අයේෂා ආපසු එයි | Ayesha Apasu Ei

Original price was: Rs 600.00.Current price is: Rs 540.00.

The Return of She: Ayesha
by H. Rider Haggard

රයිඩර් හැගාඩ් ගේ ”ඈ හෙවත් අයේෂා” නමැති ලෝ පතළ නව කථාවේ අනුබන්ධය වන මේ “අයේක්ෂා ආපසු එයි” නමැති නව කථාව, සාහිත්‍ය රස මදිරාවෙන් පිරි ඉතිරෙන, පළිඟු කරඬුවකට සමාන කළ හැකි ශ්‍රේෂ්ඨ ගද්‍ය කාව්‍යයකි. “ජීවන ගින්නේ දී” ශෝක ජනක ඉරණමකට ගොදුරු වන අයේෂා, ඉන් පසු තිබ්බතයේ ගිරි කූළුවලින් ගහන ප්‍රදේශයක පිහිටි ආශ්‍රමයක දී යළි උපත ලබයි. එහි දී අයේෂා යළි සොයා ගන්නා ලියෝ වින්සි, විෂය රසයන්ට ගිජු වීමෙන් අකාලයේ මිය යයි. එ තැන් පටන් අයේෂා, ලියෝ වින්සි හා එකතු වී සැපවත් ජීවිතයක් ගත කිරීමේ අපේක්‍ෂාවෙන්, යළිත් වරක් සිය සංසාර ගමන අරඹයි. සැබවින් ම ජීවිතයේ සැපයක් තිබේ ද? සාහිත්‍යයේ පරමාර්ථය ජීවිතයේ යථාර්ථය හෙළි කිරීම ය. “අයේෂා ආපසු එයි” නමැති මේ නව කථාව අතිශයින් ත්‍රාස ජනක, අතිශයින් චමත්කාර ජනක, අතිශයින් ශෘංගාරාත්මක සනාතන සාහිත්‍ය කෘතියකි. සම්පූර්ණ යි. අසංක්‍ෂිප්ත යි.

බැස්කර්විල් දඩ බල්ලා | Baskerville Dada Balla

Original price was: Rs 450.00.Current price is: Rs 405.00.

The Hound of the Baskervilles
by Sir Arthur Conan Doyle

සර් ආතර් ඩොයිල්ගේ රහස් පරීක්ෂක නව කතා අතුරෙන් මෙය ඉතාම ප්‍රකට හා අතිශයින් ම ත්‍රාස ජනක නව කතාවය. රාත්‍රි කාලයෙහි මුඩු බිමෙහි අවතාරයක් මෙන් සැරිසරන භීෂනාත්මක දඩ බල්ලෙකු පිළිබඳ ලොමු දැහැගැන්වෙන මෙම නව කතාව පසුබිම් වී ඇත්තේ බැස්කර්විල් පරම්පරාවේ භයංකර වෘතාන්තයකි. රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් මේ අබිරහස් මිනීමැරුම අනාවරණය කරන්නේ පාඨකයා භීතියෙන් හා ත්‍රාසයෙන් කම්පා කරවමිනි.

ඉටිබෝලය | Itibolaya

Original price was: Rs 600.00.Current price is: Rs 540.00.

Boule De Suif and Other Stories
by Guy De Maupassant

කථා කියන්නන්‌ ගේ කුමාරයා යැ, යි විරුද ලද ශ්‍රේෂ්ඨ ප්‍රන්ස ලේඛක ගී ද මෝපසාං ගේ විශිෂ්ට හා කාන්තිමත් කථා දසයකින් මේ සංග්‍රහය සැරසී ඇත. සමාජාචාරයන් මෙන් ම චිත්තාචාරයන් ගැඹුරින් විග්‍රහ කරමින් නව ආලෝකයක් විහිදුවා ලන්නා වූ ද, ආදරය ප්‍රේමය හා අනුරාගය මෙන් ම දුක ශෝකය හා සන්තාපය ආදි ආවේගයන් අලළමින් හද දවා ලන්නා වූ ද, භීතිය භීෂණය හා ත්‍රාසය කුළු ගන්වමින් සිත වෙවුලවන්නා වූ ද, මේ කථා, පාඨකයා චමත්කාරයෙන් චමත්කාරයට පමුණුවා, නොසිතූ විරූ ජීවන දර්ශනයන් කරා ගෙන යනු නොඅනුමාන ය.

ටාර්සන් ගේ පුත්‍රයා | Tarzan Ge Puthraya

Original price was: Rs 400.00.Current price is: Rs 360.00.

