Novels - නවකතා
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 3 | Montha Kristho Situwaraya 3
Original price was: Rs 950.00.Rs 855.00Current price is: Rs 855.00. The Count of Monte Cristo
by Alexandre Dumas
මෙය මොන්තක්‍රිස්තෝ සිටුවරයා නමැති දැවැන්ත ඓතිහාසික නව කථාවේ තුන් වන වෙළුම යි. බිහිසුණු කුමන්ත්‍රණ, දරුණු කඩු සටන්, වස විස පෙවීම්, පළි ගැනීම් හා පෙම් කිරීම් ආදියෙන් මේ වෙළුම පිරී ඇත. ත්‍රාසයෙන් ත්‍රාසයට ද භීතියෙන් භීතියට ද කුතුහලයෙන් කුතුහලයට ද පත් වෙමින් කියවිය හැකි මේ වෙළුම ප්‍රචණ්ඩ සිද්ධීන් ගෙන් ගහණය.
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 2 | Montha Kristho Situwaraya 2
Original price was: Rs 950.00.Rs 855.00Current price is: Rs 855.00. The Count of Monte Cristo
by Alexandre Dumas
මෙය, ඇලෙක්සන්ද්ර දියුමා ගේ ශ්‍රේෂ්ඨතම කෘතිය වන “මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා” නව කථාවෙහි දෙ වැනි වෙළුම යි. මෙහි දී එද්මොන් දාන්තේ මහා ධන නිධානය සොයා ගනියි. ඉක්බිති ව මොන්ත ක්‍රිස්තෝ සිටුවරයායන නමින් පැරීසියේ ඉහළ ම සමාජ තලයට පිවිසෙයි. මෙහි එන “මස්සොලාතාව” භීෂණත්වයෙන් ලොමුදැහැ ගන්නා අතර, රෝමයේ මහා සැණකෙළිය, පාඨකයා චමත්කාරයෙන් චමත්කාරයට පමුණුවා අපූර් ව ආස්වාදයක් ලබා දෙයි.
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 1 | Montha Kristho Situwaraya 1
Original price was: Rs 900.00.Rs 810.00Current price is: Rs 810.00. The Count of Monte Cristo
by Alexandre Dumas
ඇලෙක්සැන්ද්ර දියුමා ගේ ශේෂ්ඨතම කෘතිය වන “මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා” නව කථාවෙහි පළමු වන වෙළුම වන මෙයින් නියැවෙන්නේ,ප්‍රචණ්ඩ කුමන්ත්‍රණයකින් බන්ධනාගාර ගත කරනු ලැබූ අහිංසක සිරකරුවකු ගේ බිහිසුණු පළි ගැනීමක් පිළිබඳලොමු දැහැ ගැන්වෙන කථාවකි.ලෝක සාහිත්‍යයට අයත් මේ දැවැන්ත නව කථාව, භීතියෙන් ත්‍රාසයෙන් හා සංවේගයෙන් හදවත කම්පා කරවයි.
කෝර්සිකානු සහෝදරයෝ | Korsikanu Sahodarayo
Original price was: Rs 350.00.Rs 315.00Current price is: Rs 315.00. The Corsican Brothers
by Alexandre Dumas
ඇලෙක්සන්ද්ර දියුමා ශ්‍රේෂ්ඨ ප්‍රන්ස නව කථා කරුවෙකු මෙන් ම, ශ්‍රේෂ්ඨ නාට්‍ය කරුවෙක් ද වෙයි. මෙය නව කථාවක් වුව ද, ශ්‍රේෂ්ඨ නාට්‍යයකට අයත් සෑම අංගෝපාංගයක් ම මෙහි ගැබ් වී ඇත. පාඨකයා ග්‍රහණයට ගනිමින්, පිටුවෙන් පිටුව ත්‍රාසයෙන්, භීතියෙන්, ශෘංගාරයෙන් හා අවිනිශ්චිතතාවෙන් කථාව විකාසනය වන අයුරු ඉතා විස්මය ජනක ය. මෙය නිවුන් සොහොයුරන් දෙ දෙනකුන් වටා ගෙතුණු අතිශය අද්භූත ජනක ප්‍රේම වෘත්තාන්තයකි.
ගැහැණු ළමයි | Gahanu Lamayi
Original price was: Rs 1,590.00.Rs 1,430.00Current price is: Rs 1,430.00.කුසුම්, දශක තුනක් තිස්සේ ජාතියේ දූ පරපුරට ආස්වාදයක් ගෙන දෙමින් ධෛර්යයෙන් හා ආත්ම ශක්තියෙන් යුක්ත ව, වේදනා බාධක සහ කම්කටොලු ඉදිරියේ නොසැලී ජීවිතය ජය ගත් අපරාජිත යුවතියකි.
ප්‍රසව වේදනාව අත් නොදැක දාරක ප්‍රේමය හඳුනා ගත් ඕ අනුන්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට පරිත්‍යාග කළාය.
NO STOPPING OR TURNING BACK (සිංහල නවකතාව)
Original price was: Rs 3,750.00.Rs 3,375.00Current price is: Rs 3,375.00.පිරිමි ගොඩයි මං විතරයි | Pirimi Godai Man Witharai
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00.‘ඇයි වැඩට යන්නේ නැත්තේ? මොකක්ද ප්‍රග්නේ?’
‘මං හීනයක් දැක්කා’
‘නරක හීනයක් ද?’
