Young Adult - යොවුන් නවකතා
සෙංකොට්ටං | Senkottan
Original price was: Rs 900.00.Rs 720.00Current price is: Rs 720.00.- 2012 රාජ්‍ය සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
- 2012 විද්‍යෝදය සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
- 2012 ගොඩගේ සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
- 2012 ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේශය
සෙංකොට්‌ටං නවකතාව සිය විෂය භූමිය කර ගන්නේ සබරගමු පළාතේ, රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ, රිදීවිට නම් වූ ගම හා ඒ අවට පෙදෙසේ මීට දශක අටකට පමණ පෙර විසූ , සමාජයේ කුල ධුරාවලියේ අවම තැනක ස්‌ථානගත කරනු ලැබූ අව වරප්‍රසාදිත එකී මිනිසුන් මුහුණ දුන් පීඩනයයි. රිදීවිට ගමේ වීරප්පුලි හේනයා, ඔහුගේ බිරිඳ මල්මා රිදී, වැඩි වියපත් දූවරුන් වූ පොඩිනා සහ හීං රිදී, පොඩිනාගේ සැමියා වූ නම්බු හේනයා, පොඩිනා ඔහු සමග විවාහ වීමට පෙර අනගිහාමි නම් වූ කුලවතාට දාව ඈ වැදූ බබා හේනයා නම් ලත් අට හැවිරිදි දරුවා සෙංකොට්‌ටං හි ප්‍රධාන චරිත වෙති.
“උඹට කියන්න, අපේ කිරිඅම්මා කෙනෙක් හිටියා මාගල්ලවත්තේ, වංසා රිදී කියල. කුණු හරුප කියනවා කටේ නොගෑවී. මගේ ඔන්න එක පලහිපව්වකදි මගේ ළඟින් ඉඳගෙන, මෙන්න මේ මං උඹගේ හිත හදන්නා වාගේ ම මයේ හිත හදන්න හරිහරියට මහන්සි වුණා. ඒ ගෑණි කියපු කතාවක් මට අද වාගේම මතකෙ තියෙනවා…ඒ කිරිඅම්මා කිව්වා, ඕනි එකෙක් එක්ක ඕන විගඩමක් නැටුවට කමක් නැතේය, හැබැයි ඔය පිරිමි ජාතිය මහ අමුතු ම අමුතු ජාතියක් ය, අත නිකං තියාගෙන ඉන්න පුරුද්දක් උන්ට නැත, අර අහවල් පලහිලව්ව නිකං තියාගෙන ඉන්න උන්ට පුරුද්දක් නැත, අන්න ඒ හිංදා උඹ ළඟ ඔය තියන හක්ගෙඩි දෙකයි, පංචා බෙල්ලයි විතරක් උන්ගෙ නොහොබිනාකංවලට පරිහරණෙට දෙන්න එපා ය කියලා…බලාපං රත්තරනේ, ඒක මොන තරං මසුරං කතාවක් ද කියලා. ඕනෑම ළමිස්සියෙකුට මිනිහෙක් එක්ක යන්න කලිං දෙසැරයක් හිතන්න ඒ කතාව කොයිතරං වටිනා එකක් ද කියලා. කතාවක් නෙවෙයි බොලං ඒක මසුරං මල්ලක් කියලයි මට නං හිතෙන්නේ.”
අපොයියාව | Apoiyawa
Original price was: Rs 700.00.Rs 560.00Current price is: Rs 560.00.- 2021 රජත පුස්තක සම්මානය
- 2021 ගොඩගේ සාහිත්‍ය සම්මානය
- 2021 රාජ්‍ය සාහිත්‍ය සම්මාන නිර්දේශය
අපේ ප්‍රහෙලිකාවට වචන පැමිණෙන්නේ ද හරියට මේ පාරවල් සතර ඔස්සේ අප අපේ ගෙදරට පීසෙනවා වාගේ ය. අක්කා වැනි සිනිදු වචන වලින් පැමිණෙයි. අපි වැනි දඟකාර වචන රංචු ගැසී පැමිණෙයි. අම්මා,කිරිඅම්මා වැනි ගැහැනු වචන ළඟ පාරවල්වලින් ඉක්මනින් අඩි තබා පැමිණෙන අතර තාත්තා වැනි ලොකු වචන රෑ බෝ වී පැමිණෙයි.කෙසේ නමුත් රාත්‍රිය වන විට සැවොම ගෙදරට එකතු වෙති.
ඇහැළ මලට දම් පාටක් | Ehela Malata Dam Patak
Original price was: Rs 1,200.00.Rs 1,080.00Current price is: Rs 1,080.00.- 2024 රජත පුස්තක සම්මානය සදහා නිර්දේශිත
“පාරමී දන්නවද, මේ ඇහැළ ගහටත් නමක් තියෙනවා.”
පුස්තකාල උද්‍යානයේ එපමණ මල් නොපිපෙන ඉසව්වක
දලුලන කුඩා ඇහැළ පැළය අසලදී කසුන් කීවේය.
පාරමීගේ සිහින් දෑස ඒ කුමක්දැයි ඇසුවාය.
“The tree of Paramee…!”
