මළ නොමළ මිනිසා | Mala Nomala Minisa

Original price was: Rs 600.00.Current price is: Rs 480.00.

හිම කබාය | Hima Kabaya

Original price was: Rs 550.00.Current price is: Rs 440.00.

The Overcoat and Other Russian Tales
by Niklai Vasilievich Gogol

බිම් ගෙයි සිරකරුවා | Bim Gei Sirakaruwa

Original price was: Rs 1,050.00.Current price is: Rs 945.00.

Russian Short Stories

සිංහල පරිවර්තන සාහිත්‍යයේ විප්ලවයක් සිදු කළ මේ “බිම් ගෙයි සිර කරුවා” නමැති ග්‍රන්ථය, සැබවින් ම පරිවර්තන කලාවේ අග්‍ර ඵලයක් ලෙස සැලකිය යුත්තකි.රුසියානු සාහිත්‍යයේ එන ශ්‍රේෂ්ඨ සාහිත්‍ය ධරයන් සියල්ලන් ම නියෝජනය වන මේ ප්‍රශස්ත පරිවර්තන කෘතිය, අවුරුදු පසළොසකට අධික කාලයක් තුළ විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයටත් උසස් පාඨශාලා සහතික පත්‍ර විභාගයටත් නිර්දිෂ්ට පාඨ ග්‍රන්ථයක් වී ය. මේ රටේ තරුණ පරම්පරාව රුසියානු සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨත්වය පළමු වන වරට වටහා ගත්තේ මේ ග්‍රන්ථයෙනි. එ කල පොත පරිශීලනය කොට, අද උගතුන් හා මහා සාහිත්‍ය ධරයන් බවට පත් වී සිටින සාහිත්‍ය ලෝලයන්ට, පොතේ පිටු ගණන් කට පාඩමින් කිව හැකි ය. භාෂා ප්‍රයෝගවලින් ද, විවිධ රචනා ශෛලිවලින් ද, නිරවද්‍ය ව්‍යාකරණ විධිවලින් ද සමන්විත මේ මහාර්හ සාහිත්‍ය ග්‍රන්ථය, සෑම සාහිත්‍ය කාමියකු වෙත ම, සෑම පුස්තකාලයක ම තිබිය යුත්තකි.

දණ්ඩන කඳවුර | Dandana Kandawura

Original price was: Rs 600.00.Current price is: Rs 540.00.

නූතන ශ්‍රේෂ්ඨ කථා කරුවන් දස දෙනකුත් නියෝජනය කරන මෙම ථා සංග්‍රහයෙන්, සිංහල පාඨකයා මෙ තෙක් නොවිඳි විරූ වින්දනයක් ද චමත්කාරයක් හා ජීවිත පරිඥානයක් ද ලබනු නිසැක ය. තාන්ත්රික, අධිතාත්වික, සාන්දාෂ්ටික, ගුඪාත්මක හා සංකේතාත්මක ආදී නානා විධ සම්ප්‍රදායන් අනුව ලියැවුණ කථාවලින් හෙබි මෙම කථා සංග්‍රහය, නූතන කථා කලාවෙහි මූලික ලක්ෂණ හා ප්‍රවණතා මැනවින් නිරූපණය කරන්නකි.

මාර්ටින් වික්‍රමසිංහ කෙටි කතා එකතුව 2 | Martin Wikramasinghe Short Stories 2

Original price was: Rs 650.00.Current price is: Rs 585.00.

සිංහල බසින් පළ වූ මුල්ම කෙටිකතා සංග්‍රහය මාර්ටින් වික්‍රමසිංහ විසින් රචිත ගැහැනියක්ය. එය ප්‍රකාශයට පත් වූ 1924 අවුරුද්ද, යථාර්ථවාදී සිංහල කෙටිකතාවේ ආරම්භක අවස්ථාවද විය.

1924 -1951 අතර වන අවුරුදු විසිහතක කාලය තුළ, ඔහු විසින් ලියා පළ කරන ලද කෙටිකතා සංඛ්‍යාව 112 කි. අවුරුදු හැටකට අධික කාලයක් තුළ සිංහල බසත් සාහිත්‍යයත් නඟා සිටුවීම උදෙසා ඔහු විසින් විවිධාකාරයෙන් කරන ලද මෙහෙවරෙහිදී, සිංහල කෙටිකතාවේ අභ්‍යුදයට සැලසුණු නිර්මාණ දායකත්වය අනල්පය.

මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය විසින් වෙළුම් දෙකකින් යුතුව “ මාර්ටින් වික්‍රමසිංහ කෙටිකතා එකතුව ” මෙසේ පළ කෙරෙනුයේ, අනාගත පරපුර උදෙසා මහගත්කරුගේ නිර්මාණ සංරක්ෂණ කර තැබීමේ අභිප්‍රායයෙනි.

අබිරහස් විද්ධ චිත්‍රය | Abirahas Viddha Chithraya

Original price was: Rs 700.00.Current price is: Rs 630.00.

The Mysterious Portrait and Other Great Stories
by Nokolai Vaselievich Gogol

රුසියානු සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨතම හාස වාදියාත් ශ්‍රේෂ්ඨතම උපහාස වාදියාත්, ශ්‍රේෂ්ඨතම යථාර්ථ වාදියාත් වන නිකොලායි වසිලීවිච් ගෝගල් පශ්චාත් කාලීන රුසියානු සාහිත්‍ය කෙරෙහිත්, පශ්චාත් කාලීන රුසියානු ලේඛකයන් කෙරෙහිත්, පතුරුවාලූ බලපෑම ඉතා පෘථුල ය. ඔහු ගේ ශ්‍රේෂ්ඨ කථාවලින් ” හිම කබාය”. “රථය”, “නාසය “. “පිස්සකු ගේ දින පොත” හා “භයංකර පළි ගැනීමක් ” ආදී කථා මේ සංග්‍රහයට ඇතුළත්ය. සමාජයේ අධම අසාධාරණකම් නිසා, දිළිඳු කාලකණ්ණි ජීවිත ගත කරන, කෝටි සංඛ්‍යාත ජන කායක ගේ ජිවිත දෙස සානුකම්පිතව බැලීමට මේ කථා අප මෙහෙයවයි.

හාදුව | Haduwa

Original price was: Rs 600.00.Current price is: Rs 540.00.

රන් මකුණා | Ran Makuna

Original price was: Rs 850.00.Current price is: Rs 765.00.

කර්මක්ෂ | Karmaksha

Original price was: Rs 600.00.Current price is: Rs 540.00.
  • 2017 වර්ෂයේ ගොඩගේ සම්මාන නිර්දේශිත

අප බොහෝමයකගේ බිරින්දෑවරුන් හා සසඳන විට ඇය රූමත් එකියක නොවන බව, පිටස්තරයන් මෙන්ම අපේ යටි සිත් ද අපමණ වාරයක් අපට පවසා තිබේ. ඇස් කඩාගෙන යන අයස්කාන්ත පෙනුමකට උරුම කම් නොකීවද, ඇය අප කිසිවෙකුටත් ප‍්‍රතික්ෂේප කිරීමට අසීරු තරමේ ආකර්ෂණයකින් හෙබි බව අප සියල්ලන්ටම අවිවාදයෙන් යුතුව පිළිගැනීමට සිදු වීම, අප ලද එක්තරා මානසික ජයග‍්‍රහණයක් බව පැවසිය යුතුම ය.

මනාව පිහිටි අඟපසඟින් යුතු සෘජු ශරීරයකටද, අඳුරු පැහැයට සමීප සමකටද උරුමකම් කී ඇගේ මුහුණේ වූ දිගැටි නෙත් ඉතා දීප්තිමත් වූ අතර එහි ශෝකී පෙනුමක් ඇති බව අපි නිතර එකිනෙකා සමග පැවසීමු. ඇගේ නෙත් වල ශෝකී බවක් පෙනෙන්නේ අපටම පමණක්ද යන්න සැක කිරීමට ප‍්‍රමාණවත් තරම් සාක්ෂි බොහෝ තිබුණද, අපි ඒවා සැලකිල්ලට ගැනීමට තරම් උද්යෝගිමත් නොවීමු. හුරුබුහුටි නැහැය ඇගේ මුහුණට තියුණු බවක් එක් කොට තිබුණු අතර, පිරිපුන් මාංසල දෙතොල් ඇයට සරාගී පෙනුමක් උරුම කර දී තිබුණි.

පව්කාරයාට ගල් ගැසීම | Pawkarayata Gal Gesima

Original price was: Rs 500.00.Current price is: Rs 450.00.

