Dharshana Shammi Wijethilaka – දර්ශනා ශම්මි විජේතිලක
අසනග වැසි | Asanaga Wesi
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00.- 2018 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව සදහා නිර්දේශිත
- 2018 ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව සදහා නිර්දේශිත
ආලත්ති අම්ම නිසොල්මනේ ඔළුව පහත් කරගෙන හිටිය.පාං එළියට පිටුපාලා නිසා හෙවණැල්ල වැටිල බිත්තියට. ආලත්ති අම්මගෙ නිකටෙන් අල්ලල බිත්තිය පැත්තට හැරෙව්වම තමයි දැක්කෙ හෙවණැලි දෙක නියපොත්තෙන් බිත්තියෙ ඇඳල දගකාරකමක් කල පොඩි එකෙක් වගේ බලාගෙන ඉන්නවා. තමාගෙ හිතේ ඇති පාර පාර තියෙන දුක බය ගැන වගක්වත් නැහැ. ආලත්ති අම්ම හිතුව කෙළින්ම කතා කරන්න ඕනය කියල. “මහත්තය… අපි දෙන්නම එකතු වෙලා වැරැද්දක් කළා. මම කසාද බැඳල දීගෙ ඇරුණ ගෑණියෙක් නිසා ඒ වැරැද්ද මට මහත්තය පිටින් දමන්න බැහැ. දැන් මට මහත්තය එළවන්නත් බැහැ. තියාගන්නත් බැහැ. ඒත් මට මහත්තයව මේ ගෙදර වහං කරගෙන ඉන්න බැහැ. අපි ආයෙ මේ වැරැද්ද නොවෙන විදියට වැඩ කටයුතු කරමු. මහත්තය කැමති දෙයක් කරන්න..”
#dharshana wijethilaka #darshana vijethilaka #asanaga wesi #asanaga wasi
මන්දාරම් උයන | Mandaram Uyana
Original price was: Rs 600.00.Rs 480.00Current price is: Rs 480.00.- 2019 ස්වර්ණ පුස්තක සම්මානය දෙවන වටය සදහා නිර්දේශිත
දුල්කිත් කළුවර වදුල සහිත නුග ගස යට ඇති පොකුණ දෙස නිසොල්මන්ව බලා සිටින්නට විය. අක්කර භාගයක පමණ වන ගෙවත්තේ කොනකට වන්නට තිබෙන මෙම පොකුණ අවට කෙතරම් හොඳින් හිරු පායා ඇති දිනක වුවද අඳුරුය. නුග ගසකින් හෙවණ වී ඇති නිසා එම නුග ගසේ කොළ වැටී පල්වී තද කළු පැහැයක් උසුලන පොකුණ ගුප්ත ස්වභාවයක් ගනී. පොකුණ අසල ඇති උණ පඳුර යට ඇති ගල් බංකුව මත වාඩිවී පොකුණ දෙස බලාගෙන සිටීම දුල්කිත්ගේ දින චර්යාවේ අංගයකි. එසේ බලා සිටින විට පොකුණෙන් මතුවන විවිධාකාර සතුන් ඔහුට දැක ගත හැකිය. පෙණය විදහාගෙන එන කළු පැහැ නාගයින්, අං සහිත විශාල කටුස්සන්, ඇස්වලින් හා මුවින් ගිනිදලු විහිදන මකරුන්, හැඩපලු ගෙතී ඇති කෙස් වැටිවලින් හා දික්වූ නියපොතු සහ දත් සහිත ගැහැණුන් මිනිසුන්, මොවුන් සියල්ලන්ම සමඟ කතා කරමින් කාලය ගතකරන දුල්කිත් මේරි අම්මාගේ නොනවතින බැණ අඬගෑම හමුවේ ඔවුන් සියල්ල නැවත පොකුණේ සඟවා නිවස වෙත යන්නේ හිසු වූ සිතිනි.
