Romance - ප්‍රේම වෘත්තාන්ත
ජේන් අයර් | Jane Eyre
Original price was: Rs 550.00.Rs 440.00Current price is: Rs 440.00. Jane Eyre
by Charlotte Bronte
1847 වසරේදී ‘Currer Bell’ යන ආරූඪ නාමයෙන් සාහිත්‍ය ලොවට පිවිසි චාලට් බ්‍රොන්ටේගේ කුළුඳුල් නවකතාව වන ‘Jane Eyre’ කෘතියේ සිංහල පරිවර්තනයයි. ඉතා සිත්ගන්නාසුලූ පේ‍්‍රම වෘත්තාන්තයක් වන මෙම කෘතිය එළිදැක්වීමෙන් ඇය විශ්ව කීර්තියට පත් වූවාය. ප‍්‍රථම මුද්‍රණයෙන් පස් මසක් ඇතුළත එය තෙවරක් සංස්කරණය කරනු ලැබීමෙන් එහි ජනපි‍්‍රයතාවය කොතරම්දැයි වටහා ගත හැක.
බිළිඳු වියෙහිදීම දෙමාපිය වියෝවෙන් අනාථ භාවට පත් ජේන් අයර් හට නෑදෑ හිත මිතුරන් හෝ නිවහනක් හෝ වත්කමක් හෝ රූමත් බවක් හෝ නොමැතිව කටුක දිවි පෙවතකට උරුම ලද හෙයින් සිය දිවි මග කිසිවෙකුගේ පිළිසරණක් නොලැබ තනිව ගෙන යාමට සිදු වූවාය. එහෙත් ඇගේ සහජ බුද්ධිය, නිසග හැකියාව, අප‍්‍රතිහත ධෛර්යය, නොපසුබට උත්සාහය, උට්ඨාන වීර්යය, තැන්පත් විනීත පැවැත්ම, මෘදු මොළොක් බව මෙන්ම ප‍්‍රතිපත්ති ගරුක ඍජු අවංක භාවය එඞ්වඞ් රොචස්ටර්ගේ අවධානයට යොමු වූ බැවින් බටහිර සාහිත්‍යයෙහි අද්විතීය පෙම් පුවතක් බිහිවීම සඳහා අවස්ථාව සැලසුණේය.
දෙව්තලාව | Dewthalawa
Original price was: Rs 750.00.Rs 600.00Current price is: Rs 600.00.දේවන්තගෙ යටිහිතේ නැගුනු පිළිතුර තේරුම් යනවත් එක්කම සඳුනිගෙ කන් දෙක රතු වුණා. හරියට දේවන්තගෙ කටිනුත් ඒ වචන පිටවුණා වගේ. ඒ එක්කම දේවන්තගෙ දෑසෙ පැටලිලා තිබ්ච්ච ඇගේ දෑස ඒ හැඟීමෙ බරටම බිමට නැඹුරු වුණා.
”කෙල්ලට තේරුණා…”
ඒ බව දැකලා දේවන්තගෙ හිත සතුටට පත්වුණා. ඒත් එක්කම.
”මොකෝ…?” කියලා අහන්න වගේ දේවන්ත සඳුනි දිහා බලලා ඔළුව වැනුවා.
ඒ ගමන ” ම්..හ්..” කියාගෙන සඳුනි ඔළුව දෙපැත්තට වැනුවා.
#dewthalawa devthalawa dewtalawa devtalava