මැයි මාර ප්‍රසංගය | Mai Mara Prasangaya

Original price was: Rs 700.00.Current price is: Rs 560.00.
  • 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව

‘ඔයා දන්නවද පුංචි මැයි මාර ළමයෝ…
ඔයා නිකම්ම නිකන් මැයි මාර ළමයෙක් එහෙම නෙමෙයි. කුතුහලය මිශ්‍ර චමත්කාරය පිරුණු මාරම මාර මැයි මාර ළමයෙක්. නිරෝගීව ලොකු මහත් වෙලා රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සනම ලස්සන මැයි මාර ප්‍රසංග පවත්වන්න. එහෙනම් මං ගිහින් එන්නම් මැයි ප්‍රසංග පවත්වන්න. එහෙනම් මං ගිහින් එන්නම් මැයි මාර ළමයෝ.

#may mayi maara prasangaya #මැය්

සෙංකොට්ටං | Senkottan

Original price was: Rs 900.00.Current price is: Rs 720.00.
  • 2012 රාජ්‍ය සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
  • 2012 විද්‍යෝදය සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
  • 2012 ගොඩගේ සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
  • 2012 ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේශය

සෙංකොට්‌ටං නවකතාව සිය විෂය භූමිය කර ගන්නේ සබරගමු පළාතේ, රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ, රිදීවිට නම් වූ ගම හා ඒ අවට පෙදෙසේ මීට දශක අටකට පමණ පෙර විසූ , සමාජයේ කුල ධුරාවලියේ අවම තැනක ස්‌ථානගත කරනු ලැබූ අව වරප්‍රසාදිත එකී මිනිසුන් මුහුණ දුන් පීඩනයයි. රිදීවිට ගමේ වීරප්පුලි හේනයා, ඔහුගේ බිරිඳ මල්මා රිදී, වැඩි වියපත් දූවරුන් වූ පොඩිනා සහ හීං රිදී, පොඩිනාගේ සැමියා වූ නම්බු හේනයා, පොඩිනා ඔහු සමග විවාහ වීමට පෙර අනගිහාමි නම් වූ කුලවතාට දාව ඈ වැදූ බබා හේනයා නම් ලත් අට හැවිරිදි දරුවා සෙංකොට්‌ටං හි ප්‍රධාන චරිත වෙති.

“උඹට කියන්න, අපේ කිරිඅම්මා කෙනෙක් හිටියා මාගල්ලවත්තේ, වංසා රිදී කියල. කුණු හරුප කියනවා කටේ නොගෑවී. මගේ ඔන්න එක පලහිපව්වකදි මගේ ළඟින් ඉඳගෙන, මෙන්න මේ මං උඹගේ හිත හදන්නා වාගේ ම මයේ හිත හදන්න හරිහරියට මහන්සි වුණා. ඒ ගෑණි කියපු කතාවක් මට අද වාගේම මතකෙ තියෙනවා…ඒ කිරිඅම්මා කිව්වා, ඕනි එකෙක් එක්ක ඕන විගඩමක් නැටුවට කමක් නැතේය, හැබැයි ඔය පිරිමි ජාතිය මහ අමුතු ම අමුතු ජාතියක් ය, අත නිකං තියාගෙන ඉන්න පුරුද්දක් උන්ට නැත, අර අහවල් පලහිලව්ව නිකං තියාගෙන ඉන්න උන්ට පුරුද්දක් නැත, අන්න ඒ හිංදා උඹ ළඟ ඔය තියන හක්ගෙඩි දෙකයි, පංචා බෙල්ලයි විතරක් උන්ගෙ නොහොබිනාකංවලට පරිහරණෙට දෙන්න එපා ය කියලා…බලාපං රත්තරනේ, ඒක මොන තරං මසුරං කතාවක් ද කියලා. ඕනෑම ළමිස්සියෙකුට මිනිහෙක් එක්ක යන්න කලිං දෙසැරයක් හිතන්න ඒ කතාව කොයිතරං වටිනා එකක් ද කියලා. කතාවක් නෙවෙයි බොලං ඒක මසුරං මල්ලක් කියලයි මට නං හිතෙන්නේ.”