“මම පාරමී?”
“ඔව්. හැමෝටම හෙවණ ලැබෙන තැනක තමන්ටම කියලා
ගහක් තියෙන එක ෂෝක් කියලා පාරමීමනෙ කීවෙ.”
“ඒත් මේක හිටෙව්වෙ මම නෙමෙයිනෙ.”
මේ ගහ හිටෙව්වෙ මම. එයාට නමක් දුන්නෙත් මම.”
“කසුන්… ඔයාට මතකද මම ඉස්කෝලෙ හිටවපු
ඇහැළ ගහ? අපි ඒකට ඔයාගෙ නම තියමු.”
“ඕන නෑ. පාරමී දන්නවනෙ, මම ආස එහෙම නෙමෙයි.
අපැහැදිලි අමුතු මතකයක් වෙන්න.”
“ඇයි ඒ?”
“දන්නැද්ද ඉතින්, පොඩි පොඩි අරුමෝසම් හීන…!”
#forget me not #ahala malata dham patak
හයිඩි | Heidi
Original price was: Rs 600.00.Rs 480.00Current price is: Rs 480.00. Heidi
by Johanna Spyri
වයසට වඩා මුහුකරා ගිය බුද්ධියක් දැරියට ඇති බව සීයා තේරුම් ගත්තා. ඔය වැඩපොළ කරන අතරේ හිරු අවරට යමින් තිබුණා. දේවදාර ගස්වල අතු ඉති සොලවමින් සැන්දෑ සීත සුළග හමා ආවා. කදු මුදුනේ සිට පහළට දිව එන සතුන්ගේ කුර හඩත් සමග කිසිවකු කෑකෝ ගසමින් උන් දක්කාගෙන එනු ඇසුණා. එවිට නැන්දා කී දෙයක් හයිඩිට සිහිපත් වී ඇගේ මුවගේ සිනා රැල්ලක් ඇදි ගියා.
ටොම් සෝයර් | Tom Sawyer
Original price was: Rs 290.00.Rs 230.00Current price is: Rs 230.00. The Adventures of Tom Sawyer
by Mark Twayn
නැන්දණියට හොරෙන් මිතුරන් සමඟ සෙල්ලමට යන “ටොම් සෝයර්”, නැන්දණියගෙන් බේරීමට දරණ තැන හාස්‍ය රසය ඇති කළද සමස්ථයක් වශයෙන් ගත් කල එකී චරිත තුළ අනුකම්පාව, කෙළෙහිගුණ සැලකීම ආදී ගුණාංගද ගැබ්වී ඇත.
හතේ කල්ලියේ වික්‍රම පොත් කට්ටලය (පොත් 15) | Hathe Kalliye Wikrama
Original price was: Rs 4,750.00.Rs 3,690.00Current price is: Rs 3,690.00. The Secret Seven
by Enid Blyon
හතේ කල්ලියේ වික්‍රම පොත් කට්ටලය
01. කෙරි බ්ලූ වික්‍රමය – පිටු 96
02. මුතු මාලයේ වික්‍රමය – පිටු 96
03. එම්බර් වීදියේ වික්‍රමය – පිටු 96
04. චීකි චාලි වික්‍රමය – පිටු 96
05. ගල් අඟුරු වළේ වික්‍රමය – පිටු 96
06. සිඩ්ගේ අවන්හලේ වික්‍රමය – පිටු 96
07. තැපැල් මලු අබිරහස – පිටු 96
08. හිස් නිවහනේ වික්‍රමය – පිටු 96
09. අස්හලේ කොලුවාගේ අබිරහස – පිටු 96
10. වයලීන වික්‍රමය – පිටු 112
11. ගිනි මැළයේ වික්‍රමය – පිටු 96
12. ටොර්ලින්ග් මාලිගයේ වික්‍රමය – පිටු 96
13. සුනඛ චෞර වික්‍රමය – පිටු 96
14. බ්‍රැම්ලේ වනාන්තරයේ වික්‍රමය – පිටු 96
15. බ්‍රවුනි වික්‍රමය – පිටු 96
හාවැට දිගේ ගෙදර බලා | Haweta Dige Gedara Bala
Original price was: Rs 550.00.Rs 440.00Current price is: Rs 440.00. Follow the Rabbit-Proof Fence
by Doris Pilkington | Nugi Garimara
වසර 1390 ගණන්වල දී බටහිර ඕස්ට්‍රේලියාවේ, වයඹ දිග පෙදෙසේ පර්ත් නගරයෙන් උතුරට වන්නට පිහිටි මුරේ ගංගා ස්වදේශික නිවාසයේ සිට ආපසු ජිගලොන්ග්හි පිහිටි සිය නිවෙස බලා, ඇබරිජීනු දැරියන් තිදෙනෙකු විසින් සිදු කළ දුෂ්කර පා ගමන, ඓතිහාසික සිදුවීමක් පමණක් නොව එය අදහාගත නොහැකි විස්මයජනක වික්‍ර්‍රමයන්ගෙන් එකක් ද වන්නේ ය.
