ස්වර්ණ පුස්තක සම්මාන 2024
මැයි මාර ප්‍රසංගය | Mai Mara Prasangaya
Original price was: Rs 700.00.Rs 560.00Current price is: Rs 560.00.- 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
‘ඔයා දන්නවද පුංචි මැයි මාර ළමයෝ…
ඔයා නිකම්ම නිකන් මැයි මාර ළමයෙක් එහෙම නෙමෙයි. කුතුහලය මිශ්‍ර චමත්කාරය පිරුණු මාරම මාර මැයි මාර ළමයෙක්. නිරෝගීව ලොකු මහත් වෙලා රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සනම ලස්සන මැයි මාර ප්‍රසංග පවත්වන්න. එහෙනම් මං ගිහින් එන්නම් මැයි ප්‍රසංග පවත්වන්න. එහෙනම් මං ගිහින් එන්නම් මැයි මාර ළමයෝ.
#may mayi maara prasangaya
කැමෙලියා | Camellia
Original price was: Rs 975.00.Rs 875.00Current price is: Rs 875.00.- 2024 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව
“බල්ලො මිනිස්සු වගේ කතා කරන්න පුරුදු වුණා නම් උන් ඔච්චර හොඳ වෙන්නෙ නෑ කියලත් මතක තියාගන්න. එහෙනං උන් ඔයාව හපා කන්නෙ වලිගෙ වනලා”
-ඇනිටා
“මං කැමතියි වැවිලිකාරයෙක් විදිහට ඡන්දෙට ඉදිරිපත් වෙන්න. දැන් මගෙ ඇඟේ දුවන්නෙ ලේ නෙමෙයි තේ ”
-ජෙෆ්රි
“මට තේ වතුරෙන් දැනෙන්නේ අප්‍රසන්න රසයක් සහ කුයිලයක් පමණි. එය රළු මුඩු නූගත්කමේ දුගඳ ලෙස ද විටෙක භීතියේ බයාදුකමේ කහට ලෙස ද නැතිනම් වැලපීමේ තිත්ත හෝ යටහත් වීමේ ඇඹුල ලෙස පමණක් මට දැනේ”
-කැමෙලියා
අශ්වයෙකුට ආදරය කරන්නාට වේගයට බිය වීමට අයිතියක් නැත.
-කළු අශ්වයා
#camelia Kamelia
ප්‍රේමසුත්‍ර | Premasuthra
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00.- 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
ප්‍රිය ආලිංගනයන්ගෙන් සපිරි සුරතාන්තයක අවසන වෙහෙස නිවන කෙටි නින්දෙන් ඈ සෙමින් අවදි වූවා ය. අලුයම් යාමයෙහි සූර්ය සම්ප්‍රාප්තියෙහි විසිතුර විසින් අවදි කරනු ලැබ ඇත්තේ ඇගේ ජීවිතයේ බලහත්කාරයෙන් ම වසා දමා තිබූ කලාපයකි. ඔහු හා සමඟ සමීප ඇසුරක් ඇරඹූ දා සිට සිය හැඟීම් සමඟ සටන් කරමින් ඈ අසීරුවෙන් දමනය කරමින් යටපත් කළ හැඟුම් සමුදායකි.
එදා සිට ම ඔහු ඇසුරෙහි උණුසුමෙන් ඈ ප්‍රමුදිතව සිටියා ය. එහෙත් කිසි විටකවත් එය දැල්වෙන්නට ඉඩ නොදුන්නා ය. ආවර්ජනාත්මක සොඳුරු වින්දනයකට පමණක් ඔහුගේ ඇසුර සීමා කර ගන්නට ඇය සෑම විට ම යත්න දැරුවා ය. ඒ පිරිමියෙකු සමඟ සහවාස ජීවිතය පිළිබඳ අතීතය විසින් ලබාදී තිබු අමිහිරි අත්දැකීම් හේතුවෙනි. එහෙත් අද ඔහු උණුසුම හමුවෙහි ඈ වෙඬරු පිඩක් ව දියව ගියාය.
