Awards & Nominations
මැයි මාර ප්‍රසංගය | Mai Mara Prasangaya
Original price was: Rs 700.00.Rs 560.00Current price is: Rs 560.00.- 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
‘ඔයා දන්නවද පුංචි මැයි මාර ළමයෝ…
ඔයා නිකම්ම නිකන් මැයි මාර ළමයෙක් එහෙම නෙමෙයි. කුතුහලය මිශ්‍ර චමත්කාරය පිරුණු මාරම මාර මැයි මාර ළමයෙක්. නිරෝගීව ලොකු මහත් වෙලා රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සනම ලස්සන මැයි මාර ප්‍රසංග පවත්වන්න. එහෙනම් මං ගිහින් එන්නම් මැයි ප්‍රසංග පවත්වන්න. එහෙනම් මං ගිහින් එන්නම් මැයි මාර ළමයෝ.
#may mayi maara prasangaya
සෙංකොට්ටං | Senkottan
Original price was: Rs 900.00.Rs 720.00Current price is: Rs 720.00.- 2012 රාජ්‍ය සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
- 2012 විද්‍යෝදය සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
- 2012 ගොඩගේ සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
- 2012 ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේශය
සෙංකොට්‌ටං නවකතාව සිය විෂය භූමිය කර ගන්නේ සබරගමු පළාතේ, රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ, රිදීවිට නම් වූ ගම හා ඒ අවට පෙදෙසේ මීට දශක අටකට පමණ පෙර විසූ , සමාජයේ කුල ධුරාවලියේ අවම තැනක ස්‌ථානගත කරනු ලැබූ අව වරප්‍රසාදිත එකී මිනිසුන් මුහුණ දුන් පීඩනයයි. රිදීවිට ගමේ වීරප්පුලි හේනයා, ඔහුගේ බිරිඳ මල්මා රිදී, වැඩි වියපත් දූවරුන් වූ පොඩිනා සහ හීං රිදී, පොඩිනාගේ සැමියා වූ නම්බු හේනයා, පොඩිනා ඔහු සමග විවාහ වීමට පෙර අනගිහාමි නම් වූ කුලවතාට දාව ඈ වැදූ බබා හේනයා නම් ලත් අට හැවිරිදි දරුවා සෙංකොට්‌ටං හි ප්‍රධාන චරිත වෙති.
“උඹට කියන්න, අපේ කිරිඅම්මා කෙනෙක් හිටියා මාගල්ලවත්තේ, වංසා රිදී කියල. කුණු හරුප කියනවා කටේ නොගෑවී. මගේ ඔන්න එක පලහිපව්වකදි මගේ ළඟින් ඉඳගෙන, මෙන්න මේ මං උඹගේ හිත හදන්නා වාගේ ම මයේ හිත හදන්න හරිහරියට මහන්සි වුණා. ඒ ගෑණි කියපු කතාවක් මට අද වාගේම මතකෙ තියෙනවා…ඒ කිරිඅම්මා කිව්වා, ඕනි එකෙක් එක්ක ඕන විගඩමක් නැටුවට කමක් නැතේය, හැබැයි ඔය පිරිමි ජාතිය මහ අමුතු ම අමුතු ජාතියක් ය, අත නිකං තියාගෙන ඉන්න පුරුද්දක් උන්ට නැත, අර අහවල් පලහිලව්ව නිකං තියාගෙන ඉන්න උන්ට පුරුද්දක් නැත, අන්න ඒ හිංදා උඹ ළඟ ඔය තියන හක්ගෙඩි දෙකයි, පංචා බෙල්ලයි විතරක් උන්ගෙ නොහොබිනාකංවලට පරිහරණෙට දෙන්න එපා ය කියලා…බලාපං රත්තරනේ, ඒක මොන තරං මසුරං කතාවක් ද කියලා. ඕනෑම ළමිස්සියෙකුට මිනිහෙක් එක්ක යන්න කලිං දෙසැරයක් හිතන්න ඒ කතාව කොයිතරං වටිනා එකක් ද කියලා. කතාවක් නෙවෙයි බොලං ඒක මසුරං මල්ලක් කියලයි මට නං හිතෙන්නේ.”
අපොයියාව | Apoiyawa
Original price was: Rs 700.00.Rs 560.00Current price is: Rs 560.00.- 2021 රජත පුස්තක සම්මානය
- 2021 ගොඩගේ සාහිත්‍ය සම්මානය
- 2021 රාජ්‍ය සාහිත්‍ය සම්මාන නිර්දේශය
අපේ ප්‍රහෙලිකාවට වචන පැමිණෙන්නේ ද හරියට මේ පාරවල් සතර ඔස්සේ අප අපේ ගෙදරට පීසෙනවා වාගේ ය. අක්කා වැනි සිනිදු වචන වලින් පැමිණෙයි. අපි වැනි දඟකාර වචන රංචු ගැසී පැමිණෙයි. අම්මා,කිරිඅම්මා වැනි ගැහැනු වචන ළඟ පාරවල්වලින් ඉක්මනින් අඩි තබා පැමිණෙන අතර තාත්තා වැනි ලොකු වචන රෑ බෝ වී පැමිණෙයි.කෙසේ නමුත් රාත්‍රිය වන විට සැවොම ගෙදරට එකතු වෙති.
කැමෙලියා | Camellia
Original price was: Rs 975.00.Rs 875.00Current price is: Rs 875.00.- 2024 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව
“බල්ලො මිනිස්සු වගේ කතා කරන්න පුරුදු වුණා නම් උන් ඔච්චර හොඳ වෙන්නෙ නෑ කියලත් මතක තියාගන්න. එහෙනං උන් ඔයාව හපා කන්නෙ වලිගෙ වනලා”
-ඇනිටා
“මං කැමතියි වැවිලිකාරයෙක් විදිහට ඡන්දෙට ඉදිරිපත් වෙන්න. දැන් මගෙ ඇඟේ දුවන්නෙ ලේ නෙමෙයි තේ ”
-ජෙෆ්රි
“මට තේ වතුරෙන් දැනෙන්නේ අප්‍රසන්න රසයක් සහ කුයිලයක් පමණි. එය රළු මුඩු නූගත්කමේ දුගඳ ලෙස ද විටෙක භීතියේ බයාදුකමේ කහට ලෙස ද නැතිනම් වැලපීමේ තිත්ත හෝ යටහත් වීමේ ඇඹුල ලෙස පමණක් මට දැනේ”
-කැමෙලියා
අශ්වයෙකුට ආදරය කරන්නාට වේගයට බිය වීමට අයිතියක් නැත.
-කළු අශ්වයා
#camelia Kamelia
ලොවීනා | Loveena
Original price was: Rs 1,650.00.Rs 1,400.00Current price is: Rs 1,400.00.- 2014 ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේශය
- 2014 ගොඩගේ සාහිත්‍ය සම්මාන නිර්දේශය
මෙය,
තෝමස් මේට්ලන්ඩ් අග්‍රාණ්ඩුකාරවරයා සහ ලොවීනා නම් රොඩී තරුණිය අතර සිදු වූ ප්‍රේම වෘතාන්තය පමණක් නොවේ.
එසේම,
දස්කොන් මහ අධිකාරම් සහ ප්‍රමිලා නම් බිසව අතර සිදු වූ ප්‍රේම වෘතාන්තය පමණක්ද නොවේ.
මෙය වූ කලි,
කිසි කලෙක ප්‍රේමය හිමි නොවූ එහෙත් තමා හැර අන් හැම දෙනාගේම ප්‍රේමය වෙනුවෙන් ජීවත් වූ පුන්නී නම් රොඩී කිරි අත්තම්මාගේ පුරා අවුරුදු එකසිය නවයක හද ගැහේන ප්‍රේම වෘතාන්තයද වන්නේය.
