මිදි ඔය අසබඩ | Midi Oya Asabada

Original price was: Rs 1,100.00.Current price is: Rs 880.00.

On the Banks of Plum Creek
by Laura Ingalls Wilder

Little House – ලිට්ල් හවුස් 04

ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුල තැනිතලාවේ පිහිටි කුඩා නිවස අතහැර යති. යළිත් ආවරණය කළ ගැලේ නැගී මෙවර ඔවුන් පිටත්ව යන්නේ මිනෙසොටාවටයි. එහිදී ඔවුහු සොඳුරු මිදී ඔය අසබඩ කණ්ඩියක් යට පිහිටි කුඩා නිවසක පදිංචි වෙති. වැඩි කල් යන්නට පෙර අප්පච්චි වීදුරු ජනේල සහ අසව්වලින් සවි කළ දොරක් ඇති අපූරු නිවසක් සාදයි. පාසල් යන්නට පටන් ගන්නා ලෝරා සහ ඇගේ සහෝදරිය මේරි ගෙදරදොරේ වැඩපළට උදව් වෙති, ඔයේ මසුන් අල්ලති. පළඟැටි උවදුරක සහ භයංකාර කුණාටුවක ස්වරූපයෙන් අවාසනාව ඔවුන් හඹා එන නමුත් ඔවුහු එකට එකතුව ඒ සියලු ප්‍රශ්න ඉදිරියේ නොසැලී නැගී සිටිති.

මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍රවූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ හතරවැන්නයි.

ගෙදර යන අතරමග | Gedara Yana Atharamaga

Original price was: Rs 380.00.Current price is: Rs 305.00.

On the Way Home
by Laura Ingalls Wilder

Little House – ලිට්ල් හවුස් 10

1894 වසරේදී ලෝරා ඉන්ගල්ස් සහ වයිල්ඩර්, ඇගේ සැමියා අල්මන්සෝ සහ ඔවුන්ගේ කුඩා දියණිය රෝස් සමඟ දකුණු ඩකෝටාවේ, ඩි ස්මෙට් නගරයේ ජීවත් වූ නිවස අතහැර දමා මිසුරියේ මෑන්ස්ෆීල්ඩ් ප්‍රදේශයේ පදිංචියට ගියාය. අවුරුදු හතක් පුරා වර්ෂාව ලැබී තිබුණේ ඉතා අල්ප වශයෙන් වූ අතර අස්වැන්නක් අස්වැන්නක් ගානේ නිසරු වී ගොස් තැනිතලා දූවිලි ගොඩවල් බවට පත්වී තිබිණි. වයිල්ඩර් පවුල ඔවුන්ගේ බඩුමුට්ටු ගැල පටවා ගෙන, නෑදෑ හිතවතුන්ගෙන් සමුගෙන, මිසුරියේ අලුත් ජීවිතය පටන් ගැනීමේ බලාපොරොත්තුවෙන් ගමන් ආරම්භ කළහ.

ලෝරා ඒ ගමන් විස්තර දිනපොතක ලීවාය. මේ, ජීවිතයේ ඉතිරි කාලය පුරා සදාකාලික සතුටු ලබා දෙනු ඇති අලුත් නිවසක් සොයා දින 45ක කාලයක් තිස්සේ සැතපුම් 650ක දුරක් ගෙවා ගිය ඒ ගමනේදී ඈ ලියූ දින සටහන් පෙළයි.

වන අරණක කුඩා නිවස | Wana Aranaka Kuda Niwasa

Original price was: Rs 800.00.Current price is: Rs 640.00.

Little House in the Big Woods
by Laura Ingalls Wilder

Little House – ලිට්ල් හවුස් 01

ලෝරා ඉන්ගල්ස් කතාන්දරය ආරම්භ වන්නේ 1871 වසරේ විස්කොන්සින් මහ වනය මායිමේ පිහිටි කුඩා ලෑලි නිවසකිනි…