ඔලිවර් ට්විස්ට් | Oliver Twist
Original price was: Rs 450.00.Rs 360.00Current price is: Rs 360.00. Oliver Twist
by Charles Dickens
වන මැද සරසවිය | Wana Mada Sarasawiya
Original price was: Rs 400.00.Rs 320.00Current price is: Rs 320.00.“කෝසලගේ හිනාව වන්නි පොලවේ පීදුණු කරඹ මලක් වගේ ඒ තරමට ලස්සනයි. ඊටත් වැඩ ආදර්ශවත් කෝසල හේන් කෙටුවා – ගොවිතැන් කළා. පොළවල් ගානේ ගිහින් බදු වික්කා. ඒ අතර මහන්සියෙන් ඉගෙන ගත්තා. ඒ වගේමයි, මල්ලිටත් ඉගැන්නුවා. ඇත්තෙන්මයි, සරසවියක් වූ කොසලගේ යෞවනය, වන මැද සරසවිය යොවුන් කතාවෙන් දිග හැරෙනවා.
#wana meda sarasawiya #vana meda sarasaviya
බ්ලැක් බියුටි | Black Beauty
Original price was: Rs 300.00.Rs 240.00Current price is: Rs 240.00. Black Beauty
by Anna Sewell
“නළලේ සුදු පැහැති තරුව, එක පාදයක සුදු පැහැ ළපය, කෝ බලන්න…”
ඔහු කියවමින් මගේ බෙල්ල පරීක්ෂා කර බලා උඩ පැන්නා.
“මේ තියෙන්නේ අනිත් ලකුණ. මං මෙයා ගැන හරියකට හෙවුවේ බැලුවෙ නැති දවසක හීතලේ ගැහිල ලෙඩ වුණා. එදා ඩොක්ටර් ඉන්ජෙක්ෂන් එක ගහපු තැන මේ බලන්න මැඩම්..! මේ තමයි බ්ලැක් බියුටි… බ්ලැක් බියුටි…! ඔයාට මාව මතකද? මං තමයි ජෝ ග්‍රීන්.”
ඔහු සතුටින් කෑ ගැසුවා. ඒ තරම් සතුටු වෙන මිනිසෙක් මින් පෙර මා දැක තිබුණේ නැහැ. ඇත්තටම මා මේ දකින්නේ සිහිනයක්ද?
අමේසන් වික්‍රමය – කුමාර සිරිවර්ධන | Amazon Wikramaya
Original price was: Rs 700.00.Rs 560.00Current price is: Rs 560.00. Amazon Adventure
by Willard Price
ලොව දිගම ගංගාව නයිල් වූවත් ලොව විශාලතම ගංගාව අමේසන්ය. අමේසන් ගංගාවේ විශාලත්වය ඔබට මට සිතාගන්නට පවා අපහසුය. අමේසන් ගංගාවේ සමහර තැන්වල පළල සැතපුම් දහසක් පමණ වේ. අන්දිස් කඳුවැටියෙන් ඇරඹෙන මෙම මහා ගංගාව මහද්වීපයේ නැගෙනහිර දෙසට සැතපුම් හාරදහසක් පමණ දුර ගෙවා පැමිණ දකුණු ඇමරිකාවේ උතුරු දිග වෙරළේදී අත්ලාන්තික් සාගරයට වැටෙන්නේ හරියටම සමකයට යටිනි. මෙම ගංගාවේ ජලය කෙතරම් බලවත්ව මුහුදට වැටෙන්නේද යත් එම ජලය මුහුදු ජලය හා මිශ්‍ර නොවී සැතපුම් දෙසීයක් පමණ මුහුද ඇතුළට ගමන් කරයි. ගොඩබිම ඇතුළට සැතපුම් හාරසියයක් පමණ දුර යනතුරු ගංගාවේ විශාල දියරැලි නැගෙන අතර ගඟ දින්ගේ සැතපුම් තුන්දහසක් පමණ දුර ගොඩබිමේ ඇතුළට විශාල නෞකාවලින් ගමන් කිර්මට පුළුවන. අමේසන් නදිය ආශ්‍රිත අමේසන් වනාන්තරය ජෛව විවිධත්වයෙන් අනූනය. එම වනාන්තරයේ තවමත් මිනිසුන් පය නොගැසු ස්ථාන තිබේ. මේ එම මිනිසුන් පය නොගැසූ බිහිසුණු අමේසන් වනාන්තරයේ අපූර්ව සංචාරයකට පාඨක ඔබට කෙරෙන ඇරයුමකි.
#amesan wikramaya amezan
වයලීන වික්‍රමය | Vayalina Wikramaya
Original price was: Rs 300.00.Rs 240.00Current price is: Rs 240.00. Puzzle for the Secret Seven
by Enid Blyon
හතේ කල්ලියේ වික්‍රම 10
දුප්පත් බෝලන් පවුලේ නිවහන ගිනි ගෙන විනාශ වෙයි. හතේ කල්ලිය එම පවුලට උපකාර කිරීමට මූලික වෙති. ඒ අතරතුර නගරයේ වෙළෙඳ සලක කවුළුවක් බිඳ අගනා හා පැරැණි වයලීනයක් සොරා ගැනෙයි.
