Laura Ingalls Wilder
ගෙදර යන අතරමග | Gedara Yana Atharamaga
Original price was: Rs 380.00.Rs 305.00Current price is: Rs 305.00. On the Way Home
by Laura Ingalls Wilder
Little House – ලිට්ල් හවුස් 10
1894 වසරේදී ලෝරා ඉන්ගල්ස් සහ වයිල්ඩර්, ඇගේ සැමියා අල්මන්සෝ සහ ඔවුන්ගේ කුඩා දියණිය රෝස් සමඟ දකුණු ඩකෝටාවේ, ඩි ස්මෙට් නගරයේ ජීවත් වූ නිවස අතහැර දමා මිසුරියේ මෑන්ස්ෆීල්ඩ් ප්‍රදේශයේ පදිංචියට ගියාය. අවුරුදු හතක් පුරා වර්ෂාව ලැබී තිබුණේ ඉතා අල්ප වශයෙන් වූ අතර අස්වැන්නක් අස්වැන්නක් ගානේ නිසරු වී ගොස් තැනිතලා දූවිලි ගොඩවල් බවට පත්වී තිබිණි. වයිල්ඩර් පවුල ඔවුන්ගේ බඩුමුට්ටු ගැල පටවා ගෙන, නෑදෑ හිතවතුන්ගෙන් සමුගෙන, මිසුරියේ අලුත් ජීවිතය පටන් ගැනීමේ බලාපොරොත්තුවෙන් ගමන් ආරම්භ කළහ.
ලෝරා ඒ ගමන් විස්තර දිනපොතක ලීවාය. මේ, ජීවිතයේ ඉතිරි කාලය පුරා සදාකාලික සතුටු ලබා දෙනු ඇති අලුත් නිවසක් සොයා දින 45ක කාලයක් තිස්සේ සැතපුම් 650ක දුරක් ගෙවා ගිය ඒ ගමනේදී ඈ ලියූ දින සටහන් පෙළයි.
තැනිතලාවේ පිහිටි කුඩා නගරය | Thenithalawe Pihiti Kuda Nagaraya
Original price was: Rs 1,450.00.Rs 1,160.00Current price is: Rs 1,160.00. Little Town on the Prairie
by Laura Ingalls Wilder
Little House – ලිට්ල් හවුස් 07
මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිටල් හවුස් කතා මාලාවේ හත් වැන්නයි.
රිදී විල් තෙර | Ridee Wil Thera
Original price was: Rs 1,150.00.Rs 920.00Current price is: Rs 920.00. By the Shores of Silver Lake
by Laura Ingalls Wilder
Little House – ලිට්ල් හවුස් 05
මිදි ඔය අසබඩ කුඩා නිවස අතහැර දමා මනුෂ්‍ය වාසයෙන් තොර ඩකෝටා ප්‍රදේශයේ පදිංචි වන්නට යන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අයට තවත් අභයෝගාත්මක ජීවන රටාවකට හුරු වන්නට සිදුවෙයි. ඔවුන්ගේ නව නිවස ඉදිකිරීම සඳහා කදිම ඉඩමක් තමාටම කියා අයිති කරගන්නට ලැබෙන තුරු අප්පච්චි දුම්රිය මාර්ගයේ වැඩ කරයි. අප්පච්චි, අම්මා, මේරි සහ කේරි සමග රිදී විල් තෙරේ ජීවත් වන්නට එන ලෝරා පළමු වතාවට දුම්රියක ගමන් කිරීමේ අත්දැකීමට මුහුණ දෙයි. මිනින්දෝරු නිවාසයේ ගත කළ පාළු සීත කාලයකින් පසුව, අප්පච්චි ශෝභන රිදී විල ඉවුරේ ඉක්මනින්ම ඉදිවනු ඇති අලුත්ම අලුත් නගරයක පළමුවැනි ගොඩනැගිල්ල සාදයි. ඉන්ගල්ස් පවුල ආවරණය කළ ගැලේ නැගී කළ සංචාරයන් අන්තිමේදී අවසන් වෙයි.
මේ පරම්පරා ගණනාවකක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්ගේ කොටස් නවයකින් යුතු අති විශිෂ්ට ලිට්ල් හවුස් කතා මාලාවේ පස්වැන්නයි.
#ridi vil thera
සීතලෙන් සීත වුණ සීත සමය | Seethalen Seetha Wuna Seetha Samaya
Original price was: Rs 1,600.00.Rs 1,280.00Current price is: Rs 1,280.00. The Long Winter
by Laura Ingalls Wilder
Little House – ලිට්ල් හවුස් 06
ඩකෝටා ප්‍රදේශයේ ජීවත් වන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අය 1880-81 දී අති දරුණු සීත සෘතුවකට මුහුණ දෙති. හිම කුණාටු මුළු නගරය සම්පූර්ණයෙන්ම වසාගෙන, පිටතින් ආහාර ලැබෙන සියලු මං වසා දැමූ අතරේ ජීවත් වීම සඳහා උග්‍ර අරගලයක යෙදෙන්නට අප්පච්චිටත්, අම්මාටත්, ලෝරාටත්, මේරිට සහ කේරිටත් සිදුවෙයි. නගරවැසියන්ට ඉතා ඉක්මනින් දරුණු ආහාර හිඟයකට මුහුණ දෙන්නට සිදුවන අතර තරුණ අල්මන්සෝ වයිල්ඩර් සහ ඔහුගේ මිතුරු කැප් ගාර්ලන්ඩ් තිරිඟු සොයා බිහිසුණු ගමනක යෙදෙති.අන්තිමේදී අසාමාන්‍ය එහෙත් අතිශයින් ප්‍රමුදිත නත්තලක් සමරන්නට ඔවුන්ට හැකි වෙයි.
මේ පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ හයවැන්නයි.
#sithalen sitha vuna sitha samaya