අතීත සහවාසයේ දී තමා ජීවිතය යැයි සිතා සිටියේ අර්ධයකට ය. එය ද ශාරීරිකව මෙන්ම මානසිකව අම්හිරි අත්දැකීම්වලින් පිරි පීඩාකාරී එකක් විය. සැබැවින්ම සිය ජීවිතයේ ප්‍රථම වතාවට පරිපූර්ණ ඇසුරක පහස වින්දේ අද ය. එය නැවත නැවත සිත ඉල්ලන තරම් ස්වර්ගාස්වාදයකි.
සිරසාලවන්‍යා | Sirasalawanya
Original price was: Rs 1,150.00.Rs 1,035.00Current price is: Rs 1,035.00.- 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
සිතුවමක්, නන්නාඳුනන මිනිසකුගේ සිත සසල කොට, ගත නිසල කරයි.
කාලාන්තරයකට පෙර මේ සිතුවමේම සැඟවුන රහස්, අනුමානයෙන් කියවූ හිතැත්තියකගේ, දෝෂාරෝපණයෙන්, තැළුණු හදක් ඇතිව සිටි එය ඇඳි සිත්තරා,…
එයින්ම විප්‍රයෝගයට පත්ව විරහවේ දැවී හුදකලා වී සිටින්නෙකි.
තව තැනක අප්‍රසන්නව විසිකොට දැමූ අතීතය ගැන තැවෙමින් සුරක්ෂිත සුදිලෙන වත්මනක…
ආත්මානුකම්පාවෙන් හඬන යුවතියකි.
මතක මන්දිර බිඳින මායාකරුවන් සමග පැමිණ, අලුත්ම කරළියක, සුසුමින් පණපොවා විවර කළ තිරයකට පසුපසින් සිටගෙන ඇය ඔබට ජීවිතය පෙන්වයි.
චිත්‍ර මූර්ති හා සජීවීකරණ ශිල්පියෙකු වන චමිල් හර්ෂණ එදිරිසිංහ දීර්ඝ කාලයක සිට සාහිත්‍යකරණයේ නියැළෙයි. ඔහු සාහිත්‍ය තරග කීපයක ජයග්‍රහණ හිමිකරගත්තෙකි. හොඳම තිර රචනයද ඇතුළු සම්මාන රැසක් දිනූ කෙටි චිත්‍රපට කරුවෙකි.
ළමා කතා රචකයෙකු මෙන්ම දෙස් විදෙස් ළමාපොත් කීපයක සිතුවම් ඇඳි සිත්තරෙකු ද වන ඔහු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරයි. ඔහුගේ සිරසාලවන නවකතාව බණ්ඩාරනායක ලේඛකත්ව සම්මානය ජයග්‍රහණය කොට මෙසේ ඔබ අතට පත්වෙයි.
වීසාචකයෝ | Visachakayo
Original price was: Rs 975.00.Rs 875.00Current price is: Rs 875.00.- 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
වීසාචකයෝ සම්පූර්ණ සත්‍ය කතාවක ඇදහිය නොහැකි සිද්ධි ප්‍රබන්ධමය උපක්‍රම මඟින් සාර්ථක ලෙස ජය ගැනීමකි. මෙය 60 දශකයේ සිට වර්තමානය දක්වා ආර්ථික සුභ සිද්ධිය සොයාගෙන යන ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වල හරස් කඩකි. ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළම ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලය විශාල මානව දයාවකින් හා මව් සෙනෙහසකින් විදහා පෑමකි.