‘නෑ. දරු හීනයක්’
‘මට කියපන් මොකක්ද වුණේ? උඹේ ඇගත් රත්වෙලා’
‘මං හීනෙන් ප්‍රහාරකරන් දැක්කා. නන්දිකඩාල් කළපුව හරහා ආපු හුළඟකින් එයාගේ ශුකාණුවක් ඇවිල්ලා මගේ ගර්භාෂයේ තැන්පත් වුණා’
‘ඉතිං උඹ මොකක් ද කරන්න හිතාගෙන ඉන්නේ?’
‘මං හිතාගෙන ඉන්නේ දරුවා හදන්න’
‘…අර හිරේ ගිය බාප්පා ඌ නිදහස් වෙලා. දැන් මහණ වෙලා. ඉස්සර මහණ නම ධර්මකීර්ති. දැන් සර්වතෝභද්‍ර. ඉන්න ගමන් උඹ දූෂණය කරපු එයාගෙන් බණක් අහපං. එයාට ප්‍රඥාව පහළ වෙලා ලු රැළි ගැහිගැහී. ගිහිං අහපං අං එනවද? කියලා.
අර අම්බලන්ගොඩ කාලකණ්ණි තරුණයා – දැන් එහේ සමෘද්ධි නියාමක. අර මිනුවන්ගොඩ රාජයියා දැන් ප්‍රාදේශිය සභාවේ සභාපති. උඹේ නැති වෙච්ච කන්‍යාභාවය මහපු – උඹ කන්‍යාවක් කරපු දොස්තර දැන් පොසිටව් තින්කින් උගන්වනවා ටී.වී. එකේ. ඉන්ටර් නෙට් එකේ පෙම් කවි ලියනවා. උඹ එක තැන නැවතිලා. ලොකේ කැරකෙනවා. වෘත්තය මැද්දට කළු වැලහින්නක් වගේ පැනපං. වෙඩි කාපු ඊරියක් වගේ ගොරවපං…’
කඳු රැළි | Kandu Reli
Original price was: Rs 980.00.Rs 880.00Current price is: Rs 880.00.මහනුවර දෙවන රාජ්‍යසිංහ රාජ්‍ය සමය පාදක කරගත් නවකතාවක් වන මෙහි ප්‍රධාන කතාව සෙංකඩගල රාජ්‍ය වෙත දූත ගමනක් ගොස් ආපසු එමින් සිටියදී නිල්ගලදී ඝාතනය වූ ගාලු කොටුවේ පළමුවන ඕලන්ද ආණ්ඩුකාර විලියම් ජේකබ් කෝස්ටර්ගේ දරුවෙකු ඉන් වසර විස්සකට පමණ පසු සිය පියාගේ ඝාතනය වෙනුවෙන් රජුගෙන් පළිගැනීම සඳහා සෙංකඩගල වෙත පැමිණීම වටා ගෙති ඇත.විලියම් කෝස්ටර් දූත ගමනක් පැමිණීම මෙන්ම ඔහුව ඝාතනය වීමද සත්‍ය සිදුවීම් වූවද, ඔහුගේ දරුවකු පළිගැනීමේ අරමුණින් සෙංකඩගල පැමිණීම මුළුමනින්ම පරිකල්පනයකි.
ලිට්මස් | Litmus
Original price was: Rs 650.00.Rs 585.00Current price is: Rs 585.00.සැලසුම් වලින් පිට පැනීමට සිදුවීම ඔහුට හුරුපුරුදු නැත. සෑම දෙයක්ම කල්තබා සැලසුම් කිරීමත්, ඒ සැලසුම ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය සියළු කටයුතු ගැන සොයාබැලීමත් ඔහුගේ සාමාන්‍ය පුරුද්දය. නමුත් මෙය සාමාන්‍ය අවස්ථාවක් නොවේ. සති කිහිපයක් තිස්සේ ඔහුට මුහුණදීමට සිදුවූ කිසිවක් සාමාන්‍ය නැත. නමුත් මේ දක්වා ඔහු ඒ සියල්ලටම හොදින් මුහුණ දුන්නේය. සාමාන්‍යයෙන් අවසාන මොහොතේ සියල්ල වැරදී යන්නේය. සිනමාපටවල, ත‍්‍රාස්‍යජනක නවකතාවල සිදුවන්නේ එලෙසය.
ඔහු තාර නොයෙදු බොරළු පාරට වාහනය හැරවීය. වඩා උනන්දුවෙන් නොබලන්නෙකුට එම කුඩා අතුරු මාර්ගය එකවර දැකිය නොහැකි වුවත්, සුළුහෝ එහාමෙහා වීමකින් තොරව ඔහු වාහනය හැරවූයේ එය ඔහුට බොහෝ හුරු පුරුදු මාර්ගයක් වූ නිසාවෙනි. වාහනයේ පිටුපස අසුන් එකක්වත් නොතිබිණි. ඒවා ගලවා බොහෝ කාලයක් ගතවී ඇති බව ඇණ වල බැදී තිබුණු මළකඩ සාක්ෂි දැරීය. ඉරීගිය කාපට් එක මත තරුණයෙකි. සිහිසුන්ව සිටි ඔහුගේ අත් පා ගැටගසා තිබුණු අතර හිස පැලීයාම නිසා ගලාගිය රුධිරය කාපට් එක තෙත් කර තිබුණි.
