ටාර්සන් - කේ. ජි. කරුණාතිලක
ටාර්සන් ගේ පුත්‍රයා | Tarzan Ge Puthraya
Original price was: Rs 400.00.Rs 360.00Current price is: Rs 360.00. The Son of Tarzan
by Edgar Rise Burroughs
ත්‍රාස ජනක වීර ක්‍රියාවන්ට ඇති ඉමහත් ආශාවත් මහ වනයේ නිදහසට ඇති ළැදි කමත් නිසා, ටාර්සන්ගේ පුත්‍ර කොරැක් හෙවත් “මරුවා” ශිෂ්ට සමාජයෙන් ඉවත් වී මහා වනයට පලා යයි. එහි දී ප්රබලතම වානරයා වන අකුටි ගෙන් වන ශිල්පය ඉගෙන ගන්නා කොරැක්, සිය පියා සේම වනයේ අධිපතියා වෙයි.
මෙහි දී අරාබි ගමක වසන සුන්දර සුදු තරුණියක හා පෙම් බඳින කොරැක්. ඇය රැගෙන සිය වන ගත නිවෙසට යයි.
ටාර්සන් සහ ඔපාරයේ මැණික් | Tarzan Saha Oparaye Menik
Original price was: Rs 380.00.Rs 340.00Current price is: Rs 340.00. Tarzan and the Jewels of Opar
by Edgar Rise Burroughs
ආදි කල්පිත මහා වනාන්තරයේ වැළලී පැවති ඉපැරණි නගරයක් වන ඔපාරයේ දී, වානරයන් ගේ ටාර්සන්ට මහා ධන නිධානයක් හමු වෙයි. මෙය ගැනීමට යන මොහොතේ දී ම සිදු වන භයංකර භූමි කම්පාවක් හේතු කොට ගෙන ටාර්සන්ගේ හිස බලවත් සේ තුවාළ වෙයි. මේ තද බල පහරෙන් ටාර්සන්ට සිය අතීතය අමතක වෙයි. මේ අතරතුර දී ඛෙල්ජියානුවකු විසින් හා අරාබි වහල් වෙළෙන්දෙකු විසින් ටාර්සන් ගේ බිරිඳ වන ජේන් පැහැර ගෙන යනු ලබයි. ඔවුහු අනතුරු ව ටාර්සන් ගේ වන ගත නිවාසයට ගිනි තබා විනාශ කර දමති.
එහෙත් කල් යෑමේ දී ප්‍රකෘති සිහියට පත් වන ටාර්සන් සිය මිතුරන් වන මහා වානරයන් කැටුව ගොස් සිය සතුරන්ගෙන් දරුණු අන්දමින් පළි ගෙන සිය බිරිඳ ද බේරා ගනියි.
ටාර්සන් ගේ වන සිවුපාවෝ | Tarzan Ge Wana Siwpawo
Original price was: Rs 400.00.Rs 360.00Current price is: Rs 360.00. The Beasts of Tarzan
by Edgar Rise Burroughs
තමා ප්‍රිය කරන වනගත නිවෙසින් ඈත් ව ශිෂ්ටාචාරයේ අවුල් වියවුල්වලට මැදි වී සිටින ප්‍රබල ප්රචන්ඩ ටාර්සන්ට, මහා බිහිසුණු භයංකර ප්‍රවෘත්තියක් සැල වෙයි. එ නම් සුදු මිනිසුන් ගෙන් සැදි කොල්ලකාර සොර කණ්ඩායමක් විසින් තමා ගේ සුරතල් පුත්‍රයා ද ප්‍රිය බිරිඳ ද පැහැරගෙන යනු ලැබ ඇති බව ය.
කෝපාවිෂ්ට ටාර්සන් ඔවුන් ගළවා ගැනීමට වහා ක්‍රියාත්මක වෙයි. මෙහි දී භයංකර වන සිවුපාවුන් ගේ ආධාර ලබන ටාර්සන් වනය කම්පා කරමින් ප්‍රකමිම්පා
කරමින්……….
ඉතාම බිහිසුණු ත්‍රාස ජනක සිද්ධි මාලාවකට මුහුණ දෙයි.
