දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ | Denna Depaththe Arathi Madde

Original price was: Rs 1,650.00.Current price is: Rs 1,320.00.

Revolution 2020
by Chetan Bhagat

කෙල්ලෙක්, කොල්ලෙකුට ආදරේ කරන්නේ මොකටද?

කොල්ලගෙ සල්ලිවලටද?

කොල්ලගෙ “මොළකාර” කමටද?

නැත්තං කොල්ලෙකුගෙ නාහෙට නාහන ගතියටද?

ඒත් නැත්තං ඩීසන්ට් කමටද?

මේ එකක්වත් නොවෙයිනං කොල්ලෙකුටග මා කොලිටීසිවලටද? කෙල්ලෙක් මේවයින් දෙක තුනකටම කැමතිනං ඒ කියන්නෙ කොල්ලො දෙන්නෙකුටම ආදරේ කරන්න එයාට පුළුවන් කියන එකද? දැන් ඉතින් වටපිට බලන්නත් එපා…

ළග ඉන්න කෙනාගෙ මූණ දිහා බලන්නත් එපා.

තොල විකාගෙන තනියෙන් හිනාවෙන්නත් එපා. සමහරවිට ඒකට උත්තරේ මේ කතාවෙන් දැනගන්න පුළුවන් වේවි. …

ඉස්සෙල්ල කිව්ව ගතිගුණ තියෙන කොල්ලො දෙන්නෙක් එකම කෙල්ලකුට ආදරේ කරනවනං ඒත් කියන්න තියෙන්නෙ ඒකමයි.

මයාඩා | Mayada

Original price was: Rs 1,140.00.Current price is: Rs 910.00.

Daughter Of Iraq
by Jean Sasson

ගජමුතු සහ කඳුළු | Gajamuthu Saha Kandulu

Original price was: Rs 450.00.Current price is: Rs 360.00.

කවිය තරම් පොදු ජනතාවට සමීප වූ වෙනත් මාධ්‍යයක් නැත. මිනිසාගේ උපතේ සිට මරණ මංචකය දක්වාම කවිය සමීපව සිටින්නේ එබැවිනි. කවරදා කුමන වකවානුවකදි බිහිවූයේ ද යන්න නිශ්චිතව කිව නොහැකි වූවත්, අන් සියලු මාධ්‍යයන්ට වඩා කවියට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. පණ්ඩිතයන් ඇසුරු කළ කවිය විදග්ධ සාහිත්‍යය ලෙසද, පොදු ජනතාව ඇසුරු කළ කවිය ජන සාහිත්‍යය ලෙසද දෙවැදෑරුම් විය. මේදෙපාර්ශවයම බහුලව භාවිතා කළේ සමුද්‍රඝෝෂ වැනි විරිත්ය. 1946 දී පමණ බටහිර ආභාෂය ලද නිදහස් කවිය බිහිවීමත් සමඟ පද්‍ය සාහිත්‍යය සඳැස් සහ නිසඳැස් යනුවෙන් බෙදී වෙන්විය. මුල් කාලයේදී නිසඳැස රිද්මයකින් තොරව ලියැවුණද , අද වන විට ඒවාද රිද්මය සහිතව බහුලව ලියැවෙන බවක් දක්නට ලැබේ.
බණ්ඩාර ඇහැළියගොඩ

පන්සිය පනස් ජාතක කතා පොත් කට්ටලය | Pansiya Panas Jathaka Poth

Original price was: Rs 4,950.00.Current price is: Rs 3,850.00.

පොත් රඳවනයක් නොමිලේ…!!!

සරල බසින් ලියන ලද
පන්සිය පනස් ජාතක කතා පොත් කට්ටලය

1. පළමුවෙනි වෙළුම – පිටු 240
2. දෙවන වෙළුම – පිටු 240
3. තෙවන වෙළුම – පිටු 224
4. සිව්වන වෙළුම – පිටු 192
5. පස්වන වෙළුම – පිටු 208

කදිම පාසලේ දුෂ්ට පාලිකාව | Kadima Pasale Dushta Palikawa

Original price was: Rs 550.00.Current price is: Rs 440.00.

Claudine at St Clare’s
by Enid Blyton

කදිම පාසල් පොත් පෙළ අංක 05

කදිම පාසලේ මිත්‍රශීලී නේවාසිකාගාර පාලිකාව අසනීපයෙනි. අලුතින් එන පාලිකාව නපුරු ගතිගුණ පළ කරයි. ඇගේ දියණිය කේලාම්කාරියකි. කදිම පාසලේ කදිම බාලිකාවන් දුෂ්ට බව, කේළාම් හා නපුර පරදවන්නේ කොයි ආකාරයෙන් ද…?

විප්පයෝගය | Vippayogaya

Original price was: Rs 950.00.Current price is: Rs 710.00.

The Man Who Laughs
by Victor Hugo

#Wippayogaya

ලප සහිත පටියේ අභිරහස | Lapa Sahitha Pitiye Abhirahasa

Original price was: Rs 400.00.Current price is: Rs 320.00.