සියල්ල අවසන් වන්නට ඇත්තේ තව පැය කිහිපයකි. ඉන්පසු ඔහුට සැනසිල්ලේ නිදාගත හැකි වනු ඇත.
මොනර කුටුම්බය – නවකතාව | Monara Kutubaya
Original price was: Rs 1,100.00.Rs 990.00Current price is: Rs 990.00.එදින රැයේ නිදි යහනට ගොඩ වැදුණ සද්ධා තමන්ගේ බඳ පෙදෙසට අතක් දමා තමන්ට තුරුළු වන්නට දැරූ උත්සාහය සිතුවම්පටක් සේ මහේෂිගේ මනසේ මැවෙන්නට වූයේය. සද්ධාගේ අත සෙමින් ඉවතට දමා දැන් නිදාගන්න…” යැයි කියමින් තමන් ද සයනයේ අනෙක් පසට හැරුණ අයුරු මහේෂිට මතකය. එතැන් සිට සද්ධා ටිකෙන් ටික හුදෙකලා වන්නට උත්සාහ කළ අයුරු මහේෂිට දැන්..දැන් නිරවුල්ව සිහිපත් වන්නට විය.
පාදඩ ගැහැනිය පිනිදි හැඳ සිටි ගවුමේ ඉදිරි පලු දෙක දෙපසට ඇද ඉරා දැම්මේ සිය ගොදුරේ ළය දෙපළු කරන තරම් සැහැසි අයුරිනි. කොරිඩෝවේ මළානික ආලෝකයෙන් ගැහැනියට, පිනිදිගේ පිරිපුන් ළමැද පෙනේ. බිඳකුදු සලිත නොවන ඇගේ කෑදර, කාමුක දෙනෙත් එකපැහැර යොමු වී තිබුණේ පිනිදීගේ තුණුසපුව දෙසට ය.
තමන් ගිරයට අසු වූ පුවක් ගෙඩියක් මෙන් ගෙල මුලින්ම සිර වී ටිකෙන් ටික කැපී වෙන් වී යන්නට පටන් ගෙන ඇතැයි සද්ධාට හැගේ. ඒත් සමග සිය ආදරණීය බිරිඳ මහේෂිගේ හා පණ වැනි ආදරණීය දියණි දිල්මිගේ රූප සද්ධාගේ මනසේ එකපිට එක මැවෙන්නට පටන් ගත්තේය. ඔහුගේ දෑසට කඳුළු බිඳු පිරෙන්නට වූයේ එසැණින්ය.
“තමුන්ගේ නම මොකක්ද..?” ඉස්පැක්ටර්වරයාගේ ගොරෝසු හඬින් සද්ධා යළි මොලොවට විසි වී ආවේය.
”මේක විශාල මානුෂීය ප්‍රශ්නයක්. අපේ රටේ හුගක් පවුල් ඇතුළේ හුඟාක් ප්‍රශ්න පටන් ගන්නේ මෙන්න මෙතැනින්. මොකද මේ සම්බන්ධයෙන් ගැහැනු, පිරිමි දෙගොල්ලන්ටම හරි අවබෝධයක් නැතිකම හින්දා. ඒ හින්දා මිනීමරා ගන්නවා. හිරේ විලංගුවේ වැටෙනවා. දික්කසාද වෙනවා. දරුවෝ අනාථ වෙනවා. ඒ නිසා මේ වගේ ප්‍රශ්න දිහා අපි බලන්ඩ ඕනේ බොහෝම උපේක්ෂාවෙන්..”
අප්පච්චී | Appachchi
Original price was: Rs 600.00.Rs 540.00Current price is: Rs 540.00.ඈන් දුටු වසත් සිහිනය | Anne Dutu Wasath Sihinaya
Original price was: Rs 1,300.00.Rs 1,040.00Current price is: Rs 1,040.00. Anne of the Island
by L. M. Montgomery
ඈන්,
බාල වියේ පටන් සොඳුරු සිහින දකිමින් ඒ් සිහින මල්ඵල
නෙළා ගැනීමට අධිශ්ඨානශීලීව කැපවෙන
සොඳුරු සිතැත්තියකි.
මේ ඇගේ දිවියේ වසන්ත සමයයි.
ඉතින් වසත් සමයේ මේ දිරිය යෞවනිය දකින සිහින කෙබඳු වේද?
ඒ්වා සැබෑ කර ගැනීමට ඇයට හැකි වේද?
මරණයේ දොරටුව | Maranaye Doratuwa
Original price was: Rs 1,300.00.Rs 1,040.00Current price is: Rs 1,040.00. Auschwitz
by Dr. Miklos Nyszli
වියරු වැටුණු නාසි රාජ්‍ය එහි අවසාන දර්ශනය ලොක වේදිකාව මත රඟ දක්වමින් සිටියහ.මුළු ලෝකයටම ගිනි තබන ලද ඔවුහු අද ඔවුන්ගේම ගිනිමැලයකට වැටී දැවී යමින් සිටින්නෝය.දශකයක් තිස්සේ මුළු ලෝකය පුරා රැව් දෙන ලද “Deautshland,Deautshland uber allaes” “ලෝකයේ උතුම්ම ම ජාතිය ජර්මනියයි” යන අඥාපතියාගේ වියරු හඬත් සමඟ ඔහුගේ අද පොළොව යට ඇති බංකරයකට වී ගැහෙමින් සිටින්නේය. අහංකාරෝන්මාදයෙන් ආඩම්බරයෙන් වැජඹුණ නාසි රාජ්‍යයට විරුද්ධව, මුළු ලෝකයම එකතු වී, නිදහස සඳහා කරන ලද විරෝදාර සටනින් සහතික වශයෙන්ම නාසි රාජ්‍යයේ බළ බිඳ දමා ඇත.
