කලම්බො | COLOMBO

Original price was: Rs 1,650.00.Current price is: Rs 1,400.00.

ඇය එළිසබෙත් උපන් දවසේම උපත ලැබූ එළිස‌බෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි ය. VI වන ජෝර්ජ් රජුගේ අභාවයත් සමඟ ඇය II වන එළිසබෙත් ලෙස එංගලන්තයයේ රැජීන බවට පත් වූවාය. නවසිය පනස් හතර වර්ෂයේ ඇය මෙරට සංචාරය කළ අවස්ථාවේදි ඇය මුණ ගැසෙන්නට මෙරට සම්භාවනීයන් කීප දෙනෙකුට අවස්ථාව උදා විය. එහිදී එළිසබෙත්ට, එළිසබෙත් මුණ ගැසීමේ අවස්ථාව ලැබිණි.

වන මැද සරසවිය | Wana Mada Sarasawiya

Original price was: Rs 400.00.Current price is: Rs 320.00.

“කෝසලගේ හිනාව වන්නි පොලවේ පීදුණු කරඹ මලක් වගේ ඒ තරමට ලස්සනයි. ඊටත් වැඩ ආදර්ශවත් කෝසල හේන් කෙටුවා – ගොවිතැන් කළා. පොළවල් ගානේ ගිහින් බදු වික්කා. ඒ අතර මහන්සියෙන් ඉගෙන ගත්තා. ඒ වගේමයි, මල්ලිටත් ඉගැන්නුවා. ඇත්තෙන්මයි, සරසවියක් වූ කොසලගේ යෞවනය, වන මැද සරසවිය යොවුන් කතාවෙන් දිග හැරෙනවා.

 

#wana meda sarasawiya #vana meda sarasaviya

බීර සුවඳැති හාදු | Beera Suwandathi Hadu

Original price was: Rs 1,400.00.Current price is: Rs 1,260.00.

Beer Scented Kisses

මේ පොළව මත ජීවත් වන සියලු දෙනාගේම අරගලය බැඳෙන බැඳීම් අස්සේ සිරවීම සහ නොබැඳෙන තනිකම අස්සේ තනි වීමය. මේ අන්ත දෙක අතර ජීවිත පවත්වාගෙන යන්නට අරගල කරනවා මිසක මිනිස්සුන්ට ජීවත් වන්නට ඉස්පාසුවක් නැද්දැයි ඇලීෂා ඇසුවේ තමන්ගෙනි.

තනිකම ඇබ්බැහියකි. ජීවිතේ වෙන කිසිවකට ඇබ්බැහි නොවෙන අයට තනිකමට ඇබ්බැහිවීම පුදුමාකාර සැනසීමකි. වෙනත් කිසිදු සුවයක් වෙනුවෙන් ඒ සැනසීම අනතුරේ දාන්නට දේවන්ට සිතුණේ නැත.

අසම්පූර්ණත්වයෙහි ඇත්තේ සුන්දරත්වයකි. මිනිසුන් යමක් සම්පූර්ණ කරගන්නා තෙක් ඒ පිළිබඳව නොනිමි ආශාවකින් පෙළේ. ඒ ආශාවේ අපූර්වත්වය ඇත්තේ අසම්පූර්ණත්වය තුළය.

මේ අපේ දූලාට | Me Ape Dulata

Original price was: Rs 1,100.00.Current price is: Rs 880.00.

Just for Girls A book about growing up
by Sarah Delmage

වැඩිවියට පත්වීම , පෙනෙන තරම් පහසු දෙයක් නොවෙයි. එහිදී ඔබට සිදුවන්නේ කුමක්ද කියා තේරුම් ගැනීම පහසු වෙන විදිහට මේ පොතේ විස්තර වෙනවා. මෙය මුල් කවරයේ සිට අග කවරය දක්වාම කියවන්න. ඔබ කැමති ඕනෑම වෙලාවක ඒකෙ කිමිදෙන්න. විස්තර කිරීම් රූප සටහන් , උපදෙස් සහ පාඨකයන්ගේ සැබෑ ජීවිත කතන්දරවලින් මේ පොත පිරිලා තිබෙනවා

අපූරු මිනිසෙක් | Apuru Minisek

Original price was: Rs 980.00.Current price is: Rs 780.00.

Steve Jobs
by Walter Lsaacson

ඒ මා මරණයට ඉතාමත් සමීප වූ අවස්ථාවයි. තවත් දශක කීපයක් ගත වන තෙක් එසේ වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. මෙම අත්දැකීම ලත් මට මරණය ප්‍රයෝජනවත් එහෙත් හුදු බුද්ධිමය සංකල්පයක්ව තිබිය දී වඩාත් නිරවුල්ව මේ දේ කිව හැක.

කිසිවෙකුට මරණය අවශ්‍ය නැත. දිව්‍ය ලෝකයට යෑමට අවශ්‍ය මිනිසුන්ට පවා එහි යෑමට මරණය අවශ්‍ය නැත. එහෙත් අප සියලු දෙනාගේම ගමනාන්තය මරණයයි. කිසිවෙකුට ඉන් ගැලවිය නොහැක. එසේ වී ඇත්තේ මරණය ජීවිතයේ හොඳම නිර්මාණය වීම නිසාය. එය ජීවිතයේ වෙනස්කම් කිරීමේ නියෝජිතයා වීම නිසාය. ඉන් අලුත් දේට ඉඩ සැලසීමට පැරණි දේ ඉවත් කරයි. දැන් අලුත් දේ ඔබයි. එහෙත් වැඩි ඈතක නොවන කිසියම් දිනක ඔබත් ක්‍රමයෙන් විය පත්ව ඉවත් කරනු ඇත. එය නාට්‍යෝචිතව දැක්වීම ගැන සමාවන්න. එහෙත් එය සත්‍යයි.

රැජින | Rajina

Original price was: Rs 1,650.00.Current price is: Rs 1,400.00.
  • 2017 ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේශය

මේ වූකලී,

නාකි මහානාග රජුගෙන් මෙන්ම ලාබාල කුඩා තිස්ස රජුගෙන්ද කිසිදා ආදරය නොලැබුණු අසරණ බිසවකගේ කතාවය.

එසේම,

ආදරය උදුරා විසි කළ මොහොතක අහම්බෙන් එය නැවත මුණ ගැසුණු මහ රැජිනකගේ කතාවය. එපමණකුදු නොව,

මිසරයේ ක්ලියෝපැට්රා රැජිනට මුළු හදවතින්ම ආදරය කළ අසාමාන්‍ය ගැහැනියකගේද කතාවය.

