දවසක් දා හැන්දෑවක | Dawasak Da Handawaka

Original price was: Rs 500.00.Current price is: Rs 450.00.

“ජීවිතයේ කෙළවරක් නැති මිනිස් සබඳතාවලටත් මේ ‘න්‍යාය’ ම ගළපන්නට පුළුවන්. කතාබහ කිරීම සහ කතා නොකර සිටීම, හමුවීම සහ හමු නොවී සිටීම, ළං වීම සහ දුරස්ව සිටීම, පැමිණීම සහ නොපැමිණීම…මේ සියල්ලක් ම ජීවත් වීම සඳහා අවශ්‍යයි. මේ සියලුම සංසිද්ධීන් එකකට එකක් වෙන් කළ නොහැකි සේ සහ සම්බන්ධයි. සංගීත සංධ්වනියක ස්වර සහ නිහැඬියාව වගේ… කවියක කියැවෙන දේ සහ නො කියැවෙන දේ වගේ. මා ජීවිතය කියවන විදියට ‘උපේක්ෂාව’ යනු මේ සහ සම්බන්ධය තේරුම් ගැනීමයි. උපේක්ෂාව එක්තරා විදියක සුවබර නිද්‍රාවක්.”

ප්‍රාණ – ජීවිතය යළි සොයාගැනීම | Prana – Jeewithaya Yali Soyaganeema

Original price was: Rs 1,000.00.Current price is: Rs 900.00.

ජීවිතය යළි සොයාගැනීම

“තරගය මැදට පැනලා දුවන්නේ නැතිව, තරගයෙන් ඈත් වී නැවතී සිටින මිනිසුන්ට තමන් වගේ ම නැවතී සිටින තවත් අය හමුවෙනවා. එතකොට ඔවුන් අතර වෙන ම ‘සංඛ්‍යාතයක’ සම්බන්ධතා ගොඩනැගෙනවා. ඔවුන්ට අර තරගයට දුවන මිනිසුන් විහිළුවක් ලෙස පෙනෙන්න පටන් ගන්නවා. ඒ නැවතී සිටින අය ගේ ‘සංඛ්‍යාතය’ තරගයට දුවන අය ගේ සංඛ්‍යාතයට ගෝචර වන්නේ නැහැ.

කඳු තරණය කරන්නන්ට කඳු තරණය කරන්නන් හමුවෙනවා. කිමිදුම්කරුවන්ට තවත් කිමිදුම්කරුවන් හමුවෙනවා. අහිකුණ්ඨිකයන්ට තමන් වැනි ම තවත් අහිකුණ්ඨිකයන් හමුවෙනවා. ඔවුන් හැමෝට ම තම තමන්ට අනන්‍ය සංඛ්‍යාත තියෙනවා. ඒ සංඛ්‍යාත අනුව එක ම රිද්මයකට අනුනාද වන අය එකට ගමන් කරනවා. ඔවුන් හොඳ ගමන් සගයන් වෙනවා.

මෙහෙම සමාන සංඛ්‍යාතයකුන් යුතු දෙදෙනෙකු හමුවුණාම ඔවුන් අමුතුවෙන් දැන හඳුනාගන්නට කාලය වැය කළ යුතු වන්නේ නැහැ. ඒ වගේ ම අමුතුවෙන් එකිනෙකා ගේ කතාව පහදා දිය යුතු වන්නේ නැහැ. හරි සංඛ්‍යාතයට සුසර කළාම රේඩියෝවේ සංගීතය ඇහෙන්න පටන් ගන්නවා වගේ ඒ සම්බන්ධතාව ක්ෂණිකව ම ගොඩනැගී ඉදිරියට ගලා යනවා.”

ප්‍රාණ – අලුත් සමාජය | Prana – Aluth Samajaya

Original price was: Rs 1,300.00.Current price is: Rs 1,170.00.