#mandaaram uyana
විසඹසර | Wisambasara
Original price was: Rs 1,900.00.Rs 1,425.00Current price is: Rs 1,425.00.- 2023 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව සදහා නිර්දේශිත
“රැලි සරැලි නගමින් නිහඬව ගලයන මේ ගංදියේ, තමාගේ ජිවිතයේ අමතක කළ නොහැකි සිදුවීම් කෙතෙක් වීදැයි සසඳරා කල්පනා කළාය. මල්වර වීම, ගැහැනියක් වීම, මවක් වීම, මේ හැමදේම සිදුවූ ගංදිය, ඇය හෙලන කඳුළු රැගෙන අදද නිහඬව රැලි සරැලි නගමින් ගලයනු ඇය ශෝකයෙන් බලා සිටියාය.”
#wisabasara visambasara visabasara
වනස්පතිනිය | Wanaspathiniya
Original price was: Rs 800.00.Rs 640.00Current price is: Rs 640.00.පිළිල සැදී මිය යන්නට ආසන්නව තිබූ මීඅඹ ගස පුරා සරුවට දලු දමා ඇත. පිළිල කප්පවා අළු හුනු ඇතිල්ලීමෙන් විනාශ වුණ පිළිල නැවත මතු වූයේ නැත. සාත්තුවක් නොකර නිකම්ම තියෙන්න ඇරියා නම් මී අඹ ගස මිය යන්නට තිබුණි. ගසේ අතරින් පතර අඹ මල් පොකුරු දෙක තුනක් ද සුළඟට නැළ වේ. හිතුවක්කාරකම, පණ්ඩිතකම, ගරුගාම්භීරකම මේ හැම දේම කැටි වුණ සභාපති මහත්තයාගේ දැවැන්ත සෙවණැල්ල තමාගේ ජීවිතය වසාගෙන ඉතිරී පැතිරී මේ දක්වා තිබුණා සේම තමා මිය යන තුරුම ඒ සෙවණ තමා වසා පැතිරී තිබෙන තාක් කල් තමාට ජීවිතයට උපේක්ෂාවෙන් මුහුණ දිය හැකි වන බව, ප්‍රශ්න හමුවේ නොසැලී සිටින්නට හැකි බව සිහි කරමින් පියගැට පෙළ නැග්ගේ පහන් වූ සිතිනි.
ගිරග සසල විය | Giraga Sasala Viya
Original price was: Rs 500.00.Rs 400.00Current price is: Rs 400.00.- 2011 ස්වර්ණ පුස්තක සම්මානය අවසන් වටය සදහා නිර්දේශිත
ජයදිත්යට උගැන්වීමට පණ්ඩිත හාමුදුරුවන්ට මහන්සියක්, වෙරවීරියක් ගැනීමට අවශ්‍ය නොවීය. ඉතාමත් හොඳ මතක ශක්තියක් ඇති ජයදිත්‍ය සෑම ශ්ලෝකයක්ම සෑම ගාථාවක්ම මැනවින් උගත්තේය. මහණකමට සුදුසු ආකාරයේ මතක ශක්තියක් තිබුණද පණ්ඩිත හාමුදුරුවන් ඔහුව මහණ කිරීමට නොසිතීය. එයට හේතුවූයේ ඉතාම බලගතු ඥානයෝගයක් සේම ලෞකික සැප සම්පත් විඳින යෝගයක්ද ඔහුට පැවතුණ හෙයිනි. ඥානයෝගය පිය පාර්ශ්වයෙන් නොව මවු පාර්ශ්වයෙන් ආවක් යැයි පණ්ඩිත හාමුදුරුවන් සිතූ සේක. “මවුගෙ පෙනුම, මවුගෙ ආභාසය, පෙර පතාගන එන ආකාරයේ නොවැ” කේන්දරයේ විවාහය ගැන නම් එතරම් හොඳක් පෙන්නුම් නොකළ එක ගැන පණ්ඩිත හාමුදුරුවන් ගණනකට ගත්තේ නැත. කනවැද්දුම් යෝගයක් ඇති සේම දෙවන විවාහය ලේ නෑදෑකමකි. ‘විවාහය සිද්දවෙන්නෙ පස්සෙ නොව, ඔක්කෝටම කලියෙන් ඉගෙන කියාගෙන ඉන්න එපායැ..’ පණ්ඩිත හාමුදුරුවන් සිතුවේ එසේය.