The Son of Tarzan
by Edgar Rise Burroughs

ත්‍රාස ජනක වීර ක්‍රියාවන්ට ඇති ඉමහත් ආශාවත් මහ වනයේ නිදහසට ඇති ළැදි කමත් නිසා, ටාර්සන්ගේ පුත්‍ර කොරැක් හෙවත් “මරුවා” ශිෂ්ට සමාජයෙන් ඉවත් වී මහා වනයට පලා යයි. එහි දී ප්‍රබලතම වානරයා වන අකුටි ගෙන් වන ශිල්පය ඉගෙන ගන්නා කොරැක්, සිය පියා සේම වනයේ අධිපතියා වෙයි.

මෙහි දී අරාබි ගමක වසන සුන්දර සුදු තරුණියක හා පෙම් බඳින කොරැක්. ඇය රැගෙන සිය වන ගත නිවෙසට යයි.

බිම් ගෙයි සිරකරුවා | Bim Gei Sirakaruwa

Original price was: Rs 1,050.00.Current price is: Rs 945.00.

Russian Short Stories

සිංහල පරිවර්තන සාහිත්‍යයේ විප්ලවයක් සිදු කළ මේ “බිම් ගෙයි සිර කරුවා” නමැති ග්‍රන්ථය, සැබවින් ම පරිවර්තන කලාවේ අග්‍ර ඵලයක් ලෙස සැලකිය යුත්තකි.රුසියානු සාහිත්‍යයේ එන ශ්‍රේෂ්ඨ සාහිත්‍ය ධරයන් සියල්ලන් ම නියෝජනය වන මේ ප්‍රශස්ත පරිවර්තන කෘතිය, අවුරුදු පසළොසකට අධික කාලයක් තුළ විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයටත් උසස් පාඨශාලා සහතික පත්‍ර විභාගයටත් නිර්දිෂ්ට පාඨ ග්‍රන්ථයක් වී ය. මේ රටේ තරුණ පරම්පරාව රුසියානු සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨත්වය පළමු වන වරට වටහා ගත්තේ මේ ග්‍රන්ථයෙනි. එ කල පොත පරිශීලනය කොට, අද උගතුන් හා මහා සාහිත්‍ය ධරයන් බවට පත් වී සිටින සාහිත්‍ය ලෝලයන්ට, පොතේ පිටු ගණන් කට පාඩමින් කිව හැකි ය. භාෂා ප්‍රයෝගවලින් ද, විවිධ රචනා ශෛලිවලින් ද, නිරවද්‍ය ව්‍යාකරණ විධිවලින් ද සමන්විත මේ මහාර්හ සාහිත්‍ය ග්‍රන්ථය, සෑම සාහිත්‍ය කාමියකු වෙත ම, සෑම පුස්තකාලයක ම තිබිය යුත්තකි.

විජයග්‍රාහී කෝනාන් | Vijayagrahi Konan

Original price was: Rs 650.00.Current price is: Rs 585.00.

Conan the Conqueror
by Robert E. Howard

මේ වූ කලී, මිනිස් ඉතිහාසයේ ඈත අඳුරු අතීතයට අයත් සදා අමතක නොවන අතිශය අද්භූත ජනක බිහිසුණු කථාන්තරයකි.ගල ලෝහිතය රාජ්‍ය කළ, ශක්තියත් බලයත් යුක්තිය වූ, අනුරාගයත් දූෂණයත් පිරිවර කොට ගත්, යන්ත්‍ර හා මන්ත්‍ර රාජ්‍ය තන්ත්‍ර වූ,ම්ලේච්ඡ කාල පරිච්ඡේදය මතකයට නංවන්නකි. ප්‍රචණ්ඩත්වයෙන් ලොමුදැහැගන්වන සුලු, භීෂණත්වයෙන් ලෙය හිරි ගන්වන සුලු,ක්‍රෑරත්වයෙන් හෘද ස්පන්දනය නතර කරවන සුලු, මේ භයංකර කථාන්තරය සිංහල සාහිත්‍යයට නවාංගයක් එකතු කරනු ඇත.

#wijayagrahi conan

ටාර්සන් සහ ඔපාරයේ මැණික් | Tarzan Saha Oparaye Menik

Original price was: Rs 380.00.Current price is: Rs 340.00.