Sherlock Holmes
by Sir Arthur Conan Doyle

“අනුමාන කළේ කොයි විදිහට වුණත්, මහත්මයා කීව කරුණු සේරම ඇත්ත” කත කීවා ය. “මම ගෙදරින් ආවේ හයටත් කලින්, දුම්රියපොළට ආවේ හයයි විස්සට, පළවෙනි කෝච්චියෙන් වෝටර්ලූ ආවා, මට මේ පීඩාව තවත් දරා ගන්න බැහැ සර්, මෙහෙම ගියොත් මට වැඩි දවස් නොගිහින් පිස්සු හැදේවි. මට උදව් ඉල්ලන්න කිසි ම කෙනෙක් නැහැ. ඉන්න එකම කෙනා මගේ පෙම්වතා, ඒ අහිංසකයටත් මට උදව් කරන්න පුළුවන්කමක් නෑ. මිසිස් ෆ්‍රින්ටොෂ් කියන්නෙ මගේ යෙහෙළියක්, එයා කරදරේ වැටිච්ච වේලාවක සර් එයාට උදව් කළ හැටි මට කියලා තිබුණා. අනේ සර්, කරුණාකරල මට උදව් කරන්න. සර්ගේ සේවයට ගෙවන්න තරම් මුදලක් මේ වෙලාවේ මගේ අතේ නැහැ, ඒත් මාසෙකින් දෙකකින් මගේ ආර්ථික ප්‍රශ්න කෙළවරක් වේවි. ඊට පස්සේ මම නොවරදවා ගෙවන්නම්.”

ලංකාවේ සියවසක් | Lankawe Siyawasak

Original price was: Rs 850.00.Current price is: Rs 680.00.

Ceylon in the Jubilee Year
by John Ferguson

“ලංකාවේ සියවසක්” ඉතිහාස ග්‍රන්ථයක් නොවේ. එය 1803 සිට 1887 දක්වා වූ කාලපරිච්ඡේදයේ අපේ සමාජයේ සිදු වූ සුවිශාල වෙනස්කම් අළලා ජෝන් ෆර්ගියුසන් විසින් ලියන ලද සමාජ විද්‍යාත්මක වටිනාකමක් සහිත අපූරු කෘතියකි. එක් සියවසකට මදක් අඩු කාලයක් තුළ දහනව වන සියවසේ දී ලංකාව වෙලා ගත් විපර්යාස සමූහය මනරම් වෘතාන්තයක් මෙන් හොඳින් මේ වියමනට කෘතියක් තුළ ගොනුකර ඇත.

බ්ලැක් මේල් | Black Mail

Original price was: Rs 650.00.Current price is: Rs 520.00.

My Laugh Comes Last
by James Hadley Chase

මා ඇයට ආදරය කරන බව මට කීමට අවශ්‍ය විය. මට මුදල් ඕනෑ තරම් ඇති බවත් ඇයට හොඳ නිවසක් දිය හැකි බවත් ඇය මා ළඟ සිටී නම් ඇය රැක බලාගත හැකි බවත් කීමට මට වුවමනා විය. එහෙත් ඇගෙන් එයට යම් සංඥාවක් ලැබෙන තුරු ඉවසා සිටින්නැයි මම මටම කියා ගතිමි. මා ඉවසිය යුතුය. මට මාසයක් කල් තිබේ.

සාර භූමි | Sara Bhumi

Original price was: Rs 1,100.00.Current price is: Rs 990.00.

The Good Earth
by Pearl S. Buck

චීන ගොවි දිවියෙහි
නිර්ව්‍යාජ සුවඳ මුහු වූ
මේ ගැදි කව මත
සමස්ත ආසියාතික ජන දිවියෙහි
අපූර්ව වූ රිද්මය
මනාව සිත්තම්ව තිබේ.

භාරත යෝගීන් සහ ඉසිවරයන් සමඟ 2 | Bharatha Yogin Saha Isiwarayin Samaga 2

Original price was: Rs 800.00.Current price is: Rs 720.00.

A Search in Secret India
by Paul Brunton

#baratha barat bharat

වසිලිස්සත් ඔයත් මමත් | Wasilissath Oyath Mamath

Original price was: Rs 600.00.Current price is: Rs 540.00.

රෑට නැති නුවණ – උදේට පහළ වෙන වග කියා
නිදාගන්නට ගිය නුවණක්කාර වසිලීස්සා,
කියන්නට පුළුවන්ද ඉතින්
පළමු හිරු එළියෙදී පහළ උණාද ඔයාට
ප්‍රේමය අත්හරින නුවණ?
හැකි උණාද – ඔහුව සොයා ගෙන නොගිහින්
ඒ පාළු පාර හැර වෙනත් මල් පිපෙන පාරක යන්න

තණකොළ පෙත්තෙකුගෙ තාලයට පැන පැන දුවද්දී
රුසියාවේ නගරයක ඔරලෝසු කණුවක කටු
නවතිනව නම් කියල හිතිලාම නැද්ද?
වෙලාවයි හුස්මයි දෙකම
ඔයාගේ ඇස් මානයෙන් ඔහු
හිනාවී ගිය වෙලාවට..

– චරිතා ප්‍රවර්ධි බණ්ඩාර –

#vasilissath oyath mamath

මහ රෑ | Maha Re

Original price was: Rs 750.00.Current price is: Rs 600.00.

විදුලි පහන දල්වා සින්ක් එක ලඟට ගිය නාරද කරාමය ඇර වීදුරුව පයිප්පයට ඇල්ලුවේය. ඔහු එය දුටුවේ එවිටය. දුටු ගමන් ඔහු තිගැස්සුණේය. දකණු අතේ ඇඟලිවල ලේ පැල්ලමක් විය.

”මේ මොන මඟුලක්ද ?” යයි සිතන විටම නාරදට බෙල්ලේ දකුණු පැත්තෙන් දැවිල්ල ගතියක්ද දැනිණි. ඇඟිලිවල ලේ ගෑවු‌ණේ බෙල්ලේ තුවාලයකින් බව නාරදට තේරුණි. එය ඔහුට ප්‍රෙහෙලිකාවක් විය.