“…. 1936 දී පළවූ මාර්ටින්‌ වික්‍රමසිංහගේ “පව්කාරයාට ගල්‌ ගැසීම” වූ කෙටිකතා සංග්‍රහයෙහි එන කෙටිකතා ජීවිතයෙහි උපහාස ජනක අවස්ථා ආශ්‍රය කොට ලියන ලද රචනා ලෙස හැඳින්වි හැකි ය. සිංහලයන්ගේ චරිතයෙහි විශෙෂ අංග සමහරක්‌ මෙහි චිවරණයට පාත්‍රවේ. මෙහි කතා, හාස්‍ය රසයෙන්‌ පූණී ය. තමා ආරුඪ කර ගත්‌ තවුස්‌ වෙස නිසා යම්‌ යම්‌ අවස්ථාවන්‌ පැමිණෙන විට වර්තමාන සිංහලයා කුහකයකු වන සැටි වික්‍රමසිංහ මේ කතාවන්හි උපහාස මුඛයෙන්‌ දක්වයි. වික්‍රමසිංහ සිංහලයාගේ උපාසක වේශය ඇද ඉවත දමා ඔහුගේ නෛසර්ගික මනුෂ්‍ය ගති ගුණ අනාවරණය කරයි ……”
– මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර –

මාර්ටින් වික්‍රමසිංහ කෙටි කතා එකතුව 1 | Martin Wikramasinghe Short Stories 1

Original price was: Rs 1,100.00.Current price is: Rs 990.00.

සිංහල බසින් පළ වූ මුල්ම කෙටිකතා සංග්‍රහය මාර්ටින් වික්‍රමසිංහ විසින් රචිත ගැහැනියක්ය. එය ප්‍රකාශයට පත් වූ 1924 අවුරුද්ද, යථාර්ථවාදී සිංහල කෙටිකතාවේ ආරම්භක අවස්ථාවද විය.

1924 -1951 අතර වන අවුරුදු විසිහතක කාලය තුළ, ඔහු විසින් ලියා පළ කරන ලද කෙටිකතා සංඛ්‍යාව 112 කි. අවුරුදු හැටකට අධික කාලයක් තුළ සිංහල බසත් සාහිත්‍යයත් නඟා සිටුවීම උදෙසා ඔහු විසින් විවිධාකාරයෙන් කරන ලද මෙහෙවරෙහිදී, සිංහල කෙටිකතාවේ අභ්‍යුදයට සැලසුණු නිර්මාණ දායකත්වය අනල්පය.

මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය විසින් වෙළුම් දෙකකින් යුතුව “ මාර්ටින් වික්‍රමසිංහ කෙටිකතා එකතුව ” මෙසේ පළ කෙරෙනුයේ, අනාගත පරපුර උදෙසා මහගත්කරුගේ නිර්මාණ සංරක්ෂණ කර තැබීමේ අභිප්‍රායයෙනි.

ආරිය සිංහබාහුගේ මරණය | Ariya Sinhabahuge Maranaya

Original price was: Rs 550.00.Current price is: Rs 495.00.
  • 2024 රජත පුස්තක සම්මානය සදහා නිර්දේශිත

මනුෂ්‍ය සමාජය සමග යම් සංකීර්ණ භාෂාමය හා ආඛ්‍යානමය සම්භාෂණයක යෙදෙමින් සමාජය, ජීවිතය හා පැවැත්ම පිළිබඳ සියුම් අර්ථ ජනිත කිරීමෙහි කැමැති ලේඛක ලේඛිකාවන් කෙටිකතාව සලකන්නේ නිර්මාණ ශක්තියේ ප්‍රාබල්‍යය අනුව හැඩගැසී ඕනෑම මොහොතක අලුත් මුහුණුවරකින් මතුවිය හැකි සාහිත්‍ය විධියක් ලෙසය. කෙටිකතාවට දරාගත නොහැකි අදහසක්, තේමාවක්, චරිතයක් හෝ අන්තර්ගතයක් නැත. එහෙත් එය එසේ වන්නේ කෙටිකතාකරුවා දීප්තිමත් අදහස් ඇති තියුණු සිතන්නෙකු වන අතරම කතා කීමෙහි ශිල්පය හා කලාව බුහුට් ලෙස භාවිත කරන ව්‍යූහමය පරිකල්පන ශක්තිය ඇත්තෙකුද වන විටය. ප්‍රින්ස් සේනාධීර අපගේ පැවැන්මෙහි ගැඹුරුම ස්ථාන දකින නිරීක්ෂණ ශක්තියත්, ඒ ස්ථාන ගැන ගැඹුරු සිතිවිලි සිතන බුද්ධිමත්කමත්, පැවැත්ම ගැන නිරීක්ෂණ සහ සිතිවිලි කතා කලාව සමග මුසු කරන ප්‍රතිභා ශක්තියත් ඇති කෙටිකතාකරුවෙකි. කියන දෙය සහ කියන විධිය යන දෙක අතර අර්ථකාරක අන්තර්ක්‍රියාව තම කතා තුළ පිහිටුවන්නට සමත් රචකයෙකි. කෙටිකතා කලාව සමග ජීවිත කාලයක් පොරබදන්නට ඇති කැමැත්තද ඔහුට ඇති බව පෙනෙන්නේ අර සියලූ ගුණ අතින් වර්ධනය වන ගමනක සිය තෙවන කතා සංග්‍රහය දක්වාම ඔහු පැමිණ ඇති බැවිනි.

