ස්වර්ණ පුස්තක සම්මාන 2023
Swarna Pusthaka Awards 2023
කුර හඬෙකි වියැකෙන | Kura Hadeki Viyekena
Original price was: Rs 1,700.00.Rs 1,360.00Current price is: Rs 1,360.00.- 2023 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව
- 2023 රාජ්‍ය සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
කුලවමිය වලව් ඉස්තෝප්පුවේ සිට පඩිපෙළ බැස ඇවිත් පහළම පඩියේ නතර වුණාය.
රුවැති අග මෙහෙසිය හීතල නිසාදෝ ඔසරි පටින් ගෙළ සහ ළැම පෙදෙස ආවරණය කරගෙන සිටියාය.
සියලු දෑස් යොමුව පැවතියේ ඇය වෙතය.
ඇගේ දෑස් යොමුව පැවතියේ තවලම්රාල වෙතය.
ඇය පසෙකින් හිඳින්නී තුටුපඬුරු සහිත කුඩා රෙදි උර තැන්පත් කළ රිදී බන්දේසිය දෝතින් දරාගත් ඇගේ විශ්වසනීයම කම්මිත්ත වන හීං එකීය.
සිරිත් පරිදි පළමුව තුටුපඬුරු පිරිනැමෙන්නේ තවලම්රාලටය.
තවලම්රාල වන ඩිංගිරාල ඇත්තා ආර්යාව සමීපයට මිදුල හරහා එමින් සිටියේය. මුහුණ පුරා වැඩුණු ගන රැවුලකින් හෙබි ඩිංගිරාල නායකත්වයේ සියලු ලක්ෂණ ප්‍රකට කරමින් ඍජු ගමනින් ආර්යාවට සමීප වෙමින් හිඳී. ඔහු සමීප වෙත්ම ඇගේ දෙකොපුල් මහ රත් මලක ළා රත් පැහැය ගත්තේය.
අත්කොට සුදු මේස් බැනියමකින් සහ අදුරු පැහැති සරමකින් සැරසී හුන් තවලම්රාල හිස වටා බැඳ තිබූ නිල් පැහැති ලේන්සුව ලිහා ගෙළ වටා දාගත්තේය.
ඔහුගේ තියුණු දෑස් යොමුව තිබුණේ ඍජුවම ඇගේ දෑස් වෙතය.
ඒ දෑස් යුගළ අතරේ එකිනෙකාට කියාගත නොහෙන නිහඬ රහසක් ලියැවී තිබුණේය.
හිමිදිරි අන්ධකාරය දවාලමින් වලව් මිදුලේ කෙසෙල් කොටන් මත රැඳවූ පන්දම් සහ විලක්කු සේම ඇගේ දෑස් ද ඊළඟ මොහොතේ නාඳුනන ගින්නකින් ඇවිළෙමින් තිබුණේය. තවමත් රිදුම් දෙන දෙතොල්පට ඇය දිව’ගින් තෙත් කරගත්තාය….
රාජ්‍ය සම්මානිත කාල නදී ගලා බසී නවකථාවෙන් පාඨක සිත් අමන්දානන්දයට පත් කළ නෝබට් අයමගේ නවතම නවකථාවයි,
‘කුර හඩෙකි වියැකෙන’
විසඹසර | Wisambasara
Original price was: Rs 1,900.00.Rs 1,425.00Current price is: Rs 1,425.00.- 2023 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව සදහා නිර්දේශිත
“රැලි සරැලි නගමින් නිහඬව ගලයන මේ ගංදියේ, තමාගේ ජිවිතයේ අමතක කළ නොහැකි සිදුවීම් කෙතෙක් වීදැයි සසඳරා කල්පනා කළාය. මල්වර වීම, ගැහැනියක් වීම, මවක් වීම, මේ හැමදේම සිදුවූ ගංදිය, ඇය හෙලන කඳුළු රැගෙන අදද නිහඬව රැලි සරැලි නගමින් ගලයනු ඇය ශෝකයෙන් බලා සිටියාය.”
#wisabasara visambasara visabasara
ඩුඕ | Duo
Original price was: Rs 1,350.00.Rs 1,215.00Current price is: Rs 1,215.00.- 2023 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව සඳහා නිර්දේශිත
උමා සහ සාරා කාලවකවානු දෙකක දෙරටක ජීවත්වන තරුණියන් දෙදෙනෙකි. ඔවුහු සමාන සමාජ සංසිද්ධීන් හරහා ඇවිද යති. හෙවත් පර පීඩක පිරිමින්ට මුහුණ දෙති. අනතුරුව උදාවන සමාජ පරාමිතීන් හා මේ දෙදෙනා ගනුදෙනු කරන්නේ දෙයාකාරවය.
උමා සන්තානගත අඳුරක වෙළී උකටලීව සැනසුම සොයා සරන්නී, සතුට අන් තැනෙක සෙව්වාය. සාරා අරුමැසි ජීවිතයේ ප්‍රභර්ෂය හඹා යන්නී, දිවියේ සාරය දකින අදිටන සුරතට කැටි කොට ගත්තාය.