Tarzan and the Jewels of Opar
by Edgar Rise Burroughs

ආදි කල්පිත මහා වනාන්තරයේ වැළලී පැවති ඉපැරණි නගරයක් වන ඔපාරයේ දී, වානරයන් ගේ ටාර්සන්ට මහා ධන නිධානයක් හමු වෙයි. මෙය ගැනීමට යන මොහොතේ දී ම සිදු වන භයංකර භූමි කම්පාවක් හේතු කොට ගෙන ටාර්සන්ගේ හිස බලවත් සේ තුවාළ වෙයි. මේ තද බල පහරෙන් ටාර්සන්ට සිය අතීතය අමතක වෙයි. මේ අතරතුර දී ඛෙල්ජියානුවකු විසින් හා අරාබි වහල් වෙළෙන්දෙකු විසින් ටාර්සන් ගේ බිරිඳ වන ජේන් පැහැර ගෙන යනු ලබයි. ඔවුහු අනතුරු ව ටාර්සන් ගේ වන ගත නිවාසයට ගිනි තබා විනාශ කර දමති.

එහෙත් කල් යෑමේ දී ප්‍රකෘති සිහියට පත් වන ටාර්සන් සිය මිතුරන් වන මහා වානරයන් කැටුව ගොස් සිය සතුරන්ගෙන් දරුණු අන්දමින් පළි ගෙන සිය බිරිඳ ද බේරා ගනියි.

ටාර්සන් ගේ වන සිවුපාවෝ | Tarzan Ge Wana Siwpawo

Original price was: Rs 400.00.Current price is: Rs 360.00.

The Beasts of Tarzan
by Edgar Rise Burroughs

තමා ප්‍රිය කරන වනගත නිවෙසින් ඈත් ව ශිෂ්ටාචාරයේ අවුල් වියවුල්වලට මැදි වී සිටින ප්‍රබල ප්‍රචන්ඩ ටාර්සන්ට, මහා බිහිසුණු භයංකර ප්‍රවෘත්තියක් සැල වෙයි. එ නම් සුදු මිනිසුන් ගෙන් සැදි කොල්ලකාර සොර කණ්ඩායමක් විසින් තමා ගේ සුරතල් පුත්‍රයා ද ප්‍රිය බිරිඳ ද පැහැරගෙන යනු ලැබ ඇති බව ය.

කෝපාවිෂ්ට ටාර්සන් ඔවුන් ගළවා ගැනීමට වහා ක්‍රියාත්මක වෙයි. මෙහි දී භයංකර වන සිවුපාවුන් ගේ ආධාර ලබන ටාර්සන් වනය කම්පා කරමින් ප්‍රකමිම්පා

කරමින්……….

ඉතාම බිහිසුණු ත්‍රාස ජනක සිද්ධි මාලාවකට මුහුණ දෙයි.

ටාර්සන් ආපසු එයි | Tarzan Apasu Ei

Original price was: Rs 900.00.Current price is: Rs 810.00.

The Return of Tarzan
by Edgar Rise Burroughs

මහා නගරවල ජීවිතයෙන් ඉක්මනින් කලකිරෙන ටාර්සන්, අපූර්වාකාරයකින් යළිත් අප්‍රිකානු මහා ඝන වනාන්තරයට ම ඇදී යයි. එහි දී දරුණු මිලේච්ඡයන් සමඟ ද ඇත් දළ වෙළෙඳාමේ යෙදෙන ක්‍රෑර වෙළෙඳුන් සමඟ ද ගැටෙන ටාර්සන්, සුපුරුදු බිහිසුණු වන ජීවිතයේ දී ත්‍රාස ජනක වූ ද, ප්‍රචණ්ඩ වූ ද අත් දැකීම්වලට මුහුණ දෙයි. එහි දී අප්‍රිකානු ඝන වන මධ්‍යයේ වැළලී ගිය ඉපැරණි රාජධානියකට අනපේක්ෂිත ව පා තබන ටාර්සන්, මහා නිධානයක් සොයා ගනී. එ පමණක් නොව, තමා පෙම් කළ පෙම්වතිය ද එහි දී හමු වෙයි.

වානරයන්ගේ ටාර්සන් | Wanarayange Tarzan

Original price was: Rs 1,000.00.Current price is: Rs 900.00.

Tarzan of the Apes
by Edgar Rise Burroughs

ලෝකයේ අතිශයින් ම ජනප්‍රිය නව කථාවලින් එකක් වන ‘වානරයන් ගේ ටාර්සන්’ ලෝකයේ භාෂා ගණනාවකට පරිවර්තනය වී, කෝටි ගණනින් අලෙවි වන්නකි. නව යෞවනයන් ගේ අත්‍යන්ත ආදරයට භාජනය වී ඇති මේ නව කථාව, මෙ වැනි ම ත්‍රාස ජනක වන කථා පෙළකට මුල් වී ඇත. සිනමා චිත්‍රපට ගණනාවකට වස්තු බීජය සපයා ඇති ‘වානරයන්ගේ ටාර්සන්’ ලොමු දැහැගන්නා සීද්ධීන් ගෙන් ගහන, අතිශය චමත්කාර ජනක නව කථාවකි.