වතුර බීම පැත්තක තියා නාරද නාන කාමරයෙන් එළියට විත් නැවතත් නිදන කාමරය වෙත ගියේය. එවිට ඔහුට තව දෙයක් දැකගන්නට ලැබිණී.

හිස තබාගෙන සිටි ‌කොට්ටයේත් ලේ ගෑවි ඇති බවයි.

මේ කිසි දෙයක් නොදැන අචිනි තද නින්දක ගැලී සිටියේ ඔළුවේ ඉඳන් පොරවාගෙනය. වැහි සීතල නිසා වෙන්න ඇති යයි නාරදට සිතිණී. නාරද ඇඳෙ පැත්තකින් වාඩි විය. කොච්චර කල්පනා කළත් තුවාලය වෙච්චි විදියක් ගැන ඔහුට මතක් කර ගන්නට හැකි වූයේ නැත.

ඔළුවේ ඉඳන් පොරවගන්න එපා යයි නාරද අනන්තවත් අචිනිට කියා තිබේ. හුසම ගන්න අමාරු නිසාය. නාරද අත දිගුකර අචිනිගේ පෙරවනය පහත් කළේය.

අචිනි හිටියේ උඩුබැලි අතටය.

ඇගේ දෑස් විවර වී තිබිණි.

ආදරේ තරම් ම යසෝදරා | Adare Tharam Ma Yasodara

Original price was: Rs 1,200.00.Current price is: Rs 960.00.

විවාහ වූ අලුත ආනන්දත් යසෝදරාත් යන දෙදෙනා ම රටේ සමාජයීය ගැටලු පවා ප්‍රේමණීය ලෙස සාකච්ඡා කළහ. ආනන්ද සිංහල කියන විට ඈ ලාංකික යැයි කීවා ය. සිංහල සංස්කෘතිය ගැන ආනන්ද කියන විට ඈ දූපත් සංස්කෘතියක් ගැන කීවා ය. ආනන්ද සිංහල බෞද්ධයා ගැන කියන විට ඇය දෙමළ බෞද්ධයා ගැන ප්‍රශ්න කළා ය. ආනන්ද සමාධි පිළිමය ගැන කියන විට යසෝදරා විහාර මංගලම් නම් ද්‍රවිඩයන් නෙළූ දකුණු ඉන්දීය බුදුපිළිමයක් ගැන තොරතුරු කීවා ය. ආනන්ද අවුකන පිළිමය ගැන කී විට යසෝදරා නාග පට්ටනම් ඉන්දීය ලෝකඩ බුදු පිළිමයක් ගැන කීවා ය. සිංහල බෞද්ධ සාහිත්‍යය ගැන ආනන්ද කියද්දි දක්ෂිණ භාරතීය ද්‍රවිඩ සාහිත්‍යය ගැන ඈ තර්ක කළා ය. හැම විටම විසංවාදය ප්‍රේමයෙන් ආදරයෙන් සහ විසංවාදයෙන් ඉදිරියට ආවේ ය.

‘බණ බැරි වුණත් ගම තොටගමුවෙ ලු’

ඔබටත් දිනිය හැකිය | Obatath Diniya Hakiya

Original price was: Rs 1,300.00.Current price is: Rs 1,040.00.

You Can Win
by Shiv Khera

අයිරාංගිනි | Airangini

Original price was: Rs 400.00.Current price is: Rs 360.00.

මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියූ තුන්වැනි නවකතාව වන අයිරාංගිනි 1923 දී පළවිය. සමාකාලීන නවකථාවල පිළිබිඹු වු ඒකාකාර දෘෂ්ටියෙන් තරමක් මිදී ඇති මේ නවකතාව ඛේදවාචකයකින් අවසන් වෙයි. 20 වැනි සියවසේ මුල් භාගයේ ශ්‍රි ලාංකික සමාජ සිරිත් විරිත් හා මනුෂ්‍ය ස්වාභාවයන්හි පිළිබිඹුවක් මේ නවකථාව තුළ දැක්ක හැකිය.

ගැහැනියක් සහ තවත් කෙටි කතා | Gahaniyak Saha Thawath Keti Katha

Original price was: Rs 350.00.Current price is: Rs 315.00.

ගැහැනියක්‌ කතා සංග්‍රහයෙහි කෙටිකතාවලට තුඬු දුන්‌ අත්දැකීමි පිළිබඳව මාර්ටින්‌ වික්‍රමසිංහයන්‌ සිය උපන්දාසිට පොතෙහි දැක්වූ කියුමක්‌ මේය:

“මගේ ගැහැනියක්‌ කෙටිකතා පොත පිට වූයේ මිරඟුවට අවුරැද්දකට පෙර ය. එහි කතාවලට වස්තු වූයේ ගැමි ජීවිතය පිළිබඳ මගේ සුහද අත්දැකීම්‌ කිහිපයකි. එතෙක්‌ අනික්‌ එකම පොතකුදු ලිවීමෙන්‌ නොලත්‌ සන්තෝෂයක්‌ මම ගැහැනියක්‌ පොතේ කෙටිකතා ලිවීමෙන්‌ ලැබීමි. මා එතෙක්‌ ලියූ කතාවලින්‌ හොඳම කතා ගැහැනියක්‌ පොතේ කතා ය.”

හඳ සාක්කි කීම | Handa Sakki Kima

Original price was: Rs 200.00.Current price is: Rs 180.00.