මළ නොමළ මිනිසා | Mala Nomala Minisa

Original price was: Rs 600.00.Current price is: Rs 480.00.

පියෙන් පියවර නැගෙන් මුදුනට | Piyen Piyawara Nagen Mudunata

Original price was: Rs 1,100.00.Current price is: Rs 880.00.

The Greatness Guide – 2
by Robin Sharma

සුප්‍රකට ලේඛක රොබින් ෂර්මාගේ The Greatness Guide – 2 කෘතියේ සිංහල පරිවර්තනයයි. මන බඳින සාර්ථකත්වයක් නිර්මාණය කර ගැනීමට, ජීවිතයේ සතුට විනෝදය උදාකර ගැනීමට, දුෂ්කර අවස්ථාවන්ට දිරිමත්ව මුහුණදීමට මෙම ග්‍රන්ථයෙන් ලැබෙන පිටුබලය ඉමහත්ය.

විශ්ව ආකර්ෂණ නීතිය | Wishwa Akarshana Neethiya

Original price was: Rs 1,200.00.Current price is: Rs 1,020.00.

Key to Living The Law of Attraction
by Jack Canfield

ඔබේ යටි හිත විශ්වයේම කොටසකි. එයට අපිරිමිත බලය ඇත. මුලින්ම අප එය හඳුනාගත යුතුය. එය විශ්වාස කළ යුතුය. එය විශ්වාස කළ යුතුය. විශ්ව ආකර්ෂණ නීතිය යනු ඔබ, ඔබගේ යටි හිත මගින් ඔබේ අරමුණු සාක්ෂාත් කරගන්නා ප්‍රබල ක්‍රමවේදයකි. මේ තුළ යම් අදෘෂ්‍යමාන ස්වභාවයක් තිබෙන බව පෙනෙන නමුත්, මෙය විද්‍යාත්මක සංකල්පයක් සහ ක්‍රියාවලියකි.

#wishva akarshana nithiya vishwa

දවසක් දා හැන්දෑවක | Dawasak Da Handawaka

Original price was: Rs 500.00.Current price is: Rs 450.00.

“ජීවිතයේ කෙළවරක් නැති මිනිස් සබඳතාවලටත් මේ ‘න්‍යාය’ ම ගළපන්නට පුළුවන්. කතාබහ කිරීම සහ කතා නොකර සිටීම, හමුවීම සහ හමු නොවී සිටීම, ළං වීම සහ දුරස්ව සිටීම, පැමිණීම සහ නොපැමිණීම…මේ සියල්ලක් ම ජීවත් වීම සඳහා අවශ්‍යයි. මේ සියලුම සංසිද්ධීන් එකකට එකක් වෙන් කළ නොහැකි සේ සහ සම්බන්ධයි. සංගීත සංධ්වනියක ස්වර සහ නිහැඬියාව වගේ… කවියක කියැවෙන දේ සහ නො කියැවෙන දේ වගේ. මා ජීවිතය කියවන විදියට ‘උපේක්ෂාව’ යනු මේ සහ සම්බන්ධය තේරුම් ගැනීමයි. උපේක්ෂාව එක්තරා විදියක සුවබර නිද්‍රාවක්.”

ලොවේ වැජඹෙන කලාව | Lowe Wajambena Kalawa

Original price was: Rs 1,400.00.Current price is: Rs 1,120.00.

Think And Grow Rich
by Napolean Hill

සාර්ථකත්වයට පත් නො වූවන් තුළ, පොදුවේ දක්නට ලැබෙන එක් ගති ලක්ෂණයක් වේ. එනම්, ඔවුහු අසාර්ථකත්වයට පත් වීමේ සියලු හේතු දනිති. එමෙන් ම ඔවුහු තම ජයග්‍රහණයන් වැළැක්වීමට බල පෑ නො හැකියාවන් හෝ නැතිවාදයන් හොඳින් දනිති.

මෙම නො හැකියාවන් ගෙන් සමහරක් පැහැදිලි ය. එයින් කිහිපයක් සත්‍යය මඟින් සාධාරණය කළ හැකි ය. නමුත් මුදල් රැස් කිරීම සම්බන්ධයෙන් මෙම නො හැකියාවන් පැවසීම පලක් නොවේ. ලෝකයට දැන ගැනිමට අවශ්‍ය වන්නේ, එක් දෙයක් පමණි. ඒ ‘ඔබ සාර්ථකත්වයට පත් වූවා ද?’ යන්න ය.

පෙපර් මින්ට් | Peppermint

Original price was: Rs 900.00.Current price is: Rs 810.00.

“මෙහෙම ලියන්න වචන එන්නේ කොහෙන්ද?”

“හදවතින්..”

“ඒ ගැන කියන්න.”

හදවත හරහා ඇවිදින්න කියන එක පහසු දෙයක් නොවෙයි. අපේ හදවත මත ඇවිදපු අය විතරක් නෙවෙයි දුවපු අයත් අපට රිදවලා තියෙනවා ගොඩක්.රිදුම් එන්නේ කොතනින්ද කියල කියන්න ගොඩක් අය දන්නෙ නැහැ. ඒක ඉතා ගැඹුරින් මතුවෙන්නෙ. හරියට ආගාධයකින් වගේ. ඒ ආගාධයට පනින්නේ නැතුව ඒක අපිට දැනගන්න බැහැ. තමන්ගේම මාවතකින් ඒ ගැඹුර පියමං කරපු හදවත් වලින් තමයි මෙවැනි දිලිසුම් වචන එන්නේ.

නොගන් ගිරිහිස නෙතින් ඉවතට | Nogan Girihisa Nethin Iwathata

Original price was: Rs 1,000.00.Current price is: Rs 800.00.

The Greatness Guide
by Robin Sharma

මිනිස් සාර්ථකත්වය සඳහා දැනට ලෝක ප්‍රකට පුහුණු කරුවෙකු ලෙස නම් දරා සිටින රොබින් ෂර්මා විසින් රචනා කරන ලද මෙම කෘතිය, ලොව පිළිගත් විධායක නිලාරීන්, ප්‍රධාන පෙළේ ව්‍යවසායකයින්, ජනප්‍රිය ගායකයින් මෙන්ම පන්සියයට අධික සමාගම් අතර ප්‍රචලිත ග්‍රන්ථයකි. උසස් සාක්ෂරතා සහිත සුවිශේෂී ජීවිතයකට නව ජීවයක් එක්කරමින් ඔබ ජයග්‍රාහී ඉලක්කයක් කරා මෙහෙයවීමට මෙම පොත ඉවහල් වනු ඇත.

