අවසන් කටයුතු දිල්ලියේදී | Awasan Katayuthu Dilliyedi

Original price was: Rs 1,500.00.Current price is: Rs 1,200.00.

One Arranged Murder
by Chetan Bhagat

මං දන්නෙ කොහොමද? මෙයාලා මට මොනවත් කියන්නෙ නෑ… හැමෝම තම තමන්ගෙ වැඩ… ඔය ප්‍රෙර්නා… ගෙදර එන්නෙ යක්කු ගස් නගින වෙලාවට… ඇහුවම කියන්නෙ වැඩ ඇරිල එන වෙලාව කියල… කෙල්ලෙකුට ඔය හැටි රෑ වෙනකල් තියෙන වැඩ මොනවද? අනිත් කෙනා ගීතුගෙ දුව..! අල්ලපු කාමරේ ඉන්නෙ… ජංගියක් තංර කොට කලිසමක් ගහගෙන රවුං ගහනව! රමේෂ්වත්, ආදිත්‍යවත් ඒ කෙල්ලන්ව ආණ්ඩු මට්ටු කරන්න උනන්දුවක් නෑ… නීලම්… ඒ අනික් එක්කෙනා…! අර කෙල්ලට කවනව… කවනව… එළදෙනෙක් වගේ ආරනකම්ම! මේ ගෙදරින් මං ගැන බලන්නෙ අං අර බින්දු කෙල්ල විතරයි… ඒකිත් නැත්තං මං මෙලහටත් මැරිල..! වළලපු තැන්වල ගසුත් පැළවෙලා!!

ප්‍රෙර්නා…
දිල්ලියෙ සල්ලිකාර පවුලක කෙල්ල…
තට්ටු තුනේ ගෙදර, තුන්වෙනි තට්ටුවටත් උඩින් තියන රූෆ් ටොප් එකෙන් බිමට…
වැටුණද?
පැන්නද?
තල්ලුකළාද?

එ ගෙදරම තුන්වෙනි තට්ටුවෙ හිටපු ප්‍රෙර්නගෙ තරුණ බාප්පා ආදිත්‍ය…
එයාගෙ ඇඳ උඩම…
මැරුණද…?
මැරුවද…?
සිය දිවි නසා ගත්තද?

කේශව් අංජලීටයි…
අංජලී කේශව්ටයි…
ඇත්තටම ආදරේ කළාද?
බොරුවට ආදරේ කළාද?
ආදරේ කළේම නැද්ද?

මොන මගුලක්ද මන්දා | Mona Magulakda Manda

Original price was: Rs 1,100.00.Current price is: Rs 880.00.

2 States The Story of My Marriage
by Chetan Bhagat

ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ 2 States, The Story of My Marriage නවකතාවේ සිංහල අනුවාදයයි. පෙම්වතුන්ගේ ආදරය, විවාහය හා බැඳුණු සිදුවීම් ලෙස උපහාසයට ලක්කෙරෙන එක හුස්මට කියවිය හැකි අතිශය රසබර කතාවකි.

ලෝකෙ වටේම ඉන්න කෙල්ලෙ කොල්ලො ආදරේ කරනවා.
ආදරේ කරල බඳිනවා.
ඒක ඒ තරම් සිම්පල් වැඩක්.
හැබැයි ඒ වෙනින් රටවල්වල!
ඉන්දියාවේ ඒ සෙල්ලං බෑ!
ඉන්දියාවේ ආදරේ කරන කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි බඳින්න තවත් කාරණා ගණනාවක් සම්පුර්ණ වෙන්න ඕනෙ.