1946 මාර්ටින් වික්‍රමසිංහ ලියූ හඳ සාක්කි කීම, ජීවිත පරිඥානයෙන් හා කලාවිඥානයෙන් පැසුණු ඔහුගේ නිර්මාණ ශක්තිය පළ කෙරෙන කෙටිකතා සංග්‍රහයකි. ලේලි කෙටිකතාව ගැන ජීවිතයෙහි සංකීර්ණ අංගයක් පිළිබඳ චිත්ත චෛතසික පරිකථාවක් වැන්න. සමාජවාදියා නගරයේ ඉහළ පන්තියේ පවුලක් ගෘහ ජීවිතය ඇසුරෙන් රචිත සමාජ වාදීය කතාවකි. ඒ කතාව කියන තරුණයා ඔහුගේ ගෙදර විසිතුරු දේ හා අනුකාරක සිරිත් ද වස්තු කොට ගැනීමෙනි මවුපියන්ගෙ ගතානුගතික චරිත නිරූපණය කරන්නේ කීර්ති ලෝභයෙන් සුදු නිලධාරීන් ඇසුරු කළ නගරයේ සිංහල නිලධාරියකුගේ ජීවිතයෙහි බොල් අරුතත් ඔහු නිසා ඔහුගේ සහෝදරියගේ ගැමි ජීවිතය අවුල් වීම හා ඇගේ දූන් ද අනාථයන් වන සැටි ත් හෙළි කෙරෙන ප්‍රචන්න උපහාසයකි. මුදියන්සේ මාමා, තරුණ භික්ෂුව භික්ෂු ජීවිතය සැඟවුණු ආධ්‍යාත්මික අංග හෙළි කරයි. මරණය ආර්ථික දුෂ්කරතා හා පාරම්පරික සිරිත් නිසා කම්කරු ජීවිතය අවුල් වන සැටි හෙළි කෙරෙන සෝපාහාස ශෝකාලාපයකි.

උපන්දාසිට බාල විය | Upandasita Bala Viya

Original price was: Rs 400.00.Current price is: Rs 360.00.

මාර්ටින් වික්‍රමසිංහයන් 1961 වසරේ දී ලියා පළ කළ උපන් දා සිට ග්‍රන්ථය, බාලවිය, තරුණවිය මැද විය යන කොටස් තුනකින් යුතු ය. එහි මුල් කොටස වන බාල විය වෙනම පොතක් ලෙස පළ කර ඇත්තේ පාසල් දරුවන් සඳහා වූ අතිරේක කියවීම් පොතක් වශයෙන් එහි ඇති වැදගත්කම සලකා ගෙන ය.

බව තරණය | Bawa Tharanaya

Original price was: Rs 700.00.Current price is: Rs 630.00.

සිදුහත් සිරතත් බුදු සිරිතත් මෙතරම් තාත්වික අන්දමින් මොනම භාෂාවකින්වත් ලියා ඇතැයි නොසිතමි.සිංහල පාලි සංස්කෘත ඉංගිරිසී භාෂාවලින් ලියු බුද්ධ චරිත හැම එකක්ම වාගේම මම කියවා ඇත්තෙමි.මේ තාක් කිසිම කෙනෙකු කල්පනා නොකළ ආකාරයට සිදුහත් සිරිත මෙහි පිළිබිඹුවන අයුරු ලියා තිබීම ආශ්චර්යජනක ය.බුද්ධ ධර්මයෙහි ගැඹුරු තැන් දැන ගැනීමට මෙම පොතෙන් ලැබෙන පිටිවහල අපමණය. මෙය වෙනත් භාෂාවන්නටද පරිවර්තනය කොට ලොව පුරා ප්‍රචාරය කිරිමට අතිශයින්ම සුදුසු ය.බුදු සමයේ හරයත් එකල දඹදිව පැවති ආගම්වල තත්වයත් ජන සමාජයේ තොරතුරුත් බුදු රදුන්ගේ ඇති කළ සමාජ පෙරළියත් එක්වර මේ පොත කියවන්නකුට උගත හැකි ය.
– පණ්ඩිත ශාස්ත්‍රපති අකුරැටියේ අමරවංශ නායක මාහිමි –

ටාර්සන් සහ ඔපාරයේ මැණික් | Tarzan Saha Oparaye Menik

Original price was: Rs 380.00.Current price is: Rs 340.00.

Tarzan and the Jewels of Opar
by Edgar Rise Burroughs

ආදි කල්පිත මහා වනාන්තරයේ වැළලී පැවති ඉපැරණි නගරයක් වන ඔපාරයේ දී, වානරයන් ගේ ටාර්සන්ට මහා ධන නිධානයක් හමු වෙයි. මෙය ගැනීමට යන මොහොතේ දී ම සිදු වන භයංකර භූමි කම්පාවක් හේතු කොට ගෙන ටාර්සන්ගේ හිස බලවත් සේ තුවාළ වෙයි. මේ තද බල පහරෙන් ටාර්සන්ට සිය අතීතය අමතක වෙයි. මේ අතරතුර දී ඛෙල්ජියානුවකු විසින් හා අරාබි වහල් වෙළෙන්දෙකු විසින් ටාර්සන් ගේ බිරිඳ වන ජේන් පැහැර ගෙන යනු ලබයි. ඔවුහු අනතුරු ව ටාර්සන් ගේ වන ගත නිවාසයට ගිනි තබා විනාශ කර දමති.