ටාර්සන් ආපසු එයි | Tarzan Apasu Ei
Original price was: Rs 900.00.Rs 810.00Current price is: Rs 810.00. The Return of Tarzan
by Edgar Rise Burroughs
මහා නගරවල ජීවිතයෙන් ඉක්මනින් කලකිරෙන ටාර්සන්, අපූර්වාකාරයකින් යළිත් අප්‍රිකානු මහා ඝන වනාන්තරයට ම ඇදී යයි. එහි දී දරුණු මිලේච්ඡයන් සමඟ ද ඇත් දළ වෙළෙඳාමේ යෙදෙන ක්‍රෑර වෙළෙඳුන් සමඟ ද ගැටෙන ටාර්සන්, සුපුරුදු බිහිසුණු වන ජීවිතයේ දී ත්‍රාස ජනක වූ ද, ප්රචණ්ඩ වූ ද අත් දැකීම්වලට මුහුණ දෙයි. එහි දී අප්‍රිකානු ඝන වන මධ්‍යයේ වැළලී ගිය ඉපැරණි රාජධානියකට අනපේක්ෂිත ව පා තබන ටාර්සන්, මහා නිධානයක් සොයා ගනී. එ පමණක් නොව, තමා පෙම් කළ පෙම්වතිය ද එහි දී හමු වෙයි.
වානරයන්ගේ ටාර්සන් | Wanarayange Tarzan
Original price was: Rs 1,000.00.Rs 900.00Current price is: Rs 900.00. Tarzan of the Apes
by Edgar Rise Burroughs
ලෝකයේ අතිශයින් ම ජනප්‍රිය නව කථාවලින් එකක් වන ‘වානරයන් ගේ ටාර්සන්’ ලෝකයේ භාෂා ගණනාවකට පරිවර්තනය වී, කෝටි ගණනින් අලෙවි වන්නකි. නව යෞවනයන් ගේ අත්‍යන්ත ආදරයට භාජනය වී ඇති මේ නව කථාව, මෙ වැනි ම ත්‍රාස ජනක වන කථා පෙළකට මුල් වී ඇත. සිනමා චිත්‍රපට ගණනාවකට වස්තු බීජය සපයා ඇති ‘වානරයන්ගේ ටාර්සන්’ ලොමු දැහැගන්නා සීද්ධීන් ගෙන් ගහන, අතිශය චමත්කාර ජනක නව කථාවකි.
‘වානරයන්ගේ ටාර්සන්’ අප්‍රිකාවේ ඝන වනාන්තරයක උපත ලද ඉංග්‍රීසි ජාතික රදල බිලිඳකු, කාලා නමැති දැවැන්ත වානරියක විසින් හදා වඩා ගනු ලැබ, බිය කරු මහ වනයේ අධිපතියා බවට ගත් වීමේ අපූර්ව වන කථාන්තරය යි.
ටාර්සන් සහ ස්වර්ණමය සිංහයා| Tarzan Saha Swarnamaya Singhaya
Original price was: Rs 1,000.00.Rs 900.00Current price is: Rs 900.00. Tarzan and the Golden Lion
by Edgar Rise Burroughs
පැල් -උල්- දොන් නමැති අබිරහස් දේශයේ සිට සිය බිරිඳ වන ජේන් ද සොයා ගෙන ආපසු එන ප්‍රබල ටාර්සන්ට මහ වනයේ දී අනාථ වූ සිංහ පැටවෙක් හමු වෙයි. ටාර්සන් මේ සිංහ පැටවා හීලෑ කර හදා වඩා ගනියි. අත්ලන්තිසයන් ගේ නිධාන සොර කම් කර ගැනීමට කුමන්ත්‍රණය කරන සොර මුළකට ටාර්සන් මරා දැමීමට වුව මනා වෙයි. ඔවුහු රූපයෙන් ටාර්සන්ට අතිශයින් සමාන ව්‍යාජ ටාර්සන් කෙනකු තනති. ඔහු සැබෑ ටාර්සන්ට කෙ තරම් සමාන ද යත්, ටාර්සන් ගේ බිරිඳ වන ජේන් ක්ලේටන් පවා ඔහුට රැවටෙයි.