නීතිය, හොරා පොලිස් කළේය. ආලයේ දෙවඟන උන් හා ඔට්ටු සෙල්ලම් කළාය. සමාජ පරමාදර්ශී භුතයෝ මේ දෙදෙනා පසුපස හඹා ගියහ.
ඥාන පරාසය, සංස්කෘතික පරිඥානය සහ පෞරුෂය කේන්ද්‍රීයව, එකිනෙකාගේ හැසිරීමෙහි සහ තීරණයන්හි සියුම් වෙනස්කම් පවා ජීවන පිරිධිය නිර්ණය කෙරුමෙහිලා බලපානු නොවෙද?
පිරිමි ලෝකයක් තුළ විමුක්තිය සොයන තරුණියන්ගේ කතාන්දරයකි මෙය.
පඬුරු බඳින ගස් | Panduru Bandina Gas
Original price was: Rs 1,400.00.Rs 1,120.00Current price is: Rs 1,120.00.- 2023 සවර්ණ පුස්තක සම්මාන නිර්දේශය
ලෝකයක් දිනන්න පිරිමියෙකුට ඕනැ කරන්නෙ එකම එක දෙයයි. ඒ ජීවිතේ හති වැටුන වෙලාවක උණුහුමට ඔලූව තියාගන්න පුලූවන් ආදරණිය ගැහැනියකගේ උකුළක්.
ඒ වගේම තමයි… ගෑනියෙකුට ලෝකයක් හිමි කරගන්නට ඕනැ කරන්නේ තමුන්ට රැකවරණයක්, ආදරයක්, ගෞරවයක් දැනෙන පිරිමියෙක්ගේ උරහිසක වාරුවක්.
එහෙම දෙන්නෙක් අහම්බෙන් හරි මුණගැහුණහම ඇතිවෙන ගින්දර නිවන්න මේ ලෝකෙ කාටවත් බැහැ. ජාති, ආගම්, කුලමල, වයස විතරක් නෙමෙයි උන්ට උන් හිටි තැනුත් අමතක වෙනව. මුළු ලෝකෙම ඉන්නේ තමුන් විතරයි කියල උන් දෙන්නා හිතන්න පටන් ගන්නව. එතැන ඉඳල මුළු ලෝකෙම අයිති උන්ට…!
එහෙම දෙන්නෙක් මුහුදු හතක් පීනලා, කඳු හතක් උඩින් පැනලා, අන්තිමට ආයිත් තමුන්ගෙ අක්මුල් හොයාගෙන ආපහු එනකොට උන්ට අභියෝග කරපු හු`ගක් අයට සිද්ධ වෙන්නෙ හැංගෙන්න.
නමට විතරක් දියමන්තියක් වුණ, කුසෙන් වදපු දරුවන් පවා පයට පෑගෙන දුහුවිල්ලක් තරම්වත් නොතැකූ අසරණ අහිංසක ගැහැනියක් අන්තිම මොහොතෙ තමුන්ගේ ජීවිතය රන් කර`ඩුවක් වගේ සලකා එයට නිසි වටිනාකමක්, උණුසුමක් දෙන උරහිසක් සොයා යන්න හිතන එක වරදක්ද..? එහෙම සිතුවිල්ලක් හිතේ මෝදු වුණාට පස්සෙ ගෑනියෙකුට අතාරින්න බැරි දෙයක් තියෙනවද…? හැමෝගෙන්ම බැටකාපු, නින්දා අපහාස විඳපු, හෑල්ලූවට සූරාකෑමට ලක්වුණ ගැහැනියකට එහෙම ගිහින් තමුන්ගේ ජීවිතය වෙනස් කරගන්න අයිතියක් නැද්ද…..? එහෙමත් නැත්නම් ලැබූ අනේක ගැරහුම් ගෞරවයක්, ආදරයක්, භක්තියක් බවට පෙරළා ගන්න බැරිද..?
වනාන්තරේ ගස් ඕනැ තරම් තියෙනව. හැබැයි මිනිස්සු ප`ඩුරක් බැඳලා දෙවි පිහිට යදින්නේ එහෙමත්ම ගහකට. තමුන්ගේ ඉරණමට බැඳුන සැබෑ දෙවියන් සිටින ගසකට ප`ඩුරක් ගැටගහන්නත් ගැහැනියකට තිරසාර බලපොරොත්තුවක් තියෙන්නෝනෑ. බලාපොරොත්තුව වෙනුවෙන් අනිත් සියල්ලම අතෑරපු එවුන් තමයි අන්තිමට දිනන්නෙ. මේ එලෙස සියල්ල හැර පියා බලාපොරොත්තුව ලූහුබැඳ ගිය එවුන්ගේ කතාවයි.