එහෙත් කල් යෑමේ දී ප්‍රකෘති සිහියට පත් වන ටාර්සන් සිය මිතුරන් වන මහා වානරයන් කැටුව ගොස් සිය සතුරන්ගෙන් දරුණු අන්දමින් පළි ගෙන සිය බිරිඳ ද බේරා ගනියි.

ටාර්සන් ගේ වන සිවුපාවෝ | Tarzan Ge Wana Siwpawo

Original price was: Rs 400.00.Current price is: Rs 360.00.

The Beasts of Tarzan
by Edgar Rise Burroughs

තමා ප්‍රිය කරන වනගත නිවෙසින් ඈත් ව ශිෂ්ටාචාරයේ අවුල් වියවුල්වලට මැදි වී සිටින ප්‍රබල ප්‍රචන්ඩ ටාර්සන්ට, මහා බිහිසුණු භයංකර ප්‍රවෘත්තියක් සැල වෙයි. එ නම් සුදු මිනිසුන් ගෙන් සැදි කොල්ලකාර සොර කණ්ඩායමක් විසින් තමා ගේ සුරතල් පුත්‍රයා ද ප්‍රිය බිරිඳ ද පැහැරගෙන යනු ලැබ ඇති බව ය.

කෝපාවිෂ්ට ටාර්සන් ඔවුන් ගළවා ගැනීමට වහා ක්‍රියාත්මක වෙයි. මෙහි දී භයංකර වන සිවුපාවුන් ගේ ආධාර ලබන ටාර්සන් වනය කම්පා කරමින් ප්‍රකමිම්පා

කරමින්……….

ඉතාම බිහිසුණු ත්‍රාස ජනක සිද්ධි මාලාවකට මුහුණ දෙයි.

ටාර්සන් ආපසු එයි | Tarzan Apasu Ei

Original price was: Rs 900.00.Current price is: Rs 810.00.

The Return of Tarzan
by Edgar Rise Burroughs

මහා නගරවල ජීවිතයෙන් ඉක්මනින් කලකිරෙන ටාර්සන්, අපූර්වාකාරයකින් යළිත් අප්‍රිකානු මහා ඝන වනාන්තරයට ම ඇදී යයි. එහි දී දරුණු මිලේච්ඡයන් සමඟ ද ඇත් දළ වෙළෙඳාමේ යෙදෙන ක්‍රෑර වෙළෙඳුන් සමඟ ද ගැටෙන ටාර්සන්, සුපුරුදු බිහිසුණු වන ජීවිතයේ දී ත්‍රාස ජනක වූ ද, ප්‍රචණ්ඩ වූ ද අත් දැකීම්වලට මුහුණ දෙයි. එහි දී අප්‍රිකානු ඝන වන මධ්‍යයේ වැළලී ගිය ඉපැරණි රාජධානියකට අනපේක්ෂිත ව පා තබන ටාර්සන්, මහා නිධානයක් සොයා ගනී. එ පමණක් නොව, තමා පෙම් කළ පෙම්වතිය ද එහි දී හමු වෙයි.

වානරයන්ගේ ටාර්සන් | Wanarayange Tarzan

Original price was: Rs 1,000.00.Current price is: Rs 900.00.

Tarzan of the Apes
by Edgar Rise Burroughs

ලෝකයේ අතිශයින් ම ජනප්‍රිය නව කථාවලින් එකක් වන ‘වානරයන් ගේ ටාර්සන්’ ලෝකයේ භාෂා ගණනාවකට පරිවර්තනය වී, කෝටි ගණනින් අලෙවි වන්නකි. නව යෞවනයන් ගේ අත්‍යන්ත ආදරයට භාජනය වී ඇති මේ නව කථාව, මෙ වැනි ම ත්‍රාස ජනක වන කථා පෙළකට මුල් වී ඇත. සිනමා චිත්‍රපට ගණනාවකට වස්තු බීජය සපයා ඇති ‘වානරයන්ගේ ටාර්සන්’ ලොමු දැහැගන්නා සීද්ධීන් ගෙන් ගහන, අතිශය චමත්කාර ජනක නව කථාවකි.

‘වානරයන්ගේ ටාර්සන්’ අප්‍රිකාවේ ඝන වනාන්තරයක උපත ලද ඉංග්‍රීසි ජාතික රදල බිලිඳකු, කාලා නමැති දැවැන්ත වානරියක විසින් හදා වඩා ගනු ලැබ, බිය කරු මහ වනයේ අධිපතියා බවට ගත් වීමේ අපූර්ව වන කථාන්තරය යි.

ඈන් 2 – ගමට අලුත් එළියක් | Anne 2 – Gamata Aluth Eliyak

Original price was: Rs 1,050.00.Current price is: Rs 945.00.

Anne of Avonlea
by L. M. Montgomery

රොබින්සන් ක්රූසෝ – දයාවංශ ජයකොඩි | Robinson Crusoe

Original price was: Rs 600.00.Current price is: Rs 540.00.

Robinson Crusoe
by Daniel Defoe

ඉංග්‍රීසි සාහිත්‍යයේ පළමු වන නව කථාව වශයෙන් බොහෝ සාහිත්‍ය විචාරකයන් විසින් පිළිගනු ලබන “රොබින්සන් ක්රූසෝ” එහි ඇත්තා වූ දැවැන්ත වූ ද සංකීර්ණ වූ දආර්ථික න්‍යායන් කරණ කොට ගෙන කාල් මාක්ස් ගේ නොමඳ පැසසුමට භාජනය විය.මිනිසා ගේ සිතුම් පැතුම් විවරණය කරන්නා වූ ද දහසක් බාධක හිරිහැර මධ්‍යයේ ස්වකීය අරමුණ කරා ගමන් කිරීමට මිනිසා ධෛර්යවත් කරන්නා වූ ද ‛රොබින්සන් ක්රූසෝ”සෑම මිනිසකු විසින් ම අවශ්‍යයෙන් ම කියවිය යුත්තකැ යි මහත්මා ගාන්ධි තුමා කීවේය.