#lovina
අසනග වැසි | Asanaga Wesi
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00.- 2018 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව සදහා නිර්දේශිත
- 2018 ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව සදහා නිර්දේශිත
ආලත්ති අම්ම නිසොල්මනේ ඔළුව පහත් කරගෙන හිටිය.පාං එළියට පිටුපාලා නිසා හෙවණැල්ල වැටිල බිත්තියට. ආලත්ති අම්මගෙ නිකටෙන් අල්ලල බිත්තිය පැත්තට හැරෙව්වම තමයි දැක්කෙ හෙවණැලි දෙක නියපොත්තෙන් බිත්තියෙ ඇඳල දගකාරකමක් කල පොඩි එකෙක් වගේ බලාගෙන ඉන්නවා. තමාගෙ හිතේ ඇති පාර පාර තියෙන දුක බය ගැන වගක්වත් නැහැ. ආලත්ති අම්ම හිතුව කෙළින්ම කතා කරන්න ඕනය කියල. “මහත්තය… අපි දෙන්නම එකතු වෙලා වැරැද්දක් කළා. මම කසාද බැඳල දීගෙ ඇරුණ ගෑණියෙක් නිසා ඒ වැරැද්ද මට මහත්තය පිටින් දමන්න බැහැ. දැන් මට මහත්තය එළවන්නත් බැහැ. තියාගන්නත් බැහැ. ඒත් මට මහත්තයව මේ ගෙදර වහං කරගෙන ඉන්න බැහැ. අපි ආයෙ මේ වැරැද්ද නොවෙන විදියට වැඩ කටයුතු කරමු. මහත්තය කැමති දෙයක් කරන්න..”
#dharshana wijethilaka #darshana vijethilaka #asanaga wesi #asanaga wasi
මාණික්කාවත | Manikkawatha
Original price was: Rs 900.00.Rs 720.00Current price is: Rs 720.00.- 2015 රජත පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතා පහෙන් එකකි
“උඹලගේ පඳුරු ගැනිල්ල අපට නතර කොරන්න බැරි වග උඹල දන්නවා… විසේසෙන් කෙල්ලේ උඹ බලවතියක්.ආසාවල් ඇති වෙනවා තමයි. ඒ් උණාට සිහි කල්පනාවට ගනිං,ගොයම කපන්න කලියෙන් වී පාගන්නෑ. ඉස්සෙල්ලාම ගොයම හොදට පැහෙන කල් ඉන්න ඔ්නි. ඊට පස්සෙං පහු යි පැහුණු ගොයම කපාගන්නේ .ඊට පස්සෙ යි කැපූ ගොයම පාගලා අස්වනු ඒක්කාසු කොරගන්නේ.ඊට කලියෙං කුඹුරට පැනලා දැඟලුවාම මොකෑවෙන්නේ? ආයේ කැපිල්ලට ගොයමක් ඉතුරු වෙන්නේ නෑ… මේකා ඉලන්දාරියා කොයියම්ම දේ උණත් මේකාට අමුණු වෙළේ ඒබිලා අමුඩ ලේන්සුව මිරිකලා ඒ්කෙන් පිහදාගෙන ගෙදර යන්න ඇහැකි.හැබැයි උක්කුං කෙල්ලේ,උඹට ඒ්ක ඒහෙම කොරන්න බෑ…
නිල් කට්රොල් | Nil Katrol
Original price was: Rs 1,650.00.Rs 1,400.00Current price is: Rs 1,400.00.- 2022 ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේශය
මෙය මින් වසර එක්දහස් පන්සියයකට පෙර රළු ගල් කුළෙක තම රාජධානිය ගොඩ නැඟූ කාශ්‍යපගේ කතාව පමණක් නොවේ.
එසේම උත්පත්තියෙන් කුල හීන වූ පවට අනේක දුක් පීඩා විඳි උපුලීගේ කතාව පමණක් ද නොවේ.
මෙය ඔබ මා දන්නා වූ හා නොදන්නා වූ ගුප්ත සිත්තරෙකුගේ ද අද්භූත ආදර කතාවයි.
මන්දාරම් උයන | Mandaram Uyana
Original price was: Rs 600.00.Rs 480.00Current price is: Rs 480.00.- 2019 ස්වර්ණ පුස්තක සම්මානය දෙවන වටය සදහා නිර්දේශිත
දුල්කිත් කළුවර වදුල සහිත නුග ගස යට ඇති පොකුණ දෙස නිසොල්මන්ව බලා සිටින්නට විය. අක්කර භාගයක පමණ වන ගෙවත්තේ කොනකට වන්නට තිබෙන මෙම පොකුණ අවට කෙතරම් හොඳින් හිරු පායා ඇති දිනක වුවද අඳුරුය. නුග ගසකින් හෙවණ වී ඇති නිසා එම නුග ගසේ කොළ වැටී පල්වී තද කළු පැහැයක් උසුලන පොකුණ ගුප්ත ස්වභාවයක් ගනී. පොකුණ අසල ඇති උණ පඳුර යට ඇති ගල් බංකුව මත වාඩිවී පොකුණ දෙස බලාගෙන සිටීම දුල්කිත්ගේ දින චර්යාවේ අංගයකි. එසේ බලා සිටින විට පොකුණෙන් මතුවන විවිධාකාර සතුන් ඔහුට දැක ගත හැකිය. පෙණය විදහාගෙන එන කළු පැහැ නාගයින්, අං සහිත විශාල කටුස්සන්, ඇස්වලින් හා මුවින් ගිනිදලු විහිදන මකරුන්, හැඩපලු ගෙතී ඇති කෙස් වැටිවලින් හා දික්වූ නියපොතු සහ දත් සහිත ගැහැණුන් මිනිසුන්, මොවුන් සියල්ලන්ම සමඟ කතා කරමින් කාලය ගතකරන දුල්කිත් මේරි අම්මාගේ නොනවතින බැණ අඬගෑම හමුවේ ඔවුන් සියල්ල නැවත පොකුණේ සඟවා නිවස වෙත යන්නේ හිසු වූ සිතිනි.
#mandaaram uyana
ඇහැළ මලට දම් පාටක් | Ehela Malata Dam Patak
Original price was: Rs 1,200.00.Rs 1,080.00Current price is: Rs 1,080.00.- 2024 රජත පුස්තක සම්මානය සදහා නිර්දේශිත
“පාරමී දන්නවද, මේ ඇහැළ ගහටත් නමක් තියෙනවා.”
පුස්තකාල උද්‍යානයේ එපමණ මල් නොපිපෙන ඉසව්වක
දලුලන කුඩා ඇහැළ පැළය අසලදී කසුන් කීවේය.
පාරමීගේ සිහින් දෑස ඒ කුමක්දැයි ඇසුවාය.
“The tree of Paramee…!”
“මම පාරමී?”
“ඔව්. හැමෝටම හෙවණ ලැබෙන තැනක තමන්ටම කියලා
ගහක් තියෙන එක ෂෝක් කියලා පාරමීමනෙ කීවෙ.”
“ඒත් මේක හිටෙව්වෙ මම නෙමෙයිනෙ.”
මේ ගහ හිටෙව්වෙ මම. එයාට නමක් දුන්නෙත් මම.”
“කසුන්… ඔයාට මතකද මම ඉස්කෝලෙ හිටවපු
ඇහැළ ගහ? අපි ඒකට ඔයාගෙ නම තියමු.”
“ඕන නෑ. පාරමී දන්නවනෙ, මම ආස එහෙම නෙමෙයි.
අපැහැදිලි අමුතු මතකයක් වෙන්න.”
“ඇයි ඒ?”
“දන්නැද්ද ඉතින්, පොඩි පොඩි අරුමෝසම් හීන…!”