1. කෙල්ල කොල්ලට ආදරේ කිරීම
2. කොල්ලා කෙල්ලට ආදරේ කිරීම
3. කෙල්ලගෙ පවුලෙ කට්ටිය කොල්ලට ආදරේ කිරීම
4. කොල්ලගෙ පවුලෙ කට්ටිය කෙල්ලට ආදරේ කිරීම
5. කෙල්ලගෙ පවුලෙ කට්ටිය, කොල්ලගෙ පවුලෙ කට්ටියට ආදරේ කිරීම
6. කොල්ලගෙ පවුලෙ කට්ටිය, කෙල්ලගෙ පවුලෙ කට්ටියට ආදරේ කිරීම
7. ඒ ඔක්කොම ඉවර වෙද්දි, තාමත් කොල්ල කෙල්ලටයි, ඒ කෙල්ල කොල්ලටයි, ආදරේ නම් කසාඳ බැදීම

මොන මඟුලක්ද මන්දා?

යස්ස ළමිස්සි | Yassa Lamissi

Original price was: Rs 1,750.00.Current price is: Rs 1,400.00.

One Indian Girl
by Chetan Bhagat

“හායි මම රාධිකා මේතා … මම මේ සුමානේ බඳනවා… !
මං වැඩ කරන්නේ ලොක ප්‍රසිද්ධ බැංකුවක් වෙච්ච ගොල්ඩ්මන් සැක්ස් ‌එකේ.මගේ කතාව කියවන හැමෝටම ස්තූතියි.

හැබැයි පොඩ්ඩක් ඉන්න….මට තියනවා ඔයාලට අවවාදයක් කරන්න. ඔයාලා මට ඒ හැටි කැමති නොවෙන්න පුලුවන් …. ඒකට හේතු තුනක් තියනවා.

1. මං නොසෑහෙන්න හම්බ කරනවා.
2. මට හැමදේකටම මගේය කියලා මතකයක් තියනවා.
3. මට මීට මීට කලින් කොල්ලෙක් ඉඳලා තියනවා.එක්කෝ කොල්ලෝ දෙන්නෙක්ම හිටියා කියමුකෝ.

හ්ම්.. කොල්ලෙක් නම් ඔයාලට මේ එකක්වත් ප්‍රශ්න නොවෙන බව මම දන්නනවා.එත් මං කෙල්ලෙක් වෙච්ච හින්දා, මේ කිව්ව කාරණාත් එක්ක ඔයාල මට එච්චර කැමති වෙන්නේ නෑ…එහෙම නේද?

එච්චර විතරක් නෙවෙය .. සමහර විට ඔයාලා කියාවි,

“මේකි මහ යස්ස ළමිස්සියෙක් නෙ” කියලත්

දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ | Denna Depaththe Arathi Madde

Original price was: Rs 1,650.00.Current price is: Rs 1,320.00.

Revolution 2020
by Chetan Bhagat

කෙල්ලෙක්, කොල්ලෙකුට ආදරේ කරන්නේ මොකටද?

කොල්ලගෙ සල්ලිවලටද?

කොල්ලගෙ “මොළකාර” කමටද?

නැත්තං කොල්ලෙකුගෙ නාහෙට නාහන ගතියටද?

ඒත් නැත්තං ඩීසන්ට් කමටද?

මේ එකක්වත් නොවෙයිනං කොල්ලෙකුටග මා කොලිටීසිවලටද? කෙල්ලෙක් මේවයින් දෙක තුනකටම කැමතිනං ඒ කියන්නෙ කොල්ලො දෙන්නෙකුටම ආදරේ කරන්න එයාට පුළුවන් කියන එකද? දැන් ඉතින් වටපිට බලන්නත් එපා…

ළග ඉන්න කෙනාගෙ මූණ දිහා බලන්නත් එපා.

තොල විකාගෙන තනියෙන් හිනාවෙන්නත් එපා. සමහරවිට ඒකට උත්තරේ මේ කතාවෙන් දැනගන්න පුළුවන් වේවි. …

ඉස්සෙල්ල කිව්ව ගතිගුණ තියෙන කොල්ලො දෙන්නෙක් එකම කෙල්ලකුට ආදරේ කරනවනං ඒත් කියන්න තියෙන්නෙ ඒකමයි.