ඉවට් | Iwat

Original price was: Rs 350.00.Current price is: Rs 315.00.

Yvette
by Guy De Maupassant

ගී ද මෝපසාං ගේ විශිෂ්ට කෙටි නව කථාවක් වන ‘ඉවට්’ තුළින් ප්‍රන්සයේ පව්‍යාංගනාවන් දෙ දෙනකු ගේ පරස්පර විරෝධී ජීවන ප්‍රවෘත්තීන් හෙළි වෙයි. තේමාවෙන් ද භාෂා විලාසයෙන් ද සෞන්දර්යාත්මක නව කථාවක් වන ‘ඉවට්’ ක්ෂුද්‍ර ගද්‍ය කාව්‍යයක් ලෙස සැලකිය හැක්කකි. සාහිත්‍ය රසය උපරිම වශයෙන් විඳිමින් නවතාවෙන් කිහිප වරක් කියවිය හැකි ය.

දණ්ඩන කඳවුර | Dandana Kandawura

Original price was: Rs 600.00.Current price is: Rs 540.00.

නූතන ශ්‍රේෂ්ඨ කථා කරුවන් දස දෙනකුත් නියෝජනය කරන මෙම ථා සංග්‍රහයෙන්, සිංහල පාඨකයා මෙ තෙක් නොවිඳි විරූ වින්දනයක් ද චමත්කාරයක් හා ජීවිත පරිඥානයක් ද ලබනු නිසැක ය. තාන්ත්රික, අධිතාත්වික, සාන්දාෂ්ටික, ගුඪාත්මක හා සංකේතාත්මක ආදී නානා විධ සම්ප්‍රදායන් අනුව ලියැවුණ කථාවලින් හෙබි මෙම කථා සංග්‍රහය, නූතන කථා කලාවෙහි මූලික ලක්ෂණ හා ප්‍රවණතා මැනවින් නිරූපණය කරන්නකි.

රාවණා මෙහෙයුම 2 | Rawana Meheyuma 2

Original price was: Rs 1,050.00.Current price is: Rs 945.00.

බැලු බැලු අත කිසිම මනුස්සයෙකු, සිය කිමිදුම් සගයෙකු තියා මාළුවෙකුවත් පෙනෙන්නට නොමැති අඳුරු නීල වර්ණ සමුදුරු අගාධයේ තමන් තනි වූ බව පෙනෙන්නට තිබුයෙන් ඇය දැඩිසේ කම්පනයට පත් විය.

සන්නිවේදකය හරහා උදව් ඉල්ලා කෑ ගැසීමට ඈ හඬ නැඟුව ද මුවින් හඬක් පිට වුයේ නැත. අත පය සීතල වනු ඇයට හැඟුණි. ගතම සෙලවිය නොහැකි සේ ගල් වී ඇත. ත්‍රාසයෙන් අසරණව, අන්ධකාර සමුදුරු අගාධයෙහි තනි වී කරකියා ගත හැකි දෙයක් නොමැතිව, ඉහළ සාගර තලය දෙස ඇය හිස් බැල්මක් යොමු කළාය.

#ravana

මසායි දූතිකාව | Masai Duthikawa

Original price was: Rs 790.00.Current price is: Rs 710.00.

Angel of Massai
by Rangi Martel

අප්‍රිකාවේ මහා වනාන්තරයක වෙසෙන, ශිෂ්ට සම්පන්න යයි සම්මත ලෝකයට ප්‍රවිෂ්ට නො වූ ගෝත්‍රික මිනිස් සමූහයක් වෙනුවෙන් වෙහෙසෙන තරුණියක ප්‍රධාන කොට ගනිමින් ලියැවෙන මේ සිදුවීම් දාමය පෙළගැසෙන්නේ, අපේ ඇසට නො පුරුදු පරිසරය පිළිබඳව කතුවරිය අපට දායාද කරන චමත්කාරය ඔස්සේ කියවන්නා විස්මයට පත් කරමිනි. අප්‍රිකානු වනගත පරිසරය, ආගන්තුක චරිත, ස්ථාන හා චරිත හඳුන්වා ඇති නාම, පුදුම සහගත හැසිරීම්, සිරිත්විරිත් පිළිබඳව නිරන්තරයෙන් ස්පර්ශ කරමින් එහිම වෙසෙන අප්‍රිකානු වැසියෙකුට ම මිස, බැහැර කෙනෙකුට නොහැක.

නවකතාවක් යනු කතන්දරයක් කියාගෙන යාම වෙනුවට, ඒ කථාන්තරයේ එන චරිත තුළින් මනුෂ්‍යත්වයේ සැගවුණු පෙදෙස්වලට තියුණු ආලෝක ධාරාවක් යොමු කර, ඒ මෙසේ මෙසේ යයි දකින්නට සැලැස්වීමය යන අදහස කතුවරිය සිය නිර්මාණය තුළින් සනාථ කර තිබේ.

මා නිදන්නට පෙර | Ma Nidannata Pera

Original price was: Rs 1,900.00.Current price is: Rs 1,520.00.