#forget me not #ahala malata dham patak
ඇහි පියන් ඇහැරිලා | Ahi Piyan Aharila
Original price was: Rs 450.00.Rs 360.00Current price is: Rs 360.00.- 2012 විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය විද්‍යෝදය සම්මානය
ඇස්වලින් රූ පෙරා රැස් ගඟුල තුළ හොරෙන් ගිලෙමී රශ්මි රන් නෙත් කැලුම් පස්සෙ අරගන්නටත් තියමී
වස්සානයක රැඳී තිස් පැයේ තෙමි-තෙමී දැවෙමී ගස් බලටුවල පවා ලස්සන ම ගැහැනු ඇඟ දකිමී
පස් මහා බැලුම් ලා ඇස් පියල්ලක පහස සොයමී ඉස්තරම් මඟුල් කා හස්තයෙන් මධුසමය විඳිමී
කවි කොපුල මත හදිසියේ ම පතිත වූ උණුසුම් ම හාදුවකි නුඹ
කන්දක් සේමා | Kandak Sema
Original price was: Rs 1,500.00.Rs 1,350.00Current price is: Rs 1,350.00.- 2010 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව
- 2010 රාජ්‍ය සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
- 2010 විද්‍යෝදය සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
- 2010 ගොඩගේ සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
- 2010 රන් පියාපත් සම්මානය විශිෂ්ටතම නවකතාව
නුපා ජපානයට යන්නේ සියලු දුක් කරදර නිවා ගනු පිණිස බව ඔබ දන්නවා. එහෙත් ජපානයේදී නුපාට නොසිතු අන්දමේ ගැටලුවලට මුහුණ දෙන්න සිදු වෙනවා. කොහොම නමුත් නුපා පැමිණි දුක් සැපතක් කරගන්නට වෙහෙසෙනවා. නුපගේ ජපන් ජාතික සැමියා මසායා සාන්. නුපට වඩා බොහෝ වැඩුමල්. මේ දෙන්නගේ ජීවිත වලට සකුරා මල් වගේම භුමි කම්පාවලුත් එකතු වෙනවා.
නුපා හොයන්නේ ආදරය. සෙනෙහස. මසායා ආදරය සෙනෙහස හිත ඇතුලේ හිරකරගෙන ඉන්න ස්වාමි පුරුෂයෙක්.
හිතින් මවාගත් පෙම්බරාගෙන් නුපා ආදරය යදිනවා. සකුරා මල් වියන් යට.
චිත්‍ර ශිල්පිනියක් ඉන්නවා නුපා වෙනුවෙන් පන දෙන.
සුමල් වීසා නැතුව ජපානෙ ඉන්න සිංහල තරුණයෙක්.
ඒ හැමෝගෙම කතාව කන්දක් සේමා. හැම කාන්තාවක්ම නුපාගේ මේ කතාව බැලිය යුතුමය. දුවරු නම් බැලිය යුතුමය.
ආදරය හොයාගෙන යනකොට හිතන්න බොහෝ දේවල් තියෙනවා.
කුර හඬෙකි වියැකෙන | Kura Hadeki Viyekena
Original price was: Rs 1,700.00.Rs 1,360.00Current price is: Rs 1,360.00.- 2023 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව
- 2023 රාජ්‍ය සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
කුලවමිය වලව් ඉස්තෝප්පුවේ සිට පඩිපෙළ බැස ඇවිත් පහළම පඩියේ නතර වුණාය.
රුවැති අග මෙහෙසිය හීතල නිසාදෝ ඔසරි පටින් ගෙළ සහ ළැම පෙදෙස ආවරණය කරගෙන සිටියාය.
සියලු දෑස් යොමුව පැවතියේ ඇය වෙතය.
ඇගේ දෑස් යොමුව පැවතියේ තවලම්රාල වෙතය.
ඇය පසෙකින් හිඳින්නී තුටුපඬුරු සහිත කුඩා රෙදි උර තැන්පත් කළ රිදී බන්දේසිය දෝතින් දරාගත් ඇගේ විශ්වසනීයම කම්මිත්ත වන හීං එකීය.
සිරිත් පරිදි පළමුව තුටුපඬුරු පිරිනැමෙන්නේ තවලම්රාලටය.
තවලම්රාල වන ඩිංගිරාල ඇත්තා ආර්යාව සමීපයට මිදුල හරහා එමින් සිටියේය. මුහුණ පුරා වැඩුණු ගන රැවුලකින් හෙබි ඩිංගිරාල නායකත්වයේ සියලු ලක්‍ෂණ ප්‍රකට කරමින් ඍජු ගමනින් ආර්යාවට සමීප වෙමින් හිඳී. ඔහු සමීප වෙත්ම ඇගේ දෙකොපුල් මහ රත් මලක ළා රත් පැහැය ගත්තේය.
අත්කොට සුදු මේස් බැනියමකින් සහ අදුරු පැහැති සරමකින් සැරසී හුන් තවලම්රාල හිස වටා බැඳ තිබූ නිල් පැහැති ලේන්සුව ලිහා ගෙළ වටා දාගත්තේය.
ඔහුගේ තියුණු දෑස් යොමුව තිබුණේ ඍජුවම ඇගේ දෑස් වෙතය.
ඒ දෑස් යුගළ අතරේ එකිනෙකාට කියාගත නොහෙන නිහඬ රහසක් ලියැවී තිබුණේය.
හිමිදිරි අන්ධකාරය දවාලමින් වලව් මිදුලේ කෙසෙල් කොටන් මත රැඳවූ පන්දම් සහ විලක්කු සේම ඇගේ දෑස් ද ඊළඟ මොහොතේ නාඳුනන ගින්නකින් ඇවිළෙමින් තිබුණේය. තවමත් රිදුම් දෙන දෙතොල්පට ඇය දිව’ගින් තෙත් කරගත්තාය….
රාජ්‍ය සම්මානිත කාල නදී ගලා බසී නවකථාවෙන් පාඨක සිත් අමන්දානන්දයට පත් කළ නෝබට් අයමගේ නවතම නවකථාවයි,
‘කුර හඩෙකි වියැකෙන’
ප්‍රේමසුත්‍ර | Premasuthra
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00.- 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
ප්‍රිය ආලිංගනයන්ගෙන් සපිරි සුරතාන්තයක අවසන වෙහෙස නිවන කෙටි නින්දෙන් ඈ සෙමින් අවදි වූවා ය. අලුයම් යාමයෙහි සූර්ය සම්ප්‍රාප්තියෙහි විසිතුර විසින් අවදි කරනු ලැබ ඇත්තේ ඇගේ ජීවිතයේ බලහත්කාරයෙන් ම වසා දමා තිබූ කලාපයකි. ඔහු හා සමඟ සමීප ඇසුරක් ඇරඹූ දා සිට සිය හැඟීම් සමඟ සටන් කරමින් ඈ අසීරුවෙන් දමනය කරමින් යටපත් කළ හැඟුම් සමුදායකි.
එදා සිට ම ඔහු ඇසුරෙහි උණුසුමෙන් ඈ ප්‍රමුදිතව සිටියා ය. එහෙත් කිසි විටකවත් එය දැල්වෙන්නට ඉඩ නොදුන්නා ය. ආවර්ජනාත්මක සොඳුරු වින්දනයකට පමණක් ඔහුගේ ඇසුර සීමා කර ගන්නට ඇය සෑම විට ම යත්න දැරුවා ය. ඒ පිරිමියෙකු සමඟ සහවාස ජීවිතය පිළිබඳ අතීතය විසින් ලබාදී තිබු අමිහිරි අත්දැකීම් හේතුවෙනි. එහෙත් අද ඔහු උණුසුම හමුවෙහි ඈ වෙඬරු පිඩක් ව දියව ගියාය.
අතීත සහවාසයේ දී තමා ජීවිතය යැයි සිතා සිටියේ අර්ධයකට ය. එය ද ශාරීරිකව මෙන්ම මානසිකව අම්හිරි අත්දැකීම්වලින් පිරි පීඩාකාරී එකක් විය. සැබැවින්ම සිය ජීවිතයේ ප්‍රථම වතාවට පරිපූර්ණ ඇසුරක පහස වින්දේ අද ය. එය නැවත නැවත සිත ඉල්ලන තරම් ස්වර්ගාස්වාදයකි.