මාගරට් | Magarat
Original price was: Rs 1,300.00.Rs 1,040.00Current price is: Rs 1,040.00.බැහැපිය ගහෙන්
ඇයි…?
“තොගේ හතර හන්දි කඩන්න”
බෑ
විං චිං නෝනා ගහ උඩ ඉඳන් මහ හයියෙන් හඬයි.
මම ගහ කපනවා
මං මැරෙනවා ගහෙන් පැනලා
ආහ් මැරියංකො මැරුණත් ගහනවා තොට
මං මැරුණොත් කව්ද කොස් කඩන්නේ ” ”
කොස් නොකා ඉන්නවා
ඇයි මං මොකක්ද කළේ ” ඇයි උඹ එහෙනම් මං එනකොට ගහට නැග්ගේ…?
මං නැග්ගේ නිකම්
තෝ කීයට හරි බිමට වරෙන්කෝ හම ගහනවා අද තෝව
ගැහුවොත් මං කියනවා.
මොකක්ද ?
අක්කගෙ පොත් ඇද්දා කියලා, පුංචම්මා නාන්ත ගිය වෙලේ ලාච්චුව ඇද්දත් කියනවා. පරට්ටි කියලා බැන්නා කියලත් කියනවා”
බිදුණු අතීතය | Bindunu Athithaya
Original price was: Rs 1,400.00.Rs 1,190.00Current price is: Rs 1,190.00. A Long Way From Home
by Cathy Glass
තම දියණියව බදාගෙන ඉන්නා අතරේ එලයින්ගේ දෑස් කඳුලින් තෙත් විය. මම දැඩි ව කෙල ගිල්ලෙමි. එදවස ඇනා කෙතරම් බියපත්ව සිටියාදැයි මා සිතුවාද? නැත. මා දුටුවේ කෝපයට පත්, පාලනයෙන් තොර දරුවෙකි.
සිදු වූ දේ පිළිබඳව වඩා හොඳ අවබෝධයක් සහ සම්පූර්ණ චිත්‍රයක් ලබා ගැනීමට සමහර කතන්දර පවසන තෙක් බලා සිටිය යුතුය. ඇනාගේ කතාව ඉන් එකකි.
රන් නාරි කුඤ්ජරය | Ran Nari Kugnjaraya
Original price was: Rs 1,200.00.Rs 1,080.00Current price is: Rs 1,080.00.- 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
සිඳ බිඳ දැමූ ප්‍රථම ප්‍රේමයේ නටබුන් ඉවුරෙන් ඇරඹූ ජීවන යාත්‍රාව එතෙරක් කරා පදවාගෙන යාමට හෙලේනා සමත් වේද? අහිමි ප්‍රේමයේ හිඩැස පුරවාලන්නට කුටුම්බගත වූ පොඩි මහත්තයාට හැකිවේද? වියැළෙන ජීවිතවල සරතැස නිවන්නට සෙදෝනා දිය දෝතක් වේද? සාදිරිස්ගේ රන් නිධානය කවුරුන් සතුවේ ද?
එතෙක් නොවටිනා දෑට බ්‍රිතාන්‍ය යටත් විජිතවාදය තුළ නව වටිනාකම් ලැබෙද්දී, දහනව වන සියවසේ පවුම්, රුපියල් මතින් බිහි වූ දේශීය ව්‍යාපාරික ප්‍රභූ පන්තිය තුළ හිස එසවූ ගැහැනුන්ද ඉඳහිට සිටි මුත්, ඔවුන්ගේ කතාව සුගම වූවක් නොවේ.
හෙලේනාගේ ජීවිතයට වරින්වර එබී බලන අතීතයේ සෙවණැලි ජීවිතයේ අනවරත ගමනක උන්නතිය සහ අවනතිය සම සේ නිරූපණය කරයි. ආදරය, රාගය, අපේක්‍ෂාව සහ අපේක්‍ෂා භංගත්වය තුළ දෝලනය වන හෙලේනාට, සියල්ල අතරේ නොනැසී රැකෙන්නට ධෛර්යය පමණක් නොසෑහෙයි. තමා සතු බලය ඇතෙකු දැනගත් විට, ඌ යදම්වල සිර වී නොසිටී.
‘රන් නාරි කුඤ්ජරය’, ගැහැනියකගේ බලයේ කතාවයි.
රියානාගේ ලෝකය | Riana’s World
Original price was: Rs 1,400.00.Rs 1,120.00Current price is: Rs 1,120.00. SPELLBINDER: Riana’s World
by Mark Shirrefs & John Thomson
දිදුලන දීප්තියක් සමඟ කම්බිය දිගේ අධිසැර විදුලි දහරාවක් ගුහාව කරා ඇදී ආවා…ඊළඟ නිමේශයේදී පෝල් ගුහාව තුළ සිටියේ නැත. ඔහු අතුරුදහන් ව ගොසිනි. මොහොතකට පසුව පෝල් සිටියේ අමුතුම පරිසරයක් සහිත අමුතුම ලෝකයකයි. කාර්මික විප්ලවයේ පහස නොලත් ඒ ලෝකයේ මිනිසුන් පාලනය කළේ “මායා බන්ධකයින්” විසිනි. මායා බන්ධකයින් ගේ ලෝකය නමින් හැඳින්වූ මේ සමාන්තර ලෝකයේ අතරමං වූ පෝල් උත්සාහ ගන්නේ එහි සැඟව ඇති රහස් හෙළි කරගන්නටයි. ඒ උත්සාහයට පෝල් ට සහාය වන්නේ රියානා ය. සමාන්තර ලෝකයේ වෙසෙන ඇය සුන්දරය, නිර්භීතය, ධෛර්්‍යය සම්පන්නය.