මහ රෑ කන්ද මුදුනෙන් ඇසුණු ළතෝනිය කුමක්ද?
කුඩා බිලිඳකු සිටි ජෑම් කරත්තය හනේ කල්ලියේ අවධානයට ලක්වූයේ මන්දා?
තැපැල් මලු අබිරහස | Thapal Malu Abirahasa
Original price was: Rs 300.00.Rs 240.00Current price is: Rs 240.00. Secret Seven Win Through
by Enid Blyon
හතේ කල්ලියේ වික්‍රම 07
හතේ කල්ලියේ අලුත්ම මූලස්ථානය වූයේ ගල් ගුහාවකි. නමුත් ඔවුන් වහා වටහාගන්නේ රාත්‍රියේ එහි ඇතුළු වන කිසිවකු තමන්ගේ භාණ්ඩ සොරා ගන්නා බවයි.
ඇල්බට් ටැනර් හා පඹයන් අතර වූ සම්බන්ධය කුමක්ද?
තැපැල් මලු ගුහාවේ සැඟවීමට ඔවුනට එහි ඇතුළුවීමට රහස් දොරටුවක් තිබිණිද?
හිස් නිවහනේ වික්‍රමය | His Niwahane Wikramaya
Original price was: Rs 300.00.Rs 240.00Current price is: Rs 240.00. Three Cheers, Secret Seven
by Enid Blyon
හතේ කල්ලියේ වික්‍රම 08
සුසී ගේ ගුවන් යානය බාට්ලීට් වත්තට පියාසර කරමින් අතුරුදහන් වූයේය. එය සොයා ගිය පීටර්ට ජනේලයකින් පෙනුණු රතු ගිනි දැල්ල කුමක්ද?
නිවහන හිස්ව, එහි යතුරු බැංකුව භාරයේ තිබියදී ඊට අනවසරයෙන් ඇතුළුවීමට පෙලඹී ඇත්තේ කවුරුන්ද? ඒ කුමකටද?
අයිතිකරුවන් විදේශගතව සිටිනා හෙයින් එහි ඇති බඩුභාණ්ඩ සොරා ගැනීම ඒ අයගේ අරමුණද?
සිඩ්ගේ අවන්හලේ වික්‍රමය | Sidge Awanhale Wikramaya
Original price was: Rs 300.00.Rs 240.00Current price is: Rs 240.00. God Work, Secret Seven
by Enid Blyon
හතේ කල්ලියේ වික්‍රම 06
මෝටර් රථ සොරකමේ ඇසින් දුටු සාක්ෂිකරුවෝ පීටර් සහ ජැනට් වූහ. එම සොරුන් කවුරුන්දැයි සෙවිය යුතු වූයේ හතේ කල්ලියයි.
සිඞ් ගේ අවන්හල ඉදිරිපිට පඹයකු ලෙස සිටියේ කවුරුන්ද?
ඉදිරිපස බොත්තමක් අඩු වැහි කබායේ ඇති වැදගත්කම කුමක්ද?
ගිනි කෙළිවලට වැඩියෙන් ළං වීම අවදානම් සහගතය.
කෙරි බ්ලූ වික්‍රමය | Keri Blue Wikramaya
Original price was: Rs 350.00.Rs 280.00Current price is: Rs 280.00. The Secret Seven
by Enid Blyon
හතේ කල්ලියේ වික්‍රම 01
ගම්මානය කෙළවර පාළු නිවහනේ සඟවාසිටිතැයි සැක කෙරුණු සිරකරුවා කවරෙක්ද?
වී සිරකරු සොයා පාළු නිවහන ට ඇතුළු වූ හතේ කල්ලියේ සාමාජිකයන්ට දැකගන්නට ලැබුණේ මොනවාද?
ඔවුන් තැනූ හිම මිනිසුන් සිව්දෙන එකවර සය දෙනකු වූයේ කෙසේද?
අප්පුහාමිගේ පුස්තකාලේ | Appuhamige Pusthakale
Original price was: Rs 550.00.Rs 440.00Current price is: Rs 440.00.සතියෙන් සථිඅ ඔහුට දැක ගැනීමට හැකි වුයේ පුස්තකාලයේ ඉදිකිරීම් කටයුතු ක්‍රමයෙන් ඉදිරියට යන ආකාරයයි. මීට ටික කලකට පෙර තම නිවසේදී “මඩොල්දූව” පොතින් ඇරඹි පුස්තකාලය මේ තරම් දුරක් ගොස් ගමට වැඩදායක ස්ථාවර පුස්තකාලයක් බවට පත්වේයැයි ඔහු කිසි විටෙක සිතුවේ නැත.
එහෙත් එය එසේ සිදුවිය.
තමා එහි මුලරම්භකයා යැයි සිතන විට ඔහුට ඇති වෙන්නේ බලවත් සතුටකි.
ගිනි මැළයේ වික්‍රමය | Gini Melaye Wikramaya
Original price was: Rs 300.00.Rs 240.00Current price is: Rs 240.00. Secret Seven Fire Works
by Enid Blyon
හතේ කල්ලියේ වික්‍රම 11
ජැක්ගේ සොහොයුරිය සුසී හතේ කල්ලියට එරෙහිව කරදරකාර තූනේ කල්ලිය පිහිටුවා ගත්තාය. හතේ කල්ලිය ඒ ගැන සතුටු වූයේ නැත.