රොබින් ෂර්මා ලෝකයේ සිටින අග්‍රගන්‍ය නායකත්ව විශේෂඥයින්ගෙන් කෙනෙකි. ඔහු තම මෙහෙවරට කැප වී ලෝකයේ කීර්තිමත් ආයතන වලට සේවා උපක්‍රම සහ ධනාත්මක ක්‍රමවේදයන් පිළිබඳව උපදෙස් දෙමින් සහයවන්නෙකි. ඔහුගේ කාති භාෂා 70 කට වැඩියෙන් පරිවර්තනය කර ඇති අතර එහි පිටපත් මිලියන ගණනක් විකිණී ඇත. ජනප්‍රිය රොක් ගායකයින්, රාජකීයයන්, ව්‍යවසායකයින් අතර ඔහු තාමත් ජනප්‍රියය.

කාන්තාරයේ දරුවෝ | Kantharaye Daruwo

Original price was: Rs 700.00.Current price is: Rs 560.00.

Desert Children
by Waris Dirie

“කාන්තාරයේ දරුවෝ” කතුවරිය​ වන​ වාරිස් ඩයරි සිය මිතුරිය වන මාධ්‍යවේදිනී කොරින්නා සමග එක්ව ස්ත්‍රී චර්මඡේදනයට විරුද්ධව යුරෝපය තුළ ඇය ගෙන යන අරගලය මෙම කෘතියට විෂය වී ඇත.

අප්‍රිකානු කාන්තාවෝ ඔවුන්ගේ චාරිත්‍රයකට අනුව ස්ත්‍රී චර්මඡේදනය නමැති ව්‍යසනයට ගොදුරැ වෙති. යුරෝපීය කාන්තාවෝ සිය ලිංගේන්ද්‍රිය අලංකාර කරගැනීම සදහ චර්මචේදනය කරවා ගනිති. අප්‍රිකානුවන් පසුගාමී ම්ලේච්ඡ කොටසක් වශයෙන් සලකන මේ ශිෂ්ට සම්පන්න යැයි කියාගන්නා යුරෝපීය කාන්තාවෝ බුරුතු පිටින් කෘතිම රූපලාවන්‍ය සායනයන් වෙත ගොස් නීත්‍යානුකූලව චර්මඡේදනය කරවා ගනිති. යුරෝපීය කාන්තාවන් අතර සිදුවන ස්ත්‍රී ලිංගේන්ද්‍රයේ පෙනුම සම්බන්ධව , චර්ම ඡේදනය ගැන කතාකරන බොහෝ අවස්ථාවල බොහොමයක් දෙනා කියා සිටින්නේ අප්‍රිකාවේ චර්මඡේදනය සිදුවන්නේ පුරුෂ පක්ෂයේ අවශ්‍යතාවයක් මත බවයි. එසේ නම් යුරෝපයේ තත්ත්වය කෙසේ ද ? යුරෝපය තුළ ද පුරුෂ පක්ෂය තුළ ඇති සෞන්දර්යය සංකල්පයට අනුව ස්ත්‍රිය ක්‍රියාකරන බැව් පැහැදිලිව පෙනෙන්නට තිබේ. එසේ නැතිනම් ස්ත්‍රී ලිංගේන්ද්‍රිය අලංකාර කරගනු වස් මෙවැනි කෘත්‍රිම රූපලාවන්‍ය සදහා වෛද්‍ය සායන පවතින්නේ කෙසේද ?

ෂල්මන් රෂ්ඩි නමැති ශ්‍රේෂ්ඨ ගත්කරුවා මෙසේ පවසා ඇත. “ඔබ පින්තූරයෙන් පිටතට පැමිණෙන තුරු ඔබට සම්පූර්ණ පින්තූරය දැකගැනීමට නොහැකිවනු ඇත”.

පින්තූරයෙන් පිටතට පැමිණෙන්නට දැන් කාලය එළඹ ඇත.

අදිසි නදිය | Adisi Nadiya

Original price was: Rs 1,100.00.Current price is: Rs 880.00.
  • 2019 සවර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව

කපිල කුමාර කාලිංග විසින් මෙයට පෙර රචිත “පියැසි කවුළුව’, ‘කන්ද වීදිය’ හා ‘සැප්තැම්බරයේ දිග දවසක්’ නවකතා පාඨක විචාරක ප්‍රසාදය දිනා ගැනීමට සමත් විය. මෙවර ඔහු ‘අදිසි නදිය’ තුළින් සිංහල නවකතාවට නුහුරු විෂය භූමියකට පාඨකයා කැඳවා ගෙන යයි. මායාරූපී ප්‍රබන්ධය, අධිතාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය,දේශපාලන සහ විද්‍යා ප්‍රබන්ධ යනාදී සාහිත්‍ය ශානර ඔස්සේ ගලා බස්නා ‘අදිසි නදිය’ කුතුහලාත්මක බවින් පිරි සුපාඨනීය කියැවීමක් බවට පත්වෙයි.එසේම මානවවාදී ධීරවීර පුද්ගලයින් හා දූරදර්ශි අධිපතිවාදී පාලකයින් අතරේ පවත්නා නිරන්තර අරගලය ද ‘අදිසි නදිය’ දෑලේ නිරූපනය වෙයි.

පුරවර අන්දරය | Purawara Andaraya

Original price was: Rs 950.00.Current price is: Rs 710.00.

A Tale of Two Cities
by Charles Dickens

නිදහස, සමානාත්මතාව, සහෝදරත්වය හෝ මරණය, ප්‍රංශ විප්ලවය පිළිබඳ ලියැවුණු සම්භාව්‍ය නවකතාව.

වැඩ කිරීමේ සතුට | Weda Kirime Sathuta

Original price was: Rs 1,100.00.Current price is: Rs 880.00.

