හරි පුදුම ඉස්කෝලේ | Hari Puduma Iskole

Original price was: Rs 860.00.Current price is: Rs 685.00.

Totto-Chan The Little Girl at the Window
by Tetsuko Kuroyanagi

ජපානයේ ග්‍රන්ථ ප්‍රකාශන ඉතිහාසයේ වැඩිම අලෙවිය වාර්තා කරමින් රාජ්‍ය සම්මාන රැසක් දිනූ රසවත් කථා පොතකි. නිදහස, විනෝදය සහ ආදරය පාසලට කැඳවමින්, ජීවන ආස්වාදය හා මානව ප්‍රේමය අධ්‍යාපනයට මුසු කළ හැකි අන්දම අසිරිමත් පාසලක් තුලදී, දැරියක ලද සිත් පොළඹවන අත්දැකීම් මගින් මෙහි විවරණය කෙරේ.

මේ අපේ දූලාට | Me Ape Dulata

Original price was: Rs 1,100.00.Current price is: Rs 880.00.

Just for Girls A book about growing up
by Sarah Delmage

වැඩිවියට පත්වීම , පෙනෙන තරම් පහසු දෙයක් නොවෙයි. එහිදී ඔබට සිදුවන්නේ කුමක්ද කියා තේරුම් ගැනීම පහසු වෙන විදිහට මේ පොතේ විස්තර වෙනවා. මෙය මුල් කවරයේ සිට අග කවරය දක්වාම කියවන්න. ඔබ කැමති ඕනෑම වෙලාවක ඒකෙ කිමිදෙන්න. විස්තර කිරීම් රූප සටහන් , උපදෙස් සහ පාඨකයන්ගේ සැබෑ ජීවිත කතන්දරවලින් මේ පොත පිරිලා තිබෙනවා

යටිසිත | Yatisitha

Original price was: Rs 1,300.00.Current price is: Rs 1,040.00.

The Power of Subconscious Mind
by Dr. Joseph Murphy

ස්වයං වර්ධනය සහ ස්වයං සාර්ථකත්වය අත් කර ගැනීමට උපදෙස් දීම සඳහා ලොවේ මේ දක්වා ලියන ලද ග්‍රන්ථ අතර අග්‍රතමය ලෙස මේ පොත සැලකේ.

ඔබ අත් පසුරෙහි, පහසුවෙන් ඔබට අල්ලා ගත හැකි ලෙස පවතින අතිශයින් විස්මය ජනක වූ මහා බලය සඳහා වූ යතුර මේ ග්‍රන්ථය මගින් ඔබ අතෙහි තැබෙයි.

කිසි දිනක ඉටුකර ගත නොහැකි යයි පෙනෙන සුවිශාල හා දුෂ්කර කාර්යයන්, හුදෙක් තම යටි සිතේ විස්මිත බලය පාලනය කිරීම ඉගෙනීම මගින් ඉටුකර ගන්නට ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පාඨකයන්ට මේ ග්‍රන්ථය මග පෙන්වා ඇත.

පුද්ගලයෙකුට දෛනික කටයුතු හා සමස්ථ ජීවිතය සංවර්ධනය කර ගැනීම සඳහා සිය මනස භාවිතා කිරීමට සරල, ප්‍රායෝගික අත්දුටු අභ්‍යාස ඔහු ඉදිරිපත් කරයි. පාඨකයා ග්‍රහණය කර ගන්නා අපූරු කතන්දර හේතුවෙන් මේ පොත ඉතා රසවත් වී ඇති බවද කිව යුතුය.

සාර්ථක වන්නේ මෙහෙමයි | Sarthaka Wanne Mehemayi

Original price was: Rs 1,450.00.Current price is: Rs 1,160.00.

Success Basics
by Moh Hon Meng

වසර පතා යවුන් තරුණ තරුණියෝ දහස් ගණනින් රැකියා වෙළඳපළට පැමිණෙති. ඉතාම අපහසුවෙන් ඒ රැකියා ලබා ගන්නා සමහරුන් අනෙක් සමහරුන්ට වඩා සාර්ථක වන්නේ ඇයි? එයින් සමහරුන්ට බලය සහ හිමි තනතුරු ඉක්මනට ලැබෙන්නේ ඇයි? වෙනත් අයට මුළු ජීවිත කාලය පුරා එවැනි තනතුරක් හෝ නොලැබෙන්නේ ඇයි?