පෝල් සහ රියානා එක්ව මුහුණ දෙන නොනවතින වික්‍රමාන්විතයේ අවසානය කුමක්ද ?
මායා බන්ධකයින් මිනිසුන් පෙලූ යුගය අවසන් වෙයිද ? පෝල් ට නැවතත් සිය ලෝකය කරා ආපසු පැමිණීමට හැකිවෙයිද ?
චැරෝන් | Charon
Original price was: Rs 1,480.00.Rs 1,260.00Current price is: Rs 1,260.00.මේ මොහොත වන විට ඈත අන්තර් තාරකා අඩවිය යයි හදුන්වන තාරකාවන්ගේ තිඹිරි ගෙදර වන විශාල කැටි වලාකුළු වලින් පිරිණු දූවිලි නිහාරිකා (Nebulae) වලාකුළු අතරේ යම් ආලෝකයක් පැතිර යන බව ගැලැක්සි 99 කණ්ඩායම නිරීක්ෂණය කරමින් සිටියෝය. එය වර්ණවත් ආලෝකයකි.
පෘතුවි හිරුගේ සූර්යය ලප (Sun Spots) බොහෝ සෙයින් පිහිටා ඇති දිශාවේ කේන්ද්‍ර වෙමින් සූර්යය ගිනිසිළු (Sun Flares) සූර්යයා සිට කිලෝ මීටර 450000 කට වැඩි දුරකට විහිදී යන අතර ඒ මග ඇති නිහාරිකා නම් යෝධ දූවිලි වලාකුළු ඇති පෙදෙසෙහි එම වලාකුළු ඉහලින් මතු වී ඇති මෙම වර්ණ ආලෝකය අපගේ පෘතුවි කක්ෂ ගෝලයේ මතුවෙන ඌෂාලෝක (aurora) නම් ආලෝක සංසිද්ධියට සමාන වූ ආලෝකයක් විය. එය නිරීක්ෂණය කරන්නට හිරුට ආසන්න බුධගේ කක්ෂයකට ගිය එම ෂටල යානය හිටි හැටියේ අතුරුදන් විය. එයට සිදුවූ අනතුර ගැන සොයන්නට වෙහෙසුණු ගගනගාමියෙකුට හමුවුණු අපූරු තොරතුරු ගොන්නක් හා ලින්ඩා නම් දිව්‍ය චක්ෂුතාවයක් ඇති Clairvoyance විශේෂිත කාන්තාවක් ඇසුරු කරගෙන මෙම කතාව පෙළගස්වා ඇත
සෝමා | Soma
Original price was: Rs 450.00.Rs 405.00Current price is: Rs 405.00.මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියන ලද දෙවැනි නවකථාවයි.සෝමා ලියන ලද්දේ පළමු නවකතාව වන ලීලා රචනා කොට අවුරුදු අටකට පසුව එනම් 1922 දීය.චරිත හැසිරවීම භාෂාව හා දෘෂ්ටිය විසින් සෝමා සමකාලීන කතා මාලාවට නෑකම් කියයි.එසේ වුවද 20 වැනි සියවසේ මුල් භාගයේ සමාජය,ජීවිතය හා චාරිත්‍ර වාරිත්‍ර ආදිය අරභයා කතුවරයා පළ කරන අදහස් වල නවමු ස්වභාවයක් මෙන්ම ස්වාධීන බවක් ද මෙම නවකතාවෙන් පිළිබිඹු වෙයි.
ටාර්සන් සහ කුහුඹු මිනිස්සු | Tarzan Saha Kuhumbu Minissu
Original price was: Rs 900.00.Rs 810.00Current price is: Rs 810.00. Tarzan and the Ant Men
by Edgar Rise Burroughs
සිය අහස් යානය ක්‍රියා විරහිත වීමෙන්, වානරයන්ගේ ටාර්සන් මහා කටු වනාන්තරය පිටු පසට ඇද වැටෙන තුරු, කිසි ම කෙනෙකු එම වනාන්තරය මැදින් ගමන් කර තිබුණේ නැත. එම වනාන්තරයට ඔබින් ඉතා සුන්දර රටක් වී ය. එහි ජීවත් වූයේ පැරණි ශිලා යුගයට අයත් අලාලි ගෝත්‍රික යෝධ ස්ත‍්‍රීන් ය. ඔවුහු සිය පිරිමින්ට සැලකුවේ වහලුන්ට සලකන්නාක් මෙනි. මේ අලාලි රටට ඔබ්බෙන් කුහුඹු මිනිසුන් ගේ රට පිහිටියේ ය. මේ කුඩා මිනිසුන් ගේ උස අගල් දහ අටක් වී ය! මේ කුඩා මිනිසුන් විසින් අල්ලා ගනු ලැබූ ටාර්සන්, ඔවුන් ගේ විද්‍යාත්මක ඤාණයෙන් ටාර්සන් ගේ ශරීර ප්‍රමාණය ද අඟල් දහ අටකට අඩු කරනු ලැබ, ගල් වළවල වහලකු වශයෙන් සේවයට ගනු ලැබී ය!
