Young Adult - යොවුන් නවකතා
මැට්ටි | Matti
Original price was: Rs 900.00.Rs 720.00Current price is: Rs 720.00.- 2021 රාජ්‍ය සාහිත්‍ය සම්මාන – හොදම ස්වතන්ත්‍ර යොවුන් සාහිත්‍ය කෘතිය
“ටීච බටර් කෑවා කියන්නේ… ටීච කෙනෙක් ලමයි ඉස්සරහා බටර් කයිද… දැකලා නෙමේ නේ ඔය කියන්නේ..”
“දැක්කේ නැති උනාට ..! කවුරුත් ඒ වගේ රස බටර් විසි කරනවයෑ… එහෙනම් ටීච ගෙදර ගිහිං හරි කයි. නැත්තං අපිව පන්නන් නැතිව අපිටම දෙන්න තිබුනනේ කන්න…”
මැට්ටි. වැඩිහිටියන් අපේක්ෂා කරන රාමුකල ජයග්‍රහණ නෙළා ගන්නේ නැත. එහෙත් ඇය, ඇයගේම සුවිශේෂී වූ ජයග්‍රහණයන් භුක්ති විඳිමින් මහා වෘක්ෂයක් වෙමින් මහ පොළොව මත වැඩේ.
ආර්ථික අගයන් ඉපදවීමේ පමණක් නොව ජීවිතය වින්දනය කිරීමේ දක්ෂතාවයද කුසලතාවයකි. දරුවන් තුළ ඇති එවන් කුසලතාවයන් මොට නොකොට ඔබ දැමීමට වැඩිහිටියන්ට ඇති මහත් වූ වගකීම මෙහි සියුම් ලෙස ස්පර්ශ කරයි. වැඩිහිටියන් අපේක්ෂා කරන සාර්ථකත්වයේ හා හික්මීමේ මිනුම් දඬු දරුවන් නිහඬ කරවූවද, ඔවුන්ගේ නිර්මල ඇතුළාන්තය ලක්වෙන අන්දම මෙහි ඉතා සරලව දරුවෙකුගේ ඇසින්ම පෙන්වා ඇත.
කුඩා දැරියක වටා ගෙතුනු හාස්‍යරසයෙන් අනූන කතාවක් වුවද මේ පොත ළමා කතාවක් නොව, දරුවන්ගේ පෞරුෂය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරවිය හැකි වැඩිහිටි දුබලකම් හා අඩුපාඩු දෙක ඇස් කරවීමකි.
නැනී | Nanny
Original price was: Rs 1,000.00.Rs 800.00Current price is: Rs 800.00.“තාත්තා…
ඔයා ගොඩක් ගොඩක්
ගොඩක් හයියයි.
ගොඩාආආආ….ක් ශක්තියයි.
ගොඩාආආආ…රියක් උසයි.
ඔයා කොහොමද මෙච්චරක් කල්
ටෙලිපෝන් එක අස්සෙ හිටියෙ? ආයේ
කොහොමටවත් ඒක අස්සට
යන්නෑනේ…?
මට පෑනෙන් ලියන්නත් පුළුවන්. මේ…
මම දැන් ලොකුයි…”
ඒ උනාට ලොකු මිනිස්සු ගොඩ
දෙනෙක් තාම කුඩායි.
චෝක් පෙට්ටියෙන්, බොරු ඇඬිල්ලෙන්,
අතොරක් නැති කතාවෙන්, පුටුවකට
මේසෙකට බඩගෑමෙන් සිඟිත්තෙක්
කියන වැදගත් කතා තේරුම් ගන්න
ඒගොල්ලන්ට පෑනෙන් ලියූ මේ කතාව
රුකුලක් වේවි!