සිවු හැවිරිදි ලෝරා ඇගේ අප්පච්චි, අම්මා, සහෝදරයින් දෙදෙනා වන මේරි සහ කේරි, ඔවුන්ගේ විශ්වාසවන්ත බල්ලා ජැක් සමඟ ඒ කුඩා නිවසේ ජීවත් වෙයි. දරුණු සීත කාලයට සූදානම් වීම සඳහා ආහාර වගා කරන්නටහෝ ගබඩා කර තබන්නට සිදුවීම නිසා ඒ ඈත අතීත ජීවිතය ඇතැම් වේලාවට ඉතා දුෂ්කර වූ නමුත් නිවසේ සෑදූ සෙල්ලම් බඩු සහ තෑගි සමඟින් පවුලේ සියලු දෙනා සමඟ නත්තල සමරන්නට ලැබීම, වසන්ත ඍතුවේ පැළ වැවීම, අස්වනු කැපීම, පළමුවැනි වතාවට නගරයට යාම පුංචි ලෝරාට මහත් සතුටක් ගෙන දෙයි. සෑම රාත්‍රියකම අප්පච්චිගේ රවුකිඤ්ඤයේ මිහිරි හඬට සවන් දෙමින් ලෝරාත්, ඇගේ සහෝදරියන් දෙදෙනාත් සුවබර නින්දකට වැටෙති.

පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ පළමුවැන්න මෙසේ ආරම්භ වෙයි.

#vana aranaka kuda nivasa

අල්මන්සෝ: පුංචි ගොවියා | Almanso Punchi Goviya

Original price was: Rs 1,150.00.Current price is: Rs 920.00.

Farmer Boy
by Laura Ingalls Wilder

Little House – ලිට්ල් හවුස් 03

ලෝරා ඉන්ගල්ස් බටහිර තැනිතලාවේ හැදී වැඩෙන අතරේ, අල්මන්සෝ වයිල්ඩර් නම් කුඩා පිරිමි ළමයෙක් නිව් යෝක් ජනපදයේ ගොවිපොළක හැදී වැඩෙයි. ග්‍රීෂ්ම සෘතුවේ පැළ වගා කරන්නට, සරත් සෘතුවේ අස්වැන්න නෙළන්නට අප්පච්චිට උදව් වෙමින්, අම්මාට ගෙදර වැඩට සහය වෙමින්, සිය සහෝදරයා සහ සහෝදරියන් දෙදෙනා සමග අල්මන්සෝ ගොවිපොළේ ගත කරන ජීවිතය අතිශයින් ප්‍රීතිමත් එකකි. සීත කාලයේ දර පැලීම, ගඟෙන් යෝධ අයිස් කුට්ටි කපා ගබඩා කිරීම ආදී වැඩපළ කරන්නට තිබේ. විනෝදකාමී බෙලෙක් බඩු වෙළෙන්දා ගොවිපොළට එන දවස් නගරයේ සල්පිල පැවැත්වෙන දවස්, අප්පච්චි සමග මාළු බාන්නට යන දවස් අල්මන්සෝට මහත් සතුටක් ගෙන දෙයි.

සිය සැමියා වූ අල්මන්සෝ, තමා ජීවත් වූ කුඩා නිවසින් බොහෝ ඈත දුරක, පුංචි ගොවියෙකු ලෙස හැදී වැඩුණ ආකාරය ගැන ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් ලියූ මේ කතාව, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ තුන් වැන්නයි.

ලිට්ල් හවුස් කතා මාලාව (පොත් 10) | Little House Sinhala Collection

Original price was: Rs 10,910.00.Current price is: Rs 8,490.00.

ලිට්ල් හවුස් සිංහල කතා මාලාව – පොත් 10

01. වන අරණක කුඩා නිවස
02. තැනිතලාවේ පිහිටි කුඩා නිවස
03. අල්මන්සෝ පුංචි ගොවියා
04. මිදි ඔය අසබඩ
05. රිදී විල් තෙර
06. සීතලෙන් සීත වුණ සීත සමය
07. තැනිතලාවේ පිහිටි කුඩා නගරය
08. මේ මිහිරැති සොදුරු සමය
09. පළමු සිව් වසර
10. ගෙදර යන අතරමග

පළමු සිව් වසර | Palamu Siw Wasara

Original price was: Rs 680.00.Current price is: Rs 545.00.

