Showing the single result

ගිනි මැද සක්මන | Gini Mada Sakmana

Original price was: Rs 950.00.Current price is: Rs 760.00.

Bis zur letzten Stunde
by Traudl Junge & Melissa Muller

එවකට විසිදෙවෙනි වියේ පසු වූ ට්‍රවුඩ්ල් යුන්ග් බැලේ නාට්‍යාංගනාවියක්වීමට සිහින මවමින් සිටි අතර, අහම්බෙන් මෙන් ඇයට ඇඩොල්ෆ් හිටලර්ගේ ලේකම්වරියක වන්නට අවස්ථාව ලැබුණි. වර්ෂ 1942 සිට ඔහුගේ මරණය දක්වා බංකරය තුළ ඔහු අසල රැදෙමින් ඔහුගේ ලිපි ලේඛන, දේශන වෙනකක් තබා ඔහුගේ පෞද්ගලික සහ දේශපාලනික අන්තිම කැමති පත්‍ර පවා යතුරු ලියනය කරන ලද්දේ ඇය විසිනි.

එහෙත්, හිට්ලර්ගේ නාසි රාජ්‍යයේ මිනීමරු ස්වභාවය ඇයට දැනගන්නට ලැබුණේ යුද්ධය අවසන් වූවාට පසුවය. ඇය කොතරම් සසල වූවාදැයි කිවහොත් කෘරතම අපරාධකාරයාට ලෙන්ගතුවීම කෙරෙහි ඇය තුළ පසුතැවිල්ලක් ඇතිවිය.

ඇගේ මෙම කෘතිය ප්‍රකාශයට පත්වීමෙන් දින කීපයකට පසු, වර්ෂ 2002 පෙබරවාරි දෙවැනි දින ඇය මෙලොවින් සමුගත්තාය.

අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මම නිස්කලංක ව කතා කරන්නට හැකි තැනකට ඔටෝ ගුන්ෂ් කැඳවාගෙන යන ලදු ව, හිට්ලර්ගේ අවසානය සිදු වූ අයුරු ගැන අසා සිටියෙමි. ඔහු ඉතා කැමැත්තෙන් මා හට එය විස්තර කරන්නට ඉදිරිපත් විය. “හිට්ලර් සමග ඔහුගේ කාමරයට ඇතුළු වන දොර දක්වා ගිය අපි ඔහුට නැවත වරක් ආචාර කළා… ඊට පසු ව ඔහු ඊවා බ්‍රවුන් මහත්මියත් සමග කාමරයට ඇතුළු වී දොර වසා ගත්තා… හීවල්, කෙම්පෙක, ගොබල්ස්, බෝර්මන්, අක්ස්මන් සහ මම ඒ අසල කොරිඩෝරයේ නැවතී සිටියා. විනාඩි දහයක් විතර කාලයක් ගත වුණා. ඒ කාලයට අපට දැනුණේ දවසක් වගේ… ඊට පස්සෙ අපිට වෙඩි සද්දයක් ඇහුණා… ගොබල්ස් දොර ඇරගෙන කාමරය ඇතුළට යන විට හිට්ලර් හිසට වෙඩි තබාගෙන පුටුව මත මැරි වැටී සිටියා… වෙඩි උණ්ඩයෙන් ඔහුගේ හිස කුඩු පට්ටම් වී ගොස් තිබුණා… ඊවා බ්‍රවුන් සයනයිඩ් කරල හපාගෙන මියගොස් සිටියා… අපි නායකයාගේ හිස රෙදි කැබැල්ලකින් එතුවා… හිට්ලර්ගේ සහ ඊවා බ්‍රවිනිගෙ මළසිරු කෙම්පෙක සහ අක්ස්මන් උස්සාගෙන රයිෂ් චාන්සලරිය උද්‍යානයට අරගෙන ගියා… අපි මළසිරුරු දෙක චාන්සලරියට ඇතුළු වන දොර ළග ඉඳලා මීටර් තුනක් පමණ ඈතින් තියලා ඒ මතට පැට්‍රල් දාලා ගිනි තිබ්බා.” ගුන්ෂ් කතාව සමාප්ත කළේය. මොනතරම් ඉක්මනින් මනුස්ස ජීවිතයක් අවසන් වන්නට හැකි දැයි මට ඒ මොහොතේ කල්පනා විය. දින කීපයකට පෙර මුළු ලෝකය ම සොලවාගෙන හිටපු එමෙන් ම තුන්වන අධිරාජ්‍යයේ නායකයා දැන් සුළගට ගසාගෙන යමින් තිබෙන කුඩා අළු ගොඩක් පමණි.