The Joy of Working
by Denis Wauley & Reni L. Witley

අපේ ජීවිතයේ වැඩි කොටස ගෙවෙනුයේ වැඩවල නිරත වීම සදහා ය.එහෙත් අප වැඩි දෙනෙකුට අපේ රැකියාවෙන් මරණය හා බදු ගෙවිම වැනි අප්‍රිය,කරදරකාරී එමෙන්ම ඒකාකාරි වු ඒවා සේ හැඟේ.රැකියාව වෙහෙස ගෙන දෙයි.මීට හේතු වන්නේ මොනවාද? ඒ හේතු අවබෝධ කර ගැනීම යනු අප අපට ආදරය කිරීමකි.සතුටින් වැඩ කළ හැකි නම් අපේ ජීවිතය සතුට පිරුණු එකක් වේ.මේ පොත ඒ සදහා අපූරු අත්වැලකි.

#weda kireeme sathuta

ප්‍රාණ – ජීවිතය යළි සොයාගැනීම | Prana – Jeewithaya Yali Soyaganeema

Original price was: Rs 1,000.00.Current price is: Rs 900.00.

ජීවිතය යළි සොයාගැනීම

“තරගය මැදට පැනලා දුවන්නේ නැතිව, තරගයෙන් ඈත් වී නැවතී සිටින මිනිසුන්ට තමන් වගේ ම නැවතී සිටින තවත් අය හමුවෙනවා. එතකොට ඔවුන් අතර වෙන ම ‘සංඛ්‍යාතයක’ සම්බන්ධතා ගොඩනැගෙනවා. ඔවුන්ට අර තරගයට දුවන මිනිසුන් විහිළුවක් ලෙස පෙනෙන්න පටන් ගන්නවා. ඒ නැවතී සිටින අය ගේ ‘සංඛ්‍යාතය’ තරගයට දුවන අය ගේ සංඛ්‍යාතයට ගෝචර වන්නේ නැහැ.

කඳු තරණය කරන්නන්ට කඳු තරණය කරන්නන් හමුවෙනවා. කිමිදුම්කරුවන්ට තවත් කිමිදුම්කරුවන් හමුවෙනවා. අහිකුණ්ඨිකයන්ට තමන් වැනි ම තවත් අහිකුණ්ඨිකයන් හමුවෙනවා. ඔවුන් හැමෝට ම තම තමන්ට අනන්‍ය සංඛ්‍යාත තියෙනවා. ඒ සංඛ්‍යාත අනුව එක ම රිද්මයකට අනුනාද වන අය එකට ගමන් කරනවා. ඔවුන් හොඳ ගමන් සගයන් වෙනවා.

මෙහෙම සමාන සංඛ්‍යාතයකුන් යුතු දෙදෙනෙකු හමුවුණාම ඔවුන් අමුතුවෙන් දැන හඳුනාගන්නට කාලය වැය කළ යුතු වන්නේ නැහැ. ඒ වගේ ම අමුතුවෙන් එකිනෙකා ගේ කතාව පහදා දිය යුතු වන්නේ නැහැ. හරි සංඛ්‍යාතයට සුසර කළාම රේඩියෝවේ සංගීතය ඇහෙන්න පටන් ගන්නවා වගේ ඒ සම්බන්ධතාව ක්ෂණිකව ම ගොඩනැගී ඉදිරියට ගලා යනවා.”

මළගිය ඇත්තෝ | Malagiya Aththo

Original price was: Rs 490.00.Current price is: Rs 440.00.

“මළගිය ඇත්තෝ” යන නවකථාවට ඇසුරු කර ගන්නා ලද්දේ සැබෑ අත්දැකීමක් දැයි මගෙන් පාඨකයෝ අසති. මීට පිළිතුරු වසයෙන් චිකමත්සු නම් පන් නාට්‍යකරුවා කළ ප්‍රකාශයක් මතක් කර දෙනු කැමැත්තෙමි. “සාහිත්‍ය වනාහි සත්‍යයෙත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ” යි ඔහු කීවේය.

අසිරිමත් සිතක් | Asirimath Sithak

Original price was: Rs 300.00.Current price is: Rs 240.00.

Positive Living Day by Day
by Norman Vincent Peale

ලක්ෂ සංඛ්‍යාත ඇමරිකානුවන්ගේ අධ්‍යාත්මික ජීවිතය පෝෂණයෙහිලා න්‍යාය වෙනුවට ප්‍රායෝගික භාවිතාවන් හෙළිදරව් කළ තෝමස් වින්සන්ට් පීලි විසින් කරන ලද දේශනයන් අද ලොව භාෂාවන් ගණනාවකට පරිවර්තනය වෙමින් පවතී..

සිරසාලවන්‍යා | Sirasalawanya

Original price was: Rs 1,150.00.Current price is: Rs 1,035.00.
  • 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව

සිතුවමක්, නන්නාඳුනන මිනිසකුගේ සිත සසල කොට, ගත නිසල කරයි.

කාලාන්තරයකට පෙර මේ සිතුවමේම සැඟවුන රහස්, අනුමානයෙන් කියවූ හිතැත්තියකගේ, දෝෂාරෝපණයෙන්, තැළුණු හදක් ඇතිව සිටි එය ඇඳි සිත්තරා,…

එයින්ම විප්‍රයෝගයට පත්ව විරහවේ දැවී හුදකලා වී සිටින්නෙකි.

තව තැනක අප්‍රසන්නව විසිකොට දැමූ අතීතය ගැන තැවෙමින් සුරක්ෂිත සුදිලෙන වත්මනක…

ආත්මානුකම්පාවෙන් හඬන යුවතියකි.

මතක මන්දිර බිඳින මායාකරුවන් සමග පැමිණ, අලුත්ම කරළියක, සුසුමින් පණපොවා විවර කළ තිරයකට පසුපසින් සිටගෙන ඇය ඔබට ජීවිතය පෙන්වයි.

චිත්‍ර මූර්ති හා සජීවීකරණ ශිල්පියෙකු වන චමිල් හර්ෂණ එදිරිසිංහ දීර්ඝ කාලයක සිට සාහිත්‍යකරණයේ නියැළෙයි. ඔහු සාහිත්‍ය තරග කීපයක ජයග්‍රහණ හිමිකරගත්තෙකි. හොඳම තිර රචනයද ඇතුළු සම්මාන රැසක් දිනූ කෙටි චිත්‍රපට කරුවෙකි.

ළමා කතා රචකයෙකු මෙන්ම දෙස් විදෙස් ළමාපොත් කීපයක සිතුවම් ඇඳි සිත්තරෙකු ද වන ඔහු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරයි. ඔහුගේ සිරසාලවන නවකතාව බණ්ඩාරනායක ලේඛකත්ව සම්මානය ජයග්‍රහණය කොට මෙසේ ඔබ අතට පත්වෙයි.

