අමේසන් වික්‍රමය – කුමාර සිරිවර්ධන | Amazon Wikramaya

Original price was: Rs 700.00.Current price is: Rs 560.00.

Amazon Adventure
by Willard Price

ලොව දිගම ගංගාව නයිල් වූවත් ලොව විශාලතම ගංගාව අමේසන්ය. අමේසන් ගංගාවේ විශාලත්වය ඔබට මට සිතාගන්නට පවා අපහසුය. අමේසන් ගංගාවේ සමහර තැන්වල පළල සැතපුම් දහසක් පමණ වේ. අන්දිස් කඳුවැටියෙන් ඇරඹෙන මෙම මහා ගංගාව මහද්වීපයේ නැගෙනහිර දෙසට සැතපුම් හාරදහසක් පමණ දුර ගෙවා පැමිණ දකුණු ඇමරිකාවේ උතුරු දිග වෙරළේදී අත්ලාන්තික් සාගරයට වැටෙන්නේ හරියටම සමකයට යටිනි. මෙම ගංගාවේ ජලය කෙතරම් බලවත්ව මුහුදට වැටෙන්නේද යත් එම ජලය මුහුදු ජලය හා මිශ්‍ර නොවී සැතපුම් දෙසීයක් පමණ මුහුද ඇතුළට ගමන් කරයි. ගොඩබිම ඇතුළට සැතපුම් හාරසියයක් පමණ දුර යනතුරු ගංගාවේ විශාල දියරැලි නැගෙන අතර ගඟ දින්ගේ සැතපුම් තුන්දහසක් පමණ දුර ගොඩබිමේ ඇතුළට විශාල නෞකාවලින් ගමන් කිර්මට පුළුවන. අමේසන් නදිය ආශ්‍රිත අමේසන් වනාන්තරය ජෛව විවිධත්වයෙන් අනූනය. එම වනාන්තරයේ තවමත් මිනිසුන් පය නොගැසු ස්ථාන තිබේ. මේ එම මිනිසුන් පය නොගැසූ බිහිසුණු අමේසන් වනාන්තරයේ අපූර්ව සංචාරයකට පාඨක ඔබට කෙරෙන ඇරයුමකි.

#amesan wikramaya amezan

සෆාරි වික්‍රමය | Safari Wikramaya

Original price was: Rs 890.00.Current price is: Rs 710.00.

Safari Adventure
by Willard Price

අප්‍රිකානු සිංහයාගේ ප්‍රියතම ආහාරය කුමක් විය හැකිද?

ඒ කුහුඹු -වලසා හෙවත් බිම් ඌරා යැයි ඔබ දැන සිටියේද? එහෙත් කුහුඹු වලසෙකු දඩයම් කර ගැනීම වනාන්තරයේ රජා වූ සිංහයාටද පහසු නැත.ඒ මිනිත්තුවක් දෙකක් ඇතුළත සිටි තැනින් අතුරුදහන් වන්නට උගේ ඇති දක්ෂතාව නිසාය. කුහුඹු -වලසා සිටි තැනින් එකවර අතුරුදහන් වන්නේ කෙසේද?

ලොව වේගවත්ම සත්ත්වයා චීටා ඉතාමත් මිත්‍රශීලි සතකු බවත් ඌ මස් අනුභව කරනවාට වඩා කරන්නේ ගොදුරේ ලේ උරා බීම බවත් ඔබ දැන සිටියේද? බයො බැබ් ගස් පිළිබඳ ඔබ දැන සිටියේ මොනවාද? අඩි පනහක පමණ උසට අඩි හැටක පමණ වට ප්‍රමාණයකින් යුතුව වැවෙන බයො බැබ්ගස්වල කඳ අභ්‍යන්තරය විශාල කුහරයක් බවත් ඒ ඇතුළත මිනිසුන් විසි පස් දෙනෙකුට පමණ ලැගුම් ගත හැකි බවත් ඔබ දැන සිටියේද?