ඔවුන්ගේ මුදල් සහ පඹයාට ඇන්දවීමට තබා තිබූ ඇඳුම් පවා සොරා ගන්නට, දර ගොඩ විසුරුවා හරින්නට තරම් සුසී දුෂ්ට වූයේද?
අවසානයේ පඹයකු ලෙස වෙස් ගෙන ගිනි මැළය මත සිටියේ කවුරුන්ද?
අස්හලේ කොලුවාගේ අබිරහස | Ashale Koluwage Abirahasa
Original price was: Rs 300.00.Rs 240.00Current price is: Rs 240.00. Secret Seven Mystery
by Enid Blyon
හතේ කල්ලියේ වික්‍රම 09
හතේ කල්ලියට ආරංචි වන්නේ මුදල් සොරකමක් ගැන චෝදනා ලැබ නිවෙසින් පලා ගිය පාසල් ශිෂ්‍යාවක පිළිබඳ ය.
කල්ලිය ඇය සොයා බේලින්ග් ගම්මානය පීරති. සොනින්ග් මහත්මියගේ නිවහනට රාත්‍රීන්හි හොරෙන් ඇතුළුව ආහාර සොරා ගන්නේ කවුරුන්ද?
අස්හලේ සේවක කොලුවා ඇය ගැන දැන සිටින්නේ මොනවාද? පීටර් එකවර උමතු වන්නේ මක් නිසාද?
මෝබි ඩික් | Moby Dick
Original price was: Rs 650.00.Rs 520.00Current price is: Rs 520.00. Moby Dick
by Herman Melville
බ්‍රවුනි වික්‍රමය | Browney Wikramaya
Original price was: Rs 300.00.Rs 240.00Current price is: Rs 240.00. Fun for the Secret Seven
by Enid Blyon
හතේ කල්ලියේ වික්‍රම 15
බ්‍රවුනි නමැති අශ්වයාගේ පාදයක් බිඳී ගියේ කාගේ වරදින්ද? ටොලි එම අශ්වයට වෙඩි තබා මරා දැමීමට එරෙහි වූයේය. ඔහුගේ පිහිටට එන්නේ හතේ කල්ලියයි.
එහෙත් අශ්වයන් පැහැරගෙන යාමට සොරුන් පැමිණෙන විට ඔවුන් සිටියේ කොහිද ?
පීටර් තද නින්දේය. ජැනට් හට පමණක් වී සොරුන් මෙල්ල කළ හැකිද?
ටොර්ලින්ග් මාලිගයේ වික්‍රමය | Torling Maligaye Wikramaya
Original price was: Rs 300.00.Rs 240.00Current price is: Rs 240.00. Good Old Secret Seven
by Enid Blyon
හතේ කල්ලියේ වික්‍රම 12
ඉපැරැණි ටොර්ලින්ග් මාලිගයේ කුලුනක කිසිවකු සැඟව සිටින බව හැඟී යයි.
ඒ අතරතුර හතේ කල්ලිය සතු දුරදක්නය ද සොරා ගැනෙයි. එය ගං පත්ලේය.
චිත්‍ර අඳින කාන්තාව සුසී හා පවසන්නේ මොනවාද?
මාලිගයේ බිම් කුටියේ ඇති රෙදි කඩමාලු මොනවාද?
සුන්දර කළු අසු | Sundara Kalu Asu
Original price was: Rs 700.00.Rs 560.00Current price is: Rs 560.00. Black Beauty
by Anna Sewell
ලුබ්නේට් කන්ද අසලට එන තුරු මා සාමාන්‍ය අන්දමින් ගමන් කළ ද, අධික බරත් මාගේ හෙම්බත් වීමත් තවදුරටත් දරාගැනීමට මා හට අසීරු විය. කස පහර කමින්, තෝන් ලණුවෙන් ඇදීම් නිසා පීඩා විඳිමින් මම මහත් පරිශ්‍රමයක් දරමින් යෑමට තැත් කළෙමි. එක මොහොතකදී එය කෙසේ විණිදැයි මට කිව නොහැකි වුවත් මගේ පාදය මගේ සිරුරට යටින් ලිස්සා ගිය අතර මා මහත් වේගයෙන් එක පසෙකට වැටිණ. මා බිම පතිත වූ වේගයත් ඉක්මනත් නිසා මගේ සිරුරේ වූ සියලු හුස්ම පිට වූ බව පෙනිණ. මම නිසලව වැතිර සිටියෙමි. සැබවින්ම මට සෙලවීමට ශක්තියක් නොවීය. මා සිතුවේ මා මියයමින් සිටිතැයි කියාය. අර අනුකම්පා සහගත සුමිහිරි හඬ “අයියෝ, අසරණ අස්සයා. මේ ඔක්කොම අපේ වැරැද්ද” යි කිවූ බව මට ඇසුණේ යයි මට සිතිණ. තවත් අයෙක් “එයා මැරිලා. එයා ආයෙ නැගිටින්නෙ නැහැ” කියා පැවසුවේය. අනතුරුව පොලිස් නිලධාරියෙකු අණ දෙන හඬ මට ඇසුණද මම දෙනෙත් නොහැරියෙමි. මට කළ හැකි එකම දෙය වූයේ ඉඳහිට හුස්මක් ගැනීම පමණි.
