තෙත්සූයා නම් දුනුවායා | Thethsuya Nam Dunuwaya

Original price was: Rs 650.00.Current price is: Rs 520.00.

The Archer
by Paulo Coelho

“දුන්නෙන් ඉවතට යන හැම හීයක් ම හදවතේ මතකයක් ඉතිරි කරනවා.

එහෙම එකතු වුණු මතක ගොන්න ඔයාව වඩාත් ශූර දුනුවායෙක් කරාවි.”

#thethsuya nam dunuvaya

සන්තියාගෝ නම් සැරිසරන්නා | Santhiyago Nam Sarisaranna

Original price was: Rs 980.00.Current price is: Rs 880.00.

The Alchemist
by Paulo Coelho

ද ඉකොනොමිස්ට් සඟරාව දක්වන ආකාරයට ග්‍රේබියෙල් ගාර්ෂියා මාර්කේස්ට පසුව පාඨක අවධානය වැඩියෙන්ම දිනාගත් ලතින් ඇමරිකානු ලේඛකයා පාවුලෝ කොයියෝ ය . මේ වන විට කොයියෝගේ කෘති රටවල් 140 ක් තුළ භාෂා 55 කින් පරිවර්තනයන් 210 ක් වශයෙන් පිටපත් මිලියන 65 ක් අලෙවි වීම මගින් පැවසෙන්නේ එම ප්‍රකාශනයේ සත්‍යතාවයි.

ඩේලි එක්ස්ප්‍රස් පුවත්පත සඳහන් කරන පරිදි පාඨකයන්ගේ ජීවිතය සදහටම වෙනස් කිරීමේ සමත් කෘතියක් දශක කීපයකට වරක් පළ වෙයි. කොයියෝගේ අග්‍ර කෘතිය වන The Alchemist නම් මේ නවකතාව එවැනි ගුණයෙන් හෙබි කෘතියකි. මෙම කෘතිය අද වන විට නූතන සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක් ලෙස අවිවාදදයෙන් පිළිගනු ලබයි.

පියෙද්රා ගඟබඩ හිඳ මම වැලපුණෙමි | Piyedra Gangabada Hida Mama Welapunemi

Original price was: Rs 900.00.Current price is: Rs 810.00.

By the River Piedra I Sat Down and Wept
by Paulo Coelho

පිලාර් සතියක සංචාරයකදී ඇගේ අධ්‍යාත්මයේ වන වදුළු, ගිරි දුර්ග හා මංමාවත් පසු කරමින් සොඳුරු මිටියාවතකට පිවිසෙන්නීය. ළමා වියේ පටන් නොවෙනස් වූ ආදරයක් ද සමගින් ඈ හා සිටි, සොරියාවේ තණබිම්වලට එපිටින් විහිදී ගිය ලෝකයක් පිළිබඳ සිහින දුටු, කිසි තැනෙක නම සඳහන් නොවූ ඇගේ මිතුරා ඈ කැටිව යයි. විටෙක මඟ හැරී ගිය ද යළි යළිත් ඔවුහු ඔවුනොවුන් සොයාගැනීමේ අසිරිය අත්විඳිති. කොයියෝගේ මේ කෘතිය පිලාර්ගේ ඒ අසිරිමත් සංචාරය පිළිබඳ කතාන්දරයයි. එය තමන්ගේ සිහින, බලාපොරොත්තු සහ ආදරය සොයා යන්නියකගේ කතාන්දරයයි.

යක්ෂයා සහ ප්‍රයිම් මෙණෙවිය | Yakshaya Saha Prime Menaviya

Original price was: Rs 980.00.Current price is: Rs 880.00.

The Devil and Miss Prym
by Paulo Coelho

කෑදරකම භීතිය හා බියගුලුකම විසින් ගිලගනු ලැබූ ප්‍රජාවක්. සිය වේදනා බර අතීතයේ අවතාරයන්ගෙන් වද විඳිනා මිනිසෙක්. සන්තුෂ්ටිය සොයා යන තරුණියක්. එක් සතියක කාලයක් තුළ මේ සියලු දෙනාටම ජීවිතයේ මරණය සහ බලයේ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවනු ඇත්තේය. එසේම එහිදී ඔවුන්ට තම තමන්ගේ මාවතද තෝරා ගැනීමට සිදු වනු ඇත්තේ ය. ඉදින් එහි දී ඔවුන් තෝරා ගනු ඇත්තේ කවරක්ද?

යහපත ද එසේත් නැත්නම් නපුරද?

මේ චමත්කාරජනක නවකතාව තුළින් පවුලෝ කොයියෝ සෑම ආත්මයක් තුළ ම ආලෝකය හා අඳුර අතර පවත්වා අරගලය මෙන්ම අපේ දෛනික ජීවන අරගලය හා එහි සබැඳියාව නාටකීය ස්වරූපයකින් ප්‍රතිනිර්මාණය කරයි.අපේ සිහින ලුහුබැඳ යාමට නිර්භීත වීම, වෙනස් පුද්ගලයකු බවට පත් වීම සඳහා වන අපේක්ෂාව හා සැබෑ ජීවිතය උදා කර ගැනීමෙන් අප වළකාලන බියෙන් අත්මිදීම. යක්ෂයා හා ප්‍රයිම් මෙනෙවිය උද්වේගකර කතාන්දරයකි. එසේම එමඟින් මනුෂ්‍යයාගේ සාධු චර්යාව බියකරු පරීක්ෂණයට ලක් කෙරේ.

මිනිත්තු එකොළහේ කතාන්දරේ | Miniththu Ekolahe Kathandare

Original price was: Rs 1,200.00.Current price is: Rs 1,080.00.

Eleven Minutes
by Paulo Coelho

මට ලෝකයට අනුව චූදිතයෙකු වෙන්නත් සතුට හොයාගෙන අවදානම් ගමනක යෙදෙන්නත් පුලුවන්.ඒ සියල්ල මම ජීවිතය දකින විදිය ගැන ගැටලුවක් විතරයි. මරියා බ්‍රසීලයේ ඇතුළු ගමක ඉපදුණු, නිළියක් වෙන්න ජීනීවාවලට ආපු රූමත්, බුද්ධිමත් තරුණ ගැහැනියක්. ආදරය හා ජීවිතයේ ගුප්ත ස්වාභාවයන් තුළින් අභ්‍යන්තරයෙන් පැන නැඟෙන ආලෝකය හොයාගෙන යන, අවදානම් සහගත ගමනේදි ආදරය වෙනුවට ලිංගිකත්වය මුණගැසුණොත් කුමක් වේවිද? ජීවිතය සොයා යෑමේදී, ආදරය ලිංගිකත්වය හා ආත්මීය අර්බුද හා ගැටෙමින් ඇය තුළින් ඇයවම මතු කර ගැනීමට කෙරෙන නිර්භීත ගවේෂයක කතාවයි. මිනිත්තු එකොළහේ කතාන්දරේ.’සන්තියාගෝ නම් සැරිසරන්නා’ කෘතියෙන් කෘතියෙන් කීර්තියට පත් පාවුලෝ කොයියෝගේ, ලිංගිකත්වය විෂයය කරගත් කතා පුවතක් සහිත අලංකාරමය භාෂා රීතියක් රැගත් නවකතාවයි.මිනිත්තු එකොළහේ කතාන්දරේ.