Chintha Lakshmi Sinhaarachchi - චින්තා ලක්ෂමි සිංහආරච්චි
අරණකට පෙම් බැඳ | Aranakata Pem Banda
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00.මිනිසා සහ පරිසරය අතර තිබෙන්නා වූ අධ්‍යාත්මික සබඳතාව හා එහි අසිරිය පරිපූර්ණ අයුරින්ද ළගන්නා සුළු රිද්මයකින්ද මේ රමණීය ගද්‍ය කාව්‍යයෙන් වර්ණිතය.
විභූතිභූෂණ සිංහල පාඨකයා අභිමුවට පැමිණියේ මාවතේ ගීතය අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය නම් වූ නවකතාත්රයෙනි. එම කෘති සිංහලයට නැගූ චින්තා ලක්ෂ්මී සිංහආරච්චිගේ තවත් විශිෂ්ට පරිවර්තනයක් ලෙස “අරණකට පෙම් බැඳ” හැඳින්විය හැකිය.
ඉසිවරයා | Isiwaraya
Original price was: Rs 480.00.Rs 385.00Current price is: Rs 385.00.Immortal Prophet of Lebanon යනුවෙන් විරුදාවලි ලද Kahlil Gibran නම් දාර්ශනික ලේඛකයාගේ කෘති ලෝකයේ භාෂා ගණනාවකට පර්වර්තනය වී තිබේ. ඔහුගේ කෘති ඉංග්‍රීසි හා අරාබි භාෂා වලින් ලියැවී ඇත.
මෙය The Prophet යනුවෙන් ඉංග්‍රීසි පාඨකයින් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් වූ පොතේ සිංහල පරිවර්තනයයි. කතාවක ස්වරූපයෙන් ඉදිරිපත් වුවත් ආදරය, විවාහය, දරුවන්, දුක සැප, අපරාධය හා දඬුවම, නීතිය, නිදහස කාලය, මරණ ආදි විවිධ මාතෘකා යටතේ දැක්වෙන ඉතා වටිනා දාර්ශනික අදහස් මෙහි දැක්වේ.
බින්දුගේ දරුවා | Binduge Daruwa
Original price was: Rs 500.00.Rs 400.00Current price is: Rs 400.00.වැදූ මව හා හැදූ මව අතර දරුවෙකුගේ ජීවිතය… හදා වඩා ගැනීමෙන් දරුවෙකු අයිති කරගැනීම හෝ අහිමි ජීවිතයක් උරුම කර ගැනීමට ගන්නා වූ වෙහෙස… සාම්ප්‍රදායික පුරුෂාර්ථ මත ගොඩනැඟුණ ගෘහ ජීවිතයක සබඳතා…
අනුවේදනීය ස්වරයකින් හා සියුම් චිත්ත විවරණයකින් යුතුව මේ කෘතියෙහි වර්ණිතය.
අපූගේ ලෝකය | Apuge Lokaya
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00.“අපූ” අප හඳුනා ගත්තේ “මාවතේ ගීතයෙනි”. “අපරාජිත ජීවිතයක්” වූ කලී ඔහුගේ ගැටවර විය නිරූපණය කළ කෘතිය වේ. “අපූගේ ලෝකය” අපූ නම් වූ ස්වාමි පුරුෂයාගේ – පියාගේ පමණක් නොව හසකුත් දුක්ඛ දෝමනස්සයන් මැද අකම්පිතව ජීවත් වූ පැසුණු මිනිසාගේ ජීවන වෘතාන්තයේ අවසන් භාගය වේ.
අපූගේ ජීවන ධාරිතාව පෘථුල කළ සුන්දර බිරිඳ අපර්ණා – ජීවත් වීමේ ආශාව දැල්වූ පුත් කාජල් ජීවනයේ මිහිරි සුවඳ විදහා පෑ ලීලා පාඨක සිත් සතන් තුළ සදා අමරණීය චරිත ලෙස අපූගේ ලෝකයේ සිතුවම් වී ඇත.
