Positive Thinking - ධනාත්මක චින්තනය
කම්මැළි මොළේ | Kammali Mole
Original price was: Rs 950.00.Rs 855.00Current price is: Rs 855.00.සෑම මොළයක්ම මූලික ව්‍යුහයෙන් එකම වුවද, සාර්ථක වන අය සහ අරගල කරන අය අතර ප්‍රධාන වෙනස මොළයේ නොව – අපි එය භාවිතා කරන ආකාරයයි. කම්මැළි මොළේ යන සංකල්පය මොළයේ ස්වාභාවික ප්‍රවණතාව වන සුවපහසුව සෙවීම, අභියෝග මඟහැරීම සහ කෙටි මාර්ග ගැනීම පිළිබඳ අවධානය යොමු කරයි. මෙය නිතර මැළිකමට සහ අහිමි වූ අවස්ථාවන්ට හේතු විය හැකිය. නමුත් මෙයින් අදහස් වන්නේ ඔබ ‘කම්මැළි මොළයක’ සිරවී සිටින බව නොවේ. මෙම පොත මානසික පුරුදු හඳුනා ගැනීම සහ ජය ගැනීම, ඔබේ මොළය පහසුම මාර්ගය සොයන එකක් සිට ඵලදායිතාව, වර්ධනය සහ සාර්ථකත්වය මත වැඩෙන එකක් බවට පරිවර්තනය කිරීම ගැන ගවේෂණය කරයි. ප්‍රායෝගික ක්‍රමවේද සහ අවබෝධයන් සමඟ, කම්මැළි මොළය ඔබගේ චින්තනය නැවත සකස් කිරීම, සීමාකාරී රටාවන්ගෙන් නිදහස් වීම සහ ඔබේ මනස තුළ රැඳී සිටින විශාල විභවය නිදහස් කර ගැනීම ගැන ඔබට උගන්වයි. උත්සාහ කරන්න! යළි යළිත් උත්සාහ කරන්න. ඔබ නොදැනීම දිනයි. ඒත් මතක් තියාගන්න. ඔබේ විභවය අනෙකාගේ විභවය නොවන බව මෙහි කතුවරයා කියයි.
ජීවිතයට පාඩම් සියයක් | Jeewithayata Padam Siyayak
Original price was: Rs 650.00.Rs 520.00Current price is: Rs 520.00. Life Lessons from the monk who sold his Ferrari
by Robin Sharma
ජීවිතයට පාඩ්ම් 100 පොත ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම විශිෂ්ට ලෙස ගත කිරීමට මඟ පාදන බලවත් අත් පොතකි. මෙහි පරිච්ඡේද කෙටිය. බරපතළ ලෙස ප්‍රායෝගිකය. සැබැවින්ම උද්යෝගය වඩවනසුලුය. මෙහි මා ඔබ සමඟ බෙදා ගන්න අදහස් සරලය. එහෙත් , ඒවාට අනුව කටයුතු කිරීමට සහ ඒවා ඔබේ දෛනික ජීවිතයේ පුරුදු බවට පත් කර ගැනීමට තරම් ඔබ ධෛර්යමත් වන්නෙ නම් අවසානයේ දී සම්පූර්ණ වෙනසක් කිරීමට ඒවා සමත් වේ. අද ඔබගේ විශිෂ්ට ජීවිතයේ පළමු දවස විය යුතුය. මම ඔබ ගැන දැඩි උනන්දුවකින් පසුවෙමි.
රොබින් ෂර්මා
ධනවත් පියා, දිළිඳු පියා | Dhanawath Piya, Dilindu Piya
Original price was: Rs 900.00.Rs 720.00Current price is: Rs 720.00. Rich Dad, Poor Dad
by Robert T. Kiyosaki with Sharon L. Letcher
Rich Dad, Poor Dad ග්‍රන්ථය රචනා කළ රොබට් ටී. කියෝසාකි සැලකෙන්නේ ලක්ෂපතියන්ගේ විදුහලෙහි විදුහල්පති ලෙසිනි. එයට හේතුව ඔහු වත්මන් සමාජයට මුදල් පරිහරණය පිළිබඳව අලුත් සංකල්ප රැසක්ම ඉදිරිපත් කර තිබීමය. උදාහරණයක් ලෙසින් , අප මුළු ජීවිත කාලය පුරාම සිහින දකින වත්කමක් වන නිවසක් යන්න සැබෑ වත්කමක් නොවන බව මෙහි කතුවරයා ඔබට පෙන්වා දෙයි. එමෙන්ම, පාසල් අධ්‍යාපනය තුළින් ලැබෙන්නේ විෂය දැනුමක්ම පමණක් වීමෙන් සියලු දෙන වැඩිහිටියන් වූ විට දී මූල්‍ය පරිහරණය පිළිබඳ ගැටලු වලට මුහුණ දෙන බවද මෙහි පැහැදිලි කෙරේ. මෙය මුදල් ගැන අපිව අලුත් විධියට සිතන්නට පුරුදු කරන ග්‍රන්ථයක් බව ඔබට කීවේ එහෙයිනි. එමෙන්ම මෙම ග්‍රන්ථය බොහෝ අවධානයෙන් කියවිය යුත්තකි. මන්ද මෙහි සෑම වදනකින්ම ඔබට වැදගත් දැනුමක් හා අවබෝධයක් ලැබේ.
#danawath dhanavath danavath dilidu
ඉකිගායි | Ikigai
Original price was: Rs 650.00.Rs 585.00Current price is: Rs 585.00. Ikigai The Japanese Secret to a Long and Happy Life
by Hector Garcia & Fransesc Miralles
ඉකිගායි දීඝායු ලැබීමේ ජපන් ක්‍රමය
මට අවශ්‍ය දිගු කාලීනව ජීවත් වන්නටද? ඒ නැත්නම් ඊට වැඩි අර්ථයක් ගැන සිතනවාද? සමහර අය තමන්ට අවශ්‍ය දේ ගැන දනිති. ඒ වාගේම ජීවත් වන්නට ආසාවක් ද ඇත. තව අය අවුළක් තුළ කරදර විඳිති. ඇයි ඒ?