පියෙද්රා ගඟබඩ හිඳ මම වැලපුණෙමි | Piyedra Gangabada Hida Mama Welapunemi

Original price was: Rs 900.00.Current price is: Rs 810.00.

By the River Piedra I Sat Down and Wept
by Paulo Coelho

පිලාර් සතියක සංචාරයකදී ඇගේ අධ්‍යාත්මයේ වන වදුළු, ගිරි දුර්ග හා මංමාවත් පසු කරමින් සොඳුරු මිටියාවතකට පිවිසෙන්නීය. ළමා වියේ පටන් නොවෙනස් වූ ආදරයක් ද සමගින් ඈ හා සිටි, සොරියාවේ තණබිම්වලට එපිටින් විහිදී ගිය ලෝකයක් පිළිබඳ සිහින දුටු, කිසි තැනෙක නම සඳහන් නොවූ ඇගේ මිතුරා ඈ කැටිව යයි. විටෙක මඟ හැරී ගිය ද යළි යළිත් ඔවුහු ඔවුනොවුන් සොයාගැනීමේ අසිරිය අත්විඳිති. කොයියෝගේ මේ කෘතිය පිලාර්ගේ ඒ අසිරිමත් සංචාරය පිළිබඳ කතාන්දරයයි. එය තමන්ගේ සිහින, බලාපොරොත්තු සහ ආදරය සොයා යන්නියකගේ කතාන්දරයයි.

යටිසිත | Yatisitha

Original price was: Rs 1,300.00.Current price is: Rs 1,040.00.

The Power of Subconscious Mind
by Dr. Joseph Murphy

ස්වයං වර්ධනය සහ ස්වයං සාර්ථකත්වය අත් කර ගැනීමට උපදෙස් දීම සඳහා ලොවේ මේ දක්වා ලියන ලද ග්‍රන්ථ අතර අග්‍රතමය ලෙස මේ පොත සැලකේ.

ඔබ අත් පසුරෙහි, පහසුවෙන් ඔබට අල්ලා ගත හැකි ලෙස පවතින අතිශයින් විස්මය ජනක වූ මහා බලය සඳහා වූ යතුර මේ ග්‍රන්ථය මගින් ඔබ අතෙහි තැබෙයි.

කිසි දිනක ඉටුකර ගත නොහැකි යයි පෙනෙන සුවිශාල හා දුෂ්කර කාර්යයන්, හුදෙක් තම යටි සිතේ විස්මිත බලය පාලනය කිරීම ඉගෙනීම මගින් ඉටුකර ගන්නට ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පාඨකයන්ට මේ ග්‍රන්ථය මග පෙන්වා ඇත.

පුද්ගලයෙකුට දෛනික කටයුතු හා සමස්ථ ජීවිතය සංවර්ධනය කර ගැනීම සඳහා සිය මනස භාවිතා කිරීමට සරල, ප්‍රායෝගික අත්දුටු අභ්‍යාස ඔහු ඉදිරිපත් කරයි. පාඨකයා ග්‍රහණය කර ගන්නා අපූරු කතන්දර හේතුවෙන් මේ පොත ඉතා රසවත් වී ඇති බවද කිව යුතුය.

අවසන් කටයුතු දිල්ලියේදී | Awasan Katayuthu Dilliyedi

Original price was: Rs 1,500.00.Current price is: Rs 1,200.00.

One Arranged Murder
by Chetan Bhagat

මං දන්නෙ කොහොමද? මෙයාලා මට මොනවත් කියන්නෙ නෑ… හැමෝම තම තමන්ගෙ වැඩ… ඔය ප්‍රෙර්නා… ගෙදර එන්නෙ යක්කු ගස් නගින වෙලාවට… ඇහුවම කියන්නෙ වැඩ ඇරිල එන වෙලාව කියල… කෙල්ලෙකුට ඔය හැටි රෑ වෙනකල් තියෙන වැඩ මොනවද? අනිත් කෙනා ගීතුගෙ දුව..! අල්ලපු කාමරේ ඉන්නෙ… ජංගියක් තංර කොට කලිසමක් ගහගෙන රවුං ගහනව! රමේෂ්වත්, ආදිත්‍යවත් ඒ කෙල්ලන්ව ආණ්ඩු මට්ටු කරන්න උනන්දුවක් නෑ… නීලම්… ඒ අනික් එක්කෙනා…! අර කෙල්ලට කවනව… කවනව… එළදෙනෙක් වගේ ආරනකම්ම! මේ ගෙදරින් මං ගැන බලන්නෙ අං අර බින්දු කෙල්ල විතරයි… ඒකිත් නැත්තං මං මෙලහටත් මැරිල..! වළලපු තැන්වල ගසුත් පැළවෙලා!!

ප්‍රෙර්නා…
දිල්ලියෙ සල්ලිකාර පවුලක කෙල්ල…
තට්ටු තුනේ ගෙදර, තුන්වෙනි තට්ටුවටත් උඩින් තියන රූෆ් ටොප් එකෙන් බිමට…
වැටුණද?
පැන්නද?
තල්ලුකළාද?

එ ගෙදරම තුන්වෙනි තට්ටුවෙ හිටපු ප්‍රෙර්නගෙ තරුණ බාප්පා ආදිත්‍ය…
එයාගෙ ඇඳ උඩම…
මැරුණද…?
මැරුවද…?
සිය දිවි නසා ගත්තද?

කේශව් අංජලීටයි…
අංජලී කේශව්ටයි…
ඇත්තටම ආදරේ කළාද?
බොරුවට ආදරේ කළාද?
ආදරේ කළේම නැද්ද?

ටූනා අසිපතේ අබිරහස | Tuna Asipathe Abirahasa

Original price was: Rs 390.00.Current price is: Rs 310.00.

The Lone House Mystery
by Edgar Wallace

එඩ්ගාර් වොලස් අබිරහස් කතා 01

ගංගාවක් අසල පාළු මන්දිරයක විසූ ධනවත් ෆීල්ඩ් මහතා හදිසියේ ඝාතනය ට ලක් වෙයි. මිනීමැරුම සිදුකොට තිබුණේ අප්‍රිකාවේ ගෝත්‍රික අසිපතකිනි.

සුපිරින්ටෙන්ඩෙන්ට් මින්ටර් ඒ එකම හෝඩුවාවෙන් මිනීමරුවා සොයාගන්නේ කෙසේද?

දෙපා පණ නැති මැක්ස් වොස් මහතා ෆීල්ඩ් මහතා ට වෛර කළේ මන්ද?