The First Four Years
by Laura Ingalls Wilder

Little House – ලිට්ල් හවුස් 09

ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්, ඇගේ සැමියා අල්මන්සෝ සමඟ ඔවුන්ටම අයිති කුඩා නිවසක නව ජීවිතයක් ආරම්භ කරයි. දැන් වගකීම් සහිත බිරිඳක වන ලෝරා දකුණු ඩකෝටා තැනිතලාවේ ඔවුන්ගේ නිවස වට පිහිටි භූමියේ ගොවිතැන් කරමින්, අල්මන්සෝ සමඟ වෙහෙස වී වැඩපළ කළ යුතුය. ඉක්මනින්ම ඔවුන්ගේ සිඟිති දියණිය රෝස් උපදින අතර බොහෝ මුල් කාලීන ඇමරිකානුවන්ට මුහුණ දෙන්නට සිදුවූ දුක් පීඩාවන්ට සහ ජයග්‍රහණයන්ට මුහුණ දෙමින් ජීවිතයේ නව අරමුණු කරා යන්නට මේ අලුත් පුංචි පවුලටද සිදුවෙයි.

මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් මාලාවේ නවවැන්නයි.

මේ මිහිරැති සොදුරු සමය | Me Mihirathi Sonduru Samaya

Original price was: Rs 1,300.00.Current price is: Rs 1,040.00.

These Happy Golden Years
by Laura Ingalls Wilder

Little House – ලිට්ල් හවුස් 08

තැනිතලාවේ පිහිටි කුඩා නගරයේ ජිවත් වන පහළොස් හැවිරිදි ලෝරා ඉන්ගල්ස් ඇගේ ජීවිතයේ පළමුවැනි වතාවට නිවසින් පිටවී තනිවම ජීවත් වන්නට යයි. ඈ දැන් උගන්වන්නේ නිවසට සැතපුම් දොළහක් ඈතින් පිහිටි කුඩා පාසලකය. අප්පච්චිත්, අම්මාත්, කේරීත් නැතිව ඈට දැඩි පාළුවක් දැනෙන නමුත්, තමාගේ වැටුප අන්ධ විද්‍යාලයේ ඉගෙන ගන්නා මේරීගේ අධ්‍යාපන කටයුතු වලට මුදල් ගෙවීමට උදව්වක් වන බව දන්නා නිසාවෙන් ඇය සිත දිරිමත් කරගෙන රැකියාව කරයි. ඈත් අල්මන්සෝ වයිල්ඩර්ත් අතර පවතින මිතුරුදම ක්‍රමයෙන් වැඩි වර්ධනය වී ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවට පත් වෙති.

මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් මාලාවේ අටවැන්නයි.

තැනිතලාවේ පිහිටි කුඩා නිවස | Thanithalave Pihiti Kuda Nivasa

Original price was: Rs 1,200.00.Current price is: Rs 960.00.

Little House on the Prairie
by Laura Ingalls Wilder

Little House – ලිට්ල් හවුස් 02

නත්තල ළඟ ළඟ එමින් තිබූ අතර හිම නොමැතිව නත්තල් සීයාට හා ඔහුගේ පිනි මුවන්ට ගමන් කිරීමට නොහැකි වනු ඇතැයි ලෝරා බියට පත්වී සිටියාය. හිම වැටුණද, මේ තරම් දුර ඈත ඉන්දියානු දේශයක සිටින ඔවුන්ව නත්තල් සීයාට සොයා ගනු නොහැකි වනු ඇතැයි මේරි බියට පත් වූවාය. ඔවුන් අම්මාගෙන් ඒ පිළිබද විමසූ විට තමා ඒ ගැන නොදන්නා බව ඇය කීවාය.

“අද කවද්ද?” යි ඔවුහු අවුල් වී ගිය සිතින් යුතුව අම්මාගෙන් ඇසූහ. “නත්තල් එන්න තව දවස් කීයක් තියෙනවද?” ඔවුන් සිය ඇඟිලිවලින් දින ගණන් කරන්නට වූ අතර අන්තිමේදී එක ම එක දවසක් පමණක් ඉතිරි විය.

ඒ උදෑසන පටන්ම වර්ෂාව ඇද හැලෙන්නට විය. අළු පැහැති අහස් තලයේ එකම එක හිඩැසක්වත් නොවීය. මධ්‍යාහ්නයට මොහොතකට පෙර ආලෝකය වෙනස් විය. වලාකුළු කැඩී ඒ මේ අත පාවෙන්නට වූ අතර පැහැදිලි නිල්වන් අහස් තලයේ දිලිසෙන සුදු පැහැයක් විය. හිරු බැබළෙන්නට වූ අතර කුරැල්ලෝ ගී ගැයූහ. දහස් ගණන් දිය බිඳු තණ පලස් මත දිලිසෙන්නට විය. එහෙත් අම්මා නැවුම් සීතල සුළඟට ගෙතුළට එනු පිණිස දොර හැරිය විට ඔය මහ හඬක් නඟමින් ගලා බසිනු ඔවුන්ට ඇසිණි.