අපේ සාකච්ඡාවේ එක්තරා තැනකදී ඉකිගායි නම් වු ගුප්ත වචනය මතු වී ආයේය. මේ වචනය රළුවට හැම විට කාර්යයක යෙදීමේ සතුට නම් අර්ථය දෙයි. එසේම එයට සංකේත මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර කිරීම යන අදහස දිය හැකි වුවත් ඊට එහා යන බවක්ද පෙනේ. ඒ සමඟම ජපන් ජාතිකයන්ගේ – විශේෂයෙන්ම ඔකිනාවා දුපත් වැසියන්ගේ – දීර්ඝකාලීන ජීවිතය තේරුම් කරන වචනයක්ද වෙයි. එහි ජීවත්වන මිනිසුන් හැම ලක්ෂයකටම සියයට 24.55 ක් වයස සියය පැන්නූ අය වෙති. එය ලෝකයේම වැඩි ජීවිත කාලයක් ගතකරන මිනිසුන්ගෙන් ඉහළම ප්‍රතිශතයයි. දකුණු ජපානයේ මේ කියන දූපතේ ජීවත්වන අය ලෝකයේ වැඩිම ආයු කාලයක් භූක්ති විඳින අය වන්නේ කෙසේද යන්න ගැන අධ්‍යයනය කරන්නෝ ඊට සාමාන්‍ය හේතූන් වන පෝෂ්‍යදායි ආහාර වේල, එළිමහනේ ගතකරන ජීවිතය, හරිත තේ සහ අර්ධ උෂ්ණ කලාපීය දේශගුණය වැනි කරුණු අතරට, ඔවුන්ගේ ජීවිත හැඩගස්වන ඉකිගායි ද හේතුවන බව විශ්වාස කරති.
ඒ අපූරු මග | E Apuru Maga
Original price was: Rs 800.00.Rs 640.00Current price is: Rs 640.00. Leadership Wisdom from the monk who sold his Ferrari
by Robin Sharma
ජීවිතයේ සැබෑ සතුට මෙයයි. එනම්; දැවැන්ත ඉලක්කයක් ලෙසින් ඔබටම හැඟෙන කිසියම් අරමුණක් උදෙසා කැප වී වෙහෙසීමයි; ලෝකය විසින් ඔබට කිසිම හොඳ දෙයක් ලබා දෙන්නේ නැතැයි කන්කෙඳිරි නොගා, සෝමාරියකු, අලසයකු නොවී සොබාදහමේ සැබෑ බලවේගයක් බවට පත් වීමයි… මට නම් අවශ්‍යව ඇත්තේ මා මිය යන මොහොත වන විට මගේ ජීවිතය මුළුමනින්ම ප්‍රයෝජනයට ගෙන තිබීමටය. මක්නිසා ද යත් මා හොඳින්ම ජීවත් වන බව දැනෙන්නේ, මා හොඳින්ම වෙහෙසෙන විට බැවිනි. මම ජීවිතය රස විඳිමි. මට අනුව නම් ජීවිතය යනු දැවී යන ඉටිපන්දම් කොටයක් නොවේ. ජීවිතය යනු මේ මොහොතේ දී මා අතෙහි ඇති දීප්තිමත් විලක්කුවකි. එය අනාගත පරම්පරාව සඳහා භාර දීමට පෙර හැකි තාක් ආලෝකය උපදවන සේ බැබළවීම මගේ වුවමනාවය.
ජෝර්ජ් බර්නාඩ් ෂෝ
දකින්න වෙනස්ව ජීවිතය | Dakinna Wenaswa Jeewithaya
Original price was: Rs 1,000.00.Rs 900.00Current price is: Rs 900.00. Atomic Habits
by James Clear
ජීවිතයට ඵලදායී විශාල පුරුදු ගොඩනගා ගත හැක්කේ අප තුළ ඇති සියුම් පුරුදු දිනෙන් දින ස්ථිරසාර ලෙස වැඩි දියුණු කර ගැනීම තුළිනි. ලොව ප්‍රකට පුරුදු ගොඩනැගීම පිළිබඳ විශේෂඥයකු සේම ගත්කතුවරයකු ද වන James Clear විසින් මෙම කෘතිය සම්පාදනය කරන ලදී.ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත සාර්ථක කර ගැනීමට ඉවහල් වූ Atomic Habits කෘතියේ ඒ සිංහල පරිවර්තනය ඔබට ඒ සදහා ප්‍රායෝගික උපාය මාර්ග පෙන්වා දෙයි.
යතිවරයෙකු සේ සිතන්න | Yathiwarayeku Se Sithanna
Original price was: Rs 1,580.00.Rs 1,260.00Current price is: Rs 1,260.00. Think Like a Monk
by Jay Shetty
මෙය ඔබේ ජීවිතය වෙනස් කරන අපූරු ග්‍රන්ථයකි. වෙළඳපොලට නිකුත් වූ සැනින්ම ලොව පුරා මිනිසුන් මිලියන ගණනකින් වැළඳගත් ජේ සෙත්ති විසින් රචිත මෙම ‘Think Like a Monk’ ග්‍රන්ථය වසර 2020 දී Amazon.com හා New York Times හි වැඩිම අලවියක් හිමි කරගත් පුද්ගල වර්ධන ග්‍රන්ථය බවට පත්විය. ජේ සෙත්ති තෙවසරක්ම භික්ෂුවක ලෙස මහනදම් පිරූවෙකි. සිතේ සාමකාමී බව වර්ධනය කිරීම හා ජීවිතයේ ඒදිනෙදා අරමුණ ජය ගැනීමට සිත පුහුණු කිරීමේ මග ජේ සෙත්ති විසින් ඔබට කියා දෙන්නේ තම යතිවර සමයේ හඳුනාගත් ජීවිතය වෙනස් කරන මූලධර්ම රැසකිනි. ඒහෙයින් මෙම ග්‍රන්ථයෙහි සඳහන් පුද්ගල වර්ධන මූලධර්ම ඔබේ ජීවිතයේ වෙනස් මගකට යොමු කරවන්නකි.