‘වානරයන්ගේ ටාර්සන්’ අප්‍රිකාවේ ඝන වනාන්තරයක උපත ලද ඉංග්‍රීසි ජාතික රදල බිලිඳකු, කාලා නමැති දැවැන්ත වානරියක විසින් හදා වඩා ගනු ලැබ, බිය කරු මහ වනයේ අධිපතියා බවට ගත් වීමේ අපූර්ව වන කථාන්තරය යි.

රොබින්සන් ක්රූසෝ – දයාවංශ ජයකොඩි | Robinson Crusoe

Original price was: Rs 600.00.Current price is: Rs 540.00.

Robinson Crusoe
by Daniel Defoe

ඉංග්‍රීසි සාහිත්‍යයේ පළමු වන නව කථාව වශයෙන් බොහෝ සාහිත්‍ය විචාරකයන් විසින් පිළිගනු ලබන “රොබින්සන් ක්රූසෝ” එහි ඇත්තා වූ දැවැන්ත වූ ද සංකීර්ණ වූ දආර්ථික න්‍යායන් කරණ කොට ගෙන කාල් මාක්ස් ගේ නොමඳ පැසසුමට භාජනය විය.මිනිසා ගේ සිතුම් පැතුම් විවරණය කරන්නා වූ ද දහසක් බාධක හිරිහැර මධ්‍යයේ ස්වකීය අරමුණ කරා ගමන් කිරීමට මිනිසා ධෛර්යවත් කරන්නා වූ ද ‛රොබින්සන් ක්රූසෝ”සෑම මිනිසකු විසින් ම අවශ්‍යයෙන් ම කියවිය යුත්තකැ යි මහත්මා ගාන්ධි තුමා කීවේය.

ඉවට් | Iwat

Original price was: Rs 350.00.Current price is: Rs 315.00.

Yvette
by Guy De Maupassant

ගී ද මෝපසාං ගේ විශිෂ්ට කෙටි නව කථාවක් වන ‘ඉවට්’ තුළින් ප්‍රන්සයේ පව්‍යාංගනාවන් දෙ දෙනකු ගේ පරස්පර විරෝධී ජීවන ප්‍රවෘත්තීන් හෙළි වෙයි. තේමාවෙන් ද භාෂා විලාසයෙන් ද සෞන්දර්යාත්මක නව කථාවක් වන ‘ඉවට්’ ක්ෂුද්‍ර ගද්‍ය කාව්‍යයක් ලෙස සැලකිය හැක්කකි. සාහිත්‍ය රසය උපරිම වශයෙන් විඳිමින් නවතාවෙන් කිහිප වරක් කියවිය හැකි ය.

දණ්ඩන කඳවුර | Dandana Kandawura

Original price was: Rs 600.00.Current price is: Rs 540.00.

නූතන ශ්‍රේෂ්ඨ කථා කරුවන් දස දෙනකුත් නියෝජනය කරන මෙම ථා සංග්‍රහයෙන්, සිංහල පාඨකයා මෙ තෙක් නොවිඳි විරූ වින්දනයක් ද චමත්කාරයක් හා ජීවිත පරිඥානයක් ද ලබනු නිසැක ය. තාන්ත්රික, අධිතාත්වික, සාන්දාෂ්ටික, ගුඪාත්මක හා සංකේතාත්මක ආදී නානා විධ සම්ප්‍රදායන් අනුව ලියැවුණ කථාවලින් හෙබි මෙම කථා සංග්‍රහය, නූතන කථා කලාවෙහි මූලික ලක්ෂණ හා ප්‍රවණතා මැනවින් නිරූපණය කරන්නකි.

ටාර්සන් සහ ස්වර්ණමය සිංහයා| Tarzan Saha Swarnamaya Singhaya

Original price was: Rs 1,000.00.Current price is: Rs 900.00.

Tarzan and the Golden Lion
by Edgar Rise Burroughs

පැල් -උල්- දොන් නමැති අබිරහස් දේශයේ සිට සිය බිරිඳ වන ජේන් ද සොයා ගෙන ආපසු එන ප්‍රබල ටාර්සන්ට මහ වනයේ දී අනාථ වූ සිංහ පැටවෙක් හමු වෙයි. ටාර්සන් මේ සිංහ පැටවා හීලෑ කර හදා වඩා ගනියි. අත්ලන්තිසයන් ගේ නිධාන සොර කම් කර ගැනීමට කුමන්ත්‍රණය කරන සොර මුළකට ටාර්සන් මරා දැමීමට වුව මනා වෙයි. ඔවුහු රූපයෙන් ටාර්සන්ට අතිශයින් සමාන ව්‍යාජ ටාර්සන් කෙනකු තනති. ඔහු සැබෑ ටාර්සන්ට කෙ තරම් සමාන ද යත්, ටාර්සන් ගේ බිරිඳ වන ජේන් ක්ලේටන් පවා ඔහුට රැවටෙයි.