#dharshana wijethilaka #darshana vijethilaka #giraga sasala wiya
දෙවත | Dewatha
Original price was: Rs 600.00.Rs 480.00Current price is: Rs 480.00.‘මට මේවා උහුලන්න බැහැ නෝනෙ… තමන් පියෙක් වුණ දවසට තේරේවි දරු දුක. කොහොමත් දරුවන්ට දෙමාපිය දුකක් කියලා දෙයක් නැහැ නෙව…’ වෙන තාත්තලා වගේ දරුවන්ට සැරපරුෂකමට ගහලා බැනිල්ලක් රතු මහත්තයා කවදාවත් නො කළේ ය. කුඩා දවසෙදිත් කොයි තරම් එපා කිව්වත් දරුවන්ට ටොපි, චොකලට්, සෙල්ලම් බඩු ඉල්ලන ඉල්ලන දේ අරගෙන දුන්නේ ය. සල්ලි අතේ තියේ නම් ගෙදර කන බොන දේවලින් පුරවයි. අදටත් රතු මහත්තයා ඉතිරියක් ගැන නොසිතයි. දරුවන් වෙනුවෙන් ඒ තරමට ම නැහුණ තාත්තට සැනසීමක් වෙන විදියට පොඩීට ඉන්න බැරි ඇයි දැයි ඇයට සිතා ගන්න බැරි ය. එක අතකින් අනික් දරුවන්ගෙන් ලැබෙන සැනසීම ලොකු දෙයකි.
චන්ද්රාග්නි | Chandragni
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00.“බෝධිසත්ව ගුණ ඇති මිනිස්සු නිහඬව සියල්ල දරාගෙන ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලති. එවන් බෝසත් ගුණ ඇති මිනිස්සු නිහඬව බොහෝ දේ දරාගෙන අන් අයගේ ජිවිත අවුල් නොකරති. සියල්ල දැනගෙන නොදන්නා සේ අනෙකාගේ සැපත වෙනුවෙන් කටයුතු කරති. මෙවන් උතුම් මිනිසුන්ගේ ගුණ සුවඳ ලෝකය පවතින තුරු, මඳ නල හා මුසු වී විශ්වයම සුවඳවත් කරයි.”
#dharshana wijethilaka #darshana vijethilaka
නිසල දියවත | Nisala Diyawatha
Original price was: Rs 850.00.Rs 680.00Current price is: Rs 680.00.කලකින් ඇසුණේ නැති වස්දඬු රාවය අද මැදියමේ මේ ඇහෙන්නේ කන් පාරවාගෙන. ඒ හඩේ තියෙන්නේ වෙන කවදාවත් නැති ශෝකයක්. රත්නාවලී හිමින් සැරේ කාමරේ ජනේලේ ඇරිය. හඳ එළිය වැටිලා මිදුලේ රටා ඇඳලා ගස්වල සෙවනැලිවලින් රෑ කුමාරි මල් සුවඳ හුළගත් එක්ක එනවා. හෙමින් ගස්වැල් හෙලවෙන්නේ හරියට මහ දුකකින් වගේ. හෝරා භාගයක් විතර වස්දඬු රාවේ ඇහිල හිමින් නැතිව ගියා. රත්නාවලි නොදැනුවත්ව ඇස්වල කඳුළු පිරිල ඒ කඳුළු බේරුණා කම්මුල් දිගේ. ශෝකයක් ද විරහවක්ද මොකද්ද කියාගන්න බැරි දුකකික් රත්නාවලීගෙ හිත බරවෙලා.
