ජීවිතයට පාඩම් සියයක් | Jeewithayata Padam Siyayak

Original price was: Rs 650.00.Current price is: Rs 520.00.

Life Lessons from the monk who sold his Ferrari
by Robin Sharma

ජීවිතයට පාඩ්ම් 100 පොත ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම විශිෂ්ට ලෙස ගත කිරීමට මඟ පාදන බලවත් අත් පොතකි. මෙහි පරිච්ඡේද කෙටිය. බරපතළ ලෙස ප්‍රායෝගිකය. සැබැවින්ම උද්යෝගය වඩවනසුලුය. මෙහි මා ඔබ සමඟ බෙදා ගන්න අදහස් සරලය. එහෙත් , ඒවාට අනුව කටයුතු කිරීමට සහ ඒවා ඔබේ දෛනික ජීවිතයේ පුරුදු බවට පත් කර ගැනීමට තරම් ඔබ ධෛර්යමත් වන්නෙ නම් අවසානයේ දී සම්පූර්ණ වෙනසක් කිරීමට ඒවා සමත් වේ. අද ඔබගේ විශිෂ්ට ජීවිතයේ පළමු දවස විය යුතුය. මම ඔබ ගැන දැඩි උනන්දුවකින් පසුවෙමි.

රොබින් ෂර්මා

ඒ අපූරු මග | E Apuru Maga

Original price was: Rs 800.00.Current price is: Rs 640.00.

Leadership Wisdom from the monk who sold his Ferrari
by Robin Sharma

ජීවිතයේ සැබෑ සතුට මෙයයි. එනම්; දැවැන්ත ඉලක්කයක් ලෙසින් ඔබටම හැඟෙන කිසියම් අරමුණක් උදෙසා කැප වී වෙහෙසීමයි; ලෝකය විසින් ඔබට කිසිම හොඳ දෙයක් ලබා දෙන්නේ නැතැයි කන්කෙඳිරි නොගා, සෝමාරියකු, අලසයකු නොවී සොබාදහමේ සැබෑ බලවේගයක් බවට පත් වීමයි… මට නම් අවශ්‍යව ඇත්තේ මා මිය යන මොහොත වන විට මගේ ජීවිතය මුළුමනින්ම ප්‍රයෝජනයට ගෙන තිබීමටය. මක්නිසා ද යත් මා හොඳින්ම ජීවත් වන බව දැනෙන්නේ, මා හොඳින්ම වෙහෙසෙන විට බැවිනි. මම ජීවිතය රස විඳිමි. මට අනුව නම් ජීවිතය යනු දැවී යන ඉටිපන්දම් කොටයක් නොවේ. ජීවිතය යනු මේ මොහොතේ දී මා අතෙහි ඇති දීප්තිමත් විලක්කුවකි. එය අනාගත පරම්පරාව සඳහා භාර දීමට පෙර හැකි තාක් ආලෝකය උපදවන සේ බැබළවීම මගේ වුවමනාවය.
ජෝර්ජ් බර්නාඩ් ෂෝ

ස්වර්ණමය හෝරාව | Swarnamaya Horawa

Original price was: Rs 1,400.00.Current price is: Rs 1,190.00.

The 5 AM Club
by Robin Sharma

ව්‍යවසායිකාව මේ මොහොතේ සිතුවේ ඇගේ ව්‍යාපාරික ලෝකය තුළ ඇය මුහුණපාන මේ අඳුරු කළු පැල්ලම් ඇය වෙතට විශේෂයෙන් ආ ආශිර්වාදාත්මක දේ බවය.එය ඇගේ ජීවිතයේ තවදුරටත් වර්ධනය කිරීමට ඉවහල් වන වටිනා අවස්ථාවක් බව ඇය තවදුරටත් සිදුවාය.

ව්‍යවසායිකාව ඉදිරියේ සිටින මේ අමුතු විචක්ෂණශීලී සහ අව්‍යාජ උපදේශවරයා වන ස්ටෝන් රිලේ සිය හදවත ඔවුන් දෙදෙනා ඉදිරියේ විවර කළේය. තවදුරටත් ස්වර්ණමය හෝරාවේ හාස්කම් මගින් උදාකර ගත නොහැකි සෞභාග්‍ය සහ එමඟින් සිදු කළ හැකි වර්ධනීය ඵලදායිතාවය ගැන කරුණු පැහැදිලි කරමින් සිටියේය.