ජේ සෙත්තිගේ අන්තර්ජාල වීඩියෝ දැනට වාර බිලියන 8ක් පමණ නරඹා තිබේ. එමෙන්ම සමාජ මාධ්‍යය හරහා පුද්ගලයන් මිලියන 40ක් පමණ ඔහුගේ අනුගාමිකයෝ සිටිති. ලොව අංක 1කේ සෞඛ්‍යය හා යහපැවැත්ම පිළිබඳ අන්තර්ජාල ගුවන්විදුලි සාකච්ජාමය වැඩසටහනවන On Purpose ඔහු නිර්මාණය කළේ වසර 2019දී ය. Google සිට Microsoft දක්වා හා Netflix සිට HSBC දක්වා ලොව පුරා පිහිටි දැවැන්ත සමාගම් රැසක ඔහු ප‍්‍රමුඛ දේශකයා ලෙස කටයුතු කරයි.
HAPPY Living | හැපී ලිවිං
Original price was: Rs 850.00.Rs 720.00Current price is: Rs 720.00.මං ගංඟා ගේ Happy Living කතා Facebook එකේ කියවනකොට ඒ හැම කතාවක්ම අවසානේදීම මට දැනුණේ සතුටක් ඒ කියන්නේ මම කියවන්න පටන් ගන්න කොට හිටපු මානසිත තත්වයට වඩා මිහිරි මානසික තත්ත්වයකට මං පත්වූ ඒ වගේම ඒ කතාව කියෙව්වට පස්සේ, අර සතුටට අමතරව මට දැනෙන්න ගත්තා ඒ කතාවට සම්බන්ධ මගෙත් මිහිරි සුන්දර මතක අවදිවන බව. කොටින්ම මමත් ඒ කතාවෙම කොටසක් බව දැනෙන්නට වීම එක අතකට හරි ආශ්වාදයකුත් වුණා.
-Professor Kirthi Premadasa
ජය ගතිමි ජීවිතය | Jaya Gathimi Jeewithaya
Original price was: Rs 800.00.Rs 640.00Current price is: Rs 640.00. Screw It, Let’s Do It
by Richard Branson
ලෝකයේ අති සාර්ථක ව්‍යාපාරික ධන කුවේරයන් අතර මුල් හිනිපෙත්තේ සිටින රිචඩ් බ්‍රැන්සන් ජීවිතය ජය ගැනීම උදෙසා කළ සුවිශිෂ්ට කැපවීම පිළිබඳ ආත්මකථනය.
මා සෑම විටම අවස්ථාවන් ග්‍රහණය කර ගනිමින් ද අභියෝගයන් ජය ගනිමින් ද ජීවිතය ගෙවා ඇත. මගේ ජීවන අභිප්‍රාය වූයේ අභියෝග පිහිටුවාගෙන ඒවා කරා ළඟාවීම ය. ජීවිතයේ උගත් සෑම පාඩමක්ම, මෙම ක්‍රියාවන්ගේ සෘජු ප්‍රතිඵලයකි.
කිසිවක් නොසිතන්න – එය සිදුකරන්න
හැකි යයි සිතන්න – බැහැ යයි නොසිතන්න
ඔබට අභියෝග කරන්න – ඉලක්ක ඇතිකර ගන්න
විනෝද වන්න – වෙනසක් සිදු කරන්න
ඔබේ දෙපයින් නැඟී සිටින්න – අවංකවන්න
ජීවිතය උපරිමයෙන් රසවිඳිමින් ගෙවන්න
ආකර්ශණීය නීතිය | Akarshaniya Nithiya
Original price was: Rs 900.00.Rs 720.00Current price is: Rs 720.00. The Secter
by Rhonda Byrne
ශ්‍රේෂ්ඨ රහස් ඔබ දෝත දරා හිඳී
යුග ගණනක් පුරා එය පැවත ආවකි. පරපුරෙන් පරපුරට තිළිණවූවකි. බොහොමයක් දැඩිව ආශා කළ දෙයකි. වරෙක සොරකම් වූවකි. නොමැති නම් සැඟවුණකි. ඇතැම් විට එය අතුරුදහන් විණි. එමෙන්ම එය විශාල මුදල් කන්දරාවක් ගෙනාවකි.
සියවස් ගණනක් ඉපැරණි එම ‘රහස’ ලෝක ඉතිහාසයේ කීර්තිමත් හා කැපී පෙනෙන පුද්ගලයෝ අවබෝධ කරගෙන සිටියහ. ප්ලේටෝ, ගැලීලියෝ, තෝවන්, තෝමස් අල්වා එඩ්සන්, ඩේල් කාර්නෙග හා ඇල්බර්ට් අයින්ස්ටයින් ආදීන් ඒ අතර සිටියේ තවත් බොහෝ නවෝත්පාදකයන්, දේවධර්මවාදීන්, විද්‍යාඥයන් හා ශ්‍රේෂ්ඨ චින්තකයන් රැසක් සමඟිනි.
දැන් එම රහස ලොවට හෙළිවී තිබේ.
‘එම රහස හදාරණ විට අවශ්‍ය දේ ලැබීම, අවශ්‍ය පුද්ගලයා බවට පත්වීම හා අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැක්කේ කෙසේදැයි යන්න ඔබ හඳුනා ගනී. සැබෑ ඔබ කවුදැයි ඔබ හඳුනා ගනී. ජීවිතය තුළ ඔබ වෙනුවෙන් බලා හිඳින සැබෑ විශිෂ්ටත්වය කුමක්දැයි ඔබ හඳුනා ගනී.’