අලුත් සමාජය

“අප හැමෝගේ ම ඇතුළේ තියෙනවා අභ්‍යන්තරික දුප්පත්කමක් (inward poverty). තවත් සරලව කිව්වොත් අප ළඟ මොනවා තිබුණත් තවත් මොනවා හෝ අඩුයි කියලා හැඟීමක් නිතර ම හිතට දැනෙනවා. අප බාහිර ලෝකයේ කරන හැම දෙයකින් ම උත්සාහ කරන්නේ මේ අභ්‍යන්තර දුප්පත්කම නැති කරගන්න. අප ඒ වෙනුවෙන් හොඳ, නරක හුඟක් දේ කරනවා. හැබැයි අභ්‍යන්තරික දුප්පත්කම එහෙම ම තියෙනවා.

අපට දැනෙන මේ අභ්‍යන්තරික දුප්පත්කම අනෙක් අයටත් පෙනෙයි කියලා බයක් නිතර ම හිත ඇතුළේ හොල්මන් කරනවා. ඒ නිසා ම තමන් තුළ එහෙම දුප්පත්කමක් නැති බව හඟවමින් නිතර ම ලෝකයාට ‘පණිවුඩ’ දෙන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා අප ජීවිතයේ කරන ලොකු, කුඩා හැම දෙයක් ම එහෙම පණිවිඩ දෙන්න අවස්ථාවක් කරගන්නවා.

අවසානයේ සිද්ධ වෙන්නේ අප දන්නේ ම නැතුව ඒ පණිවිඩ දීම කියන උගුලේ පැටලෙන එක..

ඒ නිසා මේක ලිහනවා නම් ලිහාගන්න ඕනෙ පටලැවුණු නූල් බෝලයක් ලිහන විදියට ම තමයි.. මුලින් ම අප ඇතුළේ තියෙන අභ්‍යන්තරික දුප්පත්කම තේරුම් ගන්න ඕනෙ. එය තේරුම් ගත්තම ඒකත් එක්ක ගනුදෙනු කිරීම පහසු වෙනවා. එතකොට ඒ අභ්‍යන්තරික දුප්පත්කම වටේ වෙළෙඳපොළ, ඇඩ්වටයිසිං සහ මාධ්‍ය විසින් නිර්මාණය කරන මායාව විනිවිද දකින්න පුළුවන් වෙනවා. “

ප්‍රාණ – ආදරය සහ නිදහස් වීම | Prana – Adaraya Ha Nidahas Veema

Original price was: Rs 1,100.00.Current price is: Rs 990.00.

ආදරය සහ නිදහස් වීම

“තමන් තදින් ම ආදරය කරන කවුරුන් හෝ ඉන්නවා නම්, ඒ ආදරය තමන්ට අහිමි වෙයි කියලා බය නම්, කරන්න ඕනෙ හොඳ ම දේ වන්නේ ඔහු හෝ ඇය සමග කවදාවත් විවාහ නොවී සිටීම.

මම එහෙම කියන්නේ හේතුවක් ඇතුව.

මිනිසුන්ට වඩා පහසු තමන්ට ළඟින් ම ඉන්න අයට ආදරය කරන්න නෙවෙයි – දුරින් ඉන්න අයට ආදරය කරන්න. ඒක මිනිස් ඉතිහාසය පුරා ම තහවුරු වුණු සත්‍යයක්.

ඒ කියන්නේ, අල්ලපු ගෙදර ඉන්න මනුස්සයාට ආදරය කරනවාට වඩා අපට ලේසියි ඇෆ්ගනිස්තානයේ සහ සිරියාවේ ඉන්න සරණාගතයන්ට ආදරය කරන එක.

තමන් ගේ ළඟ ම ඉන්න කෙනාට ආදරයෙන් සළකනවාට වඩා ලෙහෙසියෙන් ටෙලිනාට්‍යයක, චිත්‍රපටියක, නවකතාවක ඉන්න චරිතයකට ආදරය කරන්න පුළුවන්.

තමන් ගේ ගේ ඇතුළට එන පොඩි පොඩි සතුන් මරන කෙනෙකුට වුණත් යාල හරි විල්පත්තුවේ හරි ඉන්න කොටියෙකුට, අලියෙකුට, උරගයෙකුට ආදරය කරන්න පුළුවන්.

ඒකට හේතුව අපි ඇත්තට ම ආදරය කරන්නේ සැබෑවට ම ඉන්න මනුස්සයෙකුට නොවෙයි ඔහු හෝ ඇය වටේට ගොඩනගපු කිසියම් ෆැන්ටසියකට වීම…”