#wisachakayo veesachakayo weesachakayo
කොස්මොපොලිටන් ජීවිත | Cosmopolitan Jeewitha
Original price was: Rs 1,150.00.Rs 1,035.00Current price is: Rs 1,035.00.- 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
නිව්යෝක් නුවර වාසය කරන ලාංකික ද්‍රවිඩ පවුලක් ළඟ නැවතීමට යන නිලංග සිය ශාස්ත්‍රපති උපාධිය පසෙකලා කෙල්ලන් හා පෙමින් බැඳේ, කොරියානු සිසුන් හා රස්තියාදුවේ වැටේ, එනුවර මිනිසුන්ගේ හෘදයාභ්‍යන්තරය කරා ඇදේ. අවසන ඔහු අවතැන් වූ හා උපන් රට හැර දා ආ මිනිස් සමාජයක අනන්ත වූ මතක රැගත් ජීවන පත්‍රිකාවක් ලිවීමට මුල පුරයි. විටෙක එය මනරම් ස්ත්‍රී ආදරයේ විවිධ පැති ගැන කියන්නකි. විටෙක එය ලොව සෑම දෙසින් පැමිණි මිනිසුන් වසන කොස්මොපොලිටන් නගරයක සමාජ සංස්කෘතික ජීවිතයේ අපූර්වත්වය විදහාපාන්නකි. සියල්ලටම වඩා එය මිනිසා පෙළෙන හුදකලාවේ ප්‍රහර්ෂය කියා දෙන කැටපතකි.
#kosmopolitan cosmopolitan jiwitha jeevitha jivitha
කඩදොර | Kadadora
Original price was: Rs 980.00.Rs 880.00Current price is: Rs 880.00.- 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
මේ, කොත්මලේ පුරාවෘතාන්තයේ ගිලී අවසන් වූ ගම්මානයක වැලි කැටවලින් හා දිය බිඳිතිවලින් ලියූ කතාවකි.
තවත් අතෙකින් මෙය තමාට, තමා අවට පරිසරයට, ගහකොළට හා සතා සීපාවටද, තමා වටා වන සකළ සත් ජනයන්ටද ආදරය කළ යෞවනියකගේ කතාවයි.
කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය වෙනුවෙන් ඉදිවූ කොත්මලේ ජලාශය වෙනුවෙන් ඔවුන් අතහැර ගියේ හුදෙක් මහ පොළොවේ පස් පමණක් නොවේ;
ඔවුන් හා බැඳුනු පරම්පරා ගණනක අතීත උරුම,
ඔවුන්ගේ ජීවිතවල සාතිශය වැදගත් මතක,
ඔවුන්ගේ දෙපය හඳුනන පොළෝ ගැබ
ඔවුන්ගේ අසල්වැසියන් හා ආදරණීය පරිසරය
ඔවුන්ගේ අභිමානවත් ප්‍රාදේශීය තාන්න මාන්න හා සිහිවටන, සැමරුම්!
‘කඩදොර’ ඒ සියල්ලේ කතාවයි
කැළලිකාරයෝ | Kelalikarayo
Original price was: Rs 1,200.00.Rs 1,080.00Current price is: Rs 1,080.00.- 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
තුවාල සුවපත් වුවද ඒවාගේ කැළලි හා සම්බන්ධ මතකය සමග පොර බැඳීම ජීවිත කාලයක් පවතින බව කියන මෙම නවකතාව, බාහිර හා අභ්‍යන්තරික සේම ඒකපුද්ගල හා සාමූහික කැළලි සමග සාමය ඇති කර ගැනීමට තැත් කරන චරිත සමූහයක් වටා ආඛ්‍යානමය ජීවිත ජාලයක් වියයි. ඒ ඔස්සේ ආදරය, විවාහය, ලිංගිකත්වය හා දේශපාලනය ඒකපුද්ගල මිනිසා හා සාමූහික මිනිසා එකට බැඳලන සංකීර්ණ විලාස ගවේෂණය කරයි.
තිවංක කතාව | Thiwanka Kathawa
Original price was: Rs 1,750.00.Rs 1,575.00Current price is: Rs 1,575.00.- 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
නිදහසින් පසු දශක හතක් පුරා මෙරට පැවති පාලනයේ මාරාන්තික සන්ධිස්ථානයක් ලකුණු කරමින් මුළු ලොව ඉදිරියේ බංකොලොත් -භාවය‍් ප්‍රකාශ කරන අතරේ සිදු වූ ලංකා රාජ්‍යයේ අර්බුදය පිළිබඳව මෙතෙක් නොඇසූ නොඇසූ කතන්දරය මෙහි කියැවෙයි. මෙය සිංහල නවකතාවකට ස්වකීය රාජ්‍යය තේමා වුණු පළමු අවස්ථාව ලෙස සැලකීම වරදක් නොවේ.