#akarshaneeya neethiya
අලිබාබා ජැක් මා | Alibaba Jack Ma
Original price was: Rs 800.00.Rs 640.00Current price is: Rs 640.00. The House That Jack Ma Built
by Duncan Clark
චීනය රටක් වශයෙන් ගත් කල අතීතයේ සිට ම යුද ගැටුම්, ස්වාභාවික ව්‍යසන, ආර්ථික අවපාතයන් ට නොඅඩුව මුහුණ දුන් රටක් වේ. නමුත් ඒ සෑම අවස්ථාවක දී ම අවස්ථා කළමනාකරණයෙන් යුතුව එම අභියෝගයන්ට මුහුණ දෙමින් නැගී සිටීමේ හැකියාව චීනයට තිබුණි. එහි නූතනවාදී උදාහරණය අලිබාබා නම් අන්තර්ජාල ව්‍යවසායකය නිර්මාණය කල ජැක් මා බවට ලොව ම පිළිගෙන තිබේ. මා ඕ සේතුංගේ මහා පා ගමනින් බිහිවු චීන විප්ලවීය සමුහාණ්ඩුව නව ගෝලීය විද්‍යුත් වාණිජ්‍ය අරගලය තුළින් ගොඩ නැගුණු අන්තර්ජාල විප්ලවීය ව්‍යවසායකත්වයේ පුරෝගාමි චරිතය ඔහු නොවුණත්, අද වන විට එහි බලවත් නායකත්වය ඔහුට හිමි ව තිබේ. 80 දශකයේ සාර්ස් වසංගතයේ දී මුඛ ආවරණ පළැඳගෙන නිවෙස්හි සිට කටයුතු කරමින් ඒ බිඳ වැටීම් සහිත අභියෝගය ඔහු ජය ගත්තේ කෙසේද? ඒ වෙනුවෙන් ඔහු යොදාගත් උපාය උපක්‍රම මොනවා ද? “අලිබාබා -ජැක් මා චීනයේ ඉන්ටර්නෙට් ආර්ථික විප්ලවය” නම් මේ කෘතිය ඒ ආකාරයේ අභියෝග ජය ගැනීම වෙනුවෙන් ලියවුණ අත් පොතකි.
ස්වර්ණමය හෝරාව | Swarnamaya Horawa
Original price was: Rs 1,400.00.Rs 1,190.00Current price is: Rs 1,190.00. The 5 AM Club
by Robin Sharma
ව්‍යවසායිකාව මේ මොහොතේ සිතුවේ ඇගේ ව්‍යාපාරික ලෝකය තුළ ඇය මුහුණපාන මේ අඳුරු කළු පැල්ලම් ඇය වෙතට විශේෂයෙන් ආ ආශිර්වාදාත්මක දේ බවය.එය ඇගේ ජීවිතයේ තවදුරටත් වර්ධනය කිරීමට ඉවහල් වන වටිනා අවස්ථාවක් බව ඇය තවදුරටත් සිදුවාය.
ව්‍යවසායිකාව ඉදිරියේ සිටින මේ අමුතු විචක්ෂණශීලී සහ අව්‍යාජ උපදේශවරයා වන ස්ටෝන් රිලේ සිය හදවත ඔවුන් දෙදෙනා ඉදිරියේ විවර කළේය. තවදුරටත් ස්වර්ණමය හෝරාවේ හාස්කම් මගින් උදාකර ගත නොහැකි සෞභාග්‍ය සහ එමඟින් සිදු කළ හැකි වර්ධනීය ඵලදායිතාවය ගැන කරුණු පැහැදිලි කරමින් සිටියේය.
#svarnamaya horava the 5am club
HAPPY Living 2 | හැපී ලිවිං 2
Original price was: Rs 850.00.Rs 720.00Current price is: Rs 720.00.“ඔයා එයාට මොදිත මාමා කියලා කියන්නේ එයා ඔයාගේ මාමා කෙනෙක් ද?”
යම් යම් අය මගෙන් මෙහෙම අහලා එවන්නේ මගේ Happy Living Facebook Page එකේ සමහර ලියමන්වල සහ මීට කලින් ආපු Happy Living (පළමු පොතේ) මං එයාව මොදිත මාමා කියලා හදුන්වලා තියන නිසා. ඇත්තම කතාව කිව්වොත් නම්, පෙනුමෙන් මාමා කෙනෙක් වගේ වුණාට, එයාගේ සමහර කියුම් – කෙරුම් නම් හතේ පන්තියේ ළමයකු හා සමානයි. ඒ නිසාම ද කොහෙද අපේ ගෙදරට එහා ගෙදර ඉන්න පොඩි බබාලා දෙන්න එයාට කියන්නේ මොදිත මාමා කියලා වුණාට මට කතා කරන්නේ “ගංගා අක්කා” කියලයි. ඉතින් එහෙව් එකේ, මං එයාව මොදිත මාමා” කියලා හදුන්වන එකේ මහා ලොකු වරදක් නැහැනේ.
ජීවිතය විඳවන්න නොවේ. විඳින්න
අපූරු මිනිසෙක් | Apuru Minisek
Original price was: Rs 980.00.Rs 780.00Current price is: Rs 780.00. Steve Jobs
by Walter Lsaacson
ඒ මා මරණයට ඉතාමත් සමීප වූ අවස්ථාවයි. තවත් දශක කීපයක් ගත වන තෙක් එසේ වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. මෙම අත්දැකීම ලත් මට මරණය ප්‍රයෝජනවත් එහෙත් හුදු බුද්ධිමය සංකල්පයක්ව තිබිය දී වඩාත් නිරවුල්ව මේ දේ කිව හැක.
කිසිවෙකුට මරණය අවශ්‍ය නැත. දිව්‍ය ලෝකයට යෑමට අවශ්‍ය මිනිසුන්ට පවා එහි යෑමට මරණය අවශ්‍ය නැත. එහෙත් අප සියලු දෙනාගේම ගමනාන්තය මරණයයි. කිසිවෙකුට ඉන් ගැලවිය නොහැක. එසේ වී ඇත්තේ මරණය ජීවිතයේ හොඳම නිර්මාණය වීම නිසාය. එය ජීවිතයේ වෙනස්කම් කිරීමේ නියෝජිතයා වීම නිසාය. ඉන් අලුත් දේට ඉඩ සැලසීමට පැරණි දේ ඉවත් කරයි. දැන් අලුත් දේ ඔබයි. එහෙත් වැඩි ඈතක නොවන කිසියම් දිනක ඔබත් ක්‍රමයෙන් විය පත්ව ඉවත් කරනු ඇත. එය නාට්‍යෝචිතව දැක්වීම ගැන සමාවන්න. එහෙත් එය සත්‍යයි.