Before I Go to Sleep
by S. J. Watson

මේ ලියන්නේ මා හැමදාමත් උදේට අවදි වූවා යැයි සිතිය හැකි නිවසේ, නාන කාමරයේ බිම හිඳගෙනය. මේ දිනපොත මා ඉදිරිපිටත්, මේ පෑන මගේ අතේත් ඇත. ඉතින් මම ලියමි. මට සිතාගන්නට හැක්කේ ලිවීම ගැන පමණක් වන බැවින් මම මෙය ලියමි.

මා වටේටම ඇත්තේ ගුලි කර විසි කළ ටිෂූ ලේන්සුය. ඒ සියල්ල කඳුළුවලින් පෙගී ඇත. කඳුළුවලින් මෙන්ම ලේවලින්ද තෙත් වී ඇත. මා ඇසිපිය ගසන විට, මට පෙනෙන දර්ශනය රත් පැහැයට හැරෙයි. කොතරම් පිසදා දැමුවත්, තව තවත් ලේ බින්දු මගේ ඇසට කාන්දු වෙයි. කැඩපතින් බලද්දී, මගේ ඇසට ඉහළින් ඇති සම කැපී තිබෙන බව ම දුටුවෙමි. මගේ තොලත් පැළී ඇත. කෙළ ගිලින විට මගේ දිවට ලේ රස දැනෙයි.

මට නිදාගන්නට උවමනාය. සතෙකු මෙන්, කොහේ හෝ ආරක්ෂාවක් ඇති තැනක් සොයාගෙන ඇස් පියාගන්නට උවමනාය. මා එබඳු දෙයක් පමණකි. ඔව්… මා සතෙකු පමණි. මා සිටින්නේ කොතැනදැයි වටහා ගන්නට තැත් කරමින් එක මොහොතින් මොහොතකට, දවසින් දවසට ජීවත් වෙන සතෙකු පමණකි.

සුදු සෙවනැලි | Sudu Sewanali

Original price was: Rs 850.00.Current price is: Rs 765.00.
  • 1987 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව

රිදී විල් තෙර | Ridee Wil Thera

Original price was: Rs 1,150.00.Current price is: Rs 920.00.

By the Shores of Silver Lake
by Laura Ingalls Wilder

Little House – ලිට්ල් හවුස් 05

මිදි ඔය අසබඩ කුඩා නිවස අතහැර දමා මනුෂ්‍ය වාසයෙන් තොර ඩකෝටා ප්‍රදේශයේ පදිංචි වන්නට යන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අයට තවත් අභයෝගාත්මක ජීවන රටාවකට හුරු වන්නට සිදුවෙයි. ඔවුන්ගේ නව නිවස ඉදිකිරීම සඳහා කදිම ඉඩමක් තමාටම කියා අයිති කරගන්නට ලැබෙන තුරු අප්පච්චි දුම්රිය මාර්ගයේ වැඩ කරයි. අප්පච්චි, අම්මා, මේරි සහ කේරි සමග රිදී විල් තෙරේ ජීවත් වන්නට එන ලෝරා පළමු වතාවට දුම්රියක ගමන් කිරීමේ අත්දැකීමට මුහුණ දෙයි. මිනින්දෝරු නිවාසයේ ගත කළ පාළු සීත කාලයකින් පසුව, අප්පච්චි ශෝභන රිදී විල ඉවුරේ ඉක්මනින්ම ඉදිවනු ඇති අලුත්ම අලුත් නගරයක පළමුවැනි ගොඩනැගිල්ල සාදයි. ඉන්ගල්ස් පවුල ආවරණය කළ ගැලේ නැගී කළ සංචාරයන් අන්තිමේදී අවසන් වෙයි.

මේ පරම්පරා ගණනාවකක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්ගේ කොටස් නවයකින් යුතු අති විශිෂ්ට ලිට්ල් හවුස් කතා මාලාවේ පස්වැන්නයි.

#ridi vil thera

ලොන්නේබැරියේ එමිල් | Lonnebariye Emil

Original price was: Rs 600.00.Current price is: Rs 540.00.

Emil i Lonneberga
by Astrid Lindgren

ශ්‍රී කාන්ත | Shri Kantha

Original price was: Rs 1,350.00.Current price is: Rs 1,080.00.

වංග දේශයේ “අපරාජිත මහා ලේකඛකයා” ලෙස විරුදාවලි ලද ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යායගේ ජනප්‍රියම නවකතාව මෙන්ම සම්භාවනීය ගද්‍ය කාව්‍යයක් ලෙසද බුහුමන් ලබන “ශ්‍රී කාන්ත” නම් වූ නවකතාවේ මේ සිංහල පරිවර්තනය චින්තා ලක්ෂ්මී සිංහආරච්චි විසින් වංග බසින්ම සිංහලයට නගන ලද්දකි. මේ නවකතාවේ නිරූපිත රාජලක්ෂ්මී බ්‍රාහ්මණ වංශික යුවතියකි. ඇය ළමා වියේදී විවාහ කර දුන්නද සැමියාගේ නිවසට කැඳවාගෙන නොයයි. පසු කලෙක රසිකයන් පිනවමින් ඇය ගත කළ ජීවිතය ඇගේ වංශය අනුව ඉතා පහත් එකක් සේ සැලකේ. මේ චරිතය මඟින් කතුවරයා පුරුෂෝත්තම සමාජයක ස්ත්‍රියගේ‍ ඛේදය නිසි කලාත්මක ගැඹුරකින් විදහා දක්වයි.