මුළුමහත් සමාජය විනාශයේ මුවවිටට ඇදී යන අතරේ අත්විඳින ලද අවිනිශ්චිතතාව, අසරණකම හා ජීවය වියැකීම අලළා ලියවුණු මෙය අද දවසේ කතන්දරය ලෙස සැලකිය හැකි ය. එතෙක් පා තබා සිටින්නට නියම කෙරුණු සංස්කෘතික භූමි සියල්ල අහිමි වී යන බව දකිනා මිනිස්සු ස්වකීය අරගලය ඔස්සේ විකල්ප මතිමතාන්තර රාජ්‍යයක පිළිසරණ සොයා යති.
තිවංක පිළිමක ‘තුන් වක’ ආකෘතියෙන් දිග හැරෙන ඒ කතන්දරය අනුව මෙරට බුද්ධිමය සංස්කෘතියේ ජීවනාලිය වූ මුද්‍රණ කර්මාන්තය බිඳ වැටෙද්දී නිර්නාමික ප්‍රබන්ධයක අත්පිටපතක් මරදානේ පරණ
පොත් වෙළෙන්දෙකුට ලැබේ. ලංකා ඉතිහාසයේ අරාජික වකවානුවක සාහිත්‍යය හා සංස්කෘතිය වෙනුවෙන් දියත් වුණු හුදකලා වීර-චාරිකාවක් පසුබිම් කර ගත් ඒ අත්පිටපත වෙළෙන්ඳා කියවයි. නවකතාවේ තෙවෙනි වකයේ දී ඒ අත්පිටපතට හිමිකම් කියන අරගලයේ නීතිඥයකු එහි කතුවරයා ද, එතුළින් තම පියා ද සොයා යයි.
ඉතිහාසකරණයේ ප්‍රබන්ධය, සාහිත්‍යයේ ගුප්තය, කර්තෘගේ මරණය සහ නිර්-ප්‍රභූ කර්තෘත්වය පිළිබිඹු කරන මෙය මේ යුගයේ සාහිත්‍යයේ කතන්දරය ලෙස ද සැලකීම සුදුසු ය.
#thinanka kathava
උත්පත්ති | Uthpaththi
Original price was: Rs 1,500.00.Rs 1,350.00Current price is: Rs 1,350.00.- 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
ඒ රැය ගෙවී පසුදා අවදි වූ ඔහු, ජනේල තිරපට අතරින් පැති මිදුලත්, ඉන් එහා තෙමුණු ගහ කොළත් දෙස බලා සිටිනා බිසෝ දෙස නෙත් යොමු කොට සිටියේ, පළමු වරට දුටු ප්‍රතිමාවක් දෙස බලා ඉන්නා දරුවෙකුගේ විස්මයෙනි. ජනේල කූර අල්ලා ගන්නට එසවුණු ඇගේ අත් දණ්ඩ යටින් දුහුල් රෑ ඇඳුම විනිවිද ඈ කය ස්වප්නමය අයස්කාන්තියකින් ඔහු දෑස් වසග කළ ද, ඒ හා සමග ඇතුළාන්තය කලඹා එන දරුණු සුළි කුණාටුවක හෝ හඬින් ඔහු භයංකර ලෙස තැති ගත්තේ ය. සැමියා තමා දෙස බලා ඉන්නා බවක් ඕ නොදත්තා ය. ඔහුගේ හද ගැස්මේ වේගය ද, හතිය ද ඇයට නොදැනිණි. ඔහුගේ මුවින් කිසියම් වේදනාවක කෙඳිරියක් පිටවෙනු සමග තිගැස්සී හැරී බැලූ ඇගේ මුව ඈයිනි.