ෆීල්ඩ් මහතාගේ ලේකම්වරිය මජෝරී වෙන් මෙනෙවිය මිනීමරුවාගේ කාගේ කවුද?

ඇය මිනීමැරුමට අනුබල දුන්නේ ද?

තමාට එල්ල වූ වෙඩි පහර සමඟ මිනීමරුවා කවරෙක්ද යන්න මින්ටර් මහතා අවබෝධ කරගත්තේ කෙසේද?

හිම කබාය | Hima Kabaya

Original price was: Rs 550.00.Current price is: Rs 440.00.

The Overcoat and Other Russian Tales
by Niklai Vasilievich Gogol

බ්ලැක් බියුටි | Black Beauty

Original price was: Rs 300.00.Current price is: Rs 240.00.

Black Beauty
by Anna Sewell

“නළලේ සුදු පැහැති තරුව, එක පාදයක සුදු පැහැ ළපය, කෝ බලන්න…”

ඔහු කියවමින් මගේ බෙල්ල පරීක්ෂා කර බලා උඩ පැන්නා.

“මේ තියෙන්නේ අනිත් ලකුණ. මං මෙයා ගැන හරියකට හෙවුවේ බැලුවෙ නැති දවසක හීතලේ ගැහිල ලෙඩ වුණා. එදා ඩොක්ටර් ඉන්ජෙක්ෂන් එක ගහපු තැන මේ බලන්න මැඩම්..! මේ තමයි බ්ලැක් බියුටි… බ්ලැක් බියුටි…! ඔයාට මාව මතකද? මං තමයි ජෝ ග්‍රීන්.”

ඔහු සතුටින් කෑ ගැසුවා. ඒ තරම් සතුටු වෙන මිනිසෙක් මින් පෙර මා දැක තිබුණේ නැහැ. ඇත්තටම මා මේ දකින්නේ සිහිනයක්ද?

දෙව්තලාව | Dewthalawa

Original price was: Rs 750.00.Current price is: Rs 600.00.

දේවන්තගෙ යටිහිතේ නැගුනු පිළිතුර තේරුම් යනවත් එක්කම සඳුනිගෙ කන් දෙක රතු වුණා. හරියට දේවන්තගෙ කටිනුත් ඒ වචන පිටවුණා වගේ. ඒ එක්කම දේවන්තගෙ දෑසෙ පැටලිලා තිබ්ච්ච ඇගේ දෑස ඒ හැඟීමෙ බරටම බිමට නැඹුරු වුණා.

”කෙල්ලට තේරුණා…”

ඒ බව දැකලා දේවන්තගෙ හිත සතුටට පත්වුණා. ඒත් එක්කම.

”මොකෝ…?”  කියලා අහන්න වගේ දේවන්ත සඳුනි දිහා බලලා ඔළුව වැනුවා.

ඒ ගමන ” ම්..හ්..”  කියාගෙන සඳුනි ඔළුව දෙපැත්තට වැනුවා.

 

#dewthalawa devthalawa dewtalawa devtalava

ප්‍රාණ – අලුත් සමාජය | Prana – Aluth Samajaya

Original price was: Rs 1,300.00.Current price is: Rs 1,170.00.

අලුත් සමාජය

“අප හැමෝගේ ම ඇතුළේ තියෙනවා අභ්‍යන්තරික දුප්පත්කමක් (inward poverty). තවත් සරලව කිව්වොත් අප ළඟ මොනවා තිබුණත් තවත් මොනවා හෝ අඩුයි කියලා හැඟීමක් නිතර ම හිතට දැනෙනවා. අප බාහිර ලෝකයේ කරන හැම දෙයකින් ම උත්සාහ කරන්නේ මේ අභ්‍යන්තර දුප්පත්කම නැති කරගන්න. අප ඒ වෙනුවෙන් හොඳ, නරක හුඟක් දේ කරනවා. හැබැයි අභ්‍යන්තරික දුප්පත්කම එහෙම ම තියෙනවා.

අපට දැනෙන මේ අභ්‍යන්තරික දුප්පත්කම අනෙක් අයටත් පෙනෙයි කියලා බයක් නිතර ම හිත ඇතුළේ හොල්මන් කරනවා. ඒ නිසා ම තමන් තුළ එහෙම දුප්පත්කමක් නැති බව හඟවමින් නිතර ම ලෝකයාට ‘පණිවුඩ’ දෙන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා අප ජීවිතයේ කරන ලොකු, කුඩා හැම දෙයක් ම එහෙම පණිවිඩ දෙන්න අවස්ථාවක් කරගන්නවා.

අවසානයේ සිද්ධ වෙන්නේ අප දන්නේ ම නැතුව ඒ පණිවිඩ දීම කියන උගුලේ පැටලෙන එක..

ඒ නිසා මේක ලිහනවා නම් ලිහාගන්න ඕනෙ පටලැවුණු නූල් බෝලයක් ලිහන විදියට ම තමයි.. මුලින් ම අප ඇතුළේ තියෙන අභ්‍යන්තරික දුප්පත්කම තේරුම් ගන්න ඕනෙ. එය තේරුම් ගත්තම ඒකත් එක්ක ගනුදෙනු කිරීම පහසු වෙනවා. එතකොට ඒ අභ්‍යන්තරික දුප්පත්කම වටේ වෙළෙඳපොළ, ඇඩ්වටයිසිං සහ මාධ්‍ය විසින් නිර්මාණය කරන මායාව විනිවිද දකින්න පුළුවන් වෙනවා. “

සාර්ථක වන්නේ මෙහෙමයි | Sarthaka Wanne Mehemayi

Original price was: Rs 1,450.00.Current price is: Rs 1,160.00.

Success Basics
by Moh Hon Meng

වසර පතා යවුන් තරුණ තරුණියෝ දහස් ගණනින් රැකියා වෙළඳපළට පැමිණෙති. ඉතාම අපහසුවෙන් ඒ රැකියා ලබා ගන්නා සමහරුන් අනෙක් සමහරුන්ට වඩා සාර්ථක වන්නේ ඇයි? එයින් සමහරුන්ට බලය සහ හිමි තනතුරු ඉක්මනට ලැබෙන්නේ ඇයි? වෙනත් අයට මුළු ජීවිත කාලය පුරා එවැනි තනතුරක් හෝ නොලැබෙන්නේ ඇයි?