ආදරණීය වික්ටෝරියා | Adaraneeya Victoria
Original price was: Rs 1,600.00.Rs 1,360.00Current price is: Rs 1,360.00.- 2015 ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේශය
- 2015 රාජ්‍ය සම්මාන නිර්දේශය
ඔහුගේ ලෝකයේ පරමාදර්ශය වූයේ ඇයයි.
එසේම නම කියූ සැණින් දත් අරක්කු රේන්දරාළ කෙනෙක් වන්නට ඔහු තුළ බලාපොරොත්තු දැල් වූයේද ඇයයි.
එපමණකුදු නොව තුංග පොල් ගසක් තරමට තරව මුල් දරා වැඩෙන්නට ඔහුගේ හෙවණැල්ල වූයේද ඇයයි.
#adaraniya wiktoriya
විසඹසර | Wisambasara
Original price was: Rs 1,900.00.Rs 1,520.00Current price is: Rs 1,520.00.- 2023 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව සදහා නිර්දේශිත
“රැලි සරැලි නගමින් නිහඬව ගලයන මේ ගංදියේ, තමාගේ ජිවිතයේ අමතක කළ නොහැකි සිදුවීම් කෙතෙක් වීදැයි සසඳරා කල්පනා කළාය. මල්වර වීම, ගැහැනියක් වීම, මවක් වීම, මේ හැමදේම සිදුවූ ගංදිය, ඇය හෙලන කඳුළු රැගෙන අදද නිහඬව රැලි සරැලි නගමින් ගලයනු ඇය ශෝකයෙන් බලා සිටියාය.”
#wisabasara visambasara visabasara
හිරුත් හිම පියල්ලක | Hiruth Hima Piyallaka
Original price was: Rs 520.00.Rs 415.00Current price is: Rs 415.00.- 2010 විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය රාජ්‍ය සාහිත්‍ය සම්මානය
කොළඹ තේ කඩයක අහම්බෙක
කහට උගුරක් උරා සැනහෙන
වීරෙ ! විසි – තිස් වසරකට පෙර
මතකයකි හිත් කහටකින් තොර
කොහෙද වීරේ
එදා නුඹ හිස පැළඳගෙන ආ
බොකුටු කොණ්ඩය?
කොහෙද මුහුණේ දවටගෙන උන්
සිනා මල් වැල?
අහඹු ලෙස හමු වූ සැඳෑ අග
ගොඩවැදී යමු අපේ ගෙදරට
ඔය තරම් ඇස් ලොකු කරන්නට
වුවමනා නැත
ගිරග සසල විය | Giraga Sasala Viya
Original price was: Rs 500.00.Rs 400.00Current price is: Rs 400.00.- 2011 ස්වර්ණ පුස්තක සම්මානය අවසන් වටය සදහා නිර්දේශිත
ජයදිත්‍යට උගැන්වීමට පණ්ඩිත හාමුදුරුවන්ට මහන්සියක්, වෙරවීරියක් ගැනීමට අවශ්‍ය නොවීය. ඉතාමත් හොඳ මතක ශක්තියක් ඇති ජයදිත්‍ය සෑම ශ්ලෝකයක්ම සෑම ගාථාවක්ම මැනවින් උගත්තේය. මහණකමට සුදුසු ආකාරයේ මතක ශක්තියක් තිබුණද පණ්ඩිත හාමුදුරුවන් ඔහුව මහණ කිරීමට නොසිතීය. එයට හේතුවූයේ ඉතාම බලගතු ඥානයෝගයක් සේම ලෞකික සැප සම්පත් විඳින යෝගයක්ද ඔහුට පැවතුණ හෙයිනි. ඥානයෝගය පිය පාර්ශ්වයෙන් නොව මවු පාර්ශ්වයෙන් ආවක් යැයි පණ්ඩිත හාමුදුරුවන් සිතූ සේක. “මවුගෙ පෙනුම, මවුගෙ ආභාසය, පෙර පතාගන එන ආකාරයේ නොවැ” කේන්දරයේ විවාහය ගැන නම් එතරම් හොඳක් පෙන්නුම් නොකළ එක ගැන පණ්ඩිත හාමුදුරුවන් ගණනකට ගත්තේ නැත. කනවැද්දුම් යෝගයක් ඇති සේම දෙවන විවාහය ලේ නෑදෑකමකි. ‘විවාහය සිද්දවෙන්නෙ පස්සෙ නොව, ඔක්කෝටම කලියෙන් ඉගෙන කියාගෙන ඉන්න එපායැ..’ පණ්ඩිත හාමුදුරුවන් සිතුවේ එසේය.
#dharshana wijethilaka #darshana vijethilaka #giraga sasala wiya
මා | Maa
Original price was: Rs 1,300.00.Rs 1,040.00Current price is: Rs 1,040.00.- 2019 සවර්ණ පුස්තක සම්මාන නිර්දේශය
ගිලිහුනු ආදරයක් හඹා යන මහාචාර්යවරියක් හුදෙකලා ජීවිතයක් ගෙවන යුධ හමුදා නිලධාරියෙක්, ආදරය සෙනෙහස සොයා යන නව යොවුන් තරුණයෙක් සහ ජීවිතය විනිවිද දකින තරුණ දොස්තරවරයෙකු එක්තෑන් කල කුතුහලයෙන් පිරි අනුවේදනීය සමාජ විවරණයකි.
අයි.ඩී. | I.D.
Original price was: Rs 1,650.00.Rs 1,400.00Current price is: Rs 1,400.00.- 2021 ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේශය
සැබෑ අඹු සැමියන් සිටින්නේ එක ගෙදරක එක ඇඳක නොව, ගෙවල් දෙකක, නැතිනම් ග්‍රහලෝක දෙකක, දෙතැනක බව ඔවුහු තේරුම් ගත්හ.
එසේම ඔවුන් එකිනෙකා වෙත ළංවන විට ගිනි ඇවිළී දෙදෙනාම විනාශ වීමට ඉඩ ඇති බවත්, ඈතින් සිටින විට හැමදාම ගිනි ඇවිළෙමින් විනාශ නොවී පැවතිය හැකි බවත් ඔවුහු තේරුම් ගත්හ.
කාල නදී ගලා බසී | Kala Nadee Gala Basi
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00.- 2014 රාජ්‍ය සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
කඳුකරයේ සිට මුහුදුකරයට නිසොල්මනේ ගලා යන කළු ගඟ මෙන්ම එහි ඉහල පහල ගිය පාරුවක නිසල ජීවිතයක් ගෙවූ තණ්ඩලේට එක්වූ සාදිරිස් ද අත්විඳි අවට පරිසරයේ මෙන්ම වැවිලි කර්මාන්තයේ ආගමනය සමග මිනිස් ජීවිතවල සිදුවූ භෞතිකමය වෙනස්වීම් ඇසුරෙන් රචිත යුගයක සමාජ විපර්යාසය, අපූරුවට ගෙත්තම් කළ චිත්තාකර්ෂනීය නවකතාවකි.