ලියනගේ අමරකීර්ති

අලුත් නගරාධිපති | Aluth Nagaradhipathi

Original price was: Rs 900.00.Current price is: Rs 810.00.
  • 2021 රජත පුස්තක සම්මානය – හොඳම කෙටිකතා සංග්‍රහය හිමිවූ කෘතිය

“පිස්සු කියවන් නැතිව හිටපං. නිකං සංවේදීකම්වලට
එළියට එන්න දෙන්න එපා… ඒව මරා දාපං. ඇත්තටම අපේ
අරමුණට යන්න නම් අපි රිදෙන තැන් හොයාගෙන ගහන්න ́ඕන
.බුද්ධාගමට ගහල හරියන්නෙ නෑ… අපි ගහන්න ́ ඕන ඒක නඩත්තු කරන්න හදල තියෙන සංස්කෘතියෙ අඩු තැන්වලට. එතකොට තමයි රිදෙන්නෙ, අපට එරෙහිව අවි ඔසවන්නෙ. කොටින්ම බුද්ධිමය සංවාද, තාර්කික වාද විවාද, මේ ගැලරියට හරියන්නෙ නෑ. දැක්කත් නොදැක්ක වගේ යනවා. කොටින්ම, මං හරි උඹ හරි එම් ඒ එකේදි රිසච් එකට කරපු ශාස්ත්‍රීය මාතෘකා මේ ගැලරියට වැඩක් නෑ… උන්ට ඒව තේරෙන්නෙ නෑ. උන්ට දැනෙන්නේ වාඩිවෙලා ඉන්න පුටුවලට හොඳ ගල්පාරක් වැදුණොත් විතරයි. මං ඒ ගල් ගහන්න ́ ඕන තැන් හොයාගෙන තියෙන්නෙ. අපි ඒක හොඳින් තේරුම් අරගෙන මේ ගේම් එක සෙල්ලම් කරමු.

වහල්ලු | Wahallu

Original price was: Rs 500.00.Current price is: Rs 450.00.

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ වහල්ලු කෙටිකතා සංග්‍රහය මුලින්ම පළ වූයේ 1951 වසරේදී ය. මෙය වූ කලී එහි එකොළොස්වන මුද්‍රණය යි. ‛කෙටි කතාව’ යන ශීර්ෂය යටතේ ලියැවුණු දීර්ඝ විවරණයකින් යුතු ප්‍රස්තාවනාව මෙම සංග්‍රහයේ අගට යොදන ලද්දේ කෙටි කතා කියවා ඉන් අනතුරුව එය කියවීමෙන් පුළුල් අවබෝධයක් ලබා ගත හැකි බැවිනි. එම ප්‍රස්තාවනාව ගැන වික්‍රමසිංහ මහතා මෙසේ පවසයි:

‘මා මෙම ප්‍රස්තාවනාව ලියුවේ උසස් කෙටි කතාවෙන් ආස්වාදයක් ලබනු පිණිස තමන්ගේ ශක්තිය හික්මවනු කැමැත්තන් උදෙසා ය. කෙටි කතා රචනය පිළිබඳ උපදෙස් ගතහොත් එය බෙහෙවින් ප්‍රයෝජනවත් වෙතැ යි හැඟේ.’