ප්‍රේමාක්ෂර | Premakshara
Original price was: Rs 950.00.Rs 855.00Current price is: Rs 855.00.- 2023 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව සඳහා නිර්දේශිත
මේ එළැඹ ඇත්තේ වාල්මිකී තැබූ පියසටහන් පසුකර යා යුතු නිමේෂය යි.
සීතා පළමුව, රිසි සේ, ඇයගේ දිවි පුවතින් ඒ ඉසිවර ගැඹුරු වර්ණවත් කරන්නට ඇති. යම් හෙයකින් ඒ මුල්වරය රාමචන්ද්‍ර හෝ රාවණා ලද්දේ නම් ඔවුන් කුමක් පවසනු ඇත්දැයි මම තවමත් උපකල්පනය කරමි.
ප්‍රේමයේ විශ්වීයත්වය වූ රාධා – ක්‍රිෂ්ණා ද තවත් එබඳු වූ ප්‍රභාෂ්වරයකි. මේ සියල්ල අතීත ඥානය යි.
වත්මනෙහි, ප්‍රේමාක්ෂර මට ගැඹුරින් සාක්ෂාත් කළ, මේ දිවි පුවත, නල පවසන විට එය මා වින්දේ සංගීතයට සවන් දෙන්නාක් වැනි කෑදර සිතකිනි.
සංගීතයේදී අප විඳින්නේ ද ස්වර කම්පනයේ වේදනාව ය.
“ගැඹුරු නින්දේත් ප්‍රේමය අවදියෙන්. අප නිදන විට එය රිදුම් තැවුල් පිරිමැද ජීවිතය සුවපත් කරනවා. ප්‍රේමයෙන් විසීම යනු ම අනෙකා තුළ හදවතින් විසීම යි,” සකුන්තලා එසේ කියමින් සිටියා ය.
මේ පුවත සාහිත්‍යමය අතිශයෝක්තියක් නොවන්නේ ඔවුන් තවමත් අප සමඟ වෙසෙන බැවිනි.
පහනක අඳුර | Pahanaka Adura
Original price was: Rs 950.00.Rs 855.00Current price is: Rs 855.00.- 2023 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව සදහා නිර්දේශිත
මෙරට මැද පංතිය තමා තුළ සිදු වුණු සංක්‍රාන්තීන් ඔස්සේ දම්බ සමාජයක් හෙවත් ප්‍රෝඩාකාරී මගඩි සමාජයක් දක්වා අවගමනය වීම මෙහි සටහන් වන්නේ එමඟින් ඇති කරන ලද දරුණු ආර්ථික හා සමාජ ව්‍යසනයේ ඇතුළාන්ත පරිණාමය අවබෝධ කර ගන්නට ඉඩක් ලබා දෙන සමාජ නිරූපණයක් ලෙසිනි.
අවංකකම, හෘදසාක්ෂිය හා නීතිය මත කටයුතු කරන සිවිල් නිලධරයකුගේ පාපෝච්චාරණය මැද කොළඹ නගර සිතියම මත ඇඳෙන සංකීර්ණ බල සබඳතා මෙරට සමකාලීන මානව ප්‍රහසනය නිමවයි.
සමාජ-දහවල එළිය කළ ප්රබුද්ධත්වයේ සූර්යයා ද, සමාජ-රාත්‍රිය පහත් කළ ප්රබුද්ධත්වයේ පහත් ද නිවී යයි. පරිහානියට පත් වුණු සමාජ හා සංස්කෘතික සංස්ථාපිතයෝ ආලෝකය වෙනුවට අන්ධකාරය පතුරති. රැස් වළලූ වෙනුවට කළු කුහර ද මවති. දුස්වප්නයක් බවට පත් වුණු මෙරට රාජ්‍යයේ හා නිදහසේ සිහිනය සිංහල නවකථා වංශාවලිය තුළ කියැවේ.
අකාල අහස | Akala Ahasa
Original price was: Rs 1,450.00.Rs 1,305.00Current price is: Rs 1,305.00.- 2023 ස්වර්ණ පුස්තක දීර්ඝ ලැයිස්තු නියෝජනය කල නවකතාව
“මහා පොළොවේ අයිතිය ඉල්ලලා මිනිස්සු සටන් කරනවා. එක එක්කෙනා මරා ගන්නවා. තව කොටසක් බලය නැති වේ කියලා තියෙන බයට අහුවෙන කෙනාව මර මරා බලය රැක ගන්න උත්සාහ කරනවා. හැමදාම අසාධාරණයට ලක් වෙච්ච මිනිස්සු කොටසක් කවදත් මේ රටේ හිටියා.”
ඔසඳ
“ගග සන්සුන් වෙන කොටත්, රළු වෙනකොටත් මට ඒක කලින්ම දැනුණා, ඒත්, දැන් ගඟ වෙනස් වෙලා රාළහාමි…ගඟට වුණත් දරන්න බැරි තරම් කතා ගඟේ පා වෙලා යනවා”.
කාසිම්