සිල්වර් ටිප්ස් | Silver Tips
Original price was: Rs 1,600.00.Rs 1,360.00Current price is: Rs 1,360.00.- 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
දරුපැටියෙක්ගේ එකම භාෂාව හැඬීම බව කියන්නට ග්‍රිසිල්ඩාට සිතෙයි. දරුවෙක් වඩා ගත යුත්තේ දරුවෙක් ලෙසින් බව කියන්නට ඇයට සිතෙයි. කිරි පෙවිය යුත්තේ ආදරයෙන් පෙරා බව කියන්නට ඇයට සිතෙයි. කිරි උරන වෙලාවට කන් පෙති සිනිඳු ලෙසින් අත ගෑ යුතු බව කියන්නට ඇයට සිතෙයි. නෑවීමෙන් පසුව කන් පෙති, නැහැය, අත් පා ඇඟිලි මෘදු ලෙස අත ගා නිසි ලෙස හැඩ කළ යුතු බව කියන්නට ඇයට සිතෙයි. කිරි බීවාට පසුව පැටියාව සිඹ සනසවමින් “ආදර අවධානය” දිය යුතු බව කියන්නට ඇයට සිතෙයි. යහනේදී නැළවිලි කවි කියා සිනිඳු සවන් පෙති මත ආදරයේ මී පැණි පිරවිය යුතු බව කියන්නට ඇයට සිතෙයි. දරු පැටියා අසලදී හැඟීමක් ලෙසින් “ආදරය” පමණක් ප්‍රකාශ විය යුතු බව කියන්නට ඇයට සිතෙයි. කිරිකැටියා ඇවිදින තෙක් වඩාගැනීමේ ශක්තියද, ජීවිත කාලය පුරා දරාගැනීමේ ශක්තියද තිබිය යුතු යයි කියන්නට ඇයට සිතෙයි.
එහෙත් ඇය ඒ කිසිවක්ම නොකිව්වාය.
රන් නාරි කුඤ්ජරය | Ran Nari Kugnjaraya
Original price was: Rs 1,200.00.Rs 1,080.00Current price is: Rs 1,080.00.- 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
සිඳ බිඳ දැමූ ප්‍රථම ප්‍රේමයේ නටබුන් ඉවුරෙන් ඇරඹූ ජීවන යාත්‍රාව එතෙරක් කරා පදවාගෙන යාමට හෙලේනා සමත් වේද? අහිමි ප්‍රේමයේ හිඩැස පුරවාලන්නට කුටුම්බගත වූ පොඩි මහත්තයාට හැකිවේද? වියැළෙන ජීවිතවල සරතැස නිවන්නට සෙදෝනා දිය දෝතක් වේද? සාදිරිස්ගේ රන් නිධානය කවුරුන් සතුවේ ද?
එතෙක් නොවටිනා දෑට බ්‍රිතාන්‍ය යටත් විජිතවාදය තුළ නව වටිනාකම් ලැබෙද්දී, දහනව වන සියවසේ පවුම්, රුපියල් මතින් බිහි වූ දේශීය ව්‍යාපාරික ප්‍රභූ පන්තිය තුළ හිස එසවූ ගැහැනුන්ද ඉඳහිට සිටි මුත්, ඔවුන්ගේ කතාව සුගම වූවක් නොවේ.
හෙලේනාගේ ජීවිතයට වරින්වර එබී බලන අතීතයේ සෙවණැලි ජීවිතයේ අනවරත ගමනක උන්නතිය සහ අවනතිය සම සේ නිරූපණය කරයි. ආදරය, රාගය, අපේක්‍ෂාව සහ අපේක්‍ෂා භංගත්වය තුළ දෝලනය වන හෙලේනාට, සියල්ල අතරේ නොනැසී රැකෙන්නට ධෛර්යය පමණක් නොසෑහෙයි. තමා සතු බලය ඇතෙකු දැනගත් විට, ඌ යදම්වල සිර වී නොසිටී.
‘රන් නාරි කුඤ්ජරය’, ගැහැනියකගේ බලයේ කතාවයි.