“සාර්ථක වන්නේ මෙහෙමයි” නම් කෘතිය ලියැවී ඇත්තේ වැඩ ලෝකයට ඇතුළු වෙමින් සිටින පිරිසට මේ වැදගත් මූලධර්ම හඳුන්වා දෙනු සඳහා ය. ආරම්භයේ සිට අනුගමනය කළහොත්, සාර්ථකත්වය අත්කර ගත හැකි තලයට ඔවුත් ඔසවා තබන්නට මේ ග්‍රන්ථය සමත් වනු ඇත. පළපුරුදු අයගේ සාර්ථකත්වයට ද මෙය ඉවහල් වනු ඇත.

යටිසිත 2 | Yatisitha 2

Original price was: Rs 1,400.00.Current price is: Rs 1,120.00.

Think Yourself to Health, Wealth & Happyness
by Dr. Joseph Murphy

මානසික සහ අධ්‍යාත්මික නීති සම්බන්ධ ව වසර හතළිහකට වැඩි කාලයක සිට නවමු පර්යේෂණ කළ ආචාර්ය ජෝසප් මර්ෆි ගේ ආකර්ෂණීය සොයා ගැනීම් මේ අගනා කෘතියෙහි අන්තර්ගත වේ. ඔබගේ ජීවිතයේ හැම අංශයකම වර්ධනය සඳහා, යටිසිතේ බලය උපයෝගී කරගැනීමේ උපක්‍රම මෙහි විස්තර කෙරෙයි.

මෙහි සඳහන් ඉතා වැදගත් කරුණු අතර කීපයක් නම්:
* කනස්සල්ල, බය සහ සෘණ සිතුවිලි ජයගැනීම
* මූල්‍ය සාර්ථකත්වයට සහ නිදහසට ගත යුතු පියවර
* ස්වයං පිළිගැනීම සහ සෞභාග්‍යය අත්පත් කර ගැනීම
* සම්බන්ධතා වගා කිරීම සහ සතුට විඳ ගැනීම
* සුවය සහ සැපත සඳහා අනන්ත හැකියාව වැඩට ගැනීම

මේ අපේ පුතාලාට | Me Ape Puthalata

Original price was: Rs 1,100.00.Current price is: Rs 880.00.

Just for Boys A book about growing up
by Matt Crossick

නව යොවුන් අවධිය මුහුකුරා යෑමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න ගැන අවබෝධයක් තිබීම පහසුය. ඔබේ සිරුරට එහිදී කුමක් සිදුවේද යන්න මේ ග්‍රන්ථය තුළ පැහැදිලිව සරලව සහ සෘජු ලෙස පැහැදිලි කෙරෙයි. හැගීම්ද ඇතුළුව ඔබ ජීවිතයේ , මේ වැදගත් අවධියේ දැන ගත යුතු සියලු වැදගත් කරුණු මෙහි මැනැවින් සංග්‍රහ කර ඇත.

මනස පුහුණු කිරීම | Manasa Puhunu Kireema

Original price was: Rs 880.00.Current price is: Rs 705.00.

Mind Training

සංවර්ධනය මේ ග්‍රන්ථයෙහි අරමුණ වේ. ඔබ සෞඛ්‍ය දියුණු කර ගැනීම ගැන, ආත්ම විශ්වාසය පුහුණූ කර ගැනීම ගැන, සිතෙහි එකඟකම ඇති කර ගැනීම ගැන, ආකර්ෂණිය භාවය සහ චරිත වර්ධනය ගැන, ආත්ම පරිපූර්ණ කර ගැනීම ගැන, සමස්ත ජීවිත සාර්ථකත්වය සහ සනාතන සංතුෂ්ටිය ගැන, උනන්දු වන්නෙහි නම්, මේ කෘතිය ඒ අරමුණු ඉටු කර ගැනීම සඳහා ඔබට උදව් වෙයි.

මොකක්ද මට මේ වෙන්නෙ | Mokakda Mata Me Wenne

Original price was: Rs 950.00.Current price is: Rs 760.00.

What’s Happening to Me?
by Alex Freeth

නව යොවුන් අවධිය මුහුකුරා යෑමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න ගැන අවබෝධයක් තිබේ නම් ඒ අවධිය තේරුම් ගැනීම පහසුය.

ඔබේ සිරුරට එහිදී කුමක් සිදුවේ ද යන්න මේ පුස්තිකාව තුළ පැහැදිලිව සරලව සහ සෘජු ලෙස පැහැදිලි කෙරෙයි.

හැඟීම් ද ඇතුළු ව ඔබ ජීවිතයේ, මේ වැදගත් අවධියේ දැන ගත යුතු සියලු වැදගත් කරුණු මෙහි මැනවින් සංග්‍රහ කර ඇත.