පොලියානා | Pollyanna

Original price was: Rs 1,250.00.Current price is: Rs 1,000.00.

Pollyanna
by Eleanor H. Porter

යොවුන් වියේ දිවියක් ගෙවන කවර කෙනෙකු වේවා ඉමිහිරි බලාපොරොත්තුවලින් පිරුණු ජීවන අපේක්ෂා සම්බන්ධ හැඟීම්වලින් මඩනා ලද බව සත්‍යයකි.

එහෙත් කුඩා වියේදී ලබන්නා වූ විවිධාකාර අත්දැකීම් නිසා දිවිමංතලාවේ නේක ඉසව් අභියසදී විස්මයට හා තැතිගැන්මට ලක් වේ….. යොවුන් පාඨකයන් අතර තාරුණයෙහි පූර්ව අවධිය හා සම්බන්ධ චරිත වඩාත් හැදයංගම ලෙස ප්‍රිය වේ.

ඒ චරිත විටක ජීවිතයට කෙළිලොල් බව – ඉමිහිරි සතුට – මෙන්ම ආත්මවිශ්වාසය ද අත් කර දෙයි. පොලියානා යොවුන් වියට පමණක් නොව ජීවිතයේ පරිණත අත්දැකීම් ඇති අයටද හෘදයාංගම හා රසවත් කතාවකි.

#poliyana

සතුට බෙදන පොලියානා | Sathuta Bedana Pollyanna

Original price was: Rs 850.00.Current price is: Rs 680.00.

Pollyanna Grows Up
by Eleanor H. Porter

පොලියානාගේ ජීවන වෘතාන්තයේ මැද භාගය සතුට බෙදන පොලියානා ලෙසින් පාඨකයන් අතට පත් වේ. තුරුණු විය අද්දරට සේන්දු වෙමින් සිටින තැනැත්තියකගේ සිතිවිලි පහළ වන අන්දම හා ඒවා හැසිරෙන ආකාරය – තමා අවට පරිසරය ජීවිතයට බලපෑම් කරන අන්දම – කදිමට මෙහි නිරූපිතය.

හොඳ සාහිත්‍ය කෘතියකින් ජීවිත අරුත් රසයෙන් යුත් වින්දනයක් පාඨකයාට උරුම වේ. එය පාඨකයාගේ ජීවන අත්දැකීම් පුළුල් කිරීමටද හේතු වේ. යොවුන් පාඨකයන්ට අර්ථ සම්පන්න සාහිත්‍ය කෘතියක් ලෙස පොලියානා කතා මාලාව හැඳින්විය හැකිය. මෙහි අවසන් භාගය ජිමී සහ පොලියානා ලෙසින් පළ වී තිබේ.

#poliyana

ජිමී සහ පොලියානා | Jimmy Saha Pollyanna

Original price was: Rs 760.00.Current price is: Rs 605.00.

Pollyanna Grows Up
by Eleanor H. Porter

පොලියානාගේ ජීවන වෘතාන්තයේ තෙවන භාගය ලෙස මේ කෘතිය හැඳින්විය හැකිය.යොවුන් වියේ සුන්දරත්වයත් ජීවන යාත්‍රාවෙහි සියුම් සංවේදනාත් නිසි වර්ණවලින් මේ කතාවෙහි නිරූපණය කර ඇති ආකාරය ඉතා මනහර ය. කත්‍යානා අමරසිංහ පොලියානා අපට හදුන්වා දෙන්නේ සාහිත්‍ය කෘතියක රසය මෙන්ම අගය නිසිසේ සුරකිමිනි. ඇගේ පරිවර්තන කාර්යයයොවුන් පාඨකයාට පමණක් නොව වයසින් මුහුකුරා ගිය පාඨකයෙකුට වුව හෘදයාංගමය.

#jimi saha poliyana