බිහිසුණු ටාර්සන් | Bihisunu Tarzan

Original price was: Rs 1,000.00.Current price is: Rs 900.00.

Tarzan the Terrible
by Edgar Rise Burroughs

මිය ගිය ජර්මානු නිලධාරියකු ගේ දින පොතක වූ සටහනක් අනු ව. ටාර්සන් යළිත් වරක් තම බිරිඳ සොයමින් මහ වනයට වදියි. මෙ සේ යන ඔහු මහා ගොහොරු බිම් ද වන ගහනයන් ද පසු කර, කාලයා විසින් අමතක කරනු ලැබූ අබිරහස් දේශයකට පැමිණෙයි. ප්‍රාග් – ඓතිහාසික වන මෘගයන් ගෙන් ද වලිග සහිත දරුණු මිනිසුන් ගෙන් ද පිරි ඇති මේ දේශයේ දී ටාර්සන් ඉන් පෙර කී කලෙක වත් මුහුණ නොදුන් අන්දමේ මහා විපත්තීන්ට මුහුණ දෙයි. කෙසේ හෝ සියල්ල ජය ගන්නා ඔහු, සිය බිරිඳ ව ජේන් සොයා ගෙන ආපසු සිය රටට පැමිණෙයි.

නොදැමුණු ටාර්සන් | Nodemunu Tarzan

Original price was: Rs 400.00.Current price is: Rs 360.00.

Tarzan the Untamed
by Edgar Rise Burroughs

මහ වනයේ වාහර ගෝත්‍රයක් විසින් හදා වඩා ගන්නා ලද ටාර්සන්ට, පසු කාලයක දී කුමන අන්දමේ අධ්‍යාපනයක් ලැබුණ ද, ඔහු හදවතින් නම්, ශිෂ්ට සම්පන්නයෙක් නොවේ. හදවතින් ඔහු, මහා වනයට අයත්, දරුණු වන මෘගයෙකි . කෝප වූ විට, දයා විරහිත වන. ප්‍රබල, ශඨ කපට වන මෘගයෙකි.

තම බිරිඳ මරා දමන ලද බව දැන ගන්නා ටාර්සන්, කෝපයෙන් හා ක්‍රෝධයෙන් දිලිසෙමින්, සතුරන් ගෙන් පළි ගන්නා බවට දිවුරමින්, මහ වනය පුරා භීතිය පතුරුවා ලයි. හුදෙකලා ව පවා, දරුණු බිහිසුණු සතුරකු වන ඔහු, ප්‍රචණ්ඩ සිංහයන් ද භයංකර වානරයන් ද පිරිවරා ගත් කල, විස්තර කළ නොහැකි අන්දමේ අනභිභවනීය බල වේගයක් වෙයි. වානර – මිනිසා මරන ලද සිය බිරිඳ වෙනුවෙන් පළි ගන්නා අන්දම අතිභයංකර; අතිභීෂණාත්මක ය.

අබිරහස් විද්ධ චිත්‍රය | Abirahas Viddha Chithraya

Original price was: Rs 700.00.Current price is: Rs 630.00.

The Mysterious Portrait and Other Great Stories
by Nokolai Vaselievich Gogol

රුසියානු සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨතම හාස වාදියාත් ශ්‍රේෂ්ඨතම උපහාස වාදියාත්, ශ්‍රේෂ්ඨතම යථාර්ථ වාදියාත් වන නිකොලායි වසිලීවිච් ගෝගල් පශ්චාත් කාලීන රුසියානු සාහිත්‍ය කෙරෙහිත්, පශ්චාත් කාලීන රුසියානු ලේඛකයන් කෙරෙහිත්, පතුරුවාලූ බලපෑම ඉතා පෘථුල ය. ඔහු ගේ ශ්‍රේෂ්ඨ කථාවලින් ” හිම කබාය”. “රථය”, “නාසය “. “පිස්සකු ගේ දින පොත” හා “භයංකර පළි ගැනීමක් ” ආදී කථා මේ සංග්‍රහයට ඇතුළත්ය. සමාජයේ අධම අසාධාරණකම් නිසා, දිළිඳු කාලකණ්ණි ජීවිත ගත කරන, කෝටි සංඛ්‍යාත ජන කායක ගේ ජිවිත දෙස සානුකම්පිතව බැලීමට මේ කථා අප මෙහෙයවයි.