“සාර්ථක වන්නේ මෙහෙමයි” නම් කෘතිය ලියැවී ඇත්තේ වැඩ ලෝකයට ඇතුළු වෙමින් සිටින පිරිසට මේ වැදගත් මූලධර්ම හඳුන්වා දෙනු සඳහා ය. ආරම්භයේ සිට අනුගමනය කළහොත්, සාර්ථකත්වය අත්කර ගත හැකි තලයට ඔවුත් ඔසවා තබන්නට මේ ග්‍රන්ථය සමත් වනු ඇත. පළපුරුදු අයගේ සාර්ථකත්වයට ද මෙය ඉවහල් වනු ඇත.

අමේසන් වික්‍රමය – කුමාර සිරිවර්ධන | Amazon Wikramaya

Original price was: Rs 700.00.Current price is: Rs 560.00.

Amazon Adventure
by Willard Price

ලොව දිගම ගංගාව නයිල් වූවත් ලොව විශාලතම ගංගාව අමේසන්ය. අමේසන් ගංගාවේ විශාලත්වය ඔබට මට සිතාගන්නට පවා අපහසුය. අමේසන් ගංගාවේ සමහර තැන්වල පළල සැතපුම් දහසක් පමණ වේ. අන්දිස් කඳුවැටියෙන් ඇරඹෙන මෙම මහා ගංගාව මහද්වීපයේ නැගෙනහිර දෙසට සැතපුම් හාරදහසක් පමණ දුර ගෙවා පැමිණ දකුණු ඇමරිකාවේ උතුරු දිග වෙරළේදී අත්ලාන්තික් සාගරයට වැටෙන්නේ හරියටම සමකයට යටිනි. මෙම ගංගාවේ ජලය කෙතරම් බලවත්ව මුහුදට වැටෙන්නේද යත් එම ජලය මුහුදු ජලය හා මිශ්‍ර නොවී සැතපුම් දෙසීයක් පමණ මුහුද ඇතුළට ගමන් කරයි. ගොඩබිම ඇතුළට සැතපුම් හාරසියයක් පමණ දුර යනතුරු ගංගාවේ විශාල දියරැලි නැගෙන අතර ගඟ දින්ගේ සැතපුම් තුන්දහසක් පමණ දුර ගොඩබිමේ ඇතුළට විශාල නෞකාවලින් ගමන් කිර්මට පුළුවන. අමේසන් නදිය ආශ්‍රිත අමේසන් වනාන්තරය ජෛව විවිධත්වයෙන් අනූනය. එම වනාන්තරයේ තවමත් මිනිසුන් පය නොගැසු ස්ථාන තිබේ. මේ එම මිනිසුන් පය නොගැසූ බිහිසුණු අමේසන් වනාන්තරයේ අපූර්ව සංචාරයකට පාඨක ඔබට කෙරෙන ඇරයුමකි.

#amesan wikramaya amezan

105

Original price was: Rs 1,400.00.Current price is: Rs 1,120.00.

The Girl in Room 105
by Chetan Bhagat

දෙන්නගෙ ආදරේ බිඳිලා අවුරුදු ගානක්! ඒත් අවුරුදු ගාණකට පස්සෙ කෙල්ලගෙ උපන්දිනේ උදාවෙන රෑ දොළහෙ කණිසමට අපරාජිත පෙම්වතාට කෙල්ලගෙන් වට්ස් ඇප් මැසේජ් එකක්!

”ඔයා මට විෂ් කරන්නෙ නැද්ද? කැමතිනම් ඇවිල්ලම විෂ් කරන්න පුළුවන්….මගෙ හොස්ටල් කාමරේ ජනේලෙ ඇරල තියෙන්නෙ ! තාම මම 105 හේ ! මට ඔයාව අමතක කරන්න බෑ…”

”ෂ්…සාරා…හැපි බර්ත් ඩේ!” ඒත් ඇයි සාරා නිදාගෙන ?

ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් බගත්ගේ ‘The Girl in Room 105’ නමැති නවතම කෘතිය දිලීප ජයකොඩි විසින් ‘105’ නමින් දැන් සිංහල පාඨකයන්ට තිළිණ කර තිබේ.

තරුණ තරුණියන් උන්මාදයට පත් කරන චේතන්ගේ ප්‍රෙමණීය කතා රටාවෙන් සම්පූර්ණයෙන් වෙනත් මගක් ගත් මෙම කෘතිය රහස් පරීක්ෂණ ගණයේ නවතම ශෛලියෙන් රචනා වී ඇත. ආදරය, ප්‍රෙමය, සංත්‍රාසය, කුතුහලය කැටි කරගත් එක හුස්මට කියවිය හැකි ‘105’ චේතන්ගේ උන්මාදනීය කතා ශෛලියේ තවත් කැඩපතක් පාඨකයන්ට විවර කර පෙන්වන සිත් බඳනා කතාවකි.

වයලීන වික්‍රමය | Vayalina Wikramaya

Original price was: Rs 300.00.Current price is: Rs 240.00.

Puzzle for the Secret Seven
by Enid Blyon

හතේ කල්ලියේ වික්‍රම 10

දුප්පත් බෝලන් පවුලේ නිවහන ගිනි ගෙන විනාශ වෙයි. හතේ කල්ලිය එම පවුලට උපකාර කිරීමට මූලික වෙති. ඒ අතරතුර නගරයේ වෙළෙඳ සලක කවුළුවක් බිඳ අගනා හා පැරැණි වයලීනයක් සොරා ගැනෙයි.

මහ රෑ කන්ද මුදුනෙන් ඇසුණු ළතෝනිය කුමක්ද?

කුඩා බිලිඳකු සිටි ජෑම් කරත්තය හනේ කල්ලියේ අවධානයට ලක්වූයේ මන්දා?

තැපැල් මලු අබිරහස | Thapal Malu Abirahasa

Original price was: Rs 300.00.Current price is: Rs 240.00.

Secret Seven Win Through
by Enid Blyon

හතේ කල්ලියේ වික්‍රම 07

හතේ කල්ලියේ අලුත්ම මූලස්ථානය වූයේ ගල් ගුහාවකි. නමුත් ඔවුන් වහා වටහාගන්නේ රාත්‍රියේ එහි ඇතුළු වන කිසිවකු තමන්ගේ භාණ්ඩ සොරා ගන්නා බවයි.

ඇල්බට් ටැනර් හා පඹයන් අතර වූ සම්බන්ධය කුමක්ද?