ගෝරා | Gora

Original price was: Rs 1,850.00.Current price is: Rs 1,480.00.

ආනන්දමයී තමාගේ දෑතින් ඔහුගේ හිස ඔසවා ඒ හිස සිප ගත්තාය.

‘මේ ඉන්නේ මගේ අම්මා තමයි. මං හැමතැනම හොය හොයා ඇවිද්ද අම්මා මේ ගෙදරම ඉන්නවා. අම්මා කුලයක් බලන්නේ නෑ. පිරිසිදු, අපිරිසිදුකම් බලන්නේ නෑ. කවුරුවත් පිළිකුල් කරන්නේ නෑ. අම්මා යහපතේ ප්‍රතිමූර්තියක්. අම්මා තමයි මං ප්‍රාර්ථනා කරපු භාරතවර්ෂයේ සංකේතය.’

‘එකපාරක් අම්මගේ ලඡමියාට අඬගහන්න අම්මේ. ලඡමියාට කියන්න මට වතුර ටිකක් ගෙනත් දෙන්න කියලා.’
ආනන්දමයී එවිට කඳුළින් අවහිර වූ මෘදු ස්වරයෙන් ගෝරාගේ කනට කර මෙසේ කීවාය.

‘ගෝරා, එක පාරක් විනයට එන්න කියලා පණිවිඩයක් යවන්නද?’

සෆාරි වික්‍රමය | Safari Wikramaya

Original price was: Rs 890.00.Current price is: Rs 710.00.

Safari Adventure
by Willard Price

අප්‍රිකානු සිංහයාගේ ප්‍රියතම ආහාරය කුමක් විය හැකිද?

ඒ කුහුඹු -වලසා හෙවත් බිම් ඌරා යැයි ඔබ දැන සිටියේද? එහෙත් කුහුඹු වලසෙකු දඩයම් කර ගැනීම වනාන්තරයේ රජා වූ සිංහයාටද පහසු නැත.ඒ මිනිත්තුවක් දෙකක් ඇතුළත සිටි තැනින් අතුරුදහන් වන්නට උගේ ඇති දක්ෂතාව නිසාය. කුහුඹු -වලසා සිටි තැනින් එකවර අතුරුදහන් වන්නේ කෙසේද?

ලොව වේගවත්ම සත්ත්වයා චීටා ඉතාමත් මිත්‍රශීලි සතකු බවත් ඌ මස් අනුභව කරනවාට වඩා කරන්නේ ගොදුරේ ලේ උරා බීම බවත් ඔබ දැන සිටියේද? බයො බැබ් ගස් පිළිබඳ ඔබ දැන සිටියේ මොනවාද? අඩි පනහක පමණ උසට අඩි හැටක පමණ වට ප්‍රමාණයකින් යුතුව වැවෙන බයො බැබ්ගස්වල කඳ අභ්‍යන්තරය විශාල කුහරයක් බවත් ඒ ඇතුළත මිනිසුන් විසි පස් දෙනෙකුට පමණ ලැගුම් ගත හැකි බවත් ඔබ දැන සිටියේද?

යකාගේ කල්ලිය | Yakage Kalliya

Original price was: Rs 525.00.Current price is: Rs 420.00.

One Bright Summer Morning
by James Hadley Chase

පාතාල ලෝකයේ අපරාධ නායකයෙකුව වැජඹුණු සමයේ බිග් ජිම් ක්‍රාමර් උපයාගත් මහා ධනස්කන්ධය අනපේක්ෂිත අයුරින් ඔහුට අහිමි වූ පසු නැවතත් ඒ හා සමාන ධනස්කන්ධයක් ලබා ගැනීම ඔහුගේ අභිප්‍රාය විය. ඒ වෙනුවෙන් එක්සත් ජනපද රාජධානියේ සිටි ධනකුවේරයකුගේ එකම දියණිය පැහැරගෙන ගොස් ඇය වෙනුවෙන් විශාල කප්පම් මුදලක් ලබා ගැනීමට ක්‍රාමර් සැලසුම් කළේය.

මෙම අපරාධය සඳහා ඔහු තෝරා ගත්තේ බිහිසුණු මැරවරයින් කීපදෙනෙකි. ඒ ඉතාලි ජාතික මිනීමරුවෙකු සහ ජීවිතය පරදුවට තබා ක්‍රියා කළ නිඹුල් සහෝදර යුවලකි. බිග් ජිම් ක්‍රාමර් ඔවුන් හැඳින්වූයේ යකාගෙ කල්ලිය යන අන්වර්ථ නාමයෙනි.

ලයිල… ලයිල… ලා…! | Laila Laila La

Original price was: Rs 1,250.00.Current price is: Rs 1,000.00.

Loves Music, Loves to Dance
by Mary Higgins Clark

සජීවී සුරූපිනියන් සමඟ මෙන්ම අජීවී සුරූපිනියන් සමඟ ද රංගනයේ යෙදීමේ අතෘප්තිකර ආශාවන් ගෙවුණු, විකෘති මනසකින් යුත් පුද්ගලයකුගේ අසාමාන්‍ය හැසිරීමට ගොදුරුව අභිරහස් ලෙස මරු වැළඳගත් රූමතියන් රැසකගේ ඛේදවාචකය!

ත‍්‍රාසය, කුතුහලය පිරි උද්වේගකර නවකතාව
ලයිල…. ලයිල…. ලා….

මේරි හිගින්ස් ක්ලාක්ගේ කෘතියක්.
දිලීප ජයකොඩි පරිවර්තනයක්.