බිහිසුණු ටාර්සන් | Bihisunu Tarzan
Original price was: Rs 1,000.00.Rs 900.00Current price is: Rs 900.00. Tarzan the Terrible
by Edgar Rise Burroughs
මිය ගිය ජර්මානු නිලධාරියකු ගේ දින පොතක වූ සටහනක් අනු ව. ටාර්සන් යළිත් වරක් තම බිරිඳ සොයමින් මහ වනයට වදියි. මෙ සේ යන ඔහු මහා ගොහොරු බිම් ද වන ගහනයන් ද පසු කර, කාලයා විසින් අමතක කරනු ලැබූ අබිරහස් දේශයකට පැමිණෙයි. ප්රාග් – ඓතිහාසික වන මෘගයන් ගෙන් ද වලිග සහිත දරුණු මිනිසුන් ගෙන් ද පිරි ඇති මේ දේශයේ දී ටාර්සන් ඉන් පෙර කී කලෙක වත් මුහුණ නොදුන් අන්දමේ මහා විපත්තීන්ට මුහුණ දෙයි. කෙසේ හෝ සියල්ල ජය ගන්නා ඔහු, සිය බිරිඳ ව ජේන් සොයා ගෙන ආපසු සිය රටට පැමිණෙයි.
නොදැමුණු ටාර්සන් | Nodemunu Tarzan
Original price was: Rs 400.00.Rs 360.00Current price is: Rs 360.00. Tarzan the Untamed
by Edgar Rise Burroughs
මහ වනයේ වාහර ගෝත්‍රයක් විසින් හදා වඩා ගන්නා ලද ටාර්සන්ට, පසු කාලයක දී කුමන අන්දමේ අධ්‍යාපනයක් ලැබුණ ද, ඔහු හදවතින් නම්, ශිෂ්ට සම්පන්නයෙක් නොවේ. හදවතින් ඔහු, මහා වනයට අයත්, දරුණු වන මෘගයෙකි . කෝප වූ විට, දයා විරහිත වන. ප්‍රබල, ශඨ කපට වන මෘගයෙකි.
තම බිරිඳ මරා දමන ලද බව දැන ගන්නා ටාර්සන්, කෝපයෙන් හා ක්‍රෝධයෙන් දිලිසෙමින්, සතුරන් ගෙන් පළි ගන්නා බවට දිවුරමින්, මහ වනය පුරා භීතිය පතුරුවා ලයි. හුදෙකලා ව පවා, දරුණු බිහිසුණු සතුරකු වන ඔහු, ප්රචණ්ඩ සිංහයන් ද භයංකර වානරයන් ද පිරිවරා ගත් කල, විස්තර කළ නොහැකි අන්දමේ අනභිභවනීය බල වේගයක් වෙයි. වානර – මිනිසා මරන ලද සිය බිරිඳ වෙනුවෙන් පළි ගන්නා අන්දම අතිභයංකර; අතිභීෂණාත්මක ය.
ටාර්සන් සහ කුහුඹු මිනිස්සු | Tarzan Saha Kuhumbu Minissu
Original price was: Rs 900.00.Rs 810.00Current price is: Rs 810.00. Tarzan and the Ant Men
by Edgar Rise Burroughs
සිය අහස් යානය ක්‍රියා විරහිත වීමෙන්, වානරයන්ගේ ටාර්සන් මහා කටු වනාන්තරය පිටු පසට ඇද වැටෙන තුරු, කිසි ම කෙනෙකු එම වනාන්තරය මැදින් ගමන් කර තිබුණේ නැත. එම වනාන්තරයට ඔබින් ඉතා සුන්දර රටක් වී ය. එහි ජීවත් වූයේ පැරණි ශිලා යුගයට අයත් අලාලි ගෝත්‍රික යෝධ ස්ත්‍රීන් ය. ඔවුහු සිය පිරිමින්ට සැලකුවේ වහලුන්ට සලකන්නාක් මෙනි. මේ අලාලි රටට ඔබ්බෙන් කුහුඹු මිනිසුන් ගේ රට පිහිටියේ ය. මේ කුඩා මිනිසුන් ගේ උස අගල් දහ අටක් වී ය! මේ කුඩා මිනිසුන් විසින් අල්ලා ගනු ලැබූ ටාර්සන්, ඔවුන් ගේ විද්‍යාත්මක ඤාණයෙන් ටාර්සන් ගේ ශරීර ප්‍රමාණය ද අඟල් දහ අටකට අඩු කරනු ලැබ, ගල් වළවල වහලකු වශයෙන් සේවයට ගනු ලැබී ය!