Alexander Dumas
සිටුවර මොන්ත ක්‍රිස්තෝ | Situwara Monte Cristo
Original price was: Rs 900.00.Rs 720.00Current price is: Rs 720.00. The Count of Monte Criso
by Alexander Dumas
#situwara montha kristho
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 5 | Montha Kristho Situwaraya 5
Original price was: Rs 1,100.00.Rs 990.00Current price is: Rs 990.00. The Count of Monte Cristo
by Alexandre Dumas
ඇලෙක්සන්ද්ර දියුමා ගේ මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා නමැති රසාලිප්ත නව කථාවේ මේ පස්වන වෙළුම, පදවි ලෝභයත් උන්නතිකාමයත් නිසා බිහිසුණු ඉරණමකට මුහුණ දෙන මිත්‍ර ද්‍රෝහීන් ගේ අභ්‍යන්තරය මනා ව විවරණය කරයි. මේ වෙළුම, ශෘංගාරයෙන්, භීතියෙන්, ශෝකයෙන් හා ත්‍රාසයෙන් පිරී ඇත.
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 6 | Montha Kristho Situwaraya 6
Original price was: Rs 900.00.Rs 810.00Current price is: Rs 810.00. The Count of Monte Cristo
by Alexandre Dumas
සාධාරණ පළි ගැනීමක් පිළිබඳ ප්‍රබල, ප්‍රචණ්ඩ මේ නව කථාව, උන්නති කාමයෙන්, නිල තලයෙන් හා ධන බලයෙන් නොමග යන මිනිසා ගේ දුෂ්ට ක්‍රෑර කම් මෙන් ම මෝඩ කුඩුකේඩු කම් ද පෙන්වා දෙන විශ්ව සාහිත්‍යයට අයත් කෘතියකි. පරම්පරාවෙන් පරම්පරාවට පාඨත ලෝකයා ගේ හද බැඳ ගත්තා වූ ද ප්‍රේමය, වෛරය, ක්‍රමන්ත්‍රණය, පළි ගැනීම, හා ක්ෂමාව ආදී සද් අසද් ගුණයන් කැටි කර ගත්තා වූ ද, මේ දැවැන්ත ඓතිහාසික නව කථාව මේ වෙළුමෙන් අවසාන වෙයි.
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 4 | Montha Kristho Situwaraya 4
Original price was: Rs 850.00.Rs 765.00Current price is: Rs 765.00. The Count of Monte Cristo
by Alexandre Dumas
ඇලෙක්සැන්ද්ර දියුමා ගේ මොන්තක්‍රිස්තෝ සිටුවරයා නමැති දීර් ඝ රස වෑහෙන නව කථාවේ මේ සතර වන වෙළුම, දුරාචාරී අතීතයේ වැළලූ ඇට සැකිලි මතු වීමෙන් හට ගත් සැක ශංකාදියෙන් හා භය සන්ත්‍රාසාියෙන්, පාඨකයා සසල කරවා ලොමුදැහැ ගන්වන සුලු ය.
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 3 | Montha Kristho Situwaraya 3
Original price was: Rs 950.00.Rs 855.00Current price is: Rs 855.00. The Count of Monte Cristo
by Alexandre Dumas
මෙය මොන්තක්‍රිස්තෝ සිටුවරයා නමැති දැවැන්ත ඓතිහාසික නව කථාවේ තුන් වන වෙළුම යි. බිහිසුණු කුමන්ත්‍රණ, දරුණු කඩු සටන්, වස විස පෙවීම්, පළි ගැනීම් හා පෙම් කිරීම් ආදියෙන් මේ වෙළුම පිරී ඇත. ත්‍රාසයෙන් ත්‍රාසයට ද භීතියෙන් භීතියට ද කුතුහලයෙන් කුතුහලයට ද පත් වෙමින් කියවිය හැකි මේ වෙළුම ප්‍රචණ්ඩ සිද්ධීන් ගෙන් ගහණය.
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 2 | Montha Kristho Situwaraya 2
Original price was: Rs 950.00.Rs 855.00Current price is: Rs 855.00. The Count of Monte Cristo
by Alexandre Dumas
මෙය, ඇලෙක්සන්ද්ර දියුමා ගේ ශ්‍රේෂ්ඨතම කෘතිය වන “මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා” නව කථාවෙහි දෙ වැනි වෙළුම යි. මෙහි දී එද්මොන් දාන්තේ මහා ධන නිධානය සොයා ගනියි. ඉක්බිති ව මොන්ත ක්‍රිස්තෝ සිටුවරයායන නමින් පැරීසියේ ඉහළ ම සමාජ තලයට පිවිසෙයි. මෙහි එන “මස්සොලාතාව” භීෂණත්වයෙන් ලොමුදැහැ ගන්නා අතර, රෝමයේ මහා සැණකෙළිය, පාඨකයා චමත්කාරයෙන් චමත්කාරයට පමුණුවා අපූර් ව ආස්වාදයක් ලබා දෙයි.
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 1 | Montha Kristho Situwaraya 1
Original price was: Rs 900.00.Rs 810.00Current price is: Rs 810.00. The Count of Monte Cristo
by Alexandre Dumas
ඇලෙක්සැන්ද්ර දියුමා ගේ ශේෂ්ඨතම කෘතිය වන “මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා” නව කථාවෙහි පළමු වන වෙළුම වන මෙයින් නියැවෙන්නේ,ප්‍රචණ්ඩ කුමන්ත්‍රණයකින් බන්ධනාගාර ගත කරනු ලැබූ අහිංසක සිරකරුවකු ගේ බිහිසුණු පළි ගැනීමක් පිළිබඳලොමු දැහැ ගැන්වෙන කථාවකි.ලෝක සාහිත්‍යයට අයත් මේ දැවැන්ත නව කථාව, භීතියෙන් ත්‍රාසයෙන් හා සංවේගයෙන් හදවත කම්පා කරවයි.
කෝර්සිකානු සහෝදරයෝ | Korsikanu Sahodarayo
Original price was: Rs 350.00.Rs 315.00Current price is: Rs 315.00. The Corsican Brothers
by Alexandre Dumas
ඇලෙක්සන්ද්ර දියුමා ශ්‍රේෂ්ඨ ප්‍රන්ස නව කථා කරුවෙකු මෙන් ම, ශ්‍රේෂ්ඨ නාට්‍ය කරුවෙක් ද වෙයි. මෙය නව කථාවක් වුව ද, ශ්‍රේෂ්ඨ නාට්‍යයකට අයත් සෑම අංගෝපාංගයක් ම මෙහි ගැබ් වී ඇත. පාඨකයා ග්‍රහණයට ගනිමින්, පිටුවෙන් පිටුව ත්‍රාසයෙන්, භීතියෙන්, ශෘංගාරයෙන් හා අවිනිශ්චිතතාවෙන් කථාව විකාසනය වන අයුරු ඉතා විස්මය ජනක ය. මෙය නිවුන් සොහොයුරන් දෙ දෙනකුන් වටා ගෙතුණු අතිශය අද්භූත ජනක ප්‍රේම වෘත්තාන්තයකි.