Positive Thinking - ධනාත්මක චින්තනය
ජීවිතයට පාඩම් සියයක් | Jeewithayata Padam Siyayak
Original price was: Rs 650.00.Rs 520.00Current price is: Rs 520.00. Life Lessons from the monk who sold his Ferrari
by Robin Sharma
ජීවිතයට පාඩ්ම් 100 පොත ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම විශිෂ්ට ලෙස ගත කිරීමට මඟ පාදන බලවත් අත් පොතකි. මෙහි පරිච්ඡේද කෙටිය. බරපතළ ලෙස ප්‍රායෝගිකය. සැබැවින්ම උද්යෝගය වඩවනසුලුය. මෙහි මා ඔබ සමඟ බෙදා ගන්න අදහස් සරලය. එහෙත් , ඒවාට අනුව කටයුතු කිරීමට සහ ඒවා ඔබේ දෛනික ජීවිතයේ පුරුදු බවට පත් කර ගැනීමට තරම් ඔබ ධෛර්යමත් වන්නෙ නම් අවසානයේ දී සම්පූර්ණ වෙනසක් කිරීමට ඒවා සමත් වේ. අද ඔබගේ විශිෂ්ට ජීවිතයේ පළමු දවස විය යුතුය. මම ඔබ ගැන දැඩි උනන්දුවකින් පසුවෙමි.
රොබින් ෂර්මා
ඒ අපූරු මග | E Apuru Maga
Original price was: Rs 800.00.Rs 640.00Current price is: Rs 640.00. Leadership Wisdom from the monk who sold his Ferrari
by Robin Sharma
ජීවිතයේ සැබෑ සතුට මෙයයි. එනම්; දැවැන්ත ඉලක්කයක් ලෙසින් ඔබටම හැඟෙන කිසියම් අරමුණක් උදෙසා කැප වී වෙහෙසීමයි; ලෝකය විසින් ඔබට කිසිම හොඳ දෙයක් ලබා දෙන්නේ නැතැයි කන්කෙඳිරි නොගා, සෝමාරියකු, අලසයකු නොවී සොබාදහමේ සැබෑ බලවේගයක් බවට පත් වීමයි… මට නම් අවශ්‍යව ඇත්තේ මා මිය යන මොහොත වන විට මගේ ජීවිතය මුළුමනින්ම ප්‍රයෝජනයට ගෙන තිබීමටය. මක්නිසා ද යත් මා හොඳින්ම ජීවත් වන බව දැනෙන්නේ, මා හොඳින්ම වෙහෙසෙන විට බැවිනි. මම ජීවිතය රස විඳිමි. මට අනුව නම් ජීවිතය යනු දැවී යන ඉටිපන්දම් කොටයක් නොවේ. ජීවිතය යනු මේ මොහොතේ දී මා අතෙහි ඇති දීප්තිමත් විලක්කුවකි. එය අනාගත පරම්පරාව සඳහා භාර දීමට පෙර හැකි තාක් ආලෝකය උපදවන සේ බැබළවීම මගේ වුවමනාවය.
ජෝර්ජ් බර්නාඩ් ෂෝ
අලිබාබා ජැක් මා | Alibaba Jack Ma
Original price was: Rs 800.00.Rs 640.00Current price is: Rs 640.00. The House That Jack Ma Built
by Duncan Clark
චීනය රටක් වශයෙන් ගත් කල අතීතයේ සිට ම යුද ගැටුම්, ස්වාභාවික ව්‍යසන, ආර්ථික අවපාතයන් ට නොඅඩුව මුහුණ දුන් රටක් වේ. නමුත් ඒ සෑම අවස්ථාවක දී ම අවස්ථා කළමනාකරණයෙන් යුතුව එම අභියෝගයන්ට මුහුණ දෙමින් නැගී සිටීමේ හැකියාව චීනයට තිබුණි. එහි නූතනවාදී උදාහරණය අලිබාබා නම් අන්තර්ජාල ව්‍යවසායකය නිර්මාණය කල ජැක් මා බවට ලොව ම පිළිගෙන තිබේ. මා ඕ සේතුංගේ මහා පා ගමනින් බිහිවු චීන විප්ලවීය සමුහාණ්ඩුව නව ගෝලීය විද්‍යුත් වාණිජ්‍ය අරගලය තුළින් ගොඩ නැගුණු අන්තර්ජාල විප්ලවීය ව්‍යවසායකත්වයේ පුරෝගාමි චරිතය ඔහු නොවුණත්, අද වන විට එහි බලවත් නායකත්වය ඔහුට හිමි ව තිබේ. 80 දශකයේ සාර්ස් වසංගතයේ දී මුඛ ආවරණ පළැඳගෙන නිවෙස්හි සිට කටයුතු කරමින් ඒ බිඳ වැටීම් සහිත අභියෝගය ඔහු ජය ගත්තේ කෙසේද? ඒ වෙනුවෙන් ඔහු යොදාගත් උපාය උපක්‍රම මොනවා ද? “අලිබාබා -ජැක් මා චීනයේ ඉන්ටර්නෙට් ආර්ථික විප්ලවය” නම් මේ කෘතිය ඒ ආකාරයේ අභියෝග ජය ගැනීම වෙනුවෙන් ලියවුණ අත් පොතකි.
අසිරිමත් සිතක් | Asirimath Sithak
Original price was: Rs 300.00.Rs 240.00Current price is: Rs 240.00. Positive Living Day by Day
by Norman Vincent Peale
ලක්ෂ සංඛ්‍යාත ඇමරිකානුවන්ගේ අධ්‍යාත්මික ජීවිතය පෝෂණයෙහිලා න්‍යාය වෙනුවට ප්‍රායෝගික භාවිතාවන් හෙළිදරව් කළ තෝමස් වින්සන්ට් පීලි විසින් කරන ලද දේශනයන් අද ලොව භාෂාවන් ගණනාවකට පරිවර්තනය වෙමින් පවතී..