ඈන් 8 – සුව සෙවණේ බඩපිස්සී | Anne 8 – Suwa Sewane Badapissi
Original price was: Rs 550.00.Rs 495.00Current price is: Rs 495.00. Rilla of Engleside
by L. M. Montgomery
ඈන් 7 – දේදුනු නිම්නය | Anne 7 – Dedunu Nimnaya
Original price was: Rs 950.00.Rs 855.00Current price is: Rs 855.00. Rainbow Valley
by L. M. Montgomery
ඈන් 6 – මව සහ දරුවෝ | Anne 6 – Mawa Saha Daruwo
Original price was: Rs 450.00.Rs 405.00Current price is: Rs 405.00. Anne of Ingleside
by L. M. Montgomery
කැලෑහඳ | Kalahanda
Original price was: Rs 1,300.00.Rs 1,170.00Current price is: Rs 1,170.00.සියුම් කලාකාරියක් හැටියට නාට්‍ය රසයෙන් පරිපූර්ණ ප්‍රථම සිංහල නවකතාව –සිරියාලතාව– බිහි කිරීමෙන් සතළොස් වියෙහි දී පාඨකයන්ගේ ඉමහත් ගෞරවාදරය දිනූ, වැල්ලෙවත්ත ආරච්චිගේ ඒබ්රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලෙවත්තේ මධ්‍යම පංක්තියේ පවුලක උපන්නේ ය. හෙළ දිව මහ කතා කරු මෙන් අඩ සිය වසක් සපුරා බැබැළුණේ ය. හෙතෙම, ජන්ම දායාදය වශයෙන් ලත් කතා කෞශල්‍යය ඇත්තේ විය. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසි ආදි භාෂා ශාසත්‍රයන්හි හසළ බුද්ධියෙන් විශාරද විය. ලොකයාගේ චරිත ලක්‍ෂණ හැඳිනීමේ තියුණු නුවණින් ප්‍රවීණ විය. අවලොකනයෙන් හා ප්‍රතිභා ශක්තියෙන් අග්‍රප්‍රාප්ත විය. තමා විසින් ම නිර්මිත නිරාකුල ව්‍යක්ත ශෛලියකින් සිය බසේ හාස්කම් දැක්වීය.
නවකතා චක්‍රවර්ති – සාහිත්‍ය කීර්ති වැනි විරුදාවලියෙන් පුද ලද මේ අසහාය ලෙඛකයාගේ නව නිෂ්පාදනයක රස විඳුනා කුසල බලය, 1957 මැයි 31 වැනි දා සිට පාඨකයන් කෙරෙන් සදහට ම තුරන් වී ඇත්තේ ය. එහෙත් සිය බස වෙනුවෙන් සිය දිවි කැප කොට, ඔහු අතින් ලියැවුණු මිණි – මුතු වන් මහ පොත් රැසක් නොනැසී පවත්නේය.
#kelehanda kelehada kalahada
යහළු යෙහෙළි | Yahalu Yeheli
Original price was: Rs 750.00.Rs 675.00Current price is: Rs 675.00.මුදිතලතා, දශක හතරකට ඉහත උපත ලද නමුදු තවමත් අපේ මේ යුගයේ යුවතියකි. ඇය මානව දයාවෙන් අසල් වාසීන් දෙස බලා දහදිය සහ කඳුළු තුළ ජීවිතයේ සැබෑ අරුත දුටුවාය.
මල්ගුඩියේ මිනී කන්නා | Malgudiye Minikanna
Original price was: Rs 1,200.00.Rs 1,080.00Current price is: Rs 1,080.00. The Man Enter of Malgudi
by R. K. Narayan
ලොව බිහි වූ ශ්‍රේෂ්ඨ නවකතාකරුවෙකු වන අභාවප්‍රාප්ත ඉන්දියානු ලේඛක ආර්.කේ නාරායන් තමාගේ කෘතීන් තුළින් ඔහු ඉපදුනු ඉන්දියානු ගැමි සමාජය තුළ ඔහුට මුණගැසුණු විවිධ මිනිස් චරිත අපූරුවට විග්‍රහ කරයි.”මල්ගුඩියේ මිනීකන්නා” නමින් සිංහලයට නැගුණු මෙම නවකතාව තුළින් ප්‍රකට වන්නේ ද කතුවරයා තුළ පැවති එම අව්‍යාජත්වයයි. මෙහි එන ප්‍රධාන චරිත දෙක වූ නටරාජ් සහ වාසු යන චරිත අපට සමාජයේ බෙහෙවින් දක්නට නොලැබුණද, ඒවායින් එළිදැක්වෙන මිනිස් ගති ලක්ෂණ අපට ඒ ආකාරයෙන්ම නැතත් සුළු වශයෙන් හෝ අප සමාජය දක්නට ලැබේ.නිර්මාණකරුවකු වශයෙන් නාරායන් ලේඛකයාගේ සාර්ථකත්වය රැඳී ඇත්තේ සමාජය තුළට එබී බලමින් කරන චරිත විග්‍රහය තුළය.
මාරායණය | Marayanaya
Original price was: Rs 950.00.Rs 855.00Current price is: Rs 855.00.තමන්ගේ ජීවිත කතාවද දැන්මේ මකුළුවාගේ දැල මෙන් නොවේ දැයි ඔහුට සිතුණි. රේඛීය ආඛ්‍යානයකින් දිවයන සම්මත නවකතාවක් සේ නොදිවෙන, එසේ නොලියවිය හැකි මේ මහා අවුල් ජාලය අන්තිමේදීවත් මකුළු දැලක සිරිය ගනීවී දැයි ඔහුට සැක සහිතය. එහෙත් මතකයේ අඩුපාඩු අතරින් ඉඳහිට නැගෙන සේයා මාත්‍රයන්පෙ ළගස්වමින් යම්කිසි රටාවක් මවා ගත හැකිනම්, අද තමා සිටින තැනට ජීවිත ගමන ආවේ කෙලෙස දැයි වටහා ගත හැකිවෙතැයි, සිතිය හැකි යම් ඉඟියක් ඒ මතක සේයා රූ අතරින් මැවේ වි යැයි හේ විශ්වාස කළේය.
බිම්පුර ආදරය | Bimpura Adaraya
Original price was: Rs 1,500.00.Rs 1,200.00Current price is: Rs 1,200.00. Love in the City Below
by භද්‍රජි මහින්ද ජයතිලක
ආරම්භයේදී ඇගේ පියවර මන්දගාමී විය. ඇගේ ඡායාව නිල් ආලෝකය හමුවේ අවිනිශ්චිත අයුරකින් සැලෙන්නට විය. පිරමීඩ පියගැටපෙළක් ආකාරයට තැබූ කසළ කුට්ටි වෙත ඇය ගමන් කර අවසන්ය. දැන් ඇයව දිස්වන්නේද සේවකයන්ගෙන් කෙනෙකු පරිද්දෙනි. ඇගේ පීත වර්ණ ඇඳුමට ඇය ඔවුන්ගෙන් කෙනෙකු වී අවසන්ය. ඉක්මනින්ම ඇය යන්ත්‍ර අසල සිටි අනෙක් සේවකයන් හා සම්බන්ධ වෙමින් කටයුතු කරන්නට වූවාය. දැන් ඈ කසළ ගොඩේ තවත් එක් වේයෙක්ම පමණි.නිල් ආලෝක දහරා හමුවේ තවදුරටත් ඇයව වෙන් කොට හඳුනා ගැනීමට නොහැකි විය. ඇයද දැන් තවත් එක් කම්කරුවෙක්ම පමණි.එය කොතරම් පහසු වූවාද.. ඇය ඔවුන්ගෙන් කෙනෙකු විය. ඉක්මනින්ම ඇය ටෙරබාහාවේ දොරටු අතරින් ගමන් කරනු ඇත.
ඇල්බට්වරුද මනුෂ්‍යයෝය | Albertwaruda Manushyayoya
Original price was: Rs 1,950.00.Rs 1,560.00Current price is: Rs 1,560.00.ගුත්තිල ඇල්බට් කවදත් කීර වඩේ වලට ආසා කළේ ය. කීර වඩේ යනු යනු සම්මතයටත් අසම්මතයටත් නැති දෙයක් බව ඔහුගේ විශ්වාසය විය. එක් අතකින් පලා වර්ග දමා වඩේ හැදීම යනු පරිප්පුවලට නිවිති දැමීමට හැම අතින්ම සමාන දෙයක් වන අතරම, අනික් අතින් කීර වඩේ ලාංකීය බඩජහරි සන්තානයේ ජාතිවාදී සීමා දියකරන සීමාවෙන් එපිට නිහතමානීව හිටගෙන ඉන්නා බෝල පහේ ආදරවන්තයෙකි. ඒ අතින් එය සම්ප්‍රදාය තුළම ඉඳගෙන සම්ප්‍රදායට අභියෝග කරන කුමාරතුංග මුනිදාස වැනි වඩයක් බව ගුත්තිල ඇල්බට් එක්තරා පියසමරමය ගෞරවයක් සහිතව කල්පනා කළේ ය. ඒ නිසා ජීවිතය මොකක් හෝ කොණකින් අල්ලා ලාවට පොළොවේ ගසන බාගෙට හෝ ඇස් ඇරවනසුලු නිමේශයන්ගෙන් පසුව ගුත්තිල ඇල්බට් හැමදාම කළේ පලක්කුවාට වත් නොකියා තනියම සයිවර් කඩයකට ගොස් කීර වඩේ දෙකක් කා කිරි කාලක් බී පලක්කුවාට උඳු පිටි මෙන් පෙනෙන යම්කිසි පිට්ටකින් හැදූ සූදුරු මිශ්‍ර මුරුක්කු පැකට් එකක් රැගෙන ගෙදර යාම ය. කරදණ්ඩ වැට ඉන්නකට උස් වී උඳු පිටි සන්නිය හිච්චියට හෝ තේරුම් ගත හැකි මට්ටමට ළපටි මනස මේරූ පසුව පලක්කුවා ඒ ගැන ඩිංග ඩිංග වදවීමට පටන්ගත් නමුත් ගුත්තිල ඇල්බට් හැමදාමත් නිවිච්ච හාල්පිටි තෝසයක් වැනි හීතල, කුඩුකුඩු වචන දෙකතුනකින් පලක්කුවා නිහඬ කළේ ය.
“ඔය මුරුක්කු ටික කාලා ඉක්මනට ලොකුවෙන්න!”
අවුරුදු දහ අටේ සිට විසි එක පමණ වන කාලය දක්වා මේ ලොකුවෙන කතාවට ලොකුවට මලපැන්න නමුත්, මුරුක්කු කා ඉක්මනට නොවුණත් ලොකු වූ පසු පලක්කුවා වචනවලින් නොව ක්‍රියාවෙන් තාත්තා ගොඩදාන්නට හැකි වන කාලයක් ගැන කලාතුරකින් හෝ වැසිකිළියේදී පවා හිතන්නට පුරුදු විය.
බංචි මාරි – Banchi Mari
Original price was: Rs 1,500.00.Rs 1,350.00Current price is: Rs 1,350.00.කොළඹ කතාව – අළු පැහැති පරිච්ඡේදය
මං චිත්‍රපටියක | Man Chithrapatiyaka
Original price was: Rs 900.00.Rs 810.00Current price is: Rs 810.00.“…නීරස වෙළඳ දැන්වීම් කිහිපයකට පසුව චිත්‍රපටය ආරම්භ විය. පළමු ජවනිකාව මංගල උත්සවයකි. මම උවමනාවෙන් යුතුව මනාල යුවල දෙස බලමි. මනමාලිය උඩරට මනාලියක ලෙස සැරසී සිටින්නීය. පාදයේ සිට මුහුණ වෙත ගෙන යන කැමරාව මනමාලියගේ මුහුණ මත නවතියි. මනමාලියට තිබෙන්නේ දැක පුරුදු මුහුණකි. මම තිගැස්සෙමි. ඒ උඩරට මනාලිය අම්මාය. මංගල ඡායාරූපයකට කිසිදා හිමිකම් නොකියූ අම්මාය. දෑවැදි දෙන්නට තරම් ආදායම් උපදවන්නට නොහැකි කෙල්ලන්ම පස් දෙනෙකු සිටි පවුලක ලස්සනම කෙල්ල වූ අම්මාය. ඒ පවුලේ බර හෑල්ලු කරන්නට සිතාගෙන උසස් පෙළ අවසන් වී තෙමසක් යන්නට පෙර ටුවර් ගයිඩ් කෙනෙක් සමග හොර රහසේ පැනගිය අම්මාය. ඇය අද මනමාලියක වී ඇත….
සිදුහත් යශෝදරා | Siduhath Yashodhara
Original price was: Rs 600.00.Rs 540.00Current price is: Rs 540.00.Senkottan (English)
Original price was: Rs 1,200.00.Rs 1,020.00Current price is: Rs 1,020.00.- H.A.I. Goonetileke Prize for Literary Translation 2020
There were two new leaves, pale purple in colour, that had by this time sproted from the bosapling. Exactly three days later around sunset the yellowed leaf at the base of the sapling fell.
Veerappuli Henaya, who was sitting on a rock awaiting this, took it in both hands and looked upon it for a long time. He felt a great pride rising within him.
A new life process was unfolding within the precious thing which he had with the greatest effort brought home. New leaves were sprouting. The older leaves would decay and fall to the earth. One day this tiny sapling will grow into a giant of a tree and would bathe with a divine light all corners of the village, he thought.
යුද්ධයේ අතුරු කතාවක් | Yuddaye Athuru Kathawak
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00. The Nazi Officer’s Wife
by Edith Hahn Beer
එඩිත්හාන් නමැති යුදෙව් ජාතික දිරිය කතගේ ආත්ම භාෂණය රැගත් ‘The Nazi Officer’s Wife’ විෂම සමාජයක උපත ලැබ අනේකවිධ දුක් දොම්නස්වලට මුහුණ දී අවසානයේ විමුක්තිය ලබන අයුරු විවරණය කෙරේ.
දෛවයේ කිසියම් කාරුණික බලවේගයක් සහ මනුෂ්‍යත්වය හඳුනන උතුම් මිනිසුන් කිහිපදෙනෙකුගේ මැදිහත් වීම මත මගෙත් ඇන්ජලා ගේ ජීවිතය බේරුණි.
මේ ලෝකයේ අන්කිසිම අයෙකුට වඩා මගේ සත්‍ය ජීවිත කතාව දැන ගන්නට උවමනා වී තිබුණේ මගේ දියණිය වූ ඇන්ජලා ට ය.ඇගේ බලකිරීම නොවන්නට මේ කතාව කිසිවෙකුට දැන ගන්නට නොලැබෙනු ඇත.
රිදී විලංගු | Ridee Vilangu
Original price was: Rs 450.00.Rs 360.00Current price is: Rs 360.00.“මගේ සුදු දුවගෙයි… විමුක්ති පුතාගෙයි කැමැත්තක්… ඇත්තටම පුතේ… මනුස්සකමට වැඩිය කිසිම දෙයක් නෑ… ජීවීත කාලෙම ඒක දැනන් හිටිය ආච්චම්මට නම්… පසුතැවෙන්න කිසිම දේකුත් නෑ…”
දින ගණනාවකට පසු, මිත්තණියගේත්, තම පෙම්වතගේත් දෑත් අල්ලාගත් ෂනුදී… මදක් හඬ නගා හිනැහුණාය.
“මේ කොහෙවත් හිටපු එකෙකුට අන්තිමේදී සේරම අයිති උනා නේද කියලා… ඈන් ආන්ටි ඇවිත් මගේ විමූ අයියගේ ඔළුව පළන එකක් නෑ නේද ආච්චම්මි…???”