ෂර්ලොක් හෝම්ස් වික්‍රම - කුමාර සිරිවර්ධන
අග්‍රාවේ මහා නිධානය | Agrawe Maha Nidhanaya
Original price was: Rs 500.00.Rs 400.00Current price is: Rs 400.00. Sherlock Holmes
by Sir Arthur Conan Doyle
ෂර්ලොක් හෝම්ස් වික්‍රම 04
ෂර්ලොක් හෝම්ස් නමැති අග්‍රගන්‍ය රහස් පරීක්ෂකවරයා කොකේන්වලට ඇබ්බැහි වී සිටින්නේ මන්ද?
කපිතාන් මෝර්ස්ටන්, මේජර් ෂෝල්ටෝ සහ ඔහුගේ පුතු බර්තොලමියු ලන්ඩනයේ දී මියයාම් පසුපස වූ අබිරහස කුමක්ද?
අන්දමන් දූපතේ බන්ධනාගාරයක සිට පැන ආ ලී බොරු කකුලක් පැලැඳි ජොනතන් ස්මෝල් අග්‍රාවේ මහා නිධානය ලන්ඩනය පුරා සෙවූයේ මන්ද?
බොහීමියාවේ අපවාදය | Bohimiyawe Apawadaya
Original price was: Rs 500.00.Rs 400.00Current price is: Rs 400.00. Sherlock Holmes
by Sir Arthur Conan Doyle
ෂර්ලොක් හෝම්ස් වික්‍රම 02
ශ්‍රීමත් ආතර් කෝනන් ඩොයිල් සිය මනස් පුතු ෂර්ලොක් හෝම්ස් චරිතය අළලා ලියූ නවකතා ගණන හතරකි. කෙටි කතා ගණන පනස් හයකි. මෙම කෘතියේ එම කෙටිකතා අතරින් පහක සිංහල පරිවර්තන ඇතුළත් වෙයි.
A SCANDAL IN BOHEMIA – බොහීමියාවේ අපවාදය
බොහීමියාවේ රජතුමා පෙම් පලහිලව්වක පැටලී සිටියේ වසර ගණනකට ඉහතදී ය. නමුත් විවාහය ළං වන විට අතීත ප්‍රේමය රජුට ගැටලුවක් වී තිබිණි.
THE ADVENTURE OF THE NAVAL TREATY – නාවික ගිවිසුම
බ්‍රිතාන්‍යයේ විදේශ අමාත්‍යංශයේ තිබී හදිසියේ අතුරුදහන් වූ ගිවිසුමක පිටපතකි. එය රටවල් කිහිපයක ආරක්ෂාවට තර්ජනයක් විය.
THE ADVENTURE OF THE SILVER BLAZE – සිල්වර් බ්ලේස්
නියමිත තරගයේ අනිවාර්යයෙන් ජයගන්නා අශ්වයා “සිල්වර් බ්ලේස්” අතුරුදහන් වූයේ තරගයට දින කිහිපයක් තිබියදී ය. උගේ පුහුණුකරුවාද මරා දමා තිබිණි.
THE ADVENTURE OF THE FINAL PROBLEM – ශ්‍රේෂ්ඨයකුගේ වියෝව
විශිෂ්ට රහස් පරීක්ෂක හෝම්ස් ට කරටකර ගැළපෙන ප්‍රතිවාදියා මුණගැසිණි. එය මහාචාර්ය මොරියාර්ටිගේ හෝ ෂර්ලොක් හෝම්ස්ගේ ඉරණම විසඳන මුණගැසීමක් ද විය.
THE ADVENTURE OF THE EMPTY HOUSE – හිස් නිවෙසේ වික්‍රමය
රොනල්ඩ් අඩේයර් ලන්ඩනයේ විසූ ගෞරවනීය තරුණයෙක් වූයේ ය. ඔහුගේ මරණයේ අබිරහස විසඳන්නට හෝම්ස් නොසිටීම අඩුවක් වූයේ ය.
ලොව විශිෂ්ටතම රහස් පරීක්ෂකවරයා ෂර්ලොක් හෝම්ස් එම අධිරහස් විසඳු ආකාරයත් මෙම කෘතියෙන් විස්තර වෙයි.
ගෝමේද කිරීටයේ අබිරහස | Gomeda Kiritaye Abirahasa
Original price was: Rs 400.00.Rs 320.00Current price is: Rs 320.00. Sherlock Holmes
by Sir Arthur Conan Doyle
ෂර්ලොක් හෝම්ස් වික්‍රම 01
ශ්‍රීමත් ආතර් කෝනන් ඩොයිල් සිය මනස් පුතු ෂර්ලොක් හෝම්ස් චරිතය අළලා ලියූ නවකතා ගණන හතරකි. කෙටි කතා ගණන පනස් හයකි. මෙම කෘතියේ එම කෙටිකතා අතරින් පහක සිංහල පරිවර්තන ඇතුළත් වෙයි.
THE ADVENTURE OF THE BERYL CORONET – ගෝමේද කිරීටයේ අබිරහස
එංගලන්තයේ ජාතික වස්තුවක් වූ ගෝමේද කිරීටයේ ඔබ්බවා තිබූ අතිශය දුර්ලභ ගෝමේද මාණික්‍ය තුනක් සහිත කැබැල්ලක් අතුරුදහන්ව තිබුණේ අබිරහස් ආකාරයටය.