ලොවේ වැජඹෙන කලාව | Lowe Wajambena Kalawa
Original price was: Rs 1,400.00.Rs 1,120.00Current price is: Rs 1,120.00. Think And Grow Rich
by Napolean Hill
සාර්ථකත්වයට පත් නො වූවන් තුළ, පොදුවේ දක්නට ලැබෙන එක් ගති ලක්ෂණයක් වේ. එනම්, ඔවුහු අසාර්ථකත්වයට පත් වීමේ සියලු හේතු දනිති. එමෙන් ම ඔවුහු තම ජයග්‍රහණයන් වැළැක්වීමට බල පෑ නො හැකියාවන් හෝ නැතිවාදයන් හොඳින් දනිති.
මෙම නො හැකියාවන් ගෙන් සමහරක් පැහැදිලි ය. එයින් කිහිපයක් සත්‍යය මඟින් සාධාරණය කළ හැකි ය. නමුත් මුදල් රැස් කිරීම සම්බන්ධයෙන් මෙම නො හැකියාවන් පැවසීම පලක් නොවේ. ලෝකයට දැන ගැනිමට අවශ්‍ය වන්නේ, එක් දෙයක් පමණි. ඒ ‘ඔබ සාර්ථකත්වයට පත් වූවා ද?’ යන්න ය.
පියෙන් පියවර නැගෙන් මුදුනට | Piyen Piyawara Nagen Mudunata
Original price was: Rs 1,100.00.Rs 880.00Current price is: Rs 880.00. The Greatness Guide – 2
by Robin Sharma
සුප්‍රකට ලේඛක රොබින් ෂර්මාගේ The Greatness Guide – 2 කෘතියේ සිංහල පරිවර්තනයයි. මන බඳින සාර්ථකත්වයක් නිර්මාණය කර ගැනීමට, ජීවිතයේ සතුට විනෝදය උදාකර ගැනීමට, දුෂ්කර අවස්ථාවන්ට දිරිමත්ව මුහුණදීමට මෙම ග්‍රන්ථයෙන් ලැබෙන පිටුබලය ඉමහත්ය.
නොගන් ගිරිහිස නෙතින් ඉවතට | Nogan Girihisa Nethin Iwathata
Original price was: Rs 1,000.00.Rs 800.00Current price is: Rs 800.00. The Greatness Guide
by Robin Sharma
මිනිස් සාර්ථකත්වය සඳහා දැනට ලෝක ප්‍රකට පුහුණු කරුවෙකු ලෙස නම් දරා සිටින රොබින් ෂර්මා විසින් රචනා කරන ලද මෙම කෘතිය, ලොව පිළිගත් විධායක නිලාරීන්, ප්‍රධාන පෙළේ ව්‍යවසායකයින්, ජනප්‍රිය ගායකයින් මෙන්ම පන්සියයට අධික සමාගම් අතර ප්‍රචලිත ග්‍රන්ථයකි. උසස් සාක්ෂරතා සහිත සුවිශේෂී ජීවිතයකට නව ජීවයක් එක්කරමින් ඔබ ජයග්‍රාහී ඉලක්කයක් කරා මෙහෙයවීමට මෙම පොත ඉවහල් වනු ඇත.
රොබින් ෂර්මා ලෝකයේ සිටින අග්‍රගන්‍ය නායකත්ව විශේෂඥයින්ගෙන් කෙනෙකි. ඔහු තම මෙහෙවරට කැප වී ලෝකයේ කීර්තිමත් ආයතන වලට සේවා උපක්‍රම සහ ධනාත්මක ක්‍රමවේදයන් පිළිබඳව උපදෙස් දෙමින් සහයවන්නෙකි. ඔහුගේ කාති භාෂා 70 කට වැඩියෙන් පරිවර්තනය කර ඇති අතර එහි පිටපත් මිලියන ගණනක් විකිණී ඇත. ජනප්‍රිය රොක් ගායකයින්, රාජකීයයන්, ව්‍යවසායකයින් අතර ඔහු තාමත් ජනප්‍රියය.
විශ්ව ආකර්ෂණ නීතිය | Wishwa Akarshana Neethiya
Original price was: Rs 1,200.00.Rs 1,020.00Current price is: Rs 1,020.00. Key to Living The Law of Attraction
by Jack Canfield
ඔබේ යටි හිත විශ්වයේම කොටසකි. එයට අපිරිමිත බලය ඇත. මුලින්ම අප එය හඳුනාගත යුතුය. එය විශ්වාස කළ යුතුය. එය විශ්වාස කළ යුතුය. විශ්ව ආකර්ෂණ නීතිය යනු ඔබ, ඔබගේ යටි හිත මගින් ඔබේ අරමුණු සාක්ෂාත් කරගන්නා ප්‍රබල ක්‍රමවේදයකි. මේ තුළ යම් අදෘෂ්‍යමාන ස්වභාවයක් තිබෙන බව පෙනෙන නමුත්, මෙය විද්‍යාත්මක සංකල්පයක් සහ ක්‍රියාවලියකි.
#wishva akarshana nithiya vishwa
අසිරිමත් සිතක් | Asirimath Sithak
Original price was: Rs 300.00.Rs 240.00Current price is: Rs 240.00. Positive Living Day by Day
by Norman Vincent Peale
ලක්ෂ සංඛ්‍යාත ඇමරිකානුවන්ගේ අධ්‍යාත්මික ජීවිතය පෝෂණයෙහිලා න්‍යාය වෙනුවට ප්‍රායෝගික භාවිතාවන් හෙළිදරව් කළ තෝමස් වින්සන්ට් පීලි විසින් කරන ලද දේශනයන් අද ලොව භාෂාවන් ගණනාවකට පරිවර්තනය වෙමින් පවතී..