තැපැල් මලු ගුහාවේ සැඟවීමට ඔවුනට එහි ඇතුළුවීමට රහස් දොරටුවක් තිබිණිද?

කෙරි බ්ලූ වික්‍රමය | Keri Blue Wikramaya

Original price was: Rs 350.00.Current price is: Rs 280.00.

The Secret Seven
by Enid Blyon

හතේ කල්ලියේ වික්‍රම 01

ගම්මානය කෙළවර පාළු නිවහනේ සඟවාසිටිතැයි සැක කෙරුණු සිරකරුවා කවරෙක්ද?

වී සිරකරු සොයා පාළු නිවහන ට ඇතුළු වූ හතේ කල්ලියේ සාමාජිකයන්ට දැකගන්නට ලැබුණේ මොනවාද?

ඔවුන් තැනූ හිම මිනිසුන් සිව්දෙන එකවර සය දෙනකු වූයේ කෙසේද?

කළු ඇත් දළ | Kalu Ath Dala

Original price was: Rs 650.00.Current price is: Rs 520.00.

Black Ivory
by Robert Michael Ballantyne

සිංගප්පුරු කතාව | Singappuru Kathawa

Original price was: Rs 1,410.00.Current price is: Rs 1,270.00.

The Singapore Story
by Lee Kuan Yew

ශ‍්‍රී ලංකාව දේශපාලන, ආර්ථික හා සංස්කෘතික වශයෙන් නිවහල් දේශයක් කරා යන ගමනක් ආරම්භ කැර ඇති මේ මොහොතේ, මෙරට ගැන ආදරයක් දක්වන සෑම දෙනා ම ලී ක්වාන් යූ ගේ ”සිංගප්පූරු කථාව” නමැති මෙම චරිතාපදානය අනිවාර්යයෙන් කියැවිය යුතු ය. මෙහි පිටපතක් ශ‍්‍රී ලංකාවේ සෑම පුස්තකාලයක ම තිබිය යුතු බව ද අවධාරණය කරනු කැමැත්තෙමි.
– මහාචාර්ය වෝල්ටර් මාරසිංහ

ගිනි අවි සහ ගිනිකෙළි – කොමිසමේ අභිරහස
Gini Avi Saha Ginikeli – Komisame Abhirahasa

Original price was: Rs 590.00.Current price is: Rs 530.00.

ගැහැනුන්ට මොනවද කරන්න පුළුවන් යැයි ඇතමුන් ප්‍රශ්න කරති නමුත් දේශපාලනයෙන් නීතියෙන් සහ පුරුශාධිපත්යෙන් බැට කෑ ගැහැනියකට කල නොහැක්කේ කුමක්‌දැයි ඔබට ප්‍රශ්න කල හැකි වන්නේය.
– අනුර හොරේෂස්

කොස්මොපොලිටන් ජීවිත | Cosmopolitan Jeewitha

Original price was: Rs 1,150.00.Current price is: Rs 1,035.00.
  • 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව

නිව්යෝක් නුවර වාසය කරන ලාංකික ද්‍රවිඩ පවුලක් ළඟ නැවතීමට යන නිලංග සිය ශාස්ත්‍රපති උපාධිය පසෙකලා කෙල්ලන් හා පෙමින් බැඳේ, කොරියානු සිසුන් හා රස්තියාදුවේ වැටේ, එනුවර මිනිසුන්ගේ හෘදයාභ්‍යන්තරය කරා ඇදේ. අවසන ඔහු අවතැන් වූ හා උපන් රට හැර දා ආ මිනිස් සමාජයක අනන්ත වූ මතක රැගත් ජීවන පත්‍රිකාවක් ලිවීමට මුල පුරයි. විටෙක එය මනරම් ස්ත්‍රී ආදරයේ විවිධ පැති ගැන කියන්නකි. විටෙක එය ලොව සෑම දෙසින් පැමිණි මිනිසුන් වසන කොස්මොපොලිටන් නගරයක සමාජ සංස්කෘතික ජීවිතයේ අපූර්වත්වය විදහාපාන්නකි. සියල්ලටම වඩා එය මිනිසා පෙළෙන හුදකලාවේ ප්‍රහර්ෂය කියා දෙන කැටපතකි.

#kosmopolitan cosmopolitan jiwitha jeevitha jivitha

ප්‍රාණ – ආදරය සහ නිදහස් වීම | Prana – Adaraya Ha Nidahas Veema

Original price was: Rs 1,100.00.Current price is: Rs 990.00.

ආදරය සහ නිදහස් වීම

“තමන් තදින් ම ආදරය කරන කවුරුන් හෝ ඉන්නවා නම්, ඒ ආදරය තමන්ට අහිමි වෙයි කියලා බය නම්, කරන්න ඕනෙ හොඳ ම දේ වන්නේ ඔහු හෝ ඇය සමග කවදාවත් විවාහ නොවී සිටීම.

මම එහෙම කියන්නේ හේතුවක් ඇතුව.

මිනිසුන්ට වඩා පහසු තමන්ට ළඟින් ම ඉන්න අයට ආදරය කරන්න නෙවෙයි – දුරින් ඉන්න අයට ආදරය කරන්න. ඒක මිනිස් ඉතිහාසය පුරා ම තහවුරු වුණු සත්‍යයක්.

ඒ කියන්නේ, අල්ලපු ගෙදර ඉන්න මනුස්සයාට ආදරය කරනවාට වඩා අපට ලේසියි ඇෆ්ගනිස්තානයේ සහ සිරියාවේ ඉන්න සරණාගතයන්ට ආදරය කරන එක.

තමන් ගේ ළඟ ම ඉන්න කෙනාට ආදරයෙන් සළකනවාට වඩා ලෙහෙසියෙන් ටෙලිනාට්‍යයක, චිත්‍රපටියක, නවකතාවක ඉන්න චරිතයකට ආදරය කරන්න පුළුවන්.

තමන් ගේ ගේ ඇතුළට එන පොඩි පොඩි සතුන් මරන කෙනෙකුට වුණත් යාල හරි විල්පත්තුවේ හරි ඉන්න කොටියෙකුට, අලියෙකුට, උරගයෙකුට ආදරය කරන්න පුළුවන්.

ඒකට හේතුව අපි ඇත්තට ම ආදරය කරන්නේ සැබෑවට ම ඉන්න මනුස්සයෙකුට නොවෙයි ඔහු හෝ ඇය වටේට ගොඩනගපු කිසියම් ෆැන්ටසියකට වීම…”