1932 – Under the Shades of Himalayas

Original price was: Rs 1,850.00.Current price is: Rs 1,665.00.

සිදත් යුරෝපයට සංක්‍රමණය වීමෙන් පස්වසක් ඉක්මවගොස් ඇති සමය…

බ්ලැක්වුඩ් බංගලාවේ සැරිසරන අද්භූත සුදු තරුණියකගේ ආත්මයක්…

ඇය විසින් රුධිරයෙන් තබන ලද සටහනක්…

යුරෝපයට වී දුක්ඛිත ජීවිතයක් ගතකරමින් සිටින සිදත්, එම තරුණිය පිළිබඳ සෙවීමට සිය ප්‍රාණසම සගයා වූ සේනක සමඟින් ලංකාවට පැමිණෙයි.

ඇගේ ආත්මය එතැනින් ඔවුන්ව කැඳවන්නේ නිරන්තර මිහිදුමෙන් පිරුණු අලංකාර උත්තර භාරතීය හිමාචල් ප්‍රදේශ් කඳුකරයටයි.

බිහිසුණු මායාකර්මයන්, සාම්ප්‍රදායික ඉන්දියානු ගැමි විශ්වාසයන් සහ වෛරයෙන් දැවෙන බිහිසුණු ආත්මයන් සමඟින් ගැටෙන සිදත් සහ සේනක අවසානයේ සොයාගන්නේ කිනම් අබිරහසක්ද?

ආත්ම ගණනාවක් පුරාවට පසුපසින් හඹා එන පාපකර්මයක විපාකයෙන් ඇලන්- සඳමාලී යුවළට ගැලවීමක් ලැබේවිද?

සියවසකට පෙර අඳුරු රාත්‍රියක සීතල හපුතලේ පාළු කඳු අතර සිය අවසන් හුස්ම හෙළූ ඇලන් ස්ටුවට් තරුණයාගේ මරණය පසුපස සැඟවුණු අබිරහස කුමක්ද?

ඔහුගේ මරණයට හේතුව හුදෙක්ම පෙම්හබයක් පමණක්ද?

ඔහුගේ සැබෑ ඝාතකයා කවරෙක්ද?

1925 – Once Upon A Time in Ceylon

Original price was: Rs 1,850.00.Current price is: Rs 1,665.00.

2016 වසර… සිය ජීවිතයේ පළමු වතාවට හපුතලේ ප්‍රදේශයට පැමිණෙන ධනවත් තරුණයෙක්… කඳුකරයට පිවිසෙන ඔහුට වරින් වර පෙනෙන අද්භූත සිහින සහ විවිධාකාර ස්ථානවලදී පෙනී නොපෙනී යන මායා දර්ශන පෙළක්… එම සිහින තුළින් දිස්වන ඉතිහාස කතාන්දරයක සිටින නාඳුනන සුදු ජාතිකයන් කවුරුන්ද..? හුදෙකලා වතු බංගලාව අවට සැරිසරන සුදු යුවතියගේ ආත්මයේ අරමුණ කුමක්ද..? පාළු දිය ඇල්ල පාමුලට පාවී එන මළ සිරුර කාගේද..? බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ලක්දිව පාලනය කළ 1920 දශකය… දෛවයේ රුදුරු තීන්දුව පිළිගනිමින් හපුතලේ මන්දාරම් අඳුරු අහස යට සීතල කඳු අතර සැඟවී ගිය අසම්මත ආදරයක්… මරණින් නිමා නොවූ සදාතනික ආදරයක පුනරාගමනයක්… මිනිස් සිත තුළ ජනිතවන ආදරය වෛරය බඳු හැඟීම් සහ ජීවත්ව සිටින කාලයේ කළ පින් පව් පමණක් රැගෙන මරණයේ දොරටුව වෙතට ගමන් කරන අපට ඉන් ඔබ්බට සිදුවන්නේ කුමක්ද? සැබැවින්ම මරණය යනු නිමාවක්ම වේද?