පාඨකයාගේ ජීවිතාබෝධය ගැඹුරු කරන මේ තුන් ඇඳුතු රමණීය ගද්‍ය කාව්‍යය අසාමාන්‍ය මුනිවරයකුගේ චරිතාපදානයක් වැන්න.
අපරාජිත ජීවිතයක් | Aparajitha Jivithayak
Original price was: Rs 1,100.00.Rs 880.00Current price is: Rs 880.00.විභූති භූෂණ බන්ද්‍යොපාධ්‍යාය භාරතීය සාහිත්‍යාම්ඹරය ප්‍රභාමත් කළ ප්‍රතිභා සම්පන්න මහා ලේඛකයෙකි. ඔහුගේ නිර්මාණ භාරත දේශයේ පමණක් නොව ලෝක සාහිත්‍යයේද උස් අසුන්වල වැජඹේ. අපරාජිත ජීවිතයක් වූ කලී ඔහුගේ “අපරාජිතෝ” නම් වූ නවකතාවේ සිංහල පරිවර්තනයයි. වංග බස පිළිබඳ මනා පරිචයක් ඇති චින්තා ලක්ෂ්මී සිංහආරච්චි මුල් කෘතියේ සාරය, රස නුසුන් කොට සිංහල පාඨකයා හමුවට පමුණුවාලීමට සමත් වී තිබේ .
ඈ විසින්ම පරිවර්තනය කරන ලද (මේ ශ්‍රේෂ්ඨ ලේඛකයාගේම) මාවතේ ගීතය නම් වූ කෘතියෙන් සහෘද මනසට පිවිසුණු “අපූ” නම් වූ සදානුස්මරණීය චරිතයෙහි ගැටවරවිය අපරාජිත ජීවිතයක් නවකතාවට විෂය වී ඇත. සෑම ගැටවරයෙකුටම ජීවන අරගලයට මුහුණ දීමට අවශ්‍ය ආත්ම විශ්වාසය පිළිබඳ ගැඹුරු අරුතක් කු ගන්වන මේ නවකතාව සත්‍යජිත් රායිගේ සිනමා කාව්‍යයක් බවටද පත් විය.
ශ්‍රී කාන්ත | Shri Kantha
Original price was: Rs 1,350.00.Rs 1,080.00Current price is: Rs 1,080.00.වංග දේශයේ “අපරාජිත මහා ලේකඛකයා” ලෙස විරුදාවලි ලද ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යායගේ ජනප්‍රියම නවකතාව මෙන්ම සම්භාවනීය ගද්‍ය කාව්‍යයක් ලෙසද බුහුමන් ලබන “ශ්‍රී කාන්ත” නම් වූ නවකතාවේ මේ සිංහල පරිවර්තනය චින්තා ලක්ෂ්මී සිංහආරච්චි විසින් වංග බසින්ම සිංහලයට නගන ලද්දකි. මේ නවකතාවේ නිරූපිත රාජලක්ෂ්මී බ්‍රාහ්මණ වංශික යුවතියකි. ඇය ළමා වියේදී විවාහ කර දුන්නද සැමියාගේ නිවසට කැඳවාගෙන නොයයි. පසු කලෙක රසිකයන් පිනවමින් ඇය ගත කළ ජීවිතය ඇගේ වංශය අනුව ඉතා පහත් එකක් සේ සැලකේ. මේ චරිතය මඟින් කතුවරයා පුරුෂෝත්තම සමාජයක ස්ත්‍රියගේ ඛේදය නිසි කලාත්මක ගැඹුරකින් විදහා දක්වයි.
ගෝරා | Gora
Original price was: Rs 1,850.00.Rs 1,480.00Current price is: Rs 1,480.00.ආනන්දමයී තමාගේ දෑතින් ඔහුගේ හිස ඔසවා ඒ හිස සිප ගත්තාය.
