W. A. Silva - ඩබ්ලිව්. ඒ. සිල්වා
විජයබා කොල්ලය | Wijayaba Kollaya
Original price was: Rs 550.00.Rs 495.00Current price is: Rs 495.00.#vijayaba kollaya
සුනෙත්‍රා හෙවත් අවිචාර සමය | Sunethra Hewath Awichara Samaya
Original price was: Rs 990.00.Rs 890.00Current price is: Rs 890.00.යම් පොතක් කියවතොත් කියවන්නාට එයින් ප්‍රයෝජනයක් විය යුතුය.
බසෙන් වත්, උගත මනා සත් ගුණාදියකින් වත්, විනෝදය ගෙනදීමෙන්වත් පොත පල් හෑල්ලකි. පල්හෑල්ල කලා රසයෙන් ද, හීන බැවින්, කලාරසය ලද හැක්කේත්, පළමු කිවූ පොත්වලින් ම බව දත මැනවි. දුසිරිත් බෝ කරන කුණු කසල සහිත පොත් කලා කාරියක් මෙන් දකින්නා සුසිරිත නොහඳුනයි. හොඳ සිහළ පොතක පිටුවක් පමණ වත් නොවරදින්නට කියවා ගත නොහැකි ඇතැම් අය, අද මහ විචාරක නාමයෙන් කල එළි බසිති එ සේ කල එළි බසිමින්, හොඳ සිහළ බසින් පිටුවක් පමණ මත් නොවරදින්නට ලියා ගත නොහැකි පුහු ගත්කරුවන් ගේ නොහොත් මුදලාලි ගත්කරුවන්ගේ අවියත් පොත් පතට පන්දම් ඇල්ලීමටත්, අන්‍යයන්ගේ වියත් පොත් පත් හෙළා දැකීමටත් පුරුදුව සිටිති. මෙ වැනි විෂම ගති ගුණ ඇති කාලයක කියවන්නා කූටොපදෙශ රහිතව ස්වයම් බුද්ධියෙන් ම හොඳ පොත කුමක් ද, පල්හෑල්ල කුමක් ද කියා සලකා ගත යුතු ය.
කැලෑහඳ | Kalahanda
Original price was: Rs 1,300.00.Rs 1,170.00Current price is: Rs 1,170.00.සියුම් කලාකාරියක් හැටියට නාට්‍ය රසයෙන් පරිපූර්ණ ප්‍රථම සිංහල නවකතාව –සිරියාලතාව– බිහි කිරීමෙන් සතළොස් වියෙහි දී පාඨකයන්ගේ ඉමහත් ගෞරවාදරය දිනූ, වැල්ලෙවත්ත ආරච්චිගේ ඒබ්රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලෙවත්තේ මධ්‍යම පංක්තියේ පවුලක උපන්නේ ය. හෙළ දිව මහ කතා කරු මෙන් අඩ සිය වසක් සපුරා බැබැළුණේ ය. හෙතෙම, ජන්ම දායාදය වශයෙන් ලත් කතා කෞශල්‍යය ඇත්තේ විය. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසි ආදි භාෂා ශාසත්‍රයන්හි හසළ බුද්ධියෙන් විශාරද විය. ලොකයාගේ චරිත ලක්‍ෂණ හැඳිනීමේ තියුණු නුවණින් ප්‍රවීණ විය. අවලොකනයෙන් හා ප්‍රතිභා ශක්තියෙන් අග්‍රප්‍රාප්ත විය. තමා විසින් ම නිර්මිත නිරාකුල ව්‍යක්ත ශෛලියකින් සිය බසේ හාස්කම් දැක්වීය.
නවකතා චක්‍රවර්ති – සාහිත්‍ය කීර්ති වැනි විරුදාවලියෙන් පුද ලද මේ අසහාය ලෙඛකයාගේ නව නිෂ්පාදනයක රස විඳුනා කුසල බලය, 1957 මැයි 31 වැනි දා සිට පාඨකයන් කෙරෙන් සදහට ම තුරන් වී ඇත්තේ ය. එහෙත් සිය බස වෙනුවෙන් සිය දිවි කැප කොට, ඔහු අතින් ලියැවුණු මිණි – මුතු වන් මහ පොත් රැසක් නොනැසී පවත්නේය.
#kelehanda kelehada kalahada