ගල් අඟුරු වළේ වික්‍රමය | Gal Anguru Wale Wikramaya
Original price was: Rs 350.00.Rs 280.00Current price is: Rs 280.00. Go Ahead, Secret Seven
by Enid Blyon
හතේ කල්ලියේ වික්‍රම 05
හිස් බිම් කඩක් වෙත ගෙන යන බල්ලන් එකවර අතුරුදහන් වන්නේ කෙසේද?
හිස් වැස්මකින් මුහුණ ආවරණය කරගෙන සිටින හතරැස් මුහුණැත්තා කවරෙක්ද?
පොලීසියට අවශ්‍ය ව සිටින තට්ට හිසක් හා මුහුණේ කැළලක් සහිත අපරාධකරුට හසුවූ ළමයින්ගේ ඉරණම කුමක්ද?
මුතු මාලයේ වික්‍රමය | Muthu Malaye Wikramaya
Original price was: Rs 350.00.Rs 280.00Current price is: Rs 280.00. Secret Seven Adventure
by Enid Blyon
හතේ කල්ලියේ වික්‍රම 02
රතු ඉන්දියානුවන් ලෙස වෙස්වලා ගත් හතේ කල්ලිය ක්‍රීඩා කරමින් සිටියහ.
හදිසියේ පීටර්ට දැකගත හැකි වුයේ එහි අමුතු මිනිසෙකුද සැඟව සිටින අන්දමය. අසල පිහිටි මන්දිරයේ නැතිවූ මුතු මාලය සොරාගත්තේ එම මිනිසාද?
සිංහයන් කිහිප දෙනෙකු එක්ව එම මුතු මාලය ආරක්ෂා කළේ මන්ද?
කදිම පාසලේ නායිකාවෝ | Kadima Pasale Nayikawo
Original price was: Rs 550.00.Rs 440.00Current price is: Rs 440.00. The Twins at St Clare’s
by Enid Blyton
කදිම පාසල් පොත් පෙළ අංක 06
නිවුන් සොයුරියන් හා ඔවුන්ගේ මිතුරියන් දැන් කදිම පාසැලේ ඉහළම පන්තියකය. එහෙත් ඔවුහු තවමත් දඟකාරය. විදුහල්පතිනිය ඇතුළු ගුරුවරියන් වෙහෙසෙන්නේ එම පිරිස අතරින් පාසැලට අලුත් ශිෂ්‍ය නායිකාවක තොරන්නටය. වඩාත් හොඳින් වගකීම් දැරිය හැකි ශිෂ්‍යාව කවුරුන්ද…?
එම්බර් වීදියේ වික්‍රමය | Ember Vidiye Wikramaya
Original price was: Rs 350.00.Rs 280.00Current price is: Rs 280.00. Well Done, Secret Seven
by Enid Blyon
හතේ කල්ලියේ වික්‍රම 03
හතේ කල්ලියට අයත් වූ රුක් නිවහනට අනවසරයෙන් නැගගත් අමුත්තෙකි.
අබිරහසක් පිළිබඳ හොඳ හෝඩුවාවක් ඔහු සතුව තිබිණි.
රතු කොට්ටයක්, ගරාදි වැටක් සහ එමා ලේන් සොයා ගතහොත් අබිරහස විසඳිය හැකි බවක් හතේ කල්ලියට දැනිණි.
චීකි චාලි වික්‍රමය | Chiki Charley Wikramaya
Original price was: Rs 350.00.Rs 280.00Current price is: Rs 280.00. Secret Seven on the Trail
by Enid Blyon
හතේ කල්ලියේ වික්‍රම 04
සන්ධ්‍යාවේ හය වන විට තදින් මීදුම පැතිරෙනු ඇත. ඒ අතරතුර දුම්රියක් වැරැදී පීල්ලකට යොමු කරවුවහොත් සිදුවන්නේ අනතුරක්ද? මහා පරිමාණ සොරකමක්ද?
වැරැදි පීල්ලකට ඇතුළු කරවන දුම්රිය ගබඩා අංගණයක් මැද නතර කෙරෙන නමුත් රියැදුරුට හා නියාමකවරයාට සැනසී සිටින්නට හැකි වේවිද?
කදිම පාසලේ දුෂ්ට පාලිකාව | Kadima Pasale Dushta Palikawa
Original price was: Rs 550.00.Rs 440.00Current price is: Rs 440.00. Claudine at St Clare’s
by Enid Blyton
කදිම පාසල් පොත් පෙළ අංක 05
කදිම පාසලේ මිත්‍රශීලී නේවාසිකාගාර පාලිකාව අසනීපයෙනි. අලුතින් එන පාලිකාව නපුරු ගතිගුණ පළ කරයි. ඇගේ දියණිය කේලාම්කාරියකි. කදිම පාසලේ කදිම බාලිකාවන් දුෂ්ට බව, කේළාම් හා නපුර පරදවන්නේ කොයි ආකාරයෙන් ද…?