යකඩ සිල්පර | Yakada Silpara
Original price was: Rs 900.00.Rs 720.00Current price is: Rs 720.00.- 2018 රාජ්‍ය සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
- 2018 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශය
- 2017 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශය
දිගින් අඩි 30ක් පමණ වූ හොණ්ඩාර 7 ක් පමණ බර වූ වානේ රේල් පීල්ලක් ඔසවන්නට කම්කරුවන් දාහතර දෙනෙකු අවශ්‍යය. එහෙත්, මට රේල් පීල්ලක එක පසක් තනිව එසවිය හැකිය.එහෙත්, උපරිමයෙන් මිනිත්තු පහකට වඩා එසේ ඔසවාගෙන සිටිය නොහැකිය. අඩි හය හමාරක් පමණ උස කෙසඟ වලසෙකුගේ වැනි පෙනුමක් ඇති මිනිසෙකු රේල් පීලි දෙකක් දෑත් දෙකෙන් පහසුවෙන් ඔසවාගෙන යනු ඊයේ රාත්‍රියේ මම දුටුවෙමි. ඔහු මා ද ඔසවා විසි කළේය. ඔහුගේ ශක්තිය කෙතරම් දැයි මට හරිහැටි තක්සේරු කළ නොහැකි වුවද, ඔහුට අසාමාන්‍ය කාය ශක්තියක් ඇති බව නම් මට වැටහුණේය. ඔහු ඇතෙකු සමඟ පැමිණ ටොන් එකක් පමණ බර යකඩ බාල්ක ඔසවාගෙන යනු මුරකරුවෙකු දැක ඇත. එසේ නම් ඔහුට ටොන් භාගයක බරක් පහසුවෙන් එසවිය හැකි විය යුතුය. මා ඔහුට රිපීටරයෙන් තුන්වරක් වෙඩි තැබුව ද රිපීටරය පත්තු නොවීය.
කඩාවැටෙනා තරුවක් | Kadawatena Tharuwak
Original price was: Rs 500.00.Rs 400.00Current price is: Rs 400.00.- 2019 රජත පුස්තක සම්මාන අවසන් වටයට නිර්දේශය
හැර ගිය නමුත් බඹරුන් මල් පැණි ද ගෙන
මලකට සතුටු වන්නට හැක සුවඳ ගැන
කවියෙකු උරන වන්නේ නැත කිසිම දින
කවියක තවර ගත්තා මිස අහිමි පෙම
මැට්ටි | Matti
Original price was: Rs 900.00.Rs 720.00Current price is: Rs 720.00.- 2021 රාජ්‍ය සාහිත්‍ය සම්මාන – හොදම ස්වතන්ත්‍ර යොවුන් සාහිත්‍ය කෘතිය
“ටීච බටර් කෑවා කියන්නේ… ටීච කෙනෙක් ලමයි ඉස්සරහා බටර් කයිද… දැකලා නෙමේ නේ ඔය කියන්නේ..”
“දැක්කේ නැති උනාට ..! කවුරුත් ඒ වගේ රස බටර් විසි කරනවයෑ… එහෙනම් ටීච ගෙදර ගිහිං හරි කයි. නැත්තං අපිව පන්නන් නැතිව අපිටම දෙන්න තිබුනනේ කන්න…”
මැට්ටි. වැඩිහිටියන් අපේක්ෂා කරන රාමුකල ජයග්‍රහණ නෙළා ගන්නේ නැත. එහෙත් ඇය, ඇයගේම සුවිශේෂී වූ ජයග්‍රහණයන් භුක්ති විඳිමින් මහා වෘක්ෂයක් වෙමින් මහ පොළොව මත වැඩේ.
ආර්ථික අගයන් ඉපදවීමේ පමණක් නොව ජීවිතය වින්දනය කිරීමේ දක්ෂතාවයද කුසලතාවයකි. දරුවන් තුළ ඇති එවන් කුසලතාවයන් මොට නොකොට ඔබ දැමීමට වැඩිහිටියන්ට ඇති මහත් වූ වගකීම මෙහි සියුම් ලෙස ස්පර්ශ කරයි. වැඩිහිටියන් අපේක්ෂා කරන සාර්ථකත්වයේ හා හික්මීමේ මිනුම් දඬු දරුවන් නිහඬ කරවූවද, ඔවුන්ගේ නිර්මල ඇතුළාන්තය ලක්වෙන අන්දම මෙහි ඉතා සරලව දරුවෙකුගේ ඇසින්ම පෙන්වා ඇත.
කුඩා දැරියක වටා ගෙතුනු හාස්‍යරසයෙන් අනූන කතාවක් වුවද මේ පොත ළමා කතාවක් නොව, දරුවන්ගේ පෞරුෂය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරවිය හැකි වැඩිහිටි දුබලකම් හා අඩුපාඩු දෙක ඇස් කරවීමකි.
රැජින | Rajina
Original price was: Rs 1,650.00.Rs 1,400.00Current price is: Rs 1,400.00.- 2017 ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේශය
මේ වූකලී,
නාකි මහානාග රජුගෙන් මෙන්ම ලාබාල කුඩා තිස්ස රජුගෙන්ද කිසිදා ආදරය නොලැබුණු අසරණ බිසවකගේ කතාවය.
එසේම,
ආදරය උදුරා විසි කළ මොහොතක අහම්බෙන් එය නැවත මුණ ගැසුණු මහ රැජිනකගේ කතාවය. එපමණකුදු නොව,
මිසරයේ ක්ලියෝපැට්රා රැජිනට මුළු හදවතින්ම ආදරය කළ අසාමාන්‍ය ගැහැනියකගේද කතාවය.
අදිසි නදිය | Adisi Nadiya
Original price was: Rs 1,100.00.Rs 880.00Current price is: Rs 880.00.- 2019 සවර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව
කපිල කුමාර කාලිංග විසින් මෙයට පෙර රචිත “පියැසි කවුළුව’, ‘කන්ද වීදිය’ හා ‘සැප්තැම්බරයේ දිග දවසක්’ නවකතා පාඨක විචාරක ප්‍රසාදය දිනා ගැනීමට සමත් විය. මෙවර ඔහු ‘අදිසි නදිය’ තුළින් සිංහල නවකතාවට නුහුරු විෂය භූමියකට පාඨකයා කැඳවා ගෙන යයි. මායාරූපී ප්‍රබන්ධය, අධිතාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය,දේශපාලන සහ විද්‍යා ප්‍රබන්ධ යනාදී සාහිත්‍ය ශානර ඔස්සේ ගලා බස්නා ‘අදිසි නදිය’ කුතුහලාත්මක බවින් පිරි සුපාඨනීය කියැවීමක් බවට පත්වෙයි.එසේම මානවවාදී ධීරවීර පුද්ගලයින් හා දූරදර්ශි අධිපතිවාදී පාලකයින් අතරේ පවත්නා නිරන්තර අරගලය ද ‘අදිසි නදිය’ දෑලේ නිරූපනය වෙයි.
සිරසාලවන්‍යා | Sirasalawanya
Original price was: Rs 1,150.00.Rs 1,035.00Current price is: Rs 1,035.00.- 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
සිතුවමක්, නන්නාඳුනන මිනිසකුගේ සිත සසල කොට, ගත නිසල කරයි.
කාලාන්තරයකට පෙර මේ සිතුවමේම සැඟවුන රහස්, අනුමානයෙන් කියවූ හිතැත්තියකගේ, දෝෂාරෝපණයෙන්, තැළුණු හදක් ඇතිව සිටි එය ඇඳි සිත්තරා,…
එයින්ම විප්‍රයෝගයට පත්ව විරහවේ දැවී හුදකලා වී සිටින්නෙකි.
තව තැනක අප්‍රසන්නව විසිකොට දැමූ අතීතය ගැන තැවෙමින් සුරක්ෂිත සුදිලෙන වත්මනක…
ආත්මානුකම්පාවෙන් හඬන යුවතියකි.
මතක මන්දිර බිඳින මායාකරුවන් සමග පැමිණ, අලුත්ම කරළියක, සුසුමින් පණපොවා විවර කළ තිරයකට පසුපසින් සිටගෙන ඇය ඔබට ජීවිතය පෙන්වයි.
චිත්‍ර මූර්ති හා සජීවීකරණ ශිල්පියෙකු වන චමිල් හර්ෂණ එදිරිසිංහ දීර්ඝ කාලයක සිට සාහිත්‍යකරණයේ නියැළෙයි. ඔහු සාහිත්‍ය තරග කීපයක ජයග්‍රහණ හිමිකරගත්තෙකි. හොඳම තිර රචනයද ඇතුළු සම්මාන රැසක් දිනූ කෙටි චිත්‍රපට කරුවෙකි.