අපොයියාව | Apoiyawa

Original price was: Rs 700.00.Current price is: Rs 560.00.
  • 2021 රජත පුස්තක සම්මානය
  • 2021 ගොඩගේ සාහිත්‍ය සම්මානය
  • 2021 රාජ්‍ය සාහිත්‍ය සම්මාන නිර්දේශය

අපේ ප්‍රහෙලිකාවට වචන පැමිණෙන්නේ ද හරියට මේ පාරවල් සතර ඔස්සේ අප අපේ ගෙදරට පීසෙනවා වාගේ ය. අක්කා වැනි සිනිදු වචන වලින් පැමිණෙයි. අපි වැනි දඟකාර වචන රංචු ගැසී පැමිණෙයි. අම්මා,කිරිඅම්මා වැනි ගැහැනු වචන ළඟ පාරවල්වලින් ඉක්මනින් අඩි තබා පැමිණෙන අතර තාත්තා වැනි ලොකු වචන රෑ බෝ වී පැමිණෙයි.කෙසේ නමුත් රාත්‍රිය වන විට සැවොම ගෙදරට එකතු වෙති.

මාණික්කාවත | Manikkawatha

Original price was: Rs 900.00.Current price is: Rs 720.00.
  • 2015 රජත පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතා පහෙන් එකකි

“උඹලගේ පඳුරු ගැනිල්ල අපට නතර කොරන්න බැරි වග උඹල දන්නවා… විසේසෙන් කෙල්ලේ උඹ බලවතියක්.ආසාවල් ඇති වෙනවා තමයි. ඒ් උණාට සිහි කල්පනාවට ගනිං,ගොයම කපන්න කලියෙන් වී පාගන්නෑ. ඉස්සෙල්ලාම ගොයම හොදට පැහෙන කල් ඉන්න ඔ්නි. ඊට පස්සෙං පහු යි පැහුණු ගොයම කපාගන්නේ .ඊට පස්සෙ යි කැපූ ගොයම පාගලා අස්වනු ඒක්කාසු කොරගන්නේ.ඊට කලියෙං කුඹුරට පැනලා දැඟලුවාම මොකෑවෙන්නේ? ආයේ කැපිල්ලට ගොයමක් ඉතුරු වෙන්නේ නෑ… මේකා ඉලන්දාරියා කොයියම්ම දේ උණත් මේකාට අමුණු වෙළේ ඒබිලා අමුඩ ලේන්සුව මිරිකලා ඒ්කෙන් පිහදාගෙන ගෙදර යන්න ඇහැකි.හැබැයි උක්කුං කෙල්ලේ,උඹට ඒ්ක ඒහෙම කොරන්න බෑ…

ඇහි පියන් ඇහැරිලා | Ahi Piyan Aharila

Original price was: Rs 450.00.Current price is: Rs 360.00.
  • 2012 විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය විද්‍යෝදය සම්මානය

ඇස්වලින් රූ පෙරා රැස් ගඟුල තුළ හොරෙන් ගිලෙමී රශ්මි රන් නෙත් කැලුම් පස්සෙ අරගන්නටත් තියමී

වස්සානයක රැඳී තිස් පැයේ තෙමි-තෙමී දැවෙමී ගස් බලටුවල පවා ලස්සන ම ගැහැනු ඇඟ දකිමී

පස් මහා බැලුම් ලා ඇස් පියල්ලක පහස සොයමී ඉස්තරම් මඟුල් කා හස්තයෙන් මධුසමය විඳිමී

කවි කොපුල මත හදිසියේ ම පතිත වූ උණුසුම් ම හාදුවකි නුඹ

හිරුත් හිම පියල්ලක | Hiruth Hima Piyallaka

Original price was: Rs 520.00.Current price is: Rs 415.00.
  • 2010 විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය රාජ්‍ය සාහිත්‍ය සම්මානය

කොළඹ තේ කඩයක අහම්බෙක
කහට උගුරක් උරා සැනහෙන
වීරෙ ! විසි – තිස් වසරකට පෙර
මතකයකි හිත් කහටකින් තොර

කොහෙද වීරේ
එදා නුඹ හිස පැළඳගෙන ආ
බොකුටු කොණ්ඩය?
කොහෙද මුහුණේ දවටගෙන උන්
සිනා මල් වැල?

අහඹු ලෙස හමු වූ සැඳෑ අග
ගොඩවැදී යමු අපේ ගෙදරට
ඔය තරම් ඇස් ලොකු කරන්නට
වුවමනා නැත