සෆාරි වික්‍රමය | Safari Wikramaya
Original price was: Rs 890.00.Rs 710.00Current price is: Rs 710.00. Safari Adventure
by Willard Price
අප්‍රිකානු සිංහයාගේ ප්‍රියතම ආහාරය කුමක් විය හැකිද?
ඒ කුහුඹු -වලසා හෙවත් බිම් ඌරා යැයි ඔබ දැන සිටියේද? එහෙත් කුහුඹු වලසෙකු දඩයම් කර ගැනීම වනාන්තරයේ රජා වූ සිංහයාටද පහසු නැත.ඒ මිනිත්තුවක් දෙකක් ඇතුළත සිටි තැනින් අතුරුදහන් වන්නට උගේ ඇති දක්ෂතාව නිසාය. කුහුඹු -වලසා සිටි තැනින් එකවර අතුරුදහන් වන්නේ කෙසේද?
ලොව වේගවත්ම සත්ත්වයා චීටා ඉතාමත් මිත්‍රශීලි සතකු බවත් ඌ මස් අනුභව කරනවාට වඩා කරන්නේ ගොදුරේ ලේ උරා බීම බවත් ඔබ දැන සිටියේද? බයො බැබ් ගස් පිළිබඳ ඔබ දැන සිටියේ මොනවාද? අඩි පනහක පමණ උසට අඩි හැටක පමණ වට ප්‍රමාණයකින් යුතුව වැවෙන බයො බැබ්ගස්වල කඳ අභ්‍යන්තරය විශාල කුහරයක් බවත් ඒ ඇතුළත මිනිසුන් විසි පස් දෙනෙකුට පමණ ලැගුම් ගත හැකි බවත් ඔබ දැන සිටියේද?
කදිම පාසලේ සසල රාත්‍රිය | Kadima Pasale Sasala Rathriya
Original price was: Rs 750.00.Rs 600.00Current price is: Rs 600.00. Summer Team at St Clare’s
by Enid Blyton
කදිම පාසල් පොත් පෙළ අංක 03
ග්‍රීෂ්ම වාරය හොඳම පාසල් වාරයයි. අලුත් ශිෂ්‍යාවක් කදිම පාසලට අතුළු වෙයි. ඇගේ ජීවිතයේ සඟවාගත් රහස කුමක්ද? එතරම් දක්ෂ ආකාරයට අසුන් හසුරවන්නට ඇය උගත්තේ කෙසේද?
කදිම පාසලේ මහ රෑ සාදය | Kadima Pasale Maha Re Sadaya
Original price was: Rs 550.00.Rs 440.00Current price is: Rs 440.00. The Twins at St Clare’s
by Enid Blyton
කදිම පාසල් පොත් පෙළ අංක 01
කදිම පාසලේ වීරවරිය | Kadima Pasale Weerawariya
Original price was: Rs 550.00.Rs 440.00Current price is: Rs 440.00. The O’Sullivan Twins
by Enid Blyton
කදිම පාසල් පොත් පෙළ අංක 02
පාස්කු පාසල් වාරය ඇරඹෙද්දී නිවුන් සොයුරියන් කදිම පාසලට යන්නේ සිය මිතුරියන් යළි මුණගැසෙන අපේක්ෂාවෙනි. අලුත් ශිෂ්‍යාවක වූ මාරිගෙරී ඉතා දර දඬු ඇසුරට නුසුදුසු අයකු ලෙස පෙනෙයි. මුළු පාසලම ඇයව ප්‍රතික්ෂේප කළත්… එක් බිහිසුණු රැයක මුළු පාසලම අභිබවා වීරවරියක ලෙස නැගී සිටියි.
ඕලු 5 | Olu 5
Original price was: Rs 280.00.Rs 250.00Current price is: Rs 250.00.මෙය දිරිය දියණියක පිළිබඳ කතාවක් සේ ම බෝසත් ගුණ ඇති යහපත් මිනිසුන් පිළිබඳ කතාවක් ද වෙයි. මෙවන් චරිත හමුවන්නේ සුරංගනා කතාවල පමණකැයි කෙනකු කියන්නට බැරි නැත. එහෙත් දහම් පාසල් යන වියෙහි සිට ම බෝසත් චරිත හදාරණ සමාජයක මෙබඳු චරිත ආගන්තුක වෙතැයි මම නොසිතමි.
කාණ්ඩ පහකින් සමන්විත මෙම දීර්ඝ නවකතාවේ තේමාව වන්නේ ආධ්‍යාත්මික ආදරයයි. රාගයෙන් කිළිටි නොවුණ ආදරය ඉතා සුන්දරය, සුවඳය. එය ආනන්දයෙන් සිත් පුරවාලයි. මෙහි එන ප්‍රධාන චරිත දෙක එවන් ආදරයකින් බැඳුණාහු වෙති. කර්තෘ
ඕලු 4 | Olu 4
Original price was: Rs 280.00.Rs 250.00Current price is: Rs 250.00.‘ඕලු’ නම් වූ කොටස් පහකින් සමන්විත මේ කතාව තරුණ ගුරුවරයකු සහ යොවුන් ශිෂ්‍යාවක අතර හටගන්නා පිවිතුරු ආධ්‍යාත්මික බැඳීමක් තාරුණ්‍යෙයේ සුන්දරත්වය හා චමත්කාරය සමග එක් ව අපූර්ව ජීවන සුවඳක් බවට පත්වන අයුරු නිරූපණය කරන ප්‍රබන්ධයකි.