ළමා කතා රචකයෙකු මෙන්ම දෙස් විදෙස් ළමාපොත් කීපයක සිතුවම් ඇඳි සිත්තරෙකු ද වන ඔහු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරයි. ඔහුගේ සිරසාලවන නවකතාව බණ්ඩාරනායක ලේඛකත්ව සම්මානය ජයග්‍රහණය කොට මෙසේ ඔබ අතට පත්වෙයි.
අප්පච්චි ඇවිත් | Appachchi Awith
Original price was: Rs 650.00.Rs 585.00Current price is: Rs 585.00.- 2018 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව
ලංකාවේ වාමාංශික පක්ෂවල ශික්ෂිත කේඩරය සමන්විත වන්නේ තමන්ගේ සංයුක්ත පවුලෙන් විගාමික වූ පිරිසකගෙනි. ඒ අර්ථයෙන් ගත් විට ලාංකික වාමාංශික චින්තනය යනු පවුල් දෙකක් අතර සංක්‍රමණික අවස්ථාවකි. එක පවුලකින් බිඳෙන පුද්ගලයකු අලුත් පවුලක් සාදන තුරු කාලය නාස්ති කිරීම මේ රටේ වමේ දේශපාලන විලාසිතාවයි. ප්‍රාන්ස් කෆ්කා යනු බටහිර සාහිත්‍යයේ අපූර්ව ශානරයක් ඉදිරිපත් කළ සාහිත්‍යකරුවෙකි. ලංකාවේ බහුතර සාහිත්‍ය කෘති යනු එක්කෝ උන්නතිකාමය පිළිබඳ ආත්ම ප්‍රකාශනයකි. නැතහොත් ස්ත්‍රී ලිංගිකත්වය පිළිබඳ වංකගිරියකි. කෆ්කා තමන්ගේම අනන්‍යතාවට සිනාහ වූ පුද්ගලයෙකි. සමහරු ඔහුගේ කාති ධනේශ්වර පරාරෝපණය සමඟ ගලපති. තවත් සමහරු ඔහුගේ කෘති ආගමික පරමාදර්ශ බිඳ වැටීම සමඟ තුල්‍ය කරති. නමුත් වඩා වැදගත් වන්නේ මිනිස් පැවැත්මේ සමකාලීන ස්වභාවයයි. ඒ තුළ වඩා අන්තර්ගත වී ඇත්තේ හාස්‍යයයි.
වීසාචකයෝ | Visachakayo
Original price was: Rs 975.00.Rs 875.00Current price is: Rs 875.00.- 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
වීසාචකයෝ සම්පූර්ණ සත්‍ය කතාවක ඇදහිය නොහැකි සිද්ධි ප්‍රබන්ධමය උපක්‍රම මඟින් සාර්ථක ලෙස ජය ගැනීමකි. මෙය 60 දශකයේ සිට වර්තමානය දක්වා ආර්ථික සුභ සිද්ධිය සොයාගෙන යන ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වල හරස් කඩකි. ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළම ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලය විශාල මානව දයාවකින් හා මව් සෙනෙහසකින් විදහා පෑමකි.
#wisachakayo veesachakayo weesachakayo
කොස්මොපොලිටන් ජීවිත | Cosmopolitan Jeewitha
Original price was: Rs 1,150.00.Rs 1,035.00Current price is: Rs 1,035.00.- 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
නිව්යෝක් නුවර වාසය කරන ලාංකික ද්‍රවිඩ පවුලක් ළඟ නැවතීමට යන නිලංග සිය ශාස්ත්‍රපති උපාධිය පසෙකලා කෙල්ලන් හා පෙමින් බැඳේ, කොරියානු සිසුන් හා රස්තියාදුවේ වැටේ, එනුවර මිනිසුන්ගේ හෘදයාභ්‍යන්තරය කරා ඇදේ. අවසන ඔහු අවතැන් වූ හා උපන් රට හැර දා ආ මිනිස් සමාජයක අනන්ත වූ මතක රැගත් ජීවන පත්‍රිකාවක් ලිවීමට මුල පුරයි. විටෙක එය මනරම් ස්ත්‍රී ආදරයේ විවිධ පැති ගැන කියන්නකි. විටෙක එය ලොව සෑම දෙසින් පැමිණි මිනිසුන් වසන කොස්මොපොලිටන් නගරයක සමාජ සංස්කෘතික ජීවිතයේ අපූර්වත්වය විදහාපාන්නකි. සියල්ලටම වඩා එය මිනිසා පෙළෙන හුදකලාවේ ප්‍රහර්ෂය කියා දෙන කැටපතකි.
#kosmopolitan cosmopolitan jiwitha jeevitha jivitha
කඩදොර | Kadadora
Original price was: Rs 980.00.Rs 880.00Current price is: Rs 880.00.- 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
මේ, කොත්මලේ පුරාවෘතාන්තයේ ගිලී අවසන් වූ ගම්මානයක වැලි කැටවලින් හා දිය බිඳිතිවලින් ලියූ කතාවකි.
තවත් අතෙකින් මෙය තමාට, තමා අවට පරිසරයට, ගහකොළට හා සතා සීපාවටද, තමා වටා වන සකළ සත් ජනයන්ටද ආදරය කළ යෞවනියකගේ කතාවයි.
කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය වෙනුවෙන් ඉදිවූ කොත්මලේ ජලාශය වෙනුවෙන් ඔවුන් අතහැර ගියේ හුදෙක් මහ පොළොවේ පස් පමණක් නොවේ;
ඔවුන් හා බැඳුනු පරම්පරා ගණනක අතීත උරුම,
ඔවුන්ගේ ජීවිතවල සාතිශය වැදගත් මතක,
ඔවුන්ගේ දෙපය හඳුනන පොළෝ ගැබ
ඔවුන්ගේ අසල්වැසියන් හා ආදරණීය පරිසරය
ඔවුන්ගේ අභිමානවත් ප්‍රාදේශීය තාන්න මාන්න හා සිහිවටන, සැමරුම්!
‘කඩදොර’ ඒ සියල්ලේ කතාවයි
චක්‍රවර්ති | Chakrawarthi
Original price was: Rs 1,400.00.Rs 1,120.00Current price is: Rs 1,120.00.- 2022 සවර්ණ පුස්තක සම්මාන නිර්දේශය
සුරස මුද්‍රාව යටතේ සූරියකුසුම, සඛී භාර්යා සහ මා යන පාඨක සම්මානයෙන් පිදුම් ලත් නවකතා නිර්මාණය කළ ප්‍රවීණ ලේඛක චූලාභය ශාන්ත කුමාර හේරත්ගේ නවතම නවකතාවයි චක්‍රවර්ති.
හෙළ රාජ්‍යක්වය දිනාගැනීමටත්, පවත්වාගැනීමටත් ඉවහල්වන රාජකීය රහසක් වසර දෙසීයකටත් අධික කාලයක් පැවැති පරම්පරා ගණනාවක් පුරා රැකගත් කුල කාන්තාවක පිළිබඳ කුතුහලය හා වීරත්වය පිරි අනුවේදනීය කතාවයි චක්‍රවර්ති. වංශකතා, සෙල්ලිපි, පුස්කොළපොත්, සන්නස්, ජනශ්‍රැති, ජනප්‍රවාද ඔස්සේ අතිශය චමත්කාරජනක ලෙස ගොඩනැගෙන මෙම රහස් කතාව පාඨකයා තුළ කුතුහලයත්, විමතියත්, සන්ත්‍රාසයත් ජනිත කරමින් ඔහුව ඉතිහාසයේ සොඳුරුතම මෙන්ම අඳුරුතම ඉසව්වන් කරා රැගෙන යන අතිරමණිය වෘත්තාන්තයකි.