පියෙර් සහ ශෝං | Piyer Saha Shong

Original price was: Rs 950.00.Current price is: Rs 855.00.
  • 1994 රාජ්‍ය සාහිත්‍ය සම්මානය හොඳම පරිවර්තනය

Pierre and Jean
by Guy De Maupassant

ගී ද මෝපසාං විසින් ලියන ලද නව කථා සයෙන් ශ්‍රේෂ්ඨතම නව කථාව වනුයේ මේ “පියෙර් සහ ශෝං” ය. ගී ද මෝපසාං ගේ නව කථාවක් සිංහලයට පරිවර්තනය වූ පළමු වන අවස්ථාව මෙය වෙයි. මෙය අතිශයින් ම පුද්ගලික කරුණු මත ගොඩ නැඟුණු මනෝ විද්‍යාත්මක නව කථාවකි. බාහිර දේවල නිරීක්ෂණයෙන් අභ්‍යන්තරික සිතුම් පැතුම් පිළිබඳ ඇඟවීමක් කළ හැකි ය යන මෝපසාං ගේ සිද්ධාන්තයට මේ නව කථාව කදිම උදාහරණයකි. රෝලොං මහත්මිය ‌ගේත් පියෙර් ගේත් මනස ක්‍රියාත්මක වන ආකාරය විස්තර කිරීමේ දී මෝපසාං දක්වන චාතූර්යයත් අරපිරිමැස්මත් නිසා මේ නව කථාව නිර්මාණය අතින් අතිවිශිෂ්ඨ කෘතියක් වෙයි.

මේ කෙටි නව කථාව, ශ්‍රේෂ්ඨ කාව්‍යයක් මෙන්, නවතාවෙන් යුතු ව වාර බොහෝ ගණනක් කියවා රස විඳිය හැකි ය.

ඈ හෙවත් අයේෂා 2 | Ae Hewath Ayesha 2

Original price was: Rs 800.00.Current price is: Rs 720.00.

She 2nd Volume
by H. Rider Haggard

එච්. රයිඩර් හැගාඩ් ගේ ශ්‍රේෂ්ඨතම සාහිත්‍ය කෘතිය වන “ඈ හෙවත් අයේෂා” පුනරුත්පත්තිය තේමාව කර ගත් බටහිර සාහිත්‍යයේ එන එක ම නව කථාව වෙයි.අවුරුදු දෙ දහසක කාලයක් තුළ ජීවත් වන, රූප ශ්‍රීයෙන් අග්‍ර ප්‍රාප්ත අමරණීය රැජනකත්, ලියෝ වින්සි නමැති ඉංග්‍රීසි තරුණයකුත්, අමෙර්නාතස් නමැති මිසර තරුණියකත් වටා ගෙතුණු අද්භූත ජනක ප්‍රේම ත්‍රිකෝණයක් වන මේ චමත්කාර ජනක නව කථාව ශෘංගාර රස පූර්ණ ගඟුලැල්ලකට සමාන කළ හැකි ය.ත්‍රාසයෙන් හා භීතියෙන් පිරී ඉතිරෙන මේ නව කථාවෙන්, සිංහල නව කථාවේ නිම් වළලු පුළුල් වන අතර ම, අප ගේ පාඨකයන්ට මෙය නව අත්දැකීමක් ද වනු නොඅනුමාන ය.

ඈ හෙවත් අයේෂා 1 | Ae Hewath Ayesha 1

Original price was: Rs 800.00.Current price is: Rs 720.00.

She 1st Volume
by H. Rider Haggard

එච්. රයිඩර් හැගාඩ් ගේ ශ්‍රේෂ්ඨතම සාහිත්‍ය කෘතිය වන “ඈ හෙවත් අයේෂා පුනරුත්පත්තිය තේමාව කර ගත් බටහිර සාහිත්‍යයේ එන එක ම නව කථාව වෙයි.අවුරුදු දෙ දහසක කාලයක් තුළ ජීවත් වන, රූප ශ්‍රීයෙන් අග්‍ර ප්‍රාප්ත අමරණීය රැජනකත්, ලියෝ වින්සි නමැති ඉංග්‍රීසි තරුණයකුත්, අමෙර්නාතස් නමැති මිසර තරුණියකත්වටා ගෙතුණු අද්භූත ජනක ප්‍රේම ත්‍රිකෝණයක් වන මේ චමත්කාර ජනක නව කථාව ශෘංගාර රස පූර්ණ ගඟුලැල්ලකට සමාන කළ හැකි ය. ත්‍රාසයෙන් හා භීතියෙන් පිරී ඉතිරෙනමේ නව කථාවෙන්, සිංහල නව කථාවේ නිම් වළලු පුළුල් වන අතර ම, අප ගේ පාඨකයන්ට මෙය නව අත්දැකීමක් ද වනු නොඅනුමාන ය.