#nisala diyavatha
නික්ම නොයන්නෙමි | Nikma Noyannemi
Original price was: Rs 750.00.Rs 600.00Current price is: Rs 600.00.“මගේ ජීවිතේ කිසිවක් කිසිදින මට උවමනා අයුරින් සිදුවී නැත. මගේ දෛවය යැයි කියමින් මා එය දෛවයට භාර නොදෙන්නෙමි. සිදු වූ දේ ජීවිතයට අත්දැකීමක් කර ගනිමින් මම ජීවිතයට මුහුණ දෙන්නෙමි. දේවකගේ වෙන්වීම දරා ගත නොහැකිව හඬා වැලපුණ මා එම දුක ජීවිතයට ආශීර්වාදයක් කරගනිමින් මාධ්‍ය කේෂ්ත්‍රය තුළ නමක් හදා ගත්තෙමි. ඒ් තුළින් මා ජීවිතයට බොහෝ දේ එකතු කර ගත්තෙමි. කිසිදින නැවත විවාහ නොවෙමියි කිසිදා පිරිමියෙකු සමඟ ඇසුරක් අරඹා නොගනිමියි සිතා සිටි මා මිගාර ගේ මුදු කාරුණික ගති හමුවේ මටම පොරොන්දු වු සියලු පොරොන්දු බිඳ හෙළමින් ඔහුගේ අසීමිත ආදරය වින්දෙමි. අදටත් හෙටටත් එය මටම උරුම වනු ඇතැයි මග බලා සිටින්නෙමි.”
නර්මදාගේ නළලට අත තබා මිගාර බැලුවේ තවමත් ඇයට උණ තිබේද කියාය. වයසට තරම් නොවන තරම් දුක්වේදනා උසුලාගන ජීවිතයට මුහුණ දෙන නර්මදා ගැන අනුකම්පාවක් මිගාරගෙ සිත තුළ ඇතිවිය. නිවසට තමන් ගැන දැන්වීමට යාමට සිතා සිටිය ද එය ද අතපසු කරන්නට සිදුවූයේ නර්මදාට ඇති වූ කරදර නිසාය. තමා නර්මදාට සැරවැර වූවා වැඩි යැයි මිගාරට සිතුණේය. පිරිමි කෙනකු නොමැතිව පොලිසියට යාමට තරම්මු රණ්ඩු වීම නිසා නර්මදාට සැරවැර කළ ද නර්මදා කියන දේද ඇත්තක් ඇතැයි මිගාරට පසුව සිතුණේය. තමා ගොස් නර්මදා වෙනුවෙන් පෙනී සිටියා නම් මාධ්‍යවේදිනිය වෙනුවෙන් ඇමති පුතකු පොලීසි ආවා යැයි නැති දේ මවා එය පුවත්පත්වල පළවනු ඇතැයි නර්මදා පැවසුවාය. කිසිම දිනයක පියාගේ බලතල කිසිම අවස්ථාවක පාවිච්චි නොකර මිගාරට, පියාගේ අවසන් කාලයේ එවන් අවමානයක් ඔහුට අත් කර නොදෙන්න යැයි නර්මදා පැවසුවාය. තමාට වඩා දුරදිග හිත්නට තරම් නුවණක් ඇයට තිබීම ගැන මිගාරට ආඩම්බර සිතුණේය. නර්මදා පොලිසි යාමත් එක අතකින් හොඳ යැයි මිගාරට සිතුණේ දේවක ගැන සුළු හෝ ආදරයක් නර්මදාගේ සිත තුළ තිබුණා නම් එය ද නර්මදාගේ සිතින් ඉවත්ව යන්නට එය හේතුවක් වන නිසාය. මිගාර සෙමින් නර්මදාගේ හිස අතගාන්නට වූයේය.
#dharshana wijethilaka #darshana vijethilaka