විසල් වපසරියක් පුරා විහිදි යන ඵෙතිහාසික සිදුවීම් මාලාවකට සම්බන්ධ ”චක්‍රවර්ති” පාඨකයාට නවමු වින්දනයක් ලබාදෙන අතිශය තෘප්තිමත් අත්දැකීමක් වනු නිසැකය.
ඩුඕ | Duo
Original price was: Rs 1,350.00.Rs 1,215.00Current price is: Rs 1,215.00.- 2023 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව සඳහා නිර්දේශිත
උමා සහ සාරා කාලවකවානු දෙකක දෙරටක ජීවත්වන තරුණියන් දෙදෙනෙකි. ඔවුහු සමාන සමාජ සංසිද්ධීන් හරහා ඇවිද යති. හෙවත් පර පීඩක පිරිමින්ට මුහුණ දෙති. අනතුරුව උදාවන සමාජ පරාමිතීන් හා මේ දෙදෙනා ගනුදෙනු කරන්නේ දෙයාකාරවය.
උමා සන්තානගත අඳුරක වෙළී උකටලීව සැනසුම සොයා සරන්නී, සතුට අන් තැනෙක සෙව්වාය. සාරා අරුමැසි ජීවිතයේ ප්‍රභර්ෂය හඹා යන්නී, දිවියේ සාරය දකින අදිටන සුරතට කැටි කොට ගත්තාය.
නීතිය, හොරා පොලිස් කළේය. ආලයේ දෙවඟන උන් හා ඔට්ටු සෙල්ලම් කළාය. සමාජ පරමාදර්ශී භුතයෝ මේ දෙදෙනා පසුපස හඹා ගියහ.
ඥාන පරාසය, සංස්කෘතික පරිඥානය සහ පෞරුෂය කේන්ද්‍රීයව, එකිනෙකාගේ හැසිරීමෙහි සහ තීරණයන්හි සියුම් වෙනස්කම් පවා ජීවන පිරිධිය නිර්ණය කෙරුමෙහිලා බලපානු නොවෙද?
පිරිමි ලෝකයක් තුළ විමුක්තිය සොයන තරුණියන්ගේ කතාන්දරයකි මෙය.
කැළලිකාරයෝ | Kelalikarayo
Original price was: Rs 1,200.00.Rs 1,080.00Current price is: Rs 1,080.00.- 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
තුවාල සුවපත් වුවද ඒවාගේ කැළලි හා සම්බන්ධ මතකය සමග පොර බැඳීම ජීවිත කාලයක් පවතින බව කියන මෙම නවකතාව, බාහිර හා අභ්‍යන්තරික සේම ඒකපුද්ගල හා සාමූහික කැළලි සමග සාමය ඇති කර ගැනීමට තැත් කරන චරිත සමූහයක් වටා ආඛ්‍යානමය ජීවිත ජාලයක් වියයි. ඒ ඔස්සේ ආදරය, විවාහය, ලිංගිකත්වය හා දේශපාලනය ඒකපුද්ගල මිනිසා හා සාමූහික මිනිසා එකට බැඳලන සංකීර්ණ විලාස ගවේෂණය කරයි.
තිවංක කතාව | Thiwanka Kathawa
Original price was: Rs 1,750.00.Rs 1,575.00Current price is: Rs 1,575.00.- 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
නිදහසින් පසු දශක හතක් පුරා මෙරට පැවති පාලනයේ මාරාන්තික සන්ධිස්ථානයක් ලකුණු කරමින් මුළු ලොව ඉදිරියේ බංකොලොත් -භාවය‍් ප්‍රකාශ කරන අතරේ සිදු වූ ලංකා රාජ්‍යයේ අර්බුදය පිළිබඳව මෙතෙක් නොඇසූ නොඇසූ කතන්දරය මෙහි කියැවෙයි. මෙය සිංහල නවකතාවකට ස්වකීය රාජ්‍යය තේමා වුණු පළමු අවස්ථාව ලෙස සැලකීම වරදක් නොවේ.
මුළුමහත් සමාජය විනාශයේ මුවවිටට ඇදී යන අතරේ අත්විඳින ලද අවිනිශ්චිතතාව, අසරණකම හා ජීවය වියැකීම අලළා ලියවුණු මෙය අද දවසේ කතන්දරය ලෙස සැලකිය හැකි ය. එතෙක් පා තබා සිටින්නට නියම කෙරුණු සංස්කෘතික භූමි සියල්ල අහිමි වී යන බව දකිනා මිනිස්සු ස්වකීය අරගලය ඔස්සේ විකල්ප මතිමතාන්තර රාජ්‍යයක පිළිසරණ සොයා යති.
තිවංක පිළිමක ‘තුන් වක’ ආකෘතියෙන් දිග හැරෙන ඒ කතන්දරය අනුව මෙරට බුද්ධිමය සංස්කෘතියේ ජීවනාලිය වූ මුද්‍රණ කර්මාන්තය බිඳ වැටෙද්දී නිර්නාමික ප්‍රබන්ධයක අත්පිටපතක් මරදානේ පරණ
පොත් වෙළෙන්දෙකුට ලැබේ. ලංකා ඉතිහාසයේ අරාජික වකවානුවක සාහිත්‍යය හා සංස්කෘතිය වෙනුවෙන් දියත් වුණු හුදකලා වීර-චාරිකාවක් පසුබිම් කර ගත් ඒ අත්පිටපත වෙළෙන්ඳා කියවයි. නවකතාවේ තෙවෙනි වකයේ දී ඒ අත්පිටපතට හිමිකම් කියන අරගලයේ නීතිඥයකු එහි කතුවරයා ද, එතුළින් තම පියා ද සොයා යයි.
ඉතිහාසකරණයේ ප්‍රබන්ධය, සාහිත්‍යයේ ගුප්තය, කර්තෘගේ මරණය සහ නිර්-ප්‍රභූ කර්තෘත්වය පිළිබිඹු කරන මෙය මේ යුගයේ සාහිත්‍යයේ කතන්දරය ලෙස ද සැලකීම සුදුසු ය.
#thinanka kathava
පඬුරු බඳින ගස් | Panduru Bandina Gas
Original price was: Rs 1,400.00.Rs 1,120.00Current price is: Rs 1,120.00.- 2023 සවර්ණ පුස්තක සම්මාන නිර්දේශය
ලෝකයක් දිනන්න පිරිමියෙකුට ඕනැ කරන්නෙ එකම එක දෙයයි. ඒ ජීවිතේ හති වැටුන වෙලාවක උණුහුමට ඔලූව තියාගන්න පුලූවන් ආදරණිය ගැහැනියකගේ උකුළක්.
ඒ වගේම තමයි… ගෑනියෙකුට ලෝකයක් හිමි කරගන්නට ඕනැ කරන්නේ තමුන්ට රැකවරණයක්, ආදරයක්, ගෞරවයක් දැනෙන පිරිමියෙක්ගේ උරහිසක වාරුවක්.
එහෙම දෙන්නෙක් අහම්බෙන් හරි මුණගැහුණහම ඇතිවෙන ගින්දර නිවන්න මේ ලෝකෙ කාටවත් බැහැ. ජාති, ආගම්, කුලමල, වයස විතරක් නෙමෙයි උන්ට උන් හිටි තැනුත් අමතක වෙනව. මුළු ලෝකෙම ඉන්නේ තමුන් විතරයි කියල උන් දෙන්නා හිතන්න පටන් ගන්නව. එතැන ඉඳල මුළු ලෝකෙම අයිති උන්ට…!
එහෙම දෙන්නෙක් මුහුදු හතක් පීනලා, කඳු හතක් උඩින් පැනලා, අන්තිමට ආයිත් තමුන්ගෙ අක්මුල් හොයාගෙන ආපහු එනකොට උන්ට අභියෝග කරපු හු`ගක් අයට සිද්ධ වෙන්නෙ හැංගෙන්න.
