ස්වර්ණ පුස්තක සම්මාන 2025
Swarna Pusthaka Awards 2025
අබාසාත්ති | Abasaththi
Original price was: Rs 1,000.00.Rs 800.00Current price is: Rs 800.00.- 2025 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
“මට මැරෙන්ඩ ඇරපං මෝඩයා! ඇයි මාව ගොඩගත්තේ? එහෙනං දැන් මගේ බෙල්ල මිරිකපං!”
“උඹ මැරියං ඔය බඩේ ඉන්න එකා ඉපදුණාට පස්සෙ, මිනී නොමරා!”
“ඒ හින්දා තමා යකෝ මං මැරෙන්නේ! මට එපා ඒකා! මට එපා…! මට පිළිකුල්… මට මගේ සරුවාංගෙම පිළිකුල්…
” නැගිටපං ඔතනින්, ගමේ මිනිස්සු වටවෙන්ඩ කලින්!”
කෙල්ල නැගිට්ටේ නෑ. පෙරළිලා හිටියා. නිකං නෙමෙයි, පොළොවේ පස් කකා.
“මට යන්ඩ දිහාක් නෑ. මට යන්ඩ දි…හ…ක් නෑ! උන් මා…ව අල්ලා ගනී. අනේ දෙයියනේ…
කාගේ හරි බයිසිකලයක් එපිටහින් ගියා. ගෝපාල් දැක්කේ නෑ. සිරී…….ස් ගාලා සද්දේ ඇහුණා විතරයි.
ඔය මොකාහරි එකෙක් මේ හෙලුකුටු ගෑනි මෙහෙම ඉන්නවා දැකොත් ගෝපාල හිරෙන් මෙහා නවතින්නැ. එච්චර නම් බැරියෑ… මේකි! මේකිට මොකක් වෙයිද? මොකෙන් මොක වෙලා නවතීද?
ඇල්බට්වරුද මනුෂ්‍යයෝය | Albertwaruda Manushyayoya
Original price was: Rs 1,950.00.Rs 1,560.00Current price is: Rs 1,560.00.- 2025 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
ගුත්තිල ඇල්බට් කවදත් කීර වඩේ වලට ආසා කළේ ය. කීර වඩේ යනු යනු සම්මතයටත් අසම්මතයටත් නැති දෙයක් බව ඔහුගේ විශ්වාසය විය. එක් අතකින් පලා වර්ග දමා වඩේ හැදීම යනු පරිප්පුවලට නිවිති දැමීමට හැම අතින්ම සමාන දෙයක් වන අතරම, අනික් අතින් කීර වඩේ ලාංකීය බඩජහරි සන්තානයේ ජාතිවාදී සීමා දියකරන සීමාවෙන් එපිට නිහතමානීව හිටගෙන ඉන්නා බෝල පහේ ආදරවන්තයෙකි. ඒ අතින් එය සම්ප්රදාය තුළම ඉඳගෙන සම්ප්‍රදායට අභියෝග කරන කුමාරතුංග මුනිදාස වැනි වඩයක් බව ගුත්තිල ඇල්බට් එක්තරා පියසමරමය ගෞරවයක් සහිතව කල්පනා කළේ ය. ඒ නිසා ජීවිතය මොකක් හෝ කොණකින් අල්ලා ලාවට පොළොවේ ගසන බාගෙට හෝ ඇස් ඇරවනසුලු නිමේශයන්ගෙන් පසුව ගුත්තිල ඇල්බට් හැමදාම කළේ පලක්කුවාට වත් නොකියා තනියම සයිවර් කඩයකට ගොස් කීර වඩේ දෙකක් කා කිරි කාලක් බී පලක්කුවාට උඳු පිටි මෙන් පෙනෙන යම්කිසි පිට්ටකින් හැදූ සූදුරු මිශ්‍ර මුරුක්කු පැකට් එකක් රැගෙන ගෙදර යාම ය. කරදණ්ඩ වැට ඉන්නකට උස් වී උඳු පිටි සන්නිය හිච්චියට හෝ තේරුම් ගත හැකි මට්ටමට ළපටි මනස මේරූ පසුව පලක්කුවා ඒ ගැන ඩිංග ඩිංග වදවීමට පටන්ගත් නමුත් ගුත්තිල ඇල්බට් හැමදාමත් නිවිච්ච හාල්පිටි තෝසයක් වැනි හීතල, කුඩුකුඩු වචන දෙකතුනකින් පලක්කුවා නිහඬ කළේ ය.
“ඔය මුරුක්කු ටික කාලා ඉක්මනට ලොකුවෙන්න!”
අවුරුදු දහ අටේ සිට විසි එක පමණ වන කාලය දක්වා මේ ලොකුවෙන කතාවට ලොකුවට මලපැන්න නමුත්, මුරුක්කු කා ඉක්මනට නොවුණත් ලොකු වූ පසු පලක්කුවා වචනවලින් නොව ක්‍රියාවෙන් තාත්තා ගොඩදාන්නට හැකි වන කාලයක් ගැන කලාතුරකින් හෝ වැසිකිළියේදී පවා හිතන්නට පුරුදු විය.