යටිසිත | Yatisitha
Original price was: Rs 1,300.00.Rs 1,040.00Current price is: Rs 1,040.00. The Power of Subconscious Mind
by Dr. Joseph Murphy
ස්වයං වර්ධනය සහ ස්වයං සාර්ථකත්වය අත් කර ගැනීමට උපදෙස් දීම සඳහා ලොවේ මේ දක්වා ලියන ලද ග්‍රන්ථ අතර අග්‍රතමය ලෙස මේ පොත සැලකේ.
ඔබ අත් පසුරෙහි, පහසුවෙන් ඔබට අල්ලා ගත හැකි ලෙස පවතින අතිශයින් විස්මය ජනක වූ මහා බලය සඳහා වූ යතුර මේ ග්‍රන්ථය මගින් ඔබ අතෙහි තැබෙයි.
කිසි දිනක ඉටුකර ගත නොහැකි යයි පෙනෙන සුවිශාල හා දුෂ්කර කාර්යයන්, හුදෙක් තම යටි සිතේ විස්මිත බලය පාලනය කිරීම ඉගෙනීම මගින් ඉටුකර ගන්නට ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පාඨකයන්ට මේ ග්‍රන්ථය මග පෙන්වා ඇත.
පුද්ගලයෙකුට දෛනික කටයුතු හා සමස්ථ ජීවිතය සංවර්ධනය කර ගැනීම සඳහා සිය මනස භාවිතා කිරීමට සරල, ප්‍රායෝගික අත්දුටු අභ්‍යාස ඔහු ඉදිරිපත් කරයි. පාඨකයා ග්‍රහණය කර ගන්නා අපූරු කතන්දර හේතුවෙන් මේ පොත ඉතා රසවත් වී ඇති බවද කිව යුතුය.
සාර්ථක වන්නේ මෙහෙමයි | Sarthaka Wanne Mehemayi
Original price was: Rs 1,450.00.Rs 1,160.00Current price is: Rs 1,160.00. Success Basics
by Moh Hon Meng
වසර පතා යවුන් තරුණ තරුණියෝ දහස් ගණනින් රැකියා වෙළඳපළට පැමිණෙති. ඉතාම අපහසුවෙන් ඒ රැකියා ලබා ගන්නා සමහරුන් අනෙක් සමහරුන්ට වඩා සාර්ථක වන්නේ ඇයි? එයින් සමහරුන්ට බලය සහ හිමි තනතුරු ඉක්මනට ලැබෙන්නේ ඇයි? වෙනත් අයට මුළු ජීවිත කාලය පුරා එවැනි තනතුරක් හෝ නොලැබෙන්නේ ඇයි?
“සාර්ථක වන්නේ මෙහෙමයි” නම් කෘතිය ලියැවී ඇත්තේ වැඩ ලෝකයට ඇතුළු වෙමින් සිටින පිරිසට මේ වැදගත් මූලධර්ම හඳුන්වා දෙනු සඳහා ය. ආරම්භයේ සිට අනුගමනය කළහොත්, සාර්ථකත්වය අත්කර ගත හැකි තලයට ඔවුත් ඔසවා තබන්නට මේ ග්‍රන්ථය සමත් වනු ඇත. පළපුරුදු අයගේ සාර්ථකත්වයට ද මෙය ඉවහල් වනු ඇත.
වැඩ කිරීමේ සතුට | Weda Kirime Sathuta
Original price was: Rs 1,100.00.Rs 880.00Current price is: Rs 880.00. The Joy of Working
by Denis Wauley & Reni L. Witley
අපේ ජීවිතයේ වැඩි කොටස ගෙවෙනුයේ වැඩවල නිරත වීම සදහා ය.එහෙත් අප වැඩි දෙනෙකුට අපේ රැකියාවෙන් මරණය හා බදු ගෙවිම වැනි අප්‍රිය,කරදරකාරී එමෙන්ම ඒකාකාරි වු ඒවා සේ හැඟේ.රැකියාව වෙහෙස ගෙන දෙයි.මීට හේතු වන්නේ මොනවාද? ඒ හේතු අවබෝධ කර ගැනීම යනු අප අපට ආදරය කිරීමකි.සතුටින් වැඩ කළ හැකි නම් අපේ ජීවිතය සතුට පිරුණු එකක් වේ.මේ පොත ඒ සදහා අපූරු අත්වැලකි.
#weda kireeme sathuta
සිංගප්පුරු කතාව | Singappuru Kathawa
Original price was: Rs 1,410.00.Rs 1,270.00Current price is: Rs 1,270.00. The Singapore Story
by Lee Kuan Yew
ශ‍්‍රී ලංකාව දේශපාලන, ආර්ථික හා සංස්කෘතික වශයෙන් නිවහල් දේශයක් කරා යන ගමනක් ආරම්භ කැර ඇති මේ මොහොතේ, මෙරට ගැන ආදරයක් දක්වන සෑම දෙනා ම ලී ක්වාන් යූ ගේ ”සිංගප්පූරු කථාව” නමැති මෙම චරිතාපදානය අනිවාර්යයෙන් කියැවිය යුතු ය. මෙහි පිටපතක් ශ‍්‍රී ලංකාවේ සෑම පුස්තකාලයක ම තිබිය යුතු බව ද අවධාරණය කරනු කැමැත්තෙමි.
– මහාචාර්ය වෝල්ටර් මාරසිංහ
යටිසිත 2 | Yatisitha 2
Original price was: Rs 1,400.00.Rs 1,120.00Current price is: Rs 1,120.00. Think Yourself to Health, Wealth & Happyness
by Dr. Joseph Murphy
මානසික සහ අධ්‍යාත්මික නීති සම්බන්ධ ව වසර හතළිහකට වැඩි කාලයක සිට නවමු පර්යේෂණ කළ ආචාර්ය ජෝසප් මර්ෆි ගේ ආකර්ෂණීය සොයා ගැනීම් මේ අගනා කෘතියෙහි අන්තර්ගත වේ. ඔබගේ ජීවිතයේ හැම අංශයකම වර්ධනය සඳහා, යටිසිතේ බලය උපයෝගී කරගැනීමේ උපක්‍රම මෙහි විස්තර කෙරෙයි.