#thanithalawe pihiti kuda niwasa

තැනිතලාවේ පිහිටි කුඩා නගරය | Thenithalawe Pihiti Kuda Nagaraya

Original price was: Rs 1,450.00.Current price is: Rs 1,160.00.

Little Town on the Prairie
by Laura Ingalls Wilder

Little House – ලිට්ල් හවුස් 07

මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිටල් හවුස් කතා මාලාවේ හත් වැන්නයි.

රිදී විල් තෙර | Ridee Wil Thera

Original price was: Rs 1,150.00.Current price is: Rs 920.00.

By the Shores of Silver Lake
by Laura Ingalls Wilder

Little House – ලිට්ල් හවුස් 05

මිදි ඔය අසබඩ කුඩා නිවස අතහැර දමා මනුෂ්‍ය වාසයෙන් තොර ඩකෝටා ප්‍රදේශයේ පදිංචි වන්නට යන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අයට තවත් අභයෝගාත්මක ජීවන රටාවකට හුරු වන්නට සිදුවෙයි. ඔවුන්ගේ නව නිවස ඉදිකිරීම සඳහා කදිම ඉඩමක් තමාටම කියා අයිති කරගන්නට ලැබෙන තුරු අප්පච්චි දුම්රිය මාර්ගයේ වැඩ කරයි. අප්පච්චි, අම්මා, මේරි සහ කේරි සමග රිදී විල් තෙරේ ජීවත් වන්නට එන ලෝරා පළමු වතාවට දුම්රියක ගමන් කිරීමේ අත්දැකීමට මුහුණ දෙයි. මිනින්දෝරු නිවාසයේ ගත කළ පාළු සීත කාලයකින් පසුව, අප්පච්චි ශෝභන රිදී විල ඉවුරේ ඉක්මනින්ම ඉදිවනු ඇති අලුත්ම අලුත් නගරයක පළමුවැනි ගොඩනැගිල්ල සාදයි. ඉන්ගල්ස් පවුල ආවරණය කළ ගැලේ නැගී කළ සංචාරයන් අන්තිමේදී අවසන් වෙයි.

මේ පරම්පරා ගණනාවකක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්ගේ කොටස් නවයකින් යුතු අති විශිෂ්ට ලිට්ල් හවුස් කතා මාලාවේ පස්වැන්නයි.

#ridi vil thera

සීතලෙන් සීත වුණ සීත සමය | Seethalen Seetha Wuna Seetha Samaya

Original price was: Rs 1,600.00.Current price is: Rs 1,280.00.

The Long Winter
by Laura Ingalls Wilder

Little House – ලිට්ල් හවුස් 06

ඩකෝටා ප්‍රදේශයේ ජීවත් වන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අය 1880-81 දී අති දරුණු සීත සෘතුවකට මුහුණ දෙති. හිම කුණාටු මුළු නගරය සම්පූර්ණයෙන්ම වසාගෙන, පිටතින් ආහාර ලැබෙන සියලු මං වසා දැමූ අතරේ ජීවත් වීම සඳහා උග්‍ර අරගලයක යෙදෙන්නට අප්පච්චිටත්, අම්මාටත්, ලෝරාටත්, මේරිට සහ කේරිටත් සිදුවෙයි. නගරවැසියන්ට ඉතා ඉක්මනින් දරුණු ආහාර හිඟයකට මුහුණ දෙන්නට සිදුවන අතර තරුණ අල්මන්සෝ වයිල්ඩර් සහ ඔහුගේ මිතුරු කැප් ගාර්ලන්ඩ් තිරිඟු සොයා බිහිසුණු ගමනක යෙදෙති.අන්තිමේදී අසාමාන්‍ය එහෙත් අතිශයින් ප්‍රමුදිත නත්තලක් සමරන්නට ඔවුන්ට හැකි වෙයි.

මේ පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ හයවැන්නයි.

#sithalen sitha vuna sitha samaya