නමට විතරක් දියමන්තියක් වුණ, කුසෙන් වදපු දරුවන් පවා පයට පෑගෙන දුහුවිල්ලක් තරම්වත් නොතැකූ අසරණ අහිංසක ගැහැනියක් අන්තිම මොහොතෙ තමුන්ගේ ජීවිතය රන් කර`ඩුවක් වගේ සලකා එයට නිසි වටිනාකමක්, උණුසුමක් දෙන උරහිසක් සොයා යන්න හිතන එක වරදක්ද..? එහෙම සිතුවිල්ලක් හිතේ මෝදු වුණාට පස්සෙ ගෑනියෙකුට අතාරින්න බැරි දෙයක් තියෙනවද…? හැමෝගෙන්ම බැටකාපු, නින්දා අපහාස විඳපු, හෑල්ලූවට සූරාකෑමට ලක්වුණ ගැහැනියකට එහෙම ගිහින් තමුන්ගේ ජීවිතය වෙනස් කරගන්න අයිතියක් නැද්ද…..? එහෙමත් නැත්නම් ලැබූ අනේක ගැරහුම් ගෞරවයක්, ආදරයක්, භක්තියක් බවට පෙරළා ගන්න බැරිද..?
වනාන්තරේ ගස් ඕනැ තරම් තියෙනව. හැබැයි මිනිස්සු ප`ඩුරක් බැඳලා දෙවි පිහිට යදින්නේ එහෙමත්ම ගහකට. තමුන්ගේ ඉරණමට බැඳුන සැබෑ දෙවියන් සිටින ගසකට ප`ඩුරක් ගැටගහන්නත් ගැහැනියකට තිරසාර බලපොරොත්තුවක් තියෙන්නෝනෑ. බලාපොරොත්තුව වෙනුවෙන් අනිත් සියල්ලම අතෑරපු එවුන් තමයි අන්තිමට දිනන්නෙ. මේ එලෙස සියල්ල හැර පියා බලාපොරොත්තුව ලූහුබැඳ ගිය එවුන්ගේ කතාවයි.
මනස පුහුණු කිරීම | Manasa Puhunu Kireema
Original price was: Rs 880.00.Rs 705.00Current price is: Rs 705.00. Mind Training
සංවර්ධනය මේ ග්‍රන්ථයෙහි අරමුණ වේ. ඔබ සෞඛ්‍ය දියුණු කර ගැනීම ගැන, ආත්ම විශ්වාසය පුහුණූ කර ගැනීම ගැන, සිතෙහි එකඟකම ඇති කර ගැනීම ගැන, ආකර්ෂණිය භාවය සහ චරිත වර්ධනය ගැන, ආත්ම පරිපූර්ණ කර ගැනීම ගැන, සමස්ත ජීවිත සාර්ථකත්වය සහ සනාතන සංතුෂ්ටිය ගැන, උනන්දු වන්නෙහි නම්, මේ කෘතිය ඒ අරමුණු ඉටු කර ගැනීම සඳහා ඔබට උදව් වෙයි.
ප්‍රේමානිශංස | Premanishansa
Original price was: Rs 1,250.00.Rs 1,125.00Current price is: Rs 1,125.00.- 2022 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව
පොල් මලේ සාරය නම් දිව්‍යමය දියරය ඇසුරෙන් මේ භූමිය මත අනුහස පතුරුවා ලූ පරපුරක, රජෙකුට ඇවැසි කකුධ භාණ්ඩ සොයා යන නූතන රජ දරුවෙකි…..,
මනුෂ්‍යත්වයට හිමි මහිමාව අත්පත්කර ගත් නිසා ම දේවත්වයට සමීප වූ උතුම් මිනිසෙකු නොකිලිටි වූ අතීත මුල් සොයා ගම් නියම් ගම් සිසාරා ඇවිද්දේ ය. ඒ කලා විශාරදයා ඇවිත් ගිය පිට සටහන් මත සැදැහැයෙන් යුතුව පියවර තබමින් සිය පරපුරේ ගුණ සුවඳ සොයා යන දැරිවියෙකි..,
ඔවුන් දෙදෙන, දහසක් පුරාණෝක්තීන් රැව් පිළි රැව් දෙන දේවදාර මල් සුවඳ දසත හමන මල් තුහින විසිරෙන අඩවියක දී ප්‍රේමයේ පරිසමාප්තිය වැනි දෙයක් අත්පත් වගයි.
උත්පත්ති | Uthpaththi
Original price was: Rs 1,500.00.Rs 1,350.00Current price is: Rs 1,350.00.- 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
ඒ රැය ගෙවී පසුදා අවදි වූ ඔහු, ජනේල තිරපට අතරින් පැති මිදුලත්, ඉන් එහා තෙමුණු ගහ කොළත් දෙස බලා සිටිනා බිසෝ දෙස නෙත් යොමු කොට සිටියේ, පළමු වරට දුටු ප්‍රතිමාවක් දෙස බලා ඉන්නා දරුවෙකුගේ විස්මයෙනි. ජනේල කූර අල්ලා ගන්නට එසවුණු ඇගේ අත් දණ්ඩ යටින් දුහුල් රෑ ඇඳුම විනිවිද ඈ කය ස්වප්නමය අයස්කාන්තියකින් ඔහු දෑස් වසග කළ ද, ඒ හා සමග ඇතුළාන්තය කලඹා එන දරුණු සුළි කුණාටුවක හෝ හඬින් ඔහු භයංකර ලෙස තැති ගත්තේ ය. සැමියා තමා දෙස බලා ඉන්නා බවක් ඕ නොදත්තා ය. ඔහුගේ හද ගැස්මේ වේගය ද, හතිය ද ඇයට නොදැනිණි. ඔහුගේ මුවින් කිසියම් වේදනාවක කෙඳිරියක් පිටවෙනු සමග තිගැස්සී හැරී බැලූ ඇගේ මුව ඈයිනි.
ප්‍රේමාක්ෂර | Premakshara
Original price was: Rs 950.00.Rs 855.00Current price is: Rs 855.00.- 2023 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව සඳහා නිර්දේශිත
මේ එළැඹ ඇත්තේ වාල්මිකී තැබූ පියසටහන් පසුකර යා යුතු නිමේෂය යි.
සීතා පළමුව, රිසි සේ, ඇයගේ දිවි පුවතින් ඒ ඉසිවර ගැඹුරු වර්ණවත් කරන්නට ඇති. යම් හෙයකින් ඒ මුල්වරය රාමචන්ද්‍ර හෝ රාවණා ලද්දේ නම් ඔවුන් කුමක් පවසනු ඇත්දැයි මම තවමත් උපකල්පනය කරමි.
ප්‍රේමයේ විශ්වීයත්වය වූ රාධා – ක්‍රිෂ්ණා ද තවත් එබඳු වූ ප්‍රභාෂ්වරයකි. මේ සියල්ල අතීත ඥානය යි.
වත්මනෙහි, ප්‍රේමාක්ෂර මට ගැඹුරින් සාක්ෂාත් කළ, මේ දිවි පුවත, නල පවසන විට එය මා වින්දේ සංගීතයට සවන් දෙන්නාක් වැනි කෑදර සිතකිනි.
සංගීතයේදී අප විඳින්නේ ද ස්වර කම්පනයේ වේදනාව ය.
“ගැඹුරු නින්දේත් ප්‍රේමය අවදියෙන්. අප නිදන විට එය රිදුම් තැවුල් පිරිමැද ජීවිතය සුවපත් කරනවා. ප්‍රේමයෙන් විසීම යනු ම අනෙකා තුළ හදවතින් විසීම යි,” සකුන්තලා එසේ කියමින් සිටියා ය.
මේ පුවත සාහිත්‍යමය අතිශයෝක්තියක් නොවන්නේ ඔවුන් තවමත් අප සමඟ වෙසෙන බැවිනි.