Upul Shantha Sannasgala - උපුල් ශාන්ත සන්නස්ගල
අම්මා – උපුල් ශාන්ත සන්නස්ගල | Amma – Sannasgala
Original price was: Rs 1,600.00.Rs 1,280.00Current price is: Rs 1,280.00.කොළඹ කතාව – කිරිසුවඳ
‘අම්මා ගැන හිතලා හිතලා ම තමයි මගේ පපුව
ඇතුළෙ තියෙන මස් වැදැල්ල හදවතක් වුණේ.
මෙතන ඉන්න වැඩි දෙනෙක් ලබන ආත්මයක්
විශ්වාස කරනවා. එහෙම ලබන ආත්මයක්
තියෙනවා නම් මං කැමතියි ගැහැනියක් වෙලා
උපදින්න. ඒ ආත්මේ දී මගේ අම්මා මගේ කුසේ
පිරිමි කළලයක් වෙලා උපදින්න ඕන
එතකොට මට පුළුවන් පිරිමි පුතෙක් හදන්න
මං අම්මා වගේ ගෑනියෙක් වෙලා
ඒ පුතා වෙනුවෙන් මට පුළුවන් දුක් විදින්න
ඒ හින්දා නිවන් යන්න ඉස්සෙල්ලා ආයෙත්
මගේ බඩේ පිරිමි පුතෙක් වෙලා උපදින්න
රත්තරං අම්මේ!’
වසන්තය එනවා සත්තයි | Wasanthaya Enawa Saththai
Original price was: Rs 700.00.Rs 560.00Current price is: Rs 560.00.දම් පාට බෝගන්විලා මල් පඳුර උඩින් ලොකු කහපාට සමනලයෙක් පියෑඹුවා. මම හිතුවා කවදහරි නළුවෙක් වෙනවා කියලා. අපේ අක්කත් ඒ කාලේ හිතුවලු නිළියෙක් වෙන්න. එයා ගමේ කොල්ලෙකුට හැමදාම ඉස්කෝලෙ යද්දි පිච්චමල් ගිහිල්ලා දීලා කොල්ලො එයාට විහිළු කළා ”පිච්ච මල් කුමාරි” කියලා. මං නළුවෙක් වෙන හැටි ගෙදර කට්ටිය බලා හිටියා. මං කොළඹ ඇවිල්ල නිළියෙක් කරකාර බැඳගෙන ගමේ ආවා.
ලලනායනය | Lalanayanaya
Original price was: Rs 1,500.00.Rs 1,200.00Current price is: Rs 1,200.00.හොරණෑ සිඟාරම් හඬ යටින්
ප්‍රේමයේ කමටහන් නැතිකමින්
අහෝ මගේ සිත රිදෙනවා දැවෙනවා
ඔබේ තුනුසිරි විලෙහි කිමිදී
නො කාලේ අස්වැන්න කිරිවැදී
සෙත් පිරිත් රොන් සුනු ද දිය වී
සිල් බිඳුණු තුන් සිවුර තෙමෙනවා
රසදියට වඩා ගන පෙම් කඳුළු වැටෙනවා
අරහත් ධජය තෙමා ගෙන
නො පෙනී ම කඳුළු බිඳු වැටෙනවා
මගේ සිල් සිත කකියමින් දැවෙනවා
නළියමින් විත් තෙරපෙමින්
පඬු පිපුණු සිවුර යට සඳ දියත් මිදෙනවා
නිර්වාණ | Nirwana
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00.කොළඹ කතාව – බයිපාස්
හැම ට්‍රිප් එකක් ම, වෙඩිං එකක් ම,
පාටි එකක් ම, ගැදරිං එකක් ම,
මීටිං එකක් ම අවසානේ හිස්කම.
වෙන මුකුත් ම නෙමෙයි, හිස්කම.
මිනිස්සු ගැන කලකිරීම.
හුඟක් මිනිස්සු ඉපදිලා ඉන්නෙ
එයාලගෙ දෙමාපියෝ කොන්ඩම්ස්
යූස් නො කරපු නිසා ම විතරයි.
වෙන කිසි ම හේතුවකට නෙමෙයි.
හියුමන් කියන්නෙ මනුස්ස නම්;
ඒත් එයාලා නො දන්නෙත්
ඒ ගැන විතරයි. ටික වෙලාවක් හරි
මිනිස්සුත් එක්ක ගැවසුණා ම
ආයෙත් මූඩ් එක හදා ගන්න නම්,
මට මං එක්ක තනියම හුඟක් වෙලා
ගත කරන්න ඕන.
#kolamba kathawa
භික්ෂු පරිච්ඡේදය | Bikshu Parichchedaya
Original price was: Rs 1,800.00.Rs 1,440.00Current price is: Rs 1,440.00.කොළඹ කතාව – සංගායනාව
මරණාසන්න වේදනා
පහක් පසු කළ මිනිසෙක්
දුක පසක් කොට ගත්තෙකි.
එවැන්නෙකුට ජීවිතය ලියද්දී
දුක පසෙකින් තැබිය හැකි ය.
ආදරේ තරම් ම යසෝදරා | Adare Tharam Ma Yasodara
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00.විවාහ වූ අලුත ආනන්දත් යසෝදරාත් යන දෙදෙනා ම රටේ සමාජයීය ගැටලු පවා ප්‍රේමණීය ලෙස සාකච්ඡා කළහ. ආනන්ද සිංහල කියන විට ඈ ලාංකික යැයි කීවා ය. සිංහල සංස්කෘතිය ගැන ආනන්ද කියන විට ඈ දූපත් සංස්කෘතියක් ගැන කීවා ය. ආනන්ද සිංහල බෞද්ධයා ගැන කියන විට ඇය දෙමළ බෞද්ධයා ගැන ප්‍රශ්න කළා ය. ආනන්ද සමාධි පිළිමය ගැන කියන විට යසෝදරා විහාර මංගලම් නම් ද්‍රවිඩයන් නෙළූ දකුණු ඉන්දීය බුදුපිළිමයක් ගැන තොරතුරු කීවා ය. ආනන්ද අවුකන පිළිමය ගැන කී විට යසෝදරා නාග පට්ටනම් ඉන්දීය ලෝකඩ බුදු පිළිමයක් ගැන කීවා ය. සිංහල බෞද්ධ සාහිත්‍යය ගැන ආනන්ද කියද්දි දක්ෂිණ භාරතීය ද්‍රවිඩ සාහිත්‍යය ගැන ඈ තර්ක කළා ය. හැම විටම විසංවාදය ප්‍රේමයෙන් ආදරයෙන් සහ විසංවාදයෙන් ඉදිරියට ආවේ ය.
‘බණ බැරි වුණත් ගම තොටගමුවෙ ලු’