මෙහි සඳහන් ඉතා වැදගත් කරුණු අතර කීපයක් නම්:
* කනස්සල්ල, බය සහ සෘණ සිතුවිලි ජයගැනීම
* මූල්‍ය සාර්ථකත්වයට සහ නිදහසට ගත යුතු පියවර
* ස්වයං පිළිගැනීම සහ සෞභාග්‍යය අත්පත් කර ගැනීම
* සම්බන්ධතා වගා කිරීම සහ සතුට විඳ ගැනීම
* සුවය සහ සැපත සඳහා අනන්ත හැකියාව වැඩට ගැනීම
11:11
Original price was: Rs 1,500.00.Rs 1,200.00Current price is: Rs 1,200.00.සිහිනයක් සැබෑවීමට නියමිතයි
ඉතාම කටුක ජීවන සමයකදීත් බලාපොරොත්තු අත නොහැර, තමන්ට ජීවිතය බේරාගත හැකි බව විශ්වාසය තැබූ වාටිටු අංක 14 හි සිටි මරණාසන්න රෝගියා, මාස තුනකට පස්සේ ප්‍රාතිහාර්යයකින් වගේ සුව අතට හැරෙනවා. අතේ සතයක්වත් නැතිව ගමෙන් නගරයට ඇවිත්, බෙන්ස් රථයක් ගැන දිනපතා සිහින මැවූ අභිලාෂකාමී තරුණයා අද ගෙදර මිදුලේ සිහින වාහනය නවතනවා. අපි ජීවත් වෙන්නේ අපේ සිතුවිලිවලට, වචනවලට සහ ක්‍රියාවලට ප්‍රතිචාර දක්වන ජීවමාන විශ්වයක ඒ ගැන ඔයා විශ්වාස කරන්නට සූදානම් නම්, සිහිනයක් සැබෑවීමට අවස්ථාවක් තියෙනවා.
සමහරවිට මේක බලවත් පණිවුඩයක් වෙන්න පුළුවන්.
මේ පණිවුඩය ඔයාට කියන්නේ විශ්වය විශ්වාස කරන්න කියලා ගහේ පෙනෙන අතුවලට පමණක් නෙමෙයි, ඔයාට නොපෙනෙන, පොළොව යට සැඟවිලා තියෙන මුල්වලටත් අවධානය දෙන්න කියලා. සිහිනයක් සැබැවීමේ ඔයාගෙ ‘අවස්ථාව’ හරියට උරඟා බලන්න කියලා සමහරවිට ඒ ව්‍යායාමයේදී කඳු හෙල්ලෙන්න පුළුවන්. ගංගා උතුරලා යන්න පුළුවන් ජීවිතයේ කොටස් කියලා වැළඳගත්තු දේවල් අහිමි වෙන්නත් පුළුවන්. නමුත් විශ්වාස කරන්න, ගමන අවසානයේදී නොවරදවාම ඔයා විජයග්‍රාහී වෙනවා. බලවත් මිනිසෙකුගේ බලවත් සිහිනයක් සැබෑවෙනවා.
මනස පුහුණු කිරීම | Manasa Puhunu Kireema
Original price was: Rs 880.00.Rs 705.00Current price is: Rs 705.00. Mind Training
සංවර්ධනය මේ ග්‍රන්ථයෙහි අරමුණ වේ. ඔබ සෞඛ්‍ය දියුණු කර ගැනීම ගැන, ආත්ම විශ්වාසය පුහුණූ කර ගැනීම ගැන, සිතෙහි එකඟකම ඇති කර ගැනීම ගැන, ආකර්ෂණිය භාවය සහ චරිත වර්ධනය ගැන, ආත්ම පරිපූර්ණ කර ගැනීම ගැන, සමස්ත ජීවිත සාර්ථකත්වය සහ සනාතන සංතුෂ්ටිය ගැන, උනන්දු වන්නෙහි නම්, මේ කෘතිය ඒ අරමුණු ඉටු කර ගැනීම සඳහා ඔබට උදව් වෙයි.
නායකයෙක් ඕනෑකර තිබේ | Nayakayek Onekara Thibe
Original price was: Rs 800.00.Rs 680.00Current price is: Rs 680.00. The Leader Who Had No Title
by Robin Sharma
වසර පහළොවකට අධික කාලයක් ලෝකයේ ප්‍රමුඛතම සමාගම් වල නායකත්ව උපදේශකයෙකු ලෙස මා ලැබූ අත්දැකීම් සමුදායක ප්‍රතිඵලයකි මේ.මා අත්හදා බැලූ විවිධ නායකත්ව ශිල්ප ක්‍රමවේද වලින් ලැබූ අත්දැකීම් නොමසුරුව මෙම කෘතියට ඇතුළත් කළෙමි.මේ අති දැවැන්ත අත්දැකීම් සමුදාය ඔබේ පෞද්ගලික ජීවිතයට මෙන්ම වෘත්තීය ජීවිතයට ද අතිශය වැදගත් වනු ඇත.මෙහි එන විවිධ චරිත මගින් මන:කල්පිත කතන්දරයක් ඔබට ඉදිරිපත් කළ ද නායකත්වය පිළිබඳව වන මූලික ප්‍රතිපත්ති සහ නිර්ණායක වලින් සමන්විතව මෙම කෘතිය නිර්මාණය කර ඇත.එබැවින් මෙහි එන පරිකල්පනීය අත්දැකීමකට වඩා ඔබ සමීප විය යුත්තේ මෙමගින් එළි පෙහෙළි කරනු ලබන විධික්‍රම කෙරෙහිය.එමගින් ඔබේ ව්‍යාපාරයත් පෞද්ගලික ජීවිතයත් අතිශයින් සාර්ථක කරගත හැකි වනු ඇත.
