂය වී ඇත. සෑම ගැටවරයෙකුටම ජීවන අරගලයට මුහුණ දීමට අවශ්‍ය ආත්ම විශ්වාසය පිළිබඳ ගැඹුරු අරුතක් කු ගන්වන මේ නවකතාව සත්‍යජිත් රායිගේ සිනමා කාව්‍යයක් බවටද පත් විය.
මාවතේ ගීතය | Mawathe Geethaya
Original price was: Rs 1,300.00.Rs 1,040.00Current price is: Rs 1,040.00.බටහිර බෙංගාලයේ පිටිසර ගමක ජීවත් වු දිළිඳු බ්‍රාහ්මණයෙකු වු හරිහරගේ චරිතය ඔහුගේ දරු දෙදෙනාගේ චරිත – බිරිඳගේ හා ඥාති සොයුරියගේ චරිත – මේ නවකතාවෙන් නිරූපනය කර ඇත්තේ අසාමාන්‍ය ප්‍රතිභා ශක්තියත් විදහා දක්වමිනි.සත්‍යජිත් රායිගේ සිනමා කෘතියක් ලෙස රසිකයින්ගේ අවධානය දිනාගත් “පොථොර් පංචාලි” මේ නවකතාව ඇසුරින් නිර්මිතය.