World History - ලෝක ඉතිහාසය
ඔක්තෝබර් – රුසියානු විප්ලවයේ කතාව | October
Original price was: Rs 1,300.00.Rs 910.00Current price is: Rs 910.00. The Story of the Russian Revolution
by China Miéville
රුසියානු විප්ලවයේ කතාව
1917 යනු වික්‍රමාන්විත ක්‍රියා, අපේක්ෂා, ද්‍රෝහිකම්, ඇදිහිය නොහැකි අහම්බ සිදුවීම්, යුද ගැටුම් හා සටකපට කූට ප්‍රයෝග, අභීත භාවය, බියගුලුකම හා මුග්ධ භාවය, පුරසාරම, වීර්යය හා ශෝකාන්තය යන සියල්ල එකම දාමයක්ව බැඳුණු වීර කාව්‍යයකි. එය උන්නතිකාමයේ සහ වෙනස්වීමේ යුගයකි. එය ඇස් නිලංකාර කරවන ආලෝකයේ, ශක්තියේ, අඳුරු සෙවනැලිවල යුගයකි. එය මහාමාර්ග, දුම්රිය මාර්ග සහ දුම්රිය පිළිබඳ යුගයකි.
රුසියානු විප්ලවය ගැන අප කොතෙක් නම් පොත් කියවා තිබේද? එසේ වුවද ඒ විවාදාත්මක සිදුවීම් ජාලය පිළිබඳව ලියා ඇති අන් කවර පොතකට ද වඩා මේ කෘතිය සුවිශේෂ එකක් වන්නේ එය එම විප්ලවයේ අඳුරු අහුමුලු ද එළිය කරමින්, ඊට දායක සහ නායක වූ චරිත මැදහත් මනසකින් යුතුව විස්තර කරන නිසාම පමණක් නොවේ. ඒ සිදුවීම් මාලාව ශූර නවකතාකරුවකුගෙන් පමණක් බලාපොරොත්තු විය හැකි ආකාරයට පාඨක කුතුහලය ද අවුළුවමින් ඔහු ගොනු කරන විලාසය ද නිසාය. කුඩා දිය සීරාවක් ලෙස ඇරඹි ඔක්තෝබර් විප්ලවය නමැති මහෝඝය ඇළ, දොළ, දියකඳුරු, අතු ගංගා එකතු කර ගනිමින්, වන වදුලු, තුරු වදුලු, තැනි බිම් මැදින්, ගල් පර මතින් ගලා යන රඟ, අප හමුවේ නාටකීය ලෙසින් ඉදිරිපත් කරන ප්රබුද්ධ ශෛලිය ද නිසාය.
ගිනි මැද සක්මන | Gini Mada Sakmana
Original price was: Rs 950.00.Rs 760.00Current price is: Rs 760.00. Bis zur letzten Stunde
by Traudl Junge & Melissa Muller
එවකට විසිදෙවෙනි වියේ පසු වූ ට්‍රවුඩ්ල් යුන්ග් බැලේ නාට්‍යාංගනාවියක්වීමට සිහින මවමින් සිටි අතර, අහම්බෙන් මෙන් ඇයට ඇඩොල්ෆ් හිටලර්ගේ ලේකම්වරියක වන්නට අවස්ථාව ලැබුණි. වර්ෂ 1942 සිට ඔහුගේ මරණය දක්වා බංකරය තුළ ඔහු අසල රැදෙමින් ඔහුගේ ලිපි ලේඛන, දේශන වෙනකක් තබා ඔහුගේ පෞද්ගලික සහ දේශපාලනික අන්තිම කැමති පත්‍ර පවා යතුරු ලියනය කරන ලද්දේ ඇය විසිනි.
එහෙත්, හිට්ලර්ගේ නාසි රාජ්‍යයේ මිනීමරු ස්වභාවය ඇයට දැනගන්නට ලැබුණේ යුද්ධය අවසන් වූවාට පසුවය. ඇය කොතරම් සසල වූවාදැයි කිවහොත් කෘරතම අපරාධකාරයාට ලෙන්ගතුවීම කෙරෙහි ඇය තුළ පසුතැවිල්ලක් ඇතිවිය.
ඇගේ මෙම කෘතිය ප්‍රකාශයට පත්වීමෙන් දින කීපයකට පසු, වර්ෂ 2002 පෙබරවාරි දෙවැනි දින ඇය මෙලොවින් සමුගත්තාය.
අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මම නිස්කලංක ව කතා කරන්නට හැකි තැනකට ඔටෝ ගුන්ෂ් කැඳවාගෙන යන ලදු ව, හිට්ලර්ගේ අවසානය සිදු වූ අයුරු ගැන අසා සිටියෙමි. ඔහු ඉතා කැමැත්තෙන් මා හට එය විස්තර කරන්නට ඉදිරිපත් විය. “හිට්ලර් සමග ඔහුගේ කාමරයට ඇතුළු වන දොර දක්වා ගිය අපි ඔහුට නැවත වරක් ආචාර කළා… ඊට පසු ව ඔහු ඊවා බ්‍රවුන් මහත්මියත් සමග කාමරයට ඇතුළු වී දොර වසා ගත්තා… හීවල්, කෙම්පෙක, ගොබල්ස්, බෝර්මන්, අක්ස්මන් සහ මම ඒ අසල කොරිඩෝරයේ නැවතී සිටියා. විනාඩි දහයක් විතර කාලයක් ගත වුණා. ඒ කාලයට අපට දැනුණේ දවසක් වගේ… ඊට පස්සෙ අපිට වෙඩි සද්දයක් ඇහුණා… ගොබල්ස් දොර ඇරගෙන කාමරය ඇතුළට යන විට හිට්ලර් හිසට වෙඩි තබාගෙන පුටුව මත මැරි වැටී සිටියා… වෙඩි උණ්ඩයෙන් ඔහුගේ හිස කුඩු පට්ටම් වී ගොස් තිබුණා… ඊවා බ්‍රවුන් සයනයිඩ් කරල හපාගෙන මියගොස් සිටියා… අපි නායකයාගේ හිස රෙදි කැබැල්ලකින් එතුවා… හිට්ලර්ගේ සහ ඊවා බ්‍රවිනිගෙ මළසිරු කෙම්පෙක සහ අක්ස්මන් උස්සාගෙන රයිෂ් චාන්සලරිය උද්‍යානයට අරගෙන ගියා… අපි මළසිරුරු දෙක චාන්සලරියට ඇතුළු වන දොර ළග ඉඳලා මීටර් තුනක් පමණ ඈතින් තියලා ඒ මතට පැට්රල් දාලා ගිනි තිබ්බා.” ගුන්ෂ් කතාව සමාප්ත කළේය. මොනතරම් ඉක්මනින් මනුස්ස ජීවිතයක් අවසන් වන්නට හැකි දැයි මට ඒ මොහොතේ කල්පනා විය. දින කීපයකට පෙර මුළු ලෝකය ම සොලවාගෙන හිටපු එමෙන් ම තුන්වන අධිරාජ්‍යයේ නායකයා දැන් සුළගට ගසාගෙන යමින් තිබෙන කුඩා අළු ගොඩක් පමණි.
මරණයේ දොරටුව | Maranaye Doratuwa
Original price was: Rs 1,300.00.Rs 1,040.00Current price is: Rs 1,040.00. Auschwitz
by Dr. Miklos Nyszli
වියරු වැටුණු නාසි රාජ්‍ය එහි අවසාන දර්ශනය ලොක වේදිකාව මත රඟ දක්වමින් සිටියහ.මුළු ලෝකයටම ගිනි තබන ලද ඔවුහු අද ඔවුන්ගේම ගිනිමැලයකට වැටී දැවී යමින් සිටින්නෝය.දශකයක් තිස්සේ මුළු ලෝකය පුරා රැව් දෙන ලද “Deautshland,Deautshland uber allaes” “ලෝකයේ උතුම්ම ම ජාතිය ජර්මනියයි” යන අඥාපතියාගේ වියරු හඬත් සමඟ ඔහුගේ අද පොළොව යට ඇති බංකරයකට වී ගැහෙමින් සිටින්නේය. අහංකාරෝන්මාදයෙන් ආඩම්බරයෙන් වැජඹුණ නාසි රාජ්‍යයට විරුද්ධව, මුළු ලෝකයම එකතු වී, නිදහස සඳහා කරන ලද විරෝදාර සටනින් සහතික වශයෙන්ම නාසි රාජ්‍යයේ බළ බිඳ දමා ඇත.
යුද්ධයේ අතුරු කතාවක් | Yuddaye Athuru Kathawak
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00. The Nazi Officer’s Wife
by Edith Hahn Beer
එඩිත්හාන් නමැති යුදෙව් ජාතික දිරිය කතගේ ආත්ම භාෂණය රැගත් ‘The Nazi Officer’s Wife’ විෂම සමාජයක උපත ලැබ අනේකවිධ දුක් දොම්නස්වලට මුහුණ දී අවසානයේ විමුක්තිය ලබන අයුරු විවරණය කෙරේ.
දෛවයේ කිසියම් කාරුණික බලවේගයක් සහ මනුෂ්‍යත්වය හඳුනන උතුම් මිනිසුන් කිහිපදෙනෙකුගේ මැදිහත් වීම මත මගෙත් ඇන්ජලා ගේ ජීවිතය බේරුණි.
මේ ලෝකයේ අන්කිසිම අයෙකුට වඩා මගේ සත්‍ය ජීවිත කතාව දැන ගන්නට උවමනා වී තිබුණේ මගේ දියණිය වූ ඇන්ජලා ට ය.ඇගේ බලකිරීම නොවන්නට මේ කතාව කිසිවෙකුට දැන ගන්නට නොලැබෙනු ඇත.