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 5 | Montha Kristho Situwaraya 5

Original price was: Rs 1,100.00.Current price is: Rs 990.00.

The Count of Monte Cristo
by Alexandre Dumas

ඇලෙක්සන්ද්ර දියුමා ගේ මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා නමැති රසාලිප්ත නව කථාවේ මේ පස්වන වෙළුම, පදවි ලෝභයත් උන්නතිකාමයත් නිසා බිහිසුණු ඉරණමකට මුහුණ දෙන මිත්‍ර ද්‍රෝහීන් ගේ අභ්‍යන්තරය මනා ව විවරණය කරයි. මේ වෙළුම, ශෘංගාරයෙන්, භීතියෙන්, ශෝකයෙන් හා ත්‍රාසයෙන් පිරී ඇත.

හාදුව | Haduwa

Original price was: Rs 600.00.Current price is: Rs 540.00.

රන් මකුණා | Ran Makuna

Original price was: Rs 850.00.Current price is: Rs 765.00.

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 6 | Montha Kristho Situwaraya 6

Original price was: Rs 900.00.Current price is: Rs 810.00.

The Count of Monte Cristo
by Alexandre Dumas

සාධාරණ පළි ගැනීමක් පිළිබඳ ප්‍රබල, ප්‍රචණ්ඩ මේ නව කථාව, උන්නති කාමයෙන්, නිල තලයෙන් හා ධන බලයෙන් නොමග යන මිනිසා ගේ දුෂ්ට ක්‍රෑර කම් මෙන් ම මෝඩ කුඩුකේඩු කම් ද පෙන්වා දෙන විශ්ව සාහිත්‍යයට අයත් කෘතියකි. පරම්පරාවෙන් පරම්පරාවට පාඨත ලෝකයා ගේ හද බැඳ ගත්තා වූ ද ප්‍රේමය, වෛරය, ක්‍රමන්ත්‍රණය, පළි ගැනීම, හා ක්ෂමාව ආදී සද් අසද් ගුණයන් කැටි කර ගත්තා වූ ද, මේ දැවැන්ත ඓතිහාසික නව කථාව මේ වෙළුමෙන් අවසාන වෙයි.

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 4 | Montha Kristho Situwaraya 4

Original price was: Rs 850.00.Current price is: Rs 765.00.

The Count of Monte Cristo
by Alexandre Dumas

ඇලෙක්සැන්ද්ර දියුමා ගේ මොන්තක්‍රිස්තෝ සිටුවරයා නමැති දීර් ඝ රස වෑහෙන නව කථාවේ මේ සතර වන වෙළුම, දුරාචාරී අතීතයේ වැළලූ ඇට සැකිලි මතු වීමෙන් හට ගත් සැක ශංකාදියෙන් හා භය සන්ත්‍රාසාියෙන්, පාඨකයා සසල කරවා ලොමුදැහැ ගන්වන සුලු ය.

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 3 | Montha Kristho Situwaraya 3

Original price was: Rs 950.00.Current price is: Rs 855.00.

The Count of Monte Cristo
by Alexandre Dumas

මෙය මොන්තක්‍රිස්තෝ සිටුවරයා නමැති දැවැන්ත ‌‌‌‌ඓතිහාසික නව කථාවේ තුන් වන වෙළුම යි. බිහිසුණු කුමන්ත්‍රණ, දරුණු කඩු සටන්, වස විස පෙවීම්, පළි ගැනීම් හා පෙම් කිරීම් ආදියෙන් මේ වෙළුම පිරී ඇත. ත්‍රාසයෙන් ත්‍රාසයට ද භීතියෙන් භීතියට ද කුතුහලයෙන් කුතුහලයට ද පත් වෙමින් කියවිය හැකි මේ වෙළුම ප්‍රචණ්ඩ සිද්ධීන් ගෙන් ගහණය.

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 2 | Montha Kristho Situwaraya 2

Original price was: Rs 950.00.Current price is: Rs 855.00.