කුමාර කරුණාරත්න බෙහෙවින් ජනාදරයට පත් නවකතා රාශියක කතුවරයෙක් සහ සම්මානලාභී තිරකතා රචකයෙක් ද වෙයි. රතු රෝස, මුතු මැණික්, සෙව්වන්දි, සඳකඩපහණ, වසන්තයේ දවසක් ආදිය ටෙලි නාට්‍යවලට හා සිනමාවට නැඟුණ ඔහුගේ ජනප්‍රිය නවකතා වලින් කීපයකි.
ඕලු 3 | Olu 3
Original price was: Rs 280.00.Rs 250.00Current price is: Rs 250.00.‘ඕලු’ නම් වූ කොටස් පහකින් සමන්විත මේ කතාව තරුණ ගුරුවරයකු සහ යොවුන් ශිෂ්‍යාවක අතර හටගන්නා පිවිතුරු ආධ්‍යාත්මික බැඳීමක් තාරුණ්‍යෙයේ සුන්දරත්වය හා චමත්කාරය සමග එක් ව අපූර්ව ජීවන සුවඳක් බවට පත්වන අයුරු නිරූපණය කරන ප්‍රබන්ධයකි.
කුමාර කරුණාරත්න බෙහෙවින් ජනාදරයට පත් නවකතා රාශියක කතුවරයෙක් සහ සම්මානලාභී තිරකතා රචකයෙක් ද වෙයි. රතු රෝස, මුතු මැණික්, සෙව්වන්දි, සඳකඩපහණ, වසන්තයේ දවසක් ආදිය ටෙලි නාට්‍යවලට හා සිනමාවට නැඟුණ ඔහුගේ ජනප්‍රිය නවකතා වලින් කීපයකි.
ඕලු 2 | Olu 2
Original price was: Rs 280.00.Rs 250.00Current price is: Rs 250.00.රාගයෙන් තොර ආදරයක සොදුරු චමත්කාරය සහ පිවිතුරු ජීවත සුවඳ වහනය කෙරෙන මේ ප්‍රබන්ධය ජීවන අරගලයට උරදී සිටින දිරිය දියණියකගේත් පරාර්ථය සිය ජීවන දර්ශනය කරගත් උදාර තරුණයකුගේත් චරිත ඇසුරින් පාඨක සිත්සතන් පහන් සංවේගයෙන් සනසාලමින් රචිත ගද්‍ය කාව්‍යයක් බඳු රසවත් නිර්මාණයකි.
පෝල්ගේ ලෝකය | Paul’s World
Original price was: Rs 1,650.00.Rs 1,320.00Current price is: Rs 1,320.00. SPELLBINDER: Paul’s World
by Mark Shirrefs & John Thomson
“රියානා” ආගන්තුක ලෝකයක සිට තවත් ආගන්තුක ලෝකයකට අදිසියේ පැමිණි ඇය මුහුණ දෙන්නේ කුමනාකාර අත්දැකීම් සමුදායකටද ?
මහා බලසම්පන්න මායාබන්ධකයින් ගේ බලයට යටපත්ව බියෙන් සහ කම්පනයෙන් දිවි ගෙවන මිනිසුන් වෙසෙන ලෝකය රියානාගේ නිජබිමය. මායාබන්ධකයින් ගේ ලෝකයට අදිසියේ පැමිණි පෝල් ව බේරාගැනීමේ උත්සාහයේදී රියානාට ද සිදුවන්නේ නොසිතූ ලෙසින් පෝල් ගේ ලෝකයට පැමිණෙන්නටයි. තාක්ෂණික දියුණුවෙන් ඔප් නැංවුණු නවීන ලෝකයට පැමිණි රියානාට දියුණු පරිසරයට අනුගත වීමට හැකිවෙයිද?
මායාබන්ධකයින් යටත් කොට රියානාගේ ලෝකය අත්පත් කර ගැනීමට වෙරදරන ආශ්කාගේ බිහිසුණු සැලැස්ම පරාජය කිරීමට රියානාට සහ පෝල් ට හැකිවෙයිද?
රියානාට නැවතත් සිය උපන් දේශය කරා යාමට හැකිවෙයිද?
ඈන් 5 – සිහින මන්දිරය | Anne 5 – Sihina Madiraya
Original price was: Rs 900.00.Rs 810.00Current price is: Rs 810.00. Anne’s House of Dreams
by L. M. Montgomery
ඈන් 4 – තුන් අවුරුද්ද | Anne 4 – Thun Awurudda
Original price was: Rs 900.00.Rs 810.00Current price is: Rs 810.00. Anne of Windy Willows
by L. M. Montgomery