Novels - නවකතා
කුර හඬෙකි වියැකෙන | Kura Hadeki Viyekena
Original price was: Rs 1,700.00.Rs 1,360.00Current price is: Rs 1,360.00.- 2023 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව
- 2023 රාජ්‍ය සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
කුලවමිය වලව් ඉස්තෝප්පුවේ සිට පඩිපෙළ බැස ඇවිත් පහළම පඩියේ නතර වුණාය.
රුවැති අග මෙහෙසිය හීතල නිසාදෝ ඔසරි පටින් ගෙළ සහ ළැම පෙදෙස ආවරණය කරගෙන සිටියාය.
සියලු දෑස් යොමුව පැවතියේ ඇය වෙතය.
ඇගේ දෑස් යොමුව පැවතියේ තවලම්රාල වෙතය.
ඇය පසෙකින් හිඳින්නී තුටුපඬුරු සහිත කුඩා රෙදි උර තැන්පත් කළ රිදී බන්දේසිය දෝතින් දරාගත් ඇගේ විශ්වසනීයම කම්මිත්ත වන හීං එකීය.
සිරිත් පරිදි පළමුව තුටුපඬුරු පිරිනැමෙන්නේ තවලම්රාලටය.
තවලම්රාල වන ඩිංගිරාල ඇත්තා ආර්යාව සමීපයට මිදුල හරහා එමින් සිටියේය. මුහුණ පුරා වැඩුණු ගන රැවුලකින් හෙබි ඩිංගිරාල නායකත්වයේ සියලු ලක්‍ෂණ ප්‍රකට කරමින් ඍජු ගමනින් ආර්යාවට සමීප වෙමින් හිඳී. ඔහු සමීප වෙත්ම ඇගේ දෙකොපුල් මහ රත් මලක ළා රත් පැහැය ගත්තේය.
අත්කොට සුදු මේස් බැනියමකින් සහ අදුරු පැහැති සරමකින් සැරසී හුන් තවලම්රාල හිස වටා බැඳ තිබූ නිල් පැහැති ලේන්සුව ලිහා ගෙළ වටා දාගත්තේය.
ඔහුගේ තියුණු දෑස් යොමුව තිබුණේ ඍජුවම ඇගේ දෑස් වෙතය.
ඒ දෑස් යුගළ අතරේ එකිනෙකාට කියාගත නොහෙන නිහඬ රහසක් ලියැවී තිබුණේය.
හිමිදිරි අන්ධකාරය දවාලමින් වලව් මිදුලේ කෙසෙල් කොටන් මත රැඳවූ පන්දම් සහ විලක්කු සේම ඇගේ දෑස් ද ඊළඟ මොහොතේ නාඳුනන ගින්නකින් ඇවිළෙමින් තිබුණේය. තවමත් රිදුම් දෙන දෙතොල්පට ඇය දිව’ගින් තෙත් කරගත්තාය….
රාජ්‍ය සම්මානිත කාල නදී ගලා බසී නවකථාවෙන් පාඨක සිත් අමන්දානන්දයට පත් කළ නෝබට් අයමගේ නවතම නවකථාවයි,
‘කුර හඩෙකි වියැකෙන’
ප්‍රේමසුත්‍ර | Premasuthra
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00.- 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව
ප්‍රිය ආලිංගනයන්ගෙන් සපිරි සුරතාන්තයක අවසන වෙහෙස නිවන කෙටි නින්දෙන් ඈ සෙමින් අවදි වූවා ය. අලුයම් යාමයෙහි සූර්ය සම්ප්‍රාප්තියෙහි විසිතුර විසින් අවදි කරනු ලැබ ඇත්තේ ඇගේ ජීවිතයේ බලහත්කාරයෙන් ම වසා දමා තිබූ කලාපයකි. ඔහු හා සමඟ සමීප ඇසුරක් ඇරඹූ දා සිට සිය හැඟීම් සමඟ සටන් කරමින් ඈ අසීරුවෙන් දමනය කරමින් යටපත් කළ හැඟුම් සමුදායකි.
එදා සිට ම ඔහු ඇසුරෙහි උණුසුමෙන් ඈ ප්‍රමුදිතව සිටියා ය. එහෙත් කිසි විටකවත් එය දැල්වෙන්නට ඉඩ නොදුන්නා ය. ආවර්ජනාත්මක සොඳුරු වින්දනයකට පමණක් ඔහුගේ ඇසුර සීමා කර ගන්නට ඇය සෑම විට ම යත්න දැරුවා ය. ඒ පිරිමියෙකු සමඟ සහවාස ජීවිතය පිළිබඳ අතීතය විසින් ලබාදී තිබු අමිහිරි අත්දැකීම් හේතුවෙනි. එහෙත් අද ඔහු උණුසුම හමුවෙහි ඈ වෙඬරු පිඩක් ව දියව ගියාය.
අතීත සහවාසයේ දී තමා ජීවිතය යැයි සිතා සිටියේ අර්ධයකට ය. එය ද ශාරීරිකව මෙන්ම මානසිකව අම්හිරි අත්දැකීම්වලින් පිරි පීඩාකාරී එකක් විය. සැබැවින්ම සිය ජීවිතයේ ප්‍රථම වතාවට පරිපූර්ණ ඇසුරක පහස වින්දේ අද ය. එය නැවත නැවත සිත ඉල්ලන තරම් ස්වර්ගාස්වාදයකි.
