Novels - නවකතා
මැයි මාර ප්‍රසංගය | Mai Mara Prasangaya
Original price was: Rs 700.00.Rs 560.00Current price is: Rs 560.00.- 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
‘ඔයා දන්නවද පුංචි මැයි මාර ළමයෝ…
ඔයා නිකම්ම නිකන් මැයි මාර ළමයෙක් එහෙම නෙමෙයි. කුතුහලය මිශ්‍ර චමත්කාරය පිරුණු මාරම මාර මැයි මාර ළමයෙක්. නිරෝගීව ලොකු මහත් වෙලා රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සනම ලස්සන මැයි මාර ප්‍රසංග පවත්වන්න. එහෙනම් මං ගිහින් එන්නම් මැයි ප්‍රසංග පවත්වන්න. එහෙනම් මං ගිහින් එන්නම් මැයි මාර ළමයෝ.
#may mayi maara prasangaya
ෆොගෙට් මී නොට් | Forget me not
Original price was: Rs 1,200.00.Rs 1,080.00Current price is: Rs 1,080.00.මල් කිණිත්තක පුරාවෘත්තය
බිඳුණු මිනිස්සුන්ට ආදරය කරන එක කොහෙත්ම ලේසි නෑ යුමී සං කැබලි වෙච්චි ඔවුන්ව තදින් වැළඳගත යුතු වෙනවා මුදු නමුත් ස්ථීර ප්‍රේමයකින්. ඒත් ඒ තියුණු දාර සහිත බිඳුණු කැබලි, වැළදගන්නා ආදරණීයයාව රිදවනවා. ඔහුවත් කපා දමනවා. මට හොඳටම විශ්වාසයි, ආදරය කියන්නේ කැපකිරීමක්” වග කියන්නට ඇත්තේ, මේ ලෝකයේ මුල් වතාවට බිඳුණු ගැහැණියකට ආදරය කරපු කරුණාවන්ත ඇහිපිය ඇති පිරිමියෙක්. කැබලි වුණු පිරිමියෙකුට ප්‍රේම කළ විශාල හදවතක් ඇති ගහැණියක්.
****
ඔල්යා, විශ්වය කෙළවර තිබෙන්නේ වසන්තයේදී මල්බර වෙන චෙරි ගස් කීපයක් සහ සරත් කාලයේදී කොළ හැලෙන මේපල් තුරු කීපයක් බවයි මගේ විශ්වාසය. එහෙම විශ්වාසයකින් කාටවත් හානි වෙන්නේ නෑ කුමන ඍතුවකදී වුණත් එතැන ඉතාම අලංකාර ඇති. මම ඔයාට එවන කොණ්ඩා කූර අයිති සචිකො සංට ඒ අගිස්සේ – ප්ලාස්ටික් පබලු කීපයක් උණු කිරීමෙන් – චෙරි මල් කිණිත්තක් දැවටුවේ මං. ඒවා නෙලාගත්තේ විශ්වය කෙළවර ඇති ගසකින්. රතු මේපල් කොළ ඔයාට ඊළඟ සරත් කාලයේදී ලැබේවි!
ගුරු ගීතය | Guru Geethaya
Original price was: Rs 350.00.Rs 280.00Current price is: Rs 280.00. The First Teacher
by Chingiz Aitmatov
“අනේ, අනේ පොප්ලරයෙනි! නුඹලා ළපටි පැළයන්ව සිට දැන් ලොකු ගස් දක්වා වැඩී සිටිති. මේ කාලයේදී කොතරම් දේවල් වෙනස් වී තිබේද, නුඹලා සිටවමින්, බලාපොරොත්තු බවේ සිහින දුටු ඒ පුද්ගලයා කී අනාවැකි සියල්ල ඉටු වී තිබේ. ඇයි නුඹලා මේ තරම් දුක්මුසු බවකින් සුසුම්ලන්නේ, කුමක් නිසාද, හඬා වැලපෙන්නේ? ළඟ ළඟම ශීත කාලය එන බැවින් නුඹලාගේ අතුවල කොළ හැලී යන නිසාද? ජනතාවගේ දුක් ගැහැට විඳ දරා ගැනීමට බැරි නිසාද?”
“ඔව්, ශීත කාලය පැමිණේවි. තද ශීත කුණාටු හමාවි. හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි. එහෙත් වසන්තය එනවා සත්තයි…”
#guru githaya
සෙංකොට්ටං | Senkottan
Original price was: Rs 900.00.Rs 720.00Current price is: Rs 720.00.- 2012 රාජ්‍ය සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
- 2012 විද්‍යෝදය සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
- 2012 ගොඩගේ සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
- 2012 ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේශය
සෙංකොට්‌ටං නවකතාව සිය විෂය භූමිය කර ගන්නේ සබරගමු පළාතේ, රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ, රිදීවිට නම් වූ ගම හා ඒ අවට පෙදෙසේ මීට දශක අටකට පමණ පෙර විසූ , සමාජයේ කුල ධුරාවලියේ අවම තැනක ස්‌ථානගත කරනු ලැබූ අව වරප්‍රසාදිත එකී මිනිසුන් මුහුණ දුන් පීඩනයයි. රිදීවිට ගමේ වීරප්පුලි හේනයා, ඔහුගේ බිරිඳ මල්මා රිදී, වැඩි වියපත් දූවරුන් වූ පොඩිනා සහ හීං රිදී, පොඩිනාගේ සැමියා වූ නම්බු හේනයා, පොඩිනා ඔහු සමග විවාහ වීමට පෙර අනගිහාමි නම් වූ කුලවතාට දාව ඈ වැදූ බබා හේනයා නම් ලත් අට හැවිරිදි දරුවා සෙංකොට්‌ටං හි ප්‍රධාන චරිත වෙති.
“උඹට කියන්න, අපේ කිරිඅම්මා කෙනෙක් හිටියා මාගල්ලවත්තේ, වංසා රිදී කියල. කුණු හරුප කියනවා කටේ නොගෑවී. මගේ ඔන්න එක පලහිපව්වකදි මගේ ළඟින් ඉඳගෙන, මෙන්න මේ මං උඹගේ හිත හදන්නා වාගේ ම මයේ හිත හදන්න හරිහරියට මහන්සි වුණා. ඒ ගෑණි කියපු කතාවක් මට අද වාගේම මතකෙ තියෙනවා…ඒ කිරිඅම්මා කිව්වා, ඕනි එකෙක් එක්ක ඕන විගඩමක් නැටුවට කමක් නැතේය, හැබැයි ඔය පිරිමි ජාතිය මහ අමුතු ම අමුතු ජාතියක් ය, අත නිකං තියාගෙන ඉන්න පුරුද්දක් උන්ට නැත, අර අහවල් පලහිලව්ව නිකං තියාගෙන ඉන්න උන්ට පුරුද්දක් නැත, අන්න ඒ හිංදා උඹ ළඟ ඔය තියන හක්ගෙඩි දෙකයි, පංචා බෙල්ලයි විතරක් උන්ගෙ නොහොබිනාකංවලට පරිහරණෙට දෙන්න එපා ය කියලා…බලාපං රත්තරනේ, ඒක මොන තරං මසුරං කතාවක් ද කියලා. ඕනෑම ළමිස්සියෙකුට මිනිහෙක් එක්ක යන්න කලිං දෙසැරයක් හිතන්න ඒ කතාව කොයිතරං වටිනා එකක් ද කියලා. කතාවක් නෙවෙයි බොලං ඒක මසුරං මල්ලක් කියලයි මට නං හිතෙන්නේ.”
අපොයියාව | Apoiyawa
Original price was: Rs 700.00.Rs 560.00Current price is: Rs 560.00.- 2021 රජත පුස්තක සම්මානය
- 2021 ගොඩගේ සාහිත්‍ය සම්මානය
- 2021 රාජ්‍ය සාහිත්‍ය සම්මාන නිර්දේශය
අපේ ප්‍රහෙලිකාවට වචන පැමිණෙන්නේ ද හරියට මේ පාරවල් සතර ඔස්සේ අප අපේ ගෙදරට පීසෙනවා වාගේ ය. අක්කා වැනි සිනිදු වචන වලින් පැමිණෙයි. අපි වැනි දඟකාර වචන රංචු ගැසී පැමිණෙයි. අම්මා,කිරිඅම්මා වැනි ගැහැනු වචන ළඟ පාරවල්වලින් ඉක්මනින් අඩි තබා පැමිණෙන අතර තාත්තා වැනි ලොකු වචන රෑ බෝ වී පැමිණෙයි.කෙසේ නමුත් රාත්‍රිය වන විට සැවොම ගෙදරට එකතු වෙති.
කැමෙලියා | Camellia
Original price was: Rs 975.00.Rs 875.00Current price is: Rs 875.00.- 2024 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව
“බල්ලො මිනිස්සු වගේ කතා කරන්න පුරුදු වුණා නම් උන් ඔච්චර හොඳ වෙන්නෙ නෑ කියලත් මතක තියාගන්න. එහෙනං උන් ඔයාව හපා කන්නෙ වලිගෙ වනලා”
-ඇනිටා
“මං කැමතියි වැවිලිකාරයෙක් විදිහට ඡන්දෙට ඉදිරිපත් වෙන්න. දැන් මගෙ ඇඟේ දුවන්නෙ ලේ නෙමෙයි තේ ”
-ජෙෆ්රි
“මට තේ වතුරෙන් දැනෙන්නේ අප්‍රසන්න රසයක් සහ කුයිලයක් පමණි. එය රළු මුඩු නූගත්කමේ දුගඳ ලෙස ද විටෙක භීතියේ බයාදුකමේ කහට ලෙස ද නැතිනම් වැලපීමේ තිත්ත හෝ යටහත් වීමේ ඇඹුල ලෙස පමණක් මට දැනේ”
-කැමෙලියා
අශ්වයෙකුට ආදරය කරන්නාට වේගයට බිය වීමට අයිතියක් නැත.
-කළු අශ්වයා
#camelia Kamelia
මහල්ලා සහ මුහුද | Mahalla Saha Muhuda
Original price was: Rs 250.00.Rs 200.00Current price is: Rs 200.00. The Old Man And The Sea
by Ernest Hemingway
අසනග වැසි | Asanaga Wesi
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00.- 2018 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව සදහා නිර්දේශිත
- 2018 ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව සදහා නිර්දේශිත
ආලත්ති අම්ම නිසොල්මනේ ඔළුව පහත් කරගෙන හිටිය.පාං එළියට පිටුපාලා නිසා හෙවණැල්ල වැටිල බිත්තියට. ආලත්ති අම්මගෙ නිකටෙන් අල්ලල බිත්තිය පැත්තට හැරෙව්වම තමයි දැක්කෙ හෙවණැලි දෙක නියපොත්තෙන් බිත්තියෙ ඇඳල දගකාරකමක් කල පොඩි එකෙක් වගේ බලාගෙන ඉන්නවා. තමාගෙ හිතේ ඇති පාර පාර තියෙන දුක බය ගැන වගක්වත් නැහැ. ආලත්ති අම්ම හිතුව කෙළින්ම කතා කරන්න ඕනය කියල. “මහත්තය… අපි දෙන්නම එකතු වෙලා වැරැද්දක් කළා. මම කසාද බැඳල දීගෙ ඇරුණ ගෑණියෙක් නිසා ඒ වැරැද්ද මට මහත්තය පිටින් දමන්න බැහැ. දැන් මට මහත්තය එළවන්නත් බැහැ. තියාගන්නත් බැහැ. ඒත් මට මහත්තයව මේ ගෙදර වහං කරගෙන ඉන්න බැහැ. අපි ආයෙ මේ වැරැද්ද නොවෙන විදියට වැඩ කටයුතු කරමු. මහත්තය කැමති දෙයක් කරන්න..”
#dharshana wijethilaka #darshana vijethilaka #asanaga wesi #asanaga wasi
මාණික්කාවත | Manikkawatha
Original price was: Rs 900.00.Rs 720.00Current price is: Rs 720.00.- 2015 රජත පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතා පහෙන් එකකි
“උඹලගේ පඳුරු ගැනිල්ල අපට නතර කොරන්න බැරි වග උඹල දන්නවා… විසේසෙන් කෙල්ලේ උඹ බලවතියක්.ආසාවල් ඇති වෙනවා තමයි. ඒ් උණාට සිහි කල්පනාවට ගනිං,ගොයම කපන්න කලියෙන් වී පාගන්නෑ. ඉස්සෙල්ලාම ගොයම හොදට පැහෙන කල් ඉන්න ඔ්නි. ඊට පස්සෙං පහු යි පැහුණු ගොයම කපාගන්නේ .ඊට පස්සෙ යි කැපූ ගොයම පාගලා අස්වනු ඒක්කාසු කොරගන්නේ.ඊට කලියෙං කුඹුරට පැනලා දැඟලුවාම මොකෑවෙන්නේ? ආයේ කැපිල්ලට ගොයමක් ඉතුරු වෙන්නේ නෑ… මේකා ඉලන්දාරියා කොයියම්ම දේ උණත් මේකාට අමුණු වෙළේ ඒබිලා අමුඩ ලේන්සුව මිරිකලා ඒ්කෙන් පිහදාගෙන ගෙදර යන්න ඇහැකි.හැබැයි උක්කුං කෙල්ලේ,උඹට ඒ්ක ඒහෙම කොරන්න බෑ…
මන්දෝදරී | Mandodari
Original price was: Rs 1,650.00.Rs 1,400.00Current price is: Rs 1,400.00.ඇය මිට මොළවා ඔහුට පහර දුන්නාය.
‘ගෑනු පළිගන්න හැටි ඔයා තාම දන්නෙ නෑ..’
ඇය එසේ කීවේ ඔහු ඇස් පියා
ඒ වේදනාව විඳින අතරය.
ඉන්පසුව
යළිත් ඔහුගේ පපුව මතම හිස හොවා
මෙසේද කීවාය.
‘ඒ පළිගන්න මිනිස්සුන්ගෙ පපුව උඩම තමා
ගෑනු ඔලුව තියාගන්නත් කැමති.!’
මන්දාරම් උයන | Mandaram Uyana
Original price was: Rs 600.00.Rs 480.00Current price is: Rs 480.00.- 2019 ස්වර්ණ පුස්තක සම්මානය දෙවන වටය සදහා නිර්දේශිත
දුල්කිත් කළුවර වදුල සහිත නුග ගස යට ඇති පොකුණ දෙස නිසොල්මන්ව බලා සිටින්නට විය. අක්කර භාගයක පමණ වන ගෙවත්තේ කොනකට වන්නට තිබෙන මෙම පොකුණ අවට කෙතරම් හොඳින් හිරු පායා ඇති දිනක වුවද අඳුරුය. නුග ගසකින් හෙවණ වී ඇති නිසා එම නුග ගසේ කොළ වැටී පල්වී තද කළු පැහැයක් උසුලන පොකුණ ගුප්ත ස්වභාවයක් ගනී. පොකුණ අසල ඇති උණ පඳුර යට ඇති ගල් බංකුව මත වාඩිවී පොකුණ දෙස බලාගෙන සිටීම දුල්කිත්ගේ දින චර්යාවේ අංගයකි. එසේ බලා සිටින විට පොකුණෙන් මතුවන විවිධාකාර සතුන් ඔහුට දැක ගත හැකිය. පෙණය විදහාගෙන එන කළු පැහැ නාගයින්, අං සහිත විශාල කටුස්සන්, ඇස්වලින් හා මුවින් ගිනිදලු විහිදන මකරුන්, හැඩපලු ගෙතී ඇති කෙස් වැටිවලින් හා දික්වූ නියපොතු සහ දත් සහිත ගැහැණුන් මිනිසුන්, මොවුන් සියල්ලන්ම සමඟ කතා කරමින් කාලය ගතකරන දුල්කිත් මේරි අම්මාගේ නොනවතින බැණ අඬගෑම හමුවේ ඔවුන් සියල්ල නැවත පොකුණේ සඟවා නිවස වෙත යන්නේ හිසු වූ සිතිනි.
#mandaaram uyana
ලැවෙන්ඩර් | Lavender
Original price was: Rs 750.00.Rs 675.00Current price is: Rs 675.00.මේක පුංචි ලැවෙන්ඩර් මල් පෙත්තක් ගැන හරි ලස්සන කතාවක්…
හේස්ලි ලැවෙන්ඩර් ස්කයිලර්… සරලවම, මගේ නමේ තේරුම “හේසල් දුබුරු පාට ඇස් තියෙන, ලැවෙන්ඩර් පුසුබැති පුංචි දැරිවිය කියන එක…
මේක ඔයාලා කවදාවත්ම අත්විදලා නැති විදිහේ හරිම ලස්සන, හුදෙකලා කදුකර නිම්නයක් පුරාවටම දග කරපු චුටි ගෑනු ළමයෙකුගේ පටන් බෘනට් පාට කොන්ඩ කැරලි තිබුනු ලස්සන චෙරි රෝසපාට තරුණ ගෑනු ළමයෙක් වෙනකල් එයා අත්විදපු සුන්දරම මතකයන් ගැන අපුරු කතාවක්..
ඇහැළ මලට දම් පාටක් | Ehela Malata Dam Patak
Original price was: Rs 1,200.00.Rs 1,080.00Current price is: Rs 1,080.00.- 2024 රජත පුස්තක සම්මානය සදහා නිර්දේශිත
“පාරමී දන්නවද, මේ ඇහැළ ගහටත් නමක් තියෙනවා.”
පුස්තකාල උද්‍යානයේ එපමණ මල් නොපිපෙන ඉසව්වක
දලුලන කුඩා ඇහැළ පැළය අසලදී කසුන් කීවේය.
පාරමීගේ සිහින් දෑස ඒ කුමක්දැයි ඇසුවාය.
“The tree of Paramee…!”
“මම පාරමී?”
“ඔව්. හැමෝටම හෙවණ ලැබෙන තැනක තමන්ටම කියලා
ගහක් තියෙන එක ෂෝක් කියලා පාරමීමනෙ කීවෙ.”
“ඒත් මේක හිටෙව්වෙ මම නෙමෙයිනෙ.”
මේ ගහ හිටෙව්වෙ මම. එයාට නමක් දුන්නෙත් මම.”
“කසුන්… ඔයාට මතකද මම ඉස්කෝලෙ හිටවපු
ඇහැළ ගහ? අපි ඒකට ඔයාගෙ නම තියමු.”
“ඕන නෑ. පාරමී දන්නවනෙ, මම ආස එහෙම නෙමෙයි.
අපැහැදිලි අමුතු මතකයක් වෙන්න.”
“ඇයි ඒ?”
“දන්නැද්ද ඉතින්, පොඩි පොඩි අරුමෝසම් හීන…!”
#forget me not #ahala malata dham patak
ජමිලා | Jamila
Original price was: Rs 600.00.Rs 480.00Current price is: Rs 480.00. Jamila
by Chingiz Aitmatov
සෝවියට් රුසියානු ලේඛක චිංගීස් අයිත්මාතව් විසින් රචිත කෙටි නවකතාවකි. ජමීලා කෘතිය අයිත්මාතව් විසින් රචිත පළමු කෙටි නව කතාව වේ.ජීවිතය ආදරය යුද්ධය මානුෂික හැඟීම් පිළිබඳ වටිනා කියවීමක් මෙම කෘතියේ අඩංගු වේ.
“තරුණයන්ගේ මේ සරදම නිසා කමතේ සිට හැම දෙනෙක් ම සිනා සුනහ. තිරිඟු පොළොන මහල්ලෝ තම උදලු අහකට දමා ඔවුන්ගේ සතුටු කඳුළු පිස දැමුහ.ඔවුන්ගේ දුඹුරු පැහැති මුහුනේ රැළිවලින් ප්‍රීතිය විදහා පෙන්වන ආලෝකයක් මතුවී ඔවුන් මොහොතකට තරුණ බව ලැබූවන් බවට පත් විය.
ජමීලා තරුණයන්ගෙන් බේරා ගැනීමට තමන් සතු ඊර්ෂ්‍යා සහගත වගකීම් මොහොතකට අමතක කරමින් මමත් සිත පුරා සිනාසුනෙමි. සිනහා නොවූ එකම පුද්ගලයා දනියාර් පමණකි. අහම්බෙන් මම ඔහු දුටුවෙමි . නිහඬවීමි. ඔහු කමතේ එහා කොනේ දෙපා පුළුල් කරගෙන හුදෙකලා ව සිටියේ ය. ඔහු වහාම දිව ගොස් තරුණයන්ගෙන් ග්‍රහණයෙන් දැන්, දැන් ජමීලා මුදා ගනිතැයි මට සිතිණි.”
සැබෑ මිනිසෙකුගේ කතාවක් | Saba Minisekuge Kathawak
Original price was: Rs 850.00.Rs 680.00Current price is: Rs 680.00. A Story of a Real Man
by Boris Polevoi
‘අලෙක්සේයි මරේසියෙව්’ නම් රුසියන් සෙබළා දෙවන ලෝක සංග්‍රාමයේ දී ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජර්මානු යුද සේනාංක හා සටන් වැද තම දෙපා අහිමි කරගත් ගුවන් හමුදා නියමුවෙකි. තම දෙපා අහිමිවීමෙන් පසුව ද හිට්ලර්ගේ ප්‍රබල හමුදා සමග සටන් වැද විශිෂ්ට ජයග්‍රහණ රැසක් රුසියන් හමුදා වෙත අත් කර දෙන්නට ඔහු සමත් විය. මේ නවකතාවේ කතා නායකයා ඔහුයි.
මුළු යුරෝපයම වාගේ ලෙයින් නෑවූ දෙවන ලෝක යුද්ධයේ දී හිට්ලර්ගේ සේනා සෝවියට් සංගමයෙන් සෑහෙන කොටසක් අල්ලා ගැනීමට සමත් වූ අතර, සෝවියට් සෙබළු හිට්ලර්ගේ ජර්මන් සේනාවන්ට හා ඔහුට ගැති රටවල් ගණනාවක යුද හමුදාවලට ද විරුද්ධව සටන් දියත් කළහ.
ඒ සෑම අවස්ථාවකදීම අසමසම වීරත්වයක් පෙන්වූ සෝවියට් ජනතාවගේ දේශප්‍රේමීත්වය ද මේ කෘතියෙන් අපට මනාව පැහැදිලි වේ. මුලින් සෝවියට් සංගමයෙන් පළවූ මේ කෘතිය පසුව භාෂා ගණනාවකට පරිවර්තනය විය.මුළු යුරෝපයම වාගේ ලෙයින් නෑවූ දෙවන ලෝක යුද්ධයේ දී හිට්ලර්ගේ සේනා සෝවියට් සංගමයෙන් සෑහෙන කොටසක් අල්ලා ගැනීමට සමත් වූ අතර, සෝවියට් සෙබළු හිට්ලර්ගේ ජර්මන් සේනාවන්ට හා ඔහුට ගැති රටවල් ගණනාවක යුද හමුදාවලට ද විරුද්ධව සටන් දියත් කළහ.
ඒ සෑම අවස්ථාවකදීම අසමසම වීරත්වයක් පෙන්වූ සෝවියට් ජනතාවගේ දේශප්‍රේමීත්වය ද මේ කෘතියෙන් අපට මනාව පැහැදිලි වේ. මුලින් සෝවියට් සංගමයෙන් පළවූ මේ කෘතිය පසුව භාෂා ගණනාවකට පරිවර්තනය විය.
#sebe minisekuge kathavak
කුර හඬෙකි වියැකෙන | Kura Hadeki Viyekena
Original price was: Rs 1,700.00.Rs 1,360.00Current price is: Rs 1,360.00.- 2023 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව
- 2023 රාජ්‍ය සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
කුලවමිය වලව් ඉස්තෝප්පුවේ සිට පඩිපෙළ බැස ඇවිත් පහළම පඩියේ නතර වුණාය.
රුවැති අග මෙහෙසිය හීතල නිසාදෝ ඔසරි පටින් ගෙළ සහ ළැම පෙදෙස ආවරණය කරගෙන සිටියාය.
සියලු දෑස් යොමුව පැවතියේ ඇය වෙතය.
ඇගේ දෑස් යොමුව පැවතියේ තවලම්රාල වෙතය.
ඇය පසෙකින් හිඳින්නී තුටුපඬුරු සහිත කුඩා රෙදි උර තැන්පත් කළ රිදී බන්දේසිය දෝතින් දරාගත් ඇගේ විශ්වසනීයම කම්මිත්ත වන හීං එකීය.
සිරිත් පරිදි පළමුව තුටුපඬුරු පිරිනැමෙන්නේ තවලම්රාලටය.
තවලම්රාල වන ඩිංගිරාල ඇත්තා ආර්යාව සමීපයට මිදුල හරහා එමින් සිටියේය. මුහුණ පුරා වැඩුණු ගන රැවුලකින් හෙබි ඩිංගිරාල නායකත්වයේ සියලු ලක්‍ෂණ ප්‍රකට කරමින් ඍජු ගමනින් ආර්යාවට සමීප වෙමින් හිඳී. ඔහු සමීප වෙත්ම ඇගේ දෙකොපුල් මහ රත් මලක ළා රත් පැහැය ගත්තේය.
අත්කොට සුදු මේස් බැනියමකින් සහ අදුරු පැහැති සරමකින් සැරසී හුන් තවලම්රාල හිස වටා බැඳ තිබූ නිල් පැහැති ලේන්සුව ලිහා ගෙළ වටා දාගත්තේය.
ඔහුගේ තියුණු දෑස් යොමුව තිබුණේ ඍජුවම ඇගේ දෑස් වෙතය.
ඒ දෑස් යුගළ අතරේ එකිනෙකාට කියාගත නොහෙන නිහඬ රහසක් ලියැවී තිබුණේය.
හිමිදිරි අන්ධකාරය දවාලමින් වලව් මිදුලේ කෙසෙල් කොටන් මත රැඳවූ පන්දම් සහ විලක්කු සේම ඇගේ දෑස් ද ඊළඟ මොහොතේ නාඳුනන ගින්නකින් ඇවිළෙමින් තිබුණේය. තවමත් රිදුම් දෙන දෙතොල්පට ඇය දිව’ගින් තෙත් කරගත්තාය….
රාජ්‍ය සම්මානිත කාල නදී ගලා බසී නවකථාවෙන් පාඨක සිත් අමන්දානන්දයට පත් කළ නෝබට් අයමගේ නවතම නවකථාවයි,
‘කුර හඩෙකි වියැකෙන’
ප්‍රේමසුත්‍ර | Premasuthra
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00.- 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
ප්‍රිය ආලිංගනයන්ගෙන් සපිරි සුරතාන්තයක අවසන වෙහෙස නිවන කෙටි නින්දෙන් ඈ සෙමින් අවදි වූවා ය. අලුයම් යාමයෙහි සූර්ය සම්ප්‍රාප්තියෙහි විසිතුර විසින් අවදි කරනු ලැබ ඇත්තේ ඇගේ ජීවිතයේ බලහත්කාරයෙන් ම වසා දමා තිබූ කලාපයකි. ඔහු හා සමඟ සමීප ඇසුරක් ඇරඹූ දා සිට සිය හැඟීම් සමඟ සටන් කරමින් ඈ අසීරුවෙන් දමනය කරමින් යටපත් කළ හැඟුම් සමුදායකි.
එදා සිට ම ඔහු ඇසුරෙහි උණුසුමෙන් ඈ ප්‍රමුදිතව සිටියා ය. එහෙත් කිසි විටකවත් එය දැල්වෙන්නට ඉඩ නොදුන්නා ය. ආවර්ජනාත්මක සොඳුරු වින්දනයකට පමණක් ඔහුගේ ඇසුර සීමා කර ගන්නට ඇය සෑම විට ම යත්න දැරුවා ය. ඒ පිරිමියෙකු සමඟ සහවාස ජීවිතය පිළිබඳ අතීතය විසින් ලබාදී තිබු අමිහිරි අත්දැකීම් හේතුවෙනි. එහෙත් අද ඔහු උණුසුම හමුවෙහි ඈ වෙඬරු පිඩක් ව දියව ගියාය.
අතීත සහවාසයේ දී තමා ජීවිතය යැයි සිතා සිටියේ අර්ධයකට ය. එය ද ශාරීරිකව මෙන්ම මානසිකව අම්හිරි අත්දැකීම්වලින් පිරි පීඩාකාරී එකක් විය. සැබැවින්ම සිය ජීවිතයේ ප්‍රථම වතාවට පරිපූර්ණ ඇසුරක පහස වින්දේ අද ය. එය නැවත නැවත සිත ඉල්ලන තරම් ස්වර්ගාස්වාදයකි.
වානේ පන්නරය ලැබූ හැටි | Wane Pannaraya Labu Hati
Original price was: Rs 1,490.00.Rs 1,190.00Current price is: Rs 1,190.00. How The Steel Was Tempered
by Nikolai Ostrovsky
වානේ පන්නරය ලබන්නේ ගිනි රත් කොට වහාම දැඩි සීතට හසු කිරීමෙනි. සිවිල් යුද්ධයේ ගින්නෙන් හා සාමකාමී ඉදිකිරීමේ වැඩවලින් ඔහුගේ පරපුර පන්නරය ලැබී ය. ඔහුගේ ජීවිතය ‘ගැට්ට ළඟට ම’ පැමිණි විට දී, ක්‍රියා විරහිත බවට, ඇස් අන්ධ වීම ද එකතු විය. අවසානය ළං වූවාක් මෙන් හැඟිණි. 1930 සැප්තැම්බර් 11 දා ඔස්ත්‍රොව්ස්කි සෝච්වලින් සිය සගයා වන ප්යොත්රා නෝව්කොට්ට මෙසේ ලියුවේ ය.
“ජීවත්වීම සනාථ කිරීම සඳහා අවශ්‍ය හරයකින් ජීවිතය පුරවාලීම අරමුණු කරගත් සැලැස්මක් මා ළඟ ඇත. එම සැලැස්ම ඉතා අමාරු ය. ඉතා අසීරු ය. එය ක්‍රියාවට යෙදවීමට හැකි වූවොත් අප පසු ව ඒ ගැන කතා කර ගනිමු…”
“ඔබ නිර්භීත මිනිහෙකි. කොමියුනිස්ට්වාදී පරමාර්ථවලට කැප වීමට ඔබට හැකි වූයේ නිර්භීතකම නිසා ද?”
“ඔව්.”
ඔස්ත්‍රොව්ස්කි මොහොතකුදු පමා නොවී පිළිතුරු දුන්නේ ය. ඔහුගේ රෝගය අසාධ්‍ය වූව ද, අත් පා සෙලවිය නොහැකි වූව ද, දෙනෙත් අන්ධ වූව ද, දිවා රෑ නොතකා ශාරීරික වශයෙන් පීඩා වින්ද ද ඔහු ඉතා ප්‍රීතියෙන් පසු වන බව වාර්තාකරුට පැවසී ය.
#wane pannaraya lebu heti
හයිඩි | Heidi
Original price was: Rs 600.00.Rs 480.00Current price is: Rs 480.00. Heidi
by Johanna Spyri
වයසට වඩා මුහුකරා ගිය බුද්ධියක් දැරියට ඇති බව සීයා තේරුම් ගත්තා. ඔය වැඩපොළ කරන අතරේ හිරු අවරට යමින් තිබුණා. දේවදාර ගස්වල අතු ඉති සොලවමින් සැන්දෑ සීත සුළග හමා ආවා. කදු මුදුනේ සිට පහළට දිව එන සතුන්ගේ කුර හඩත් සමග කිසිවකු කෑකෝ ගසමින් උන් දක්කාගෙන එනු ඇසුණා. එවිට නැන්දා කී දෙයක් හයිඩිට සිහිපත් වී ඇගේ මුවගේ සිනා රැල්ලක් ඇදි ගියා.
විසඹසර | Wisambasara
Original price was: Rs 1,900.00.Rs 1,520.00Current price is: Rs 1,520.00.- 2023 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව සදහා නිර්දේශිත
“රැලි සරැලි නගමින් නිහඬව ගලයන මේ ගංදියේ, තමාගේ ජිවිතයේ අමතක කළ නොහැකි සිදුවීම් කෙතෙක් වීදැයි සසඳරා කල්පනා කළාය. මල්වර වීම, ගැහැනියක් වීම, මවක් වීම, මේ හැමදේම සිදුවූ ගංදිය, ඇය හෙලන කඳුළු රැගෙන අදද නිහඬව රැලි සරැලි නගමින් ගලයනු ඇය ශෝකයෙන් බලා සිටියාය.”
#wisabasara visambasara visabasara
ටොම් සෝයර් | Tom Sawyer
Original price was: Rs 290.00.Rs 230.00Current price is: Rs 230.00. The Adventures of Tom Sawyer
by Mark Twayn
නැන්දණියට හොරෙන් මිතුරන් සමඟ සෙල්ලමට යන “ටොම් සෝයර්”, නැන්දණියගෙන් බේරීමට දරණ තැන හාස්‍ය රසය ඇති කළද සමස්ථයක් වශයෙන් ගත් කල එකී චරිත තුළ අනුකම්පාව, කෙළෙහිගුණ සැලකීම ආදී ගුණාංගද ගැබ්වී ඇත.
මාගම් සෝලිය | Magam Sooliya
Original price was: Rs 1,650.00.Rs 1,400.00Current price is: Rs 1,400.00.මාගම් සෝලිය රචනා වී තිබෙන්නේ යථාර්ථය ඉක්මවා ගිය රීතියකිනි. එය ඉන්ද්‍රජාලික යථාර්ථවාදය නැතිනම් අධියථාර්ථවාදය යන වචන වලින් අපට හඳුන්වා දිය හැකියි. මාකේස්, අයියන්දේ වැනි ලතින් ඇමෙරිකානු නවකතාකරුවන් හරහා අප මේ වචන හඳුනා ගන්නේ අද ඊයේ වුව ද අපේ සාහිත්‍යයේ දිගට ම මේ සම්ප‍්‍රදායන් තිබුණු බව ඉතා පැහැදිලිය. කෙසේ නමුත් මොහාන් රාජ් මඩවල මේ සම්ප‍්‍රදායන් ආනයනය කරන නවකතාකරුවෙක් නොවේ. ඔහු මේ පොළවේ පය ගසා ඇති චරිත අධියථාර්ථවත් ලෙස හසුරුවා තිබේ. එබැවින් එවැනි චරිත හෝ සිදුවීම් අභව්‍ය යැයි අපට නොදැනේ. මේ නවකතාවේ තිබෙන විශිෂ්ටත්වය එයයි.
වරින් වර නතර කර මා මේ පොත කියෙව්වේ ඉක්මනට ඉවර වේය කියන බිය මා දැඩිව වෙළා ගත් බැවිනි.
රත්න ශ්‍රී විජේසිංහ – දිවයින ඉරිදා සංග්‍රහය
සිද්ධාර්ථ – යසෝධරා සම්මත ආදර කතාව සේම සිංහබාහු – සිංහ සීවලී අසම්මත කතාවද අපේ ඉතිහාසයේ තිබේ.
ඌව බින්තැන්න ප්‍රධාන සංඝනායක නාපටවෙල ධම්මානන්ද හිමි – ලංකාදීප
මාගම් සෝලිය නවකතාව රචනා වී තිබෙන්නේ දාර්ශනික පදනමක පිහිටාය.
ජැක්සන් ඇන්තනී – සිළුමිණ
“මාගම් සෝලිය” ඇගේ වෛරය 4 වැන්නක් සඳහා ලියැවුණු සිනමා පිටපතක් වැන්නකි.
මහාචාර්ය අජන්තා හපුආරච්චි – ලක්බිම
ස්වර්ණ පුස්තක සම්මානයෙන් “මාගම් සෝලිය” කුණුහරුපයක් කියා කපා හැරියේය.කතුවරයාගේ ආඛ්‍යානයෙහි ඇති අපූර්වත්වය ඔවුන් දැක නැත.
රන්ජන් අමරරත්න – දිනමිණ
ඌව වෙල්ලස්සේ ගමක් සහ එහි පන්සල කේන්ද්‍ර කරගෙන කතුවරයා මවන්නේ යථාවත් මායාවත් මුසුවූ ලෝකයකි.
මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස – මව්බිම
‘මාගම් සෝලිය’ පොනොග්‍රෆි ගණයට අයත් නවකතාවක්
දයා දිසානායක – රිවිර
මෙය ශිෂ්ටත්වයේ ආරක්‍ෂක රැහැන්පට ඇති අප සමාජයට අතහළ ලිංගිකත්ව චර්යා හා ආකල්ප පිළිබඳ න්‍යෂ්ටික බෝම්බයකි.
ආචාර්ය සාලිය කුලරත්න – දිවයින
වනස්පතිනිය | Wanaspathiniya
Original price was: Rs 800.00.Rs 640.00Current price is: Rs 640.00.පිළිල සැදී මිය යන්නට ආසන්නව තිබූ මීඅඹ ගස පුරා සරුවට දලු දමා ඇත. පිළිල කප්පවා අළු හුනු ඇතිල්ලීමෙන් විනාශ වුණ පිළිල නැවත මතු වූයේ නැත. සාත්තුවක් නොකර නිකම්ම තියෙන්න ඇරියා නම් මී අඹ ගස මිය යන්නට තිබුණි. ගසේ අතරින් පතර අඹ මල් පොකුරු දෙක තුනක් ද සුළඟට නැළ වේ. හිතුවක්කාරකම, පණ්ඩිතකම, ගරුගාම්භීරකම මේ හැම දේම කැටි වුණ සභාපති මහත්තයාගේ දැවැන්ත සෙවණැල්ල තමාගේ ජීවිතය වසාගෙන ඉතිරී පැතිරී මේ දක්වා තිබුණා සේම තමා මිය යන තුරුම ඒ සෙවණ තමා වසා පැතිරී තිබෙන තාක් කල් තමාට ජීවිතයට උපේක්ෂාවෙන් මුහුණ දිය හැකි වන බව, ප්‍රශ්න හමුවේ නොසැලී සිටින්නට හැකි බව සිහි කරමින් පියගැට පෙළ නැග්ගේ පහන් වූ සිතිනි.
හිට්ලර්ගේ සිරකරුවෙක් | Hitlerge Sirakaruwek
Original price was: Rs 990.00.Rs 790.00Current price is: Rs 790.00. I Was Hitler’s Prisoner
by Stefan Lorant
අබාසාත්ති | Abasaththi
Original price was: Rs 1,000.00.Rs 800.00Current price is: Rs 800.00.“මට මැරෙන්ඩ ඇරපං මෝඩයා! ඇයි මාව ගොඩගත්තේ? එහෙනං දැන් මගේ බෙල්ල මිරිකපං!”
“උඹ මැරියං ඔය බඩේ ඉන්න එකා ඉපදුණාට පස්සෙ, මිනී නොමරා!”
“ඒ හින්දා තමා යකෝ මං මැරෙන්නේ! මට එපා ඒකා! මට එපා…! මට පිළිකුල්… මට මගේ සරුවාංගෙම පිළිකුල්…
” නැගිටපං ඔතනින්, ගමේ මිනිස්සු වටවෙන්ඩ කලින්!”
කෙල්ල නැගිට්ටේ නෑ. පෙරළිලා හිටියා. නිකං නෙමෙයි, පොළොවේ පස් කකා.
“මට යන්ඩ දිහාක් නෑ. මට යන්ඩ දි…හ…ක් නෑ! උන් මා…ව අල්ලා ගනී. අනේ දෙයියනේ…
කාගේ හරි බයිසිකලයක් එපිටහින් ගියා. ගෝපාල් දැක්කේ නෑ. සිරී…….ස් ගාලා සද්දේ ඇහුණා විතරයි.
ඔය මොකාහරි එකෙක් මේ හෙලුකුටු ගෑනි මෙහෙම ඉන්නවා දැකොත් ගෝපාල හිරෙන් මෙහා නවතින්නැ. එච්චර නම් බැරියෑ… මේකි! මේකිට මොකක් වෙයිද? මොකෙන් මොක වෙලා නවතීද?
ගිරග සසල විය | Giraga Sasala Viya
Original price was: Rs 500.00.Rs 400.00Current price is: Rs 400.00.- 2011 ස්වර්ණ පුස්තක සම්මානය අවසන් වටය සදහා නිර්දේශිත
ජයදිත්‍යට උගැන්වීමට පණ්ඩිත හාමුදුරුවන්ට මහන්සියක්, වෙරවීරියක් ගැනීමට අවශ්‍ය නොවීය. ඉතාමත් හොඳ මතක ශක්තියක් ඇති ජයදිත්‍ය සෑම ශ්ලෝකයක්ම සෑම ගාථාවක්ම මැනවින් උගත්තේය. මහණකමට සුදුසු ආකාරයේ මතක ශක්තියක් තිබුණද පණ්ඩිත හාමුදුරුවන් ඔහුව මහණ කිරීමට නොසිතීය. එයට හේතුවූයේ ඉතාම බලගතු ඥානයෝගයක් සේම ලෞකික සැප සම්පත් විඳින යෝගයක්ද ඔහුට පැවතුණ හෙයිනි. ඥානයෝගය පිය පාර්ශ්වයෙන් නොව මවු පාර්ශ්වයෙන් ආවක් යැයි පණ්ඩිත හාමුදුරුවන් සිතූ සේක. “මවුගෙ පෙනුම, මවුගෙ ආභාසය, පෙර පතාගන එන ආකාරයේ නොවැ” කේන්දරයේ විවාහය ගැන නම් එතරම් හොඳක් පෙන්නුම් නොකළ එක ගැන පණ්ඩිත හාමුදුරුවන් ගණනකට ගත්තේ නැත. කනවැද්දුම් යෝගයක් ඇති සේම දෙවන විවාහය ලේ නෑදෑකමකි. ‘විවාහය සිද්දවෙන්නෙ පස්සෙ නොව, ඔක්කෝටම කලියෙන් ඉගෙන කියාගෙන ඉන්න එපායැ..’ පණ්ඩිත හාමුදුරුවන් සිතුවේ එසේය.
#dharshana wijethilaka #darshana vijethilaka #giraga sasala wiya
චන්ද්‍රාග්නි | Chandragni
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00.“බෝධිසත්ව ගුණ ඇති මිනිස්සු නිහඬව සියල්ල දරාගෙන ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලති. එවන් බෝසත් ගුණ ඇති මිනිස්සු නිහඬව බොහෝ දේ දරාගෙන අන් අයගේ ජිවිත අවුල් නොකරති. සියල්ල දැනගෙන නොදන්නා සේ අනෙකාගේ සැපත වෙනුවෙන් කටයුතු කරති. මෙවන් උතුම් මිනිසුන්ගේ ගුණ සුවඳ ලෝකය පවතින තුරු, මඳ නල හා මුසු වී විශ්වයම සුවඳවත් කරයි.”
#dharshana wijethilaka #darshana vijethilaka
හාවැට දිගේ ගෙදර බලා | Haweta Dige Gedara Bala
Original price was: Rs 550.00.Rs 440.00Current price is: Rs 440.00. Follow the Rabbit-Proof Fence
by Doris Pilkington | Nugi Garimara
වසර 1390 ගණන්වල දී බටහිර ඕස්ට්‍රේලියාවේ, වයඹ දිග පෙදෙසේ පර්ත් නගරයෙන් උතුරට වන්නට පිහිටි මුරේ ගංගා ස්වදේශික නිවාසයේ සිට ආපසු ජිගලොන්ග්හි පිහිටි සිය නිවෙස බලා, ඇබරිජීනු දැරියන් තිදෙනෙකු විසින් සිදු කළ දුෂ්කර පා ගමන, ඓතිහාසික සිදුවීමක් පමණක් නොව එය අදහාගත නොහැකි විස්මයජනක වික්‍ර්‍රමයන්ගෙන් එකක් ද වන්නේ ය.
දෙවත | Dewatha
Original price was: Rs 600.00.Rs 480.00Current price is: Rs 480.00.‘මට මේවා උහුලන්න බැහැ නෝනෙ… තමන් පියෙක් වුණ දවසට තේරේවි දරු දුක. කොහොමත් දරුවන්ට දෙමාපිය දුකක් කියලා දෙයක් නැහැ නෙව…’ වෙන තාත්තලා වගේ දරුවන්ට සැරපරුෂකමට ගහලා බැනිල්ලක් රතු මහත්තයා කවදාවත් නො කළේ ය. කුඩා දවසෙදිත් කොයි තරම් එපා කිව්වත් දරුවන්ට ටොපි, චොකලට්, සෙල්ලම් බඩු ඉල්ලන ඉල්ලන දේ අරගෙන දුන්නේ ය. සල්ලි අතේ තියේ නම් ගෙදර කන බොන දේවලින් පුරවයි. අදටත් රතු මහත්තයා ඉතිරියක් ගැන නොසිතයි. දරුවන් වෙනුවෙන් ඒ තරමට ම නැහුණ තාත්තට සැනසීමක් වෙන විදියට පොඩීට ඉන්න බැරි ඇයි දැයි ඇයට සිතා ගන්න බැරි ය. එක අතකින් අනික් දරුවන්ගෙන් ලැබෙන සැනසීම ලොකු දෙයකි.
ජේන් අයර් | Jane Eyre
Original price was: Rs 550.00.Rs 440.00Current price is: Rs 440.00. Jane Eyre
by Charlotte Bronte
1847 වසරේදී ‘Currer Bell’ යන ආරූඪ නාමයෙන් සාහිත්‍ය ලොවට පිවිසි චාලට් බ්‍රොන්ටේගේ කුළුඳුල් නවකතාව වන ‘Jane Eyre’ කෘතියේ සිංහල පරිවර්තනයයි. ඉතා සිත්ගන්නාසුලූ පේ‍්‍රම වෘත්තාන්තයක් වන මෙම කෘතිය එළිදැක්වීමෙන් ඇය විශ්ව කීර්තියට පත් වූවාය. ප‍්‍රථම මුද්‍රණයෙන් පස් මසක් ඇතුළත එය තෙවරක් සංස්කරණය කරනු ලැබීමෙන් එහි ජනපි‍්‍රයතාවය කොතරම්දැයි වටහා ගත හැක.
බිළිඳු වියෙහිදීම දෙමාපිය වියෝවෙන් අනාථ භාවට පත් ජේන් අයර් හට නෑදෑ හිත මිතුරන් හෝ නිවහනක් හෝ වත්කමක් හෝ රූමත් බවක් හෝ නොමැතිව කටුක දිවි පෙවතකට උරුම ලද හෙයින් සිය දිවි මග කිසිවෙකුගේ පිළිසරණක් නොලැබ තනිව ගෙන යාමට සිදු වූවාය. එහෙත් ඇගේ සහජ බුද්ධිය, නිසග හැකියාව, අප‍්‍රතිහත ධෛර්යය, නොපසුබට උත්සාහය, උට්ඨාන වීර්යය, තැන්පත් විනීත පැවැත්ම, මෘදු මොළොක් බව මෙන්ම ප‍්‍රතිපත්ති ගරුක ඍජු අවංක භාවය එඞ්වඞ් රොචස්ටර්ගේ අවධානයට යොමු වූ බැවින් බටහිර සාහිත්‍යයෙහි අද්විතීය පෙම් පුවතක් බිහිවීම සඳහා අවස්ථාව සැලසුණේය.
අයි.ඩී. | I.D.
Original price was: Rs 1,650.00.Rs 1,400.00Current price is: Rs 1,400.00.- 2021 ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේශය
සැබෑ අඹු සැමියන් සිටින්නේ එක ගෙදරක එක ඇඳක නොව, ගෙවල් දෙකක, නැතිනම් ග්‍රහලෝක දෙකක, දෙතැනක බව ඔවුහු තේරුම් ගත්හ.
එසේම ඔවුන් එකිනෙකා වෙත ළංවන විට ගිනි ඇවිළී දෙදෙනාම විනාශ වීමට ඉඩ ඇති බවත්, ඈතින් සිටින විට හැමදාම ගිනි ඇවිළෙමින් විනාශ නොවී පැවතිය හැකි බවත් ඔවුහු තේරුම් ගත්හ.
තෙත්සූයා නම් දුනුවායා | Thethsuya Nam Dunuwaya
Original price was: Rs 650.00.Rs 520.00Current price is: Rs 520.00. The Archer
by Paulo Coelho
“දුන්නෙන් ඉවතට යන හැම හීයක් ම හදවතේ මතකයක් ඉතිරි කරනවා.
එහෙම එකතු වුණු මතක ගොන්න ඔයාව වඩාත් ශූර දුනුවායෙක් කරාවි.”
#thethsuya nam dunuvaya
කාන්තාරයේ කුසුම | Kantharaye Kusuma
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00. Desert Flower
by Waris Dirie, Cathleen Miller
අප්‍රිකානු කාන්තාරයේ හිංසාකාරී ජීවිතයෙන් ගැලවීම සඳහා හිරිමල් වියේ දී ම ඉන් පලා යන විට වාරිස් ඩයිරි ගේ උරුමය වූයේ දිළිඳුකමේ සංකේතයන් වන ඇඟ දැවටුණු සාළු කඩමාල්ල සහ නූගත්කම පමණි. අද ඇය නිව්යෝර්ක් නුවර ජීවත්වන ජගත් විලාසිතා ලොව සුපිරි නිරූපිකාවක් වන අතර, මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිණිස උද්යෝගිමත් කාර්යභාරයක් ඉටු කරමින් ලොව සැරිසරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ තානාපතිවරියක ද වන්නී ය. මානව විශ්වාසය හා ධෛර්යය, ත්‍රාසය හා සන්ත්‍රාසය නොමඳ ව දනවන, තම සත්‍ය ජීවිත කතාව නිර්ව්‍යාජ ව, සිත් බඳන හා අනුප්‍රාණය දනවන අයුරකින් ඉදිරිපත් කරන වාරිස් ඩයිරි ගේ “කාන්තාරයේ කුසුම” සිංහල පාඨකයන්ට නවම් අත්දැකීමක් වනු නිසැක ය.
ඔලිවර් ට්විස්ට් | Oliver Twist
Original price was: Rs 450.00.Rs 360.00Current price is: Rs 360.00. Oliver Twist
by Charles Dickens
නිසල දියවත | Nisala Diyawatha
Original price was: Rs 850.00.Rs 680.00Current price is: Rs 680.00.කලකින් ඇසුණේ නැති වස්දඬු රාවය අද මැදියමේ මේ ඇහෙන්නේ කන් පාරවාගෙන. ඒ හඩේ තියෙන්නේ වෙන කවදාවත් නැති ශෝකයක්. රත්නාවලී හිමින් සැරේ කාමරේ ජනේලේ ඇරිය. හඳ එළිය වැටිලා මිදුලේ රටා ඇඳලා ගස්වල සෙවනැලිවලින් රෑ කුමාරි මල් සුවඳ හුළගත් එක්ක එනවා. හෙමින් ගස්වැල් හෙලවෙන්නේ හරියට මහ දුකකින් වගේ. හෝරා භාගයක් විතර වස්දඬු රාවේ ඇහිල හිමින් නැතිව ගියා. රත්නාවලි නොදැනුවත්ව ඇස්වල කඳුළු පිරිල ඒ කඳුළු බේරුණා කම්මුල් දිගේ. ශෝකයක් ද විරහවක්ද මොකද්ද කියාගන්න බැරි දුකකික් රත්නාවලීගෙ හිත බරවෙලා.
#nisala diyavatha
සන්තියාගෝ නම් සැරිසරන්නා | Santhiyago Nam Sarisaranna
Original price was: Rs 980.00.Rs 880.00Current price is: Rs 880.00. The Alchemist
by Paulo Coelho
ද ඉකොනොමිස්ට් සඟරාව දක්වන ආකාරයට ග්‍රේබියෙල් ගාර්ෂියා මාර්කේස්ට පසුව පාඨක අවධානය වැඩියෙන්ම දිනාගත් ලතින් ඇමරිකානු ලේඛකයා පාවුලෝ කොයියෝ ය . මේ වන විට කොයියෝගේ කෘති රටවල් 140 ක් තුළ භාෂා 55 කින් පරිවර්තනයන් 210 ක් වශයෙන් පිටපත් මිලියන 65 ක් අලෙවි වීම මගින් පැවසෙන්නේ එම ප්‍රකාශනයේ සත්‍යතාවයි.
ඩේලි එක්ස්ප්‍රස් පුවත්පත සඳහන් කරන පරිදි පාඨකයන්ගේ ජීවිතය සදහටම වෙනස් කිරීමේ සමත් කෘතියක් දශක කීපයකට වරක් පළ වෙයි. කොයියෝගේ අග්‍ර කෘතිය වන The Alchemist නම් මේ නවකතාව එවැනි ගුණයෙන් හෙබි කෘතියකි. මෙම කෘතිය අද වන විට නූතන සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක් ලෙස අවිවාදදයෙන් පිළිගනු ලබයි.
වන මැද සරසවිය | Wana Mada Sarasawiya
Original price was: Rs 400.00.Rs 320.00Current price is: Rs 320.00.“කෝසලගේ හිනාව වන්නි පොලවේ පීදුණු කරඹ මලක් වගේ ඒ තරමට ලස්සනයි. ඊටත් වැඩ ආදර්ශවත් කෝසල හේන් කෙටුවා – ගොවිතැන් කළා. පොළවල් ගානේ ගිහින් බදු වික්කා. ඒ අතර මහන්සියෙන් ඉගෙන ගත්තා. ඒ වගේමයි, මල්ලිටත් ඉගැන්නුවා. ඇත්තෙන්මයි, සරසවියක් වූ කොසලගේ යෞවනය, වන මැද සරසවිය යොවුන් කතාවෙන් දිග හැරෙනවා.
#wana meda sarasawiya #vana meda sarasaviya
බීර සුවඳැති හාදු | Beera Suwandathi Hadu
Original price was: Rs 1,400.00.Rs 1,260.00Current price is: Rs 1,260.00.Beer Scented Kisses
මේ පොළව මත ජීවත් වන සියලු දෙනාගේම අරගලය බැඳෙන බැඳීම් අස්සේ සිරවීම සහ නොබැඳෙන තනිකම අස්සේ තනි වීමය. මේ අන්ත දෙක අතර ජීවිත පවත්වාගෙන යන්නට අරගල කරනවා මිසක මිනිස්සුන්ට ජීවත් වන්නට ඉස්පාසුවක් නැද්දැයි ඇලීෂා ඇසුවේ තමන්ගෙනි.
තනිකම ඇබ්බැහියකි. ජීවිතේ වෙන කිසිවකට ඇබ්බැහි නොවෙන අයට තනිකමට ඇබ්බැහිවීම පුදුමාකාර සැනසීමකි. වෙනත් කිසිදු සුවයක් වෙනුවෙන් ඒ සැනසීම අනතුරේ දාන්නට දේවන්ට සිතුණේ නැත.
අසම්පූර්ණත්වයෙහි ඇත්තේ සුන්දරත්වයකි. මිනිසුන් යමක් සම්පූර්ණ කරගන්නා තෙක් ඒ පිළිබඳව නොනිමි ආශාවකින් පෙළේ. ඒ ආශාවේ අපූර්වත්වය ඇත්තේ අසම්පූර්ණත්වය තුළය.
රැජින | Rajina
Original price was: Rs 1,650.00.Rs 1,400.00Current price is: Rs 1,400.00.- 2017 ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේශය
මේ වූකලී,
නාකි මහානාග රජුගෙන් මෙන්ම ලාබාල කුඩා තිස්ස රජුගෙන්ද කිසිදා ආදරය නොලැබුණු අසරණ බිසවකගේ කතාවය.
එසේම,
ආදරය උදුරා විසි කළ මොහොතක අහම්බෙන් එය නැවත මුණ ගැසුණු මහ රැජිනකගේ කතාවය. එපමණකුදු නොව,
මිසරයේ ක්ලියෝපැට්රා රැජිනට මුළු හදවතින්ම ආදරය කළ අසාමාන්‍ය ගැහැනියකගේද කතාවය.
කාන්තාරයේ දරුවෝ | Kantharaye Daruwo
Original price was: Rs 700.00.Rs 560.00Current price is: Rs 560.00. Desert Children
by Waris Dirie
“කාන්තාරයේ දරුවෝ” කතුවරිය වන වාරිස් ඩයරි සිය මිතුරිය වන මාධ්‍යවේදිනී කොරින්නා සමග එක්ව ස්ත්‍රී චර්මඡේදනයට විරුද්ධව යුරෝපය තුළ ඇය ගෙන යන අරගලය මෙම කෘතියට විෂය වී ඇත.
අප්‍රිකානු කාන්තාවෝ ඔවුන්ගේ චාරිත්‍රයකට අනුව ස්ත්‍රී චර්මඡේදනය නමැති ව්‍යසනයට ගොදුරැ වෙති. යුරෝපීය කාන්තාවෝ සිය ලිංගේන්ද්‍රිය අලංකාර කරගැනීම සදහ චර්මචේදනය කරවා ගනිති. අප්‍රිකානුවන් පසුගාමී ම්ලේච්ඡ කොටසක් වශයෙන් සලකන මේ ශිෂ්ට සම්පන්න යැයි කියාගන්නා යුරෝපීය කාන්තාවෝ බුරුතු පිටින් කෘතිම රූපලාවන්‍ය සායනයන් වෙත ගොස් නීත්‍යානුකූලව චර්මඡේදනය කරවා ගනිති. යුරෝපීය කාන්තාවන් අතර සිදුවන ස්ත්‍රී ලිංගේන්ද්‍රයේ පෙනුම සම්බන්ධව , චර්ම ඡේදනය ගැන කතාකරන බොහෝ අවස්ථාවල බොහොමයක් දෙනා කියා සිටින්නේ අප්‍රිකාවේ චර්මඡේදනය සිදුවන්නේ පුරුෂ පක්ෂයේ අවශ්‍යතාවයක් මත බවයි. එසේ නම් යුරෝපයේ තත්ත්වය කෙසේ ද ? යුරෝපය තුළ ද පුරුෂ පක්ෂය තුළ ඇති සෞන්දර්යය සංකල්පයට අනුව ස්ත්‍රිය ක්‍රියාකරන බැව් පැහැදිලිව පෙනෙන්නට තිබේ. එසේ නැතිනම් ස්ත්‍රී ලිංගේන්ද්‍රිය අලංකාර කරගනු වස් මෙවැනි කෘත්‍රිම රූපලාවන්‍ය සදහා වෛද්‍ය සායන පවතින්නේ කෙසේද ?
ෂල්මන් රෂ්ඩි නමැති ශ්‍රේෂ්ඨ ගත්කරුවා මෙසේ පවසා ඇත. “ඔබ පින්තූරයෙන් පිටතට පැමිණෙන තුරු ඔබට සම්පූර්ණ පින්තූරය දැකගැනීමට නොහැකිවනු ඇත”.
පින්තූරයෙන් පිටතට පැමිණෙන්නට දැන් කාලය එළඹ ඇත.