මහල්ලා සහ මුහුද | Mahalla Saha Muhuda

Original price was: Rs 250.00.Current price is: Rs 200.00.

The Old Man And The Sea
by Ernest Hemingway

හයිඩි | Heidi

Original price was: Rs 600.00.Current price is: Rs 480.00.

Heidi
by Johanna Spyri

වයසට වඩා මුහුකරා ගිය බුද්ධියක් දැරියට ඇති බව සීයා තේරුම් ගත්තා. ඔය වැඩපොළ කරන අතරේ හිරු අවරට යමින් තිබුණා. දේවදාර ගස්වල අතු ඉති සොලවමින් සැන්දෑ සීත සුළග හමා ආවා. කදු මුදුනේ සිට පහළට දිව එන සතුන්ගේ කුර හඩත් සමග කිසිවකු කෑකෝ ගසමින් උන් දක්කාගෙන එනු ඇසුණා. එවිට නැන්දා කී දෙයක් හයිඩිට සිහිපත් වී ඇගේ මුවගේ සිනා රැල්ලක් ඇදි ගියා.

ඇනා කැරණිනා | Anna Karenina

Original price was: Rs 1,250.00.Current price is: Rs 1,000.00.

Anna Karenina
by Leo Tolstoy

ලෝකයේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම මනෝ විද්‍යාත්මකම නවකතාව වශයෙන් සම්භාවනාවට පාත්‍ර වූ ඇනා කැරණිනා කෘතිය මඟින් දහ නම වන ශත වර්ෂයේ රුසියානු සමාජය සහ පොදු වශයෙන් සමස්ත මානව වර්ගයා පිළිබඳව මවනු ලබන සුවිසාල සිතුවම සර්වකාලීන අගයකින් යුතුය. මේ මහා කෘතිය රචනා කරන ටෝල්ස්ටෝයි තම අති ප්‍රබල පරිකල්පන ශක්තිය මෙහෙයවමින් ජගත් සාහිත්‍යයෙහි දකින්නට ලැබෙන අමරණීය චරිත කිිහිපයක් නිර්මාණය කරයි. සුපිරි පෙළැන්තියට අයත් විවාහක කාන්තාවක් වන ඇනා තම නීරස වූත් බොල් වූත් ජීවිතය හැර දමා සැබෑ ප්‍රේමයක නීනව් සොයා යයි. එනමුදු ඇයට සිදුවන්නේ රුදුරු සමාජයේ ගොදුරක් වන්නටය.

මේ ශ්‍රේෂ්ඨ ලේඛකයා ලෙවින් මගින් ස්වකීය සැබෑ චරිතය ප්‍රතිනිර්මාණය කරමින් සිය ආධ්‍යාත්මයෙහි කැකෑරුණ සැක සංකා මෙන්ම අපරිමිත වූ මානව භක්තිය ද ප්‍රකාශ කරයි.

ජේන් අයර් | Jane Eyre

Original price was: Rs 550.00.Current price is: Rs 440.00.

Jane Eyre
by Charlotte Bronte

1847 වසරේදී ‘Currer Bell’ යන ආරූඪ නාමයෙන් සාහිත්‍ය ලොවට පිවිසි චාලට් බ්‍රොන්ටේගේ කුළුඳුල් නවකතාව වන ‘Jane Eyre’ කෘතියේ සිංහල පරිවර්තනයයි. ඉතා සිත්ගන්නාසුලූ පේ‍්‍රම වෘත්තාන්තයක් වන මෙම කෘතිය එළිදැක්වීමෙන් ඇය විශ්ව කීර්තියට පත් වූවාය. ප‍්‍රථම මුද්‍රණයෙන් පස් මසක් ඇතුළත එය තෙවරක් සංස්කරණය කරනු ලැබීමෙන් එහි ජනපි‍්‍රයතාවය කොතරම්දැයි වටහා ගත හැක.

බිළිඳු වියෙහිදීම දෙමාපිය වියෝවෙන් අනාථ භාවට පත් ජේන් අයර් හට නෑදෑ හිත මිතුරන් හෝ නිවහනක් හෝ වත්කමක් හෝ රූමත් බවක් හෝ නොමැතිව කටුක දිවි පෙවතකට උරුම ලද හෙයින් සිය දිවි මග කිසිවෙකුගේ පිළිසරණක් නොලැබ තනිව ගෙන යාමට සිදු වූවාය. එහෙත් ඇගේ සහජ බුද්ධිය, නිසග හැකියාව, අප‍්‍රතිහත ධෛර්යය, නොපසුබට උත්සාහය, උට්ඨාන වීර්යය, තැන්පත් විනීත පැවැත්ම, මෘදු මොළොක් බව මෙන්ම ප‍්‍රතිපත්ති ගරුක ඍජු අවංක භාවය එඞ්වඞ් රොචස්ටර්ගේ අවධානයට යොමු වූ බැවින් බටහිර සාහිත්‍යයෙහි අද්විතීය පෙම් පුවතක් බිහිවීම සඳහා අවස්ථාව සැලසුණේය.

ඔලිවර් ට්විස්ට් | Oliver Twist

Original price was: Rs 450.00.Current price is: Rs 360.00.

Oliver Twist
by Charles Dickens

බ්ලැක් බියුටි | Black Beauty

Original price was: Rs 300.00.Current price is: Rs 240.00.

Black Beauty
by Anna Sewell

“නළලේ සුදු පැහැති තරුව, එක පාදයක සුදු පැහැ ළපය, කෝ බලන්න…”

ඔහු කියවමින් මගේ බෙල්ල පරීක්ෂා කර බලා උඩ පැන්නා.

“මේ තියෙන්නේ අනිත් ලකුණ. මං මෙයා ගැන හරියකට හෙවුවේ බැලුවෙ නැති දවසක හීතලේ ගැහිල ලෙඩ වුණා. එදා ඩොක්ටර් ඉන්ජෙක්ෂන් එක ගහපු තැන මේ බලන්න මැඩම්..! මේ තමයි බ්ලැක් බියුටි… බ්ලැක් බියුටි…! ඔයාට මාව මතකද? මං තමයි ජෝ ග්‍රීන්.”

ඔහු සතුටින් කෑ ගැසුවා. ඒ තරම් සතුටු වෙන මිනිසෙක් මින් පෙර මා දැක තිබුණේ නැහැ. ඇත්තටම මා මේ දකින්නේ සිහිනයක්ද?

සිටුවර මොන්ත ක්‍රිස්තෝ | Situwara Monte Cristo

Original price was: Rs 900.00.Current price is: Rs 720.00.

The Count of Monte Criso
by Alexander Dumas

#situwara montha kristho

රොබින්සන් කෲසෝ – සුසර | Robinson Crusoe

Original price was: Rs 250.00.Current price is: Rs 200.00.

Robinson Crusoe
by Daniel Defoe

මේ අයුරින් කාලය ගෙවී ගියා මිස මට මෙම දුපතින් පිටවී යාමට තවමත් මාර්ගයක් උදාවුයේ නැත. මෙතෙක් මා ගත කළ ජීවිතය දෙස ආපසු හැරී බැලීමේදී සිත තුළ ඇතිවන හැඟීම් සංකීර්ණය. තාත්තා දුන් අවවාද වලට පිටුපා ගෙදරින් පැන ආදා පටන් මේ දක්වා ගත කළ අන්දම සැබවින්ම සහගත නොවන්නේද? අන්තිමට කුණාටුවට හසුවී ගසාගෙන ගිය නැව බලන්නට මා දැනුදු විටින් විට යන්නේ නිකන්ම නොවේ. කෙසේ හෝ එය අලුත්වැඩියා කොට යාත්‍රා කිරීමට තත්වයට සකසා ගත හැකිද බැලීමටය. නමුදු යළි යාත්‍රාකළ නොහැකි අන්දමින් එය විනාශවී ගොස් ඇත.

මල්ගුඩි පාසල් දවස් | Malgudi Pasal Dawas

Original price was: Rs 490.00.Current price is: Rs 390.00.

Malgudi School Days
by R. K. Narayan

මානි සද්දන්තයෙක්. ගුරුවරු පවා ඔහුගේ දඩබ්බරකම්වලට තරවටු කරන්න ඉදිරිපත් වුනේ නැහැ. ඔහුට ඕනෑ හැටියක හැසිරෙන්නට ඉඩ දී තම ගරුත්වය රැකගැනීම හොඳ බව ඔවුන් විශ්වාස කළා. මානි නිතරම පන්තියේ පිටුපස බංකුව අයිති කරගෙන එහි වැතිරී නිදාගත්තා. මේ හේතුව නිසා සෑම ඉහළ පන්තියකම මානිගේ සමකාලීන සිසුන් සිටීම අරුමයක් නොවෙයි. සමහර ආදි සිසුන් පවා ඔහු සමඟ එක පන්තියේ ඉගෙනගත් නිසා මානි ජනප්‍රියයි. අසාධාරණකම් නොරිස්සූ මේ සිසුවා ස්වාමිනාදන් වෙනුවෙන් ප්‍රධානාචාර්යතුමාගේ කාර්යාලය වෙතට යන්නට ඉදිරිපත් වුණා. එය ස්වාමිනාදන්ගේ සිතට ලොකු හයියක්.