Abdul Umar Sahan Nethmina - අබ්දුල් උමර් සහන් නෙත්මිණ
බයෝ කරපු ඒලෙවල් | Bio Karapu A Level
Original price was: Rs 500.00.Rs 450.00Current price is: Rs 450.00.මට ඕනෙ දැං ඔයා එක්ක ස්නායුවක් දිගේ ගලන ආවේගයක් වෙන්න
ඔයාට ඉස්සෙල්ලාම දුවන්න දීලා
අල්ලන්න වගේ දුවගෙන එන්න
අපිට ඒ ගමං පුලුවන් කංකාල පේෂියක සෛල වෙන්න
කොයිතරම් දෙපැත්තට ඇදුණත්
ඩෙස්මසෝම අල්ලං ඉන්න විදිහ ගැන කියවන්න
අපේ ආදරෙත් ඒ වගේ නේද කියලා කොඳුරන්න
ඉතිං ඉක්මනට කියන්න මට ඔයා එතවද නැද්ද යන්න
බයෝ කරපු ඒලෙවල් 2 | Bio Karapu A Level 2
Original price was: Rs 500.00.Rs 450.00Current price is: Rs 450.00.එක පැත්තකට සිද්ධවෙන
ප්‍රතික්‍රියාවක
සීමාකාරී ප්‍රතික්‍රියකය
එක තැනකදි ඉවර වුණා
එතනිං ප්‍රතික්‍රියාවත් නැවතුණා!
“ආදරේ කියන්නෙ
සමතුලිතතාවයක් !
එහෙම නැත්තං
ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාවක් !”
මම කොයිතරම් කිව්වත්
ඔයාට ආදරේ කියන්නෙ,
එක පැත්තකට සිද්ධවෙන
ප්‍රතික්‍රියාවක් විතරක්ම වුණා!
බයෝ කරපු ඒලෙවල් 3 | Bio Karapu A Level 3
Original price was: Rs 500.00.Rs 450.00Current price is: Rs 450.00.ඉතිං මට සමාවෙන්න | Ithin Mata Samawenna
Original price was: Rs 1,000.00.Rs 900.00Current price is: Rs 900.00.¨බැරිම හින්දා කවමදාවත්
ආයෙ ඔබ වෙත හැරෙන්න
කිසිත් කියන්න බෑ ඉතිං මට,
“සමා වෙනු මැන!” ඇරෙන්න
ජීවිතේ තව බොහෝ දුර ඇති
අතරමග බෑ මැරෙන්න
ඔබත් ඔහොමම මගදි හමුවන
වංගුවක් ළඟ හැරෙන්න”