#svarnamaya horava the 5am club

පියෙන් පියවර නැගෙන් මුදුනට | Piyen Piyawara Nagen Mudunata

Original price was: Rs 1,100.00.Current price is: Rs 880.00.

The Greatness Guide – 2
by Robin Sharma

සුප්‍රකට ලේඛක රොබින් ෂර්මාගේ The Greatness Guide – 2 කෘතියේ සිංහල පරිවර්තනයයි. මන බඳින සාර්ථකත්වයක් නිර්මාණය කර ගැනීමට, ජීවිතයේ සතුට විනෝදය උදාකර ගැනීමට, දුෂ්කර අවස්ථාවන්ට දිරිමත්ව මුහුණදීමට මෙම ග්‍රන්ථයෙන් ලැබෙන පිටුබලය ඉමහත්ය.

නොගන් ගිරිහිස නෙතින් ඉවතට | Nogan Girihisa Nethin Iwathata

Original price was: Rs 1,000.00.Current price is: Rs 800.00.

The Greatness Guide
by Robin Sharma

මිනිස් සාර්ථකත්වය සඳහා දැනට ලෝක ප්‍රකට පුහුණු කරුවෙකු ලෙස නම් දරා සිටින රොබින් ෂර්මා විසින් රචනා කරන ලද මෙම කෘතිය, ලොව පිළිගත් විධායක නිලාරීන්, ප්‍රධාන පෙළේ ව්‍යවසායකයින්, ජනප්‍රිය ගායකයින් මෙන්ම පන්සියයට අධික සමාගම් අතර ප්‍රචලිත ග්‍රන්ථයකි. උසස් සාක්ෂරතා සහිත සුවිශේෂී ජීවිතයකට නව ජීවයක් එක්කරමින් ඔබ ජයග්‍රාහී ඉලක්කයක් කරා මෙහෙයවීමට මෙම පොත ඉවහල් වනු ඇත.

රොබින් ෂර්මා ලෝකයේ සිටින අග්‍රගන්‍ය නායකත්ව විශේෂඥයින්ගෙන් කෙනෙකි. ඔහු තම මෙහෙවරට කැප වී ලෝකයේ කීර්තිමත් ආයතන වලට සේවා උපක්‍රම සහ ධනාත්මක ක්‍රමවේදයන් පිළිබඳව උපදෙස් දෙමින් සහයවන්නෙකි. ඔහුගේ කාති භාෂා 70 කට වැඩියෙන් පරිවර්තනය කර ඇති අතර එහි පිටපත් මිලියන ගණනක් විකිණී ඇත. ජනප්‍රිය රොක් ගායකයින්, රාජකීයයන්, ව්‍යවසායකයින් අතර ඔහු තාමත් ජනප්‍රියය.

නායකයෙක් ඕනෑකර තිබේ | Nayakayek Onekara Thibe

Original price was: Rs 800.00.Current price is: Rs 680.00.

The Leader Who Had No Title
by Robin Sharma

වසර පහළොවකට අධික කාලයක් ලෝකයේ ප්‍රමුඛතම සමාගම් වල නායකත්ව උපදේශකයෙකු ලෙස මා ලැබූ අත්දැකීම් සමුදායක ප්‍රතිඵලයකි මේ.මා අත්හදා බැලූ විවිධ නායකත්ව ශිල්ප ක්‍රමවේද වලින් ලැබූ අත්දැකීම් නොමසුරුව මෙම කෘතියට ඇතුළත් කළෙමි.මේ අති දැවැන්ත අත්දැකීම් සමුදාය ඔබේ පෞද්ගලික ජීවිතයට මෙන්ම වෘත්තීය ජීවිතයට ද අතිශය වැදගත් වනු ඇත.මෙහි එන විවිධ චරිත මගින් මන:කල්පිත කතන්දරයක් ඔබට ඉදිරිපත් කළ ද නායකත්වය පිළිබඳව වන මූලික ප්‍රතිපත්ති සහ නිර්ණායක වලින් සමන්විතව මෙම කෘතිය නිර්මාණය කර ඇත.එබැවින් මෙහි එන පරිකල්පනීය අත්දැකීමකට වඩා ඔබ සමීප විය යුත්තේ මෙමගින් එළි පෙහෙළි කරනු ලබන විධික්‍රම කෙරෙහිය.එමගින් ඔබේ ව්‍යාපාරයත් පෞද්ගලික ජීවිතයත් අතිශයින් සාර්ථක කරගත හැකි වනු ඇත.
-රොබින් ෂර්මා-