THE STOCK BROCKER’S CLERK – අපූරු සහෝදරයෝ
ඔහුට ලැබුණු නව රැකියාව බාර ගන්නට යන්නට එපා කී අමුත්තා ඔහු හට ලබා දුන්නේ ඊට වඩා වැඩි වැටුපක් ලැබෙන රැකියාවකි. එහෙත් ඔහු නව රැකියාවට යාමට සිටි ආයතනයේ පවුම් ලක්ෂ ගණනක සොරකමක් සිදුවූයේ ඔහුගේ නම සහිත පුද්ගලයකු අතිනි.
THE YELLOW FACE – කහ පැහැති මුහුණ
කවුළුවෙන් දැකගත හැකිවූ අමුතු කහ පැහැති මුහුණ නිසා දෙදරුම් කෑවේ ඔහුගේ යුග දිවියයි.
THE GREEK INTERPRETER – ග්‍රීක භාෂා පරිවර්තකයා
බලෙන් අබිරහස් ස්ථානයකට ගෙනගිය ග්‍රීක පරිවර්තකයාට දැකගත හැකි වූයේ මුහුණේ පැලැස්තර අලවා බලෙන් රඳවා ගෙන සිටි මිනිසෙකි.
THE CROOKED MAN – වක ගැසුණු මිනිසා
හමුදා නිලධාරියාගේ අබිරහස් මරණයට වගකිව යුතු වූයේ ඔහුගේ බිරියද? එසේ නොමැති නම් අද්භූත සත්ත්වයෙක් ද?
ලොව විශිෂ්ටතම රහස් පරීක්ෂකවරයා ෂර්ලොක් හෝම්ස් එම අධිරහස් විසඳූ ආකාරයත් මෙම කෘතියෙන් විස්තර වෙයි.
භීෂණයේ මිටියාවත | Bishanaye Mitiawatha
Original price was: Rs 650.00.Rs 520.00Current price is: Rs 520.00. Sherlock Holmes
by Sir Arthur Conan Doyle
ෂර්ලොක් හෝම්ස් වික්‍රම 06
ෂර්ලොක් හෝම්ස් මුහුණ සුණු විසුණු වී ගිය එම හොඳින් නිරීක්ෂණය මළ සිරුර කළේය. බර්ල්ස්ටන් මන්දිරයේ ඒ වැටී සිටියේ දඩයම බවට පත් වූ දඩයක්කාරයාමද? එම බිහිසුණු මරණය පසුපස මියගිය තැනැත්තාගේ බිරියගේ අදිසි හස්තය වී ද? අපරාධකරුවන්ගේ පළිගැනීම්වලින් බේරී අමෙරිකාවෙන් එංගලන්තයට එන රහස් පරීක්ෂකවරයාට අපරාධ ලෝකයේ නැපෝලියන් වූ මහාචාර්ය මොරියාර්ටි සලකන්නේ කෙසේද?
බ්‍රික්ස්ටන් වීදියේ අබිරහස | Brickston Widiye Abirahasa
Original price was: Rs 500.00.Rs 400.00Current price is: Rs 400.00. Sherlock Holmes
by Sir Arthur Conan Doyle
ෂර්ලොක් හෝම්ස් වික්‍රම 03
දොස්තර ජෝන්. එච්. වොට්සන් ලන්ඩනයට පැමිණියේ ඇෆ්ගනිස්තානයේ සිටය. ඔහුට හමුවූ අපූරු නවාතැන් සගයා ෂර්ලොක් හෝම්ස් ය. හෝම්ස් නමැති අග්‍රගන්‍ය රහස් පරීක්ෂකවරයා ගේ වික්‍රමයන් ලොවට අනාවරණය වීම ඇරැඹුණේ උක්ත හමුවීම සමගිනි. පාළු නිවෙසක් ඇතුළත තිබී හමුවූ අමෙරිකානුවකුගේ මළ සිරුරකි. ඇත්තෙන්ම එය ස්වභාවික මරණයක්ද? මිනීමැරුමක් ද? මළ සිරුර අසලින් හමුවූ රන් මුදුවේ පසුබිම් කතාව කුමක්ද? අත් අඩංගුවට පත්වනු පිණිසම අපරාධකරු හෝම්ස්ගේ නිවෙස ඇතුළට පිවිසියේ කෙසේද?
දඩයම් බල්ලා | Dadayam Balla
Original price was: Rs 550.00.Rs 440.00Current price is: Rs 440.00. Sherlock Holmes
by Sir Arthur Conan Doyle
ෂර්ලොක් හෝම්ස් වික්‍රම 05
17 වැනි සියවසේ බැස්කර්විල් මන්දිරයේ විසූ හියුගෝ නමැති වංශාධිපතිවරයා දුෂ්ඨ ගති පැවතුම් ඇත්තෙක් විය. බැස්කර්විල් පරපුරේ ශාපයට මූලික වූයේ ඔහු ය. අපායෙන් පැමිණි තරමට බියකරු, මුවින් ගිනිදැල් විහිදුවන දඩයම් බල්ලා හියුගෝගේ උගුරු දණ්ඩ සපා දැමුවේය. සියවසකට වැඩි කාලයකට පසු නැවත ශාපය සක්‍රිය වූ බවක් හඟවමින් ශ්‍රීමත් චාල්ස් අබිරහස් මරණයකට ගොදුරු විය. එම මරණයට හේතුව දඩයම් බල්ලා බව කට කතාවලින් කියැවිණි.
බැස්කර්විල් පරපුරේ මීළඟ හිමිකරු පැමිණෙන තුරු දඩයම් බල්ලා පොරොත්තු වෙයි. ඔහු මන්දිරයට පැමිණෙන්නේ ෂර්ලොක් හෝම්ස් හා දොස්තර වොට්සන් සමඟ නම්…