‘මේ ඉන්නේ මගේ අම්මා තමයි. මං හැමතැනම හොය හොයා ඇවිද්ද අම්මා මේ ගෙදරම ඉන්නවා. අම්මා කුලයක් බලන්නේ නෑ. පිරිසිදු, අපිරිසිදුකම් බලන්නේ නෑ. කවුරුවත් පිළිකුල් කරන්නේ නෑ. අම්මා යහපතේ ප්‍රතිමූර්තියක්. අම්මා තමයි මං ප්‍රාර්ථනා කරපු භාරතවර්ෂයේ සංකේතය.’
‘එකපාරක් අම්මගේ ලඡමියාට අඬගහන්න අම්මේ. ලඡමියාට කියන්න මට වතුර ටිකක් ගෙනත් දෙන්න කියලා.’
ආනන්දමයී එවිට කඳුළින් අවහිර වූ මෘදු ස්වරයෙන් ගෝරාගේ කනට කර මෙසේ කීවාය.
‘ගෝරා, එක පාරක් විනයට එන්න කියලා පණිවිඩයක් යවන්නද?’
මාවතේ ගීතය | Mawathe Geethaya
Original price was: Rs 1,300.00.Rs 1,040.00Current price is: Rs 1,040.00.බටහිර බෙංගාලයේ පිටිසර ගමක ජීවත් වු දිළිඳු බ්‍රාහ්මණයෙකු වු හරිහරගේ චරිතය ඔහුගේ දරු දෙදෙනාගේ චරිත – බිරිඳගේ හා ඥාති සොයුරියගේ චරිත – මේ නවකතාවෙන් නිරූපනය කර ඇත්තේ අසාමාන්‍ය ප්‍රතිභා ශක්තියත් විදහා දක්වමිනි.සත්‍යජිත් රායිගේ සිනමා කෘතියක් ලෙස රසිකයින්ගේ අවධානය දිනාගත් “පොථොර් පංචාලි” මේ නවකතාව ඇසුරින් නිර්මිතය.
ශ්‍රී කාන්ත හා රාජ ලක්ෂ්මී | Shri Kantha Ha Raja Lakshmi
Original price was: Rs 1,050.00.Rs 840.00Current price is: Rs 840.00.ඒ දඟකාර තරුණිය එදින රාත්‍රියේ පැමිණ හෙළූ කදුළුවල තෙත පැල්ලමක් ඒ වන විටත් මගේ හදවතේ කොනක නොවියළි පැවතිණ. ඔවුන් දැන් කොහේ ඇද්දැයි මට නිතරම සිහි විය. ඔවුන් ගංගාමාටියට නැවත ඉක්මනින් නොපැමිණෙනු ඇතැයි මම බලාපොරොත්තු වූයෙමි.
සැඳෑ හිරු රැස් අප ඉදිරියේ වූ තැනිතලාවේද එහි තිබුණු හුදෙකලා බට පදුරේද සියඹලා ගස් මතද රන් පැහැයක් තැවරීය. මම රාජලමීට හොරෙන් ඇගේ මුහුණ දෙස බැලුවෙමි. ඇගේ දෙතොල් මත වූ සිනාව ඒ වන විටත් මැකී ගොස් තිබුණේ නැත.
හිරුගේ විසුරුණු ස්වර්ණ ප්‍රභාවෙන් ඇගේ සුපුරුදු සිනාමුසු මුහුණ දැකිද්දී එය කිසියම් අපූර්ව බවක් පළ කළේය.
ගෝ දානය | Go Danaya
Original price was: Rs 1,900.00.Rs 1,520.00Current price is: Rs 1,520.00.ගෝ දානය මගින් සිංහල පාඨකයා ප්‍රේම් චාන්ද් නම් වූ ශ්‍රේෂ්ඨ ලේඛකයා අර්ථ සම්පන්න ලෙස හඳුනා ගනියි. මේ ඔහුගේ විශිෂ්ටතම කෘතියයි. ගොවිජන ජීවිතයේ යථාර්ථය මේතරම් ගැඹුරින් නිරූපිත තවත් කෘතියක් නැත.
චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චිගේ අවසන් පරිවර්තනය වන මේ කෘතිය ඈ සිංහල සාහිත්‍යයට ඉටු කළ විශිෂ්ට සේවාව හොඳින් විදහා දක්වයි.