ඉටිබෝලය | Itibolaya

Original price was: Rs 600.00.Current price is: Rs 540.00.

Boule De Suif and Other Stories
by Guy De Maupassant

කථා කියන්නන්‌ ගේ කුමාරයා යැ, යි විරුද ලද ශ්‍රේෂ්ඨ ප්‍රන්ස ලේඛක ගී ද මෝපසාං ගේ විශිෂ්ට හා කාන්තිමත් කථා දසයකින් මේ සංග්‍රහය සැරසී ඇත. සමාජාචාරයන් මෙන් ම චිත්තාචාරයන් ගැඹුරින් විග්‍රහ කරමින් නව ආලෝකයක් විහිදුවා ලන්නා වූ ද, ආදරය ප්‍රේමය හා අනුරාගය මෙන් ම දුක ශෝකය හා සන්තාපය ආදි ආවේගයන් අලළමින් හද දවා ලන්නා වූ ද, භීතිය භීෂණය හා ත්‍රාසය කුළු ගන්වමින් සිත වෙවුලවන්නා වූ ද, මේ කථා, පාඨකයා චමත්කාරයෙන් චමත්කාරයට පමුණුවා, නොසිතූ විරූ ජීවන දර්ශනයන් කරා ගෙන යනු නොඅනුමාන ය.

ඉවට් | Iwat

Original price was: Rs 350.00.Current price is: Rs 315.00.

Yvette
by Guy De Maupassant

ගී ද මෝපසාං ගේ විශිෂ්ට කෙටි නව කථාවක් වන ‘ඉවට්’ තුළින් ප්‍රන්සයේ පව්‍යාංගනාවන් දෙ දෙනකු ගේ පරස්පර විරෝධී ජීවන ප්‍රවෘත්තීන් හෙළි වෙයි. තේමාවෙන් ද භාෂා විලාසයෙන් ද සෞන්දර්යාත්මක නව කථාවක් වන ‘ඉවට්’ ක්ෂුද්‍ර ගද්‍ය කාව්‍යයක් ලෙස සැලකිය හැක්කකි. සාහිත්‍ය රසය උපරිම වශයෙන් විඳිමින් නවතාවෙන් කිහිප වරක් කියවිය හැකි ය.

පියෙර් සහ ශෝං | Piyer Saha Shong

Original price was: Rs 950.00.Current price is: Rs 855.00.
  • 1994 රාජ්‍ය සාහිත්‍ය සම්මානය හොඳම පරිවර්තනය

Pierre and Jean
by Guy De Maupassant

ගී ද මෝපසාං විසින් ලියන ලද නව කථා සයෙන් ශ්‍රේෂ්ඨතම නව කථාව වනුයේ මේ “පියෙර් සහ ශෝං” ය. ගී ද මෝපසාං ගේ නව කථාවක් සිංහලයට පරිවර්තනය වූ පළමු වන අවස්ථාව මෙය වෙයි. මෙය අතිශයින් ම පුද්ගලික කරුණු මත ගොඩ නැඟුණු මනෝ විද්‍යාත්මක නව කථාවකි. බාහිර දේවල නිරීක්ෂණයෙන් අභ්‍යන්තරික සිතුම් පැතුම් පිළිබඳ ඇඟවීමක් කළ හැකි ය යන මෝපසාං ගේ සිද්ධාන්තයට මේ නව කථාව කදිම උදාහරණයකි. රෝලොං මහත්මිය ‌ගේත් පියෙර් ගේත් මනස ක්‍රියාත්මක වන ආකාරය විස්තර කිරීමේ දී මෝපසාං දක්වන චාතූර්යයත් අරපිරිමැස්මත් නිසා මේ නව කථාව නිර්මාණය අතින් අතිවිශිෂ්ඨ කෘතියක් වෙයි.

මේ කෙටි නව කථාව, ශ්‍රේෂ්ඨ කාව්‍යයක් මෙන්, නවතාවෙන් යුතු ව වාර බොහෝ ගණනක් කියවා රස විඳිය හැකි ය.