-රොබින් ෂර්මා-
පොහොසත් වන්න. සතුටින් සිටින්න. | Pohosath Wanna. Sathutin Sitinna.
Original price was: Rs 1,200.00.Rs 1,020.00Current price is: Rs 1,020.00. Be Rich & Happy
by Robert T. Kiyosaki
මෙම ග්‍රන්ථයෙන් කියවෙන වැදගත් පණිවිඩ කීපයක්ම ඇත.ඉන් පළමුවැන්න වත්මන් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බවය. දෙවැනි පණිවුඩය වන්නේ මේ ලෝකය තුළ කිසිවක් හිඟ නැති බවය. හිඟයක් ඇත්නම් එයට හේතුව හරියට වැඩ නොකිරීමය. තුන්වන පණිවිඩය වන්නේ මුදල් අත්‍යවශ්‍ය වුවත් මුදලට සතුට අත්කර ගැනීමට නොහැකි බවය.මුදල් වලට අමතරව වෙනත් යමක් අත්කරගත යුතු බව කතුවරයාගේ හැඟීමය. ඒ කුමක්ද යන්න මෙම ග්‍රන්ථය කියවීමෙන් දැනගත හැක. මෙම කෘතිය සැබෑ ලෙසටම කතුවරයාගේ අත්දැකීම් මත රචනා කරන ලද්දක් වීමද තවත් වැදගත් කාරණයකි.
ලොව පුරා පිටපත් මිලියන ගණනක් අලෙවි වූ අතිශය ජනප්‍රිය කෘතියක් “Rich Dad – Poor Dad” කෘතියේ කතුවර රොබට් ටී. කියෝසාකි විසින් මෙම අගනා කෘතියද වචනා කර ඇත.
සීමා නැති ආදරේ | Seema Nathi Adare
Original price was: Rs 1,250.00.Rs 1,125.00Current price is: Rs 1,125.00. Love Without Limits
by Nick Vujicic
නික් වුයෙචිච් විසින් රචිත Love Without Limits කෘතිය ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි අතින් සිංහල බසට පරිවර්තනය වී ‘සීමා නැති ආදරේ‘ නමින් ප්‍රකාශයට පත් වෙයි. අත පය හතර නොමැති ආබාධිත දරුවකු ලෙස උපන් නික් ජීවිතයට ධෛර්යවන්ත ව මුහුණ දුන් අයුරු මෙයට පෙර ප්‍රකාශයට පත් වූ ‘නැවතුම් නැති ජීවිතේ‘ සහ ‘සීමා නැති ජීවිතේ‘ යන කෘති දෙකෙන් පැහැදිලි කෙරේ. ආබාධිත පුද්ගලයකු ලෙස ආදරයක බැඳීම, එය විඳ ගැනීම කුමනාකාර අත්දැකීමක් ද යන්න ‘සීමා නැති ආදරේ‘ යන මේ කෘතියෙන් පැහැදිලි කෙරේ. එමෙන්ම ආදරය නිසා ජීවිතයම අඳුරු කරගන්නා තරුණ තරුණියන්ට, ජීවිතය ජයගන්නට මෙම කෘතිය මනා අත්වැලක් ද සපයයි
සීමා නැති ජීවිතේ | Seema Nathi Jeewithe
Original price was: Rs 1,000.00.Rs 900.00Current price is: Rs 900.00. Life Without Limits
by Nick Vujicic
1982 වසරේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රෝහලක දී අත පය නැති දරුවකු ලෙස නික් උපන්නේ අම්මා, තාත්තා පමණක් නොව මුළු මහත් වෛද්‍ය කාර්ය මණ්ඩලයම අන්මන්ද කරවමිනි. ආබාධිත බව නිසා ම ජීවිතයේ මදිපුංචිකම්, අරියාදු, සමච්චල් හා පසුබෑම්වලට ලක් වූ නික්, මානව දයාව, භක්තිය හා විශ්වාසය ඔස්සේ ජිවිතය ජය ගත්තේ විස්මිත අයුරින්. මේ පොතේ නික් අපට ආරාධනා කරන්නේ ජීවිතය ජය ගැනීමේ මගට ඔහු සේ ම අපටත් එක්වන ලෙසටයි.
විශිෂ්ට සමතුන් දුර්වල සමතුන් යටතේ සේවය කරන්නේ ඇයි? | Wishishta Samathun Durwala Samathun
Original price was: Rs 1,500.00.Rs 1,200.00Current price is: Rs 1,200.00. Why “A” Students Work for “C” Students
by Robert T. Kiyosaki
ඔබටත් දිනිය හැකිය | Obatath Diniya Hakiya
Original price was: Rs 1,300.00.Rs 1,040.00Current price is: Rs 1,040.00. You Can Win
by Shiv Khera
නැවතුම් නැති ජීවිතේ | Nawathum Nathi Jeewithe
Original price was: Rs 1,250.00.Rs 1,125.00Current price is: Rs 1,125.00. Unstoppable
by Nick Vujicic
අතපය නැතිව ඉපැදුණු නික් සිය ජීවිතය ජය ගත් අන්දම පෙන්වා දෙමින් ලියූ පළමු පොත’සීමා නැති ජීවිතේ’ ලොව පුරා අළෙවි වාර්තා තැබීය. මේ ඔහුගේ දෙවැනි පොත යි. සුබවාදී ආකල්ප හා ජීවිතය ජය ගැනීමේ මග පිළිබඳව දේශන පවත්වමින්, ලොව පුරා ආදරය හා භක්තිය බෙදා හදා දෙන නික් අපේ ජීවිත ජය ගැනීම සඳහා සිය අත්දැකීම් ගණනාවක් මේ පොත ඔස්සේ අපට පෙන්වා දෙයි. නොහැකියාවන් හැකියාවන් බවට ද, අසම්පූර්ණත්වය පරිපූර්ණත්වය බවට ද, පරාජයන් ජයග්‍රහණ බවට ද හරවා ගැනීමේ සූත්‍රයයි ‘නැවතුම් නැති ජීවිතේ’.