The Count of Monte Cristo
by Alexandre Dumas

මෙය, ඇලෙක්සන්ද්ර දියුමා ‌ගේ ශ්‍රේෂ්ඨතම කෘතිය වන “මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා” නව කථාවෙහි දෙ වැනි වෙළුම යි. මෙහි දී එද්මොන් දාන්තේ මහා ධන නිධානය සොයා ගනියි. ඉක්බිති ව මොන්ත ක්‍රිස්තෝ සිටුවරයායන නමින් පැරීසියේ ඉහළ ම සමාජ තලයට පිවිසෙයි. මෙහි එන “මස්සොලාතාව” භීෂණත්වයෙන් ලොමුදැහැ ගන්නා අතර, රෝමයේ මහා සැණකෙළිය, පාඨකයා චමත්කාරයෙන් චමත්කාරයට පමුණුවා අපූර් ව ආස්වාදයක් ලබා දෙයි.

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 1 | Montha Kristho Situwaraya 1

Original price was: Rs 900.00.Current price is: Rs 810.00.

The Count of Monte Cristo
by Alexandre Dumas

ඇලෙක්සැන්ද්ර දියුමා ගේ ශේෂ්ඨතම කෘතිය වන “මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා” නව කථාවෙහි පළමු වන වෙළුම වන මෙයින් නියැවෙන්නේ,ප්‍රචණ්ඩ කුමන්ත්‍රණයකින් බන්ධනාගාර ගත කරනු ලැබූ අහිංසක සිරකරුවකු ගේ බිහිසුණු පළි ගැනීමක් පිළිබඳලොමු දැහැ ගැන්වෙන කථාවකි.ලෝක සාහිත්‍යයට අයත් මේ දැවැන්ත නව කථාව, භීතියෙන් ත්‍රාසයෙන් හා සංවේගයෙන් හදවත කම්පා කරවයි.

කෝර්සිකානු සහෝදරයෝ | Korsikanu Sahodarayo

Original price was: Rs 350.00.Current price is: Rs 315.00.

The Corsican Brothers
by Alexandre Dumas

ඇලෙක්සන්ද්ර දියුමා ශ්‍රේෂ්ඨ ප්‍රන්ස නව කථා කරුවෙකු මෙන් ම, ශ්‍රේෂ්ඨ නාට්‍ය කරුවෙක් ද වෙයි. මෙය නව කථාවක් වුව ද, ශ්‍රේෂ්ඨ නාට්‍යයකට අයත් සෑම අංගෝපාංගයක් ම මෙහි ගැබ් වී ඇත. පාඨකයා ග්‍රහණයට ගනිමින්, පිටුවෙන් පිටුව ත්‍රාසයෙන්, භීතියෙන්, ශෘංගාරයෙන් හා අවිනිශ්චිතතාවෙන් කථාව විකාසනය වන අයුරු ඉතා විස්මය ජනක ය. මෙය නිවුන් සොහොයුරන් දෙ දෙනකුන් වටා ගෙතුණු අතිශය අද්භූත ජනක ප්‍රේම වෘත්තාන්තයකි.

ටාර්සන් සහ කුහුඹු මිනිස්සු | Tarzan Saha Kuhumbu Minissu

Original price was: Rs 900.00.Current price is: Rs 810.00.

Tarzan and the Ant Men
by Edgar Rise Burroughs

සිය අහස් යානය ක්‍රියා විරහිත වීමෙන්, වානරයන්ගේ ටාර්සන් මහා කටු වනාන්තරය පිටු පසට ඇද වැටෙන තුරු, කිසි ම කෙනෙකු එම වනාන්තරය මැදින් ගමන් කර තිබුණේ නැත. එම වනාන්තරයට ඔබින් ඉතා සුන්දර රටක් වී ය. එහි ජීවත් වූයේ පැරණි ශිලා යුගයට අයත් අලාලි ගෝත්‍රික යෝධ ස්ත‍්‍රීන් ය. ඔවුහු සිය පිරිමින්ට සැලකුවේ වහලුන්ට සලකන්නාක් මෙනි. මේ අලාලි රටට ඔබ්බෙන් කුහුඹු මිනිසුන් ගේ රට පිහිටියේ ය. මේ කුඩා මිනිසුන් ගේ උස අගල් දහ අටක් වී ය! මේ කුඩා මිනිසුන් විසින් අල්ලා ගනු ලැබූ ටාර්සන්, ඔවුන් ‌ගේ විද්‍යාත්මක ඤාණයෙන් ටාර්සන් ගේ ශරීර ප්‍රමාණය ද අඟල් දහ අටකට අඩු කරනු ලැබ, ගල් වළවල වහලකු වශයෙන් සේවයට ගනු ලැබී ය!