තම්බි මුදියන්සේ | Thambi Mudiyanse
Original price was: Rs 850.00.Rs 680.00Current price is: Rs 680.00.තම්බි මුදියන්සේ නම් කුප්‍රකට නාමයෙන් හැඳින්වුණු පුද්ගලයෙක් අවුරුදු 200කට ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ ජීවත් වූයේය.
ඉංග්‍රීසීන් මෙරට ආක්‍රමණය කළ අවධියේ ,ඔවුන්ගේ ඔත්තු සේවයට එක්වී සිටි ප්‍රමුඛතම ස්වදේශික ඔත්තු කරුවා වූයේ තම්බි මුදියන්සේ යන කුප්‍රකට නාමයෙන් පසුකාලයකදී හැඳින්වුණු දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධන ය.
ඔහුද පසු කාලයේදී ඔහුගේ මී මුණුපුරා ද ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සමාජ හා සංස්කෘතික ඉතිහාසය වෙනස් කරන්නට දායක වෙමින් ක්‍රියා කළේය.
ඒ ඔහු නීච ඔත්තුකරුවකු ලෙස කටයුතු කරමිනි .
මී මුණුපුරා රටේ නායකයා ලෙස කටයුතු කරමිනි .
ශ්‍රි ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ ආර් ජයවර්ධන යනු ඔහුගේ මී මුණුබුරා ය.
මේ ඔවුන්ගේ කතාවයි.
ඉතිහාසය ප්‍රතිනිර්මාණය වෙයි.
අනාගතයේ පුරෝකතනය කරන්නට නම් ඉතිහාසය නිවැරදිව කියවා වර්තමානයේ සමග සමග ගලපා ගත යුතුය.
මා | Maa
Original price was: Rs 1,300.00.Rs 1,040.00Current price is: Rs 1,040.00.- 2019 සවර්ණ පුස්තක සම්මාන නිර්දේශය
ගිලිහුනු ආදරයක් හඹා යන මහාචාර්යවරියක් හුදෙකලා ජීවිතයක් ගෙවන යුධ හමුදා නිලධාරියෙක්, ආදරය සෙනෙහස සොයා යන නව යොවුන් තරුණයෙක් සහ ජීවිතය විනිවිද දකින තරුණ දොස්තරවරයෙකු එක්තෑන් කල කුතුහලයෙන් පිරි අනුවේදනීය සමාජ විවරණයකි.
බිඳුණු බිලින්දා | Bindunu Bilinda
Original price was: Rs 1,100.00.Rs 880.00Current price is: Rs 880.00. Damaged
by Cathy Glass
ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරණයෙහි යොදා ගන්නා ලද දැරියක පිලිබඳ හද කම්පා කරවන අමිහිරි සත්‍ය කතාව.
#bidunu bilinda
කාල නදී ගලා බසී | Kala Nadee Gala Basi
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00.- 2014 රාජ්‍ය සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
කඳුකරයේ සිට මුහුදුකරයට නිසොල්මනේ ගලා යන කළු ගඟ මෙන්ම එහි ඉහල පහල ගිය පාරුවක නිසල ජීවිතයක් ගෙවූ තණ්ඩලේට එක්වූ සාදිරිස් ද අත්විඳි අවට පරිසරයේ මෙන්ම වැවිලි කර්මාන්තයේ ආගමනය සමග මිනිස් ජීවිතවල සිදුවූ භෞතිකමය වෙනස්වීම් ඇසුරෙන් රචිත යුගයක සමාජ විපර්යාසය, අපූරුවට ගෙත්තම් කළ චිත්තාකර්ෂනීය නවකතාවකි.
යකඩ සිල්පර | Yakada Silpara
Original price was: Rs 900.00.Rs 720.00Current price is: Rs 720.00.- 2018 රාජ්‍ය සාහිත්‍ය සම්මානය විශිෂ්ටතම නවකතාව
- 2018 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශය
- 2017 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශය
දිගින් අඩි 30ක් පමණ වූ හොණ්ඩාර 7 ක් පමණ බර වූ වානේ රේල් පීල්ලක් ඔසවන්නට කම්කරුවන් දාහතර දෙනෙකු අවශ්‍යය. එහෙත්, මට රේල් පීල්ලක එක පසක් තනිව එසවිය හැකිය.එහෙත්, උපරිමයෙන් මිනිත්තු පහකට වඩා එසේ ඔසවාගෙන සිටිය නොහැකිය. අඩි හය හමාරක් පමණ උස කෙසඟ වලසෙකුගේ වැනි පෙනුමක් ඇති මිනිසෙකු රේල් පීලි දෙකක් දෑත් දෙකෙන් පහසුවෙන් ඔසවාගෙන යනු ඊයේ රාත්‍රියේ මම දුටුවෙමි. ඔහු මා ද ඔසවා විසි කළේය. ඔහුගේ ශක්තිය කෙතරම් දැයි මට හරිහැටි තක්සේරු කළ නොහැකි වුවද, ඔහුට අසාමාන්‍ය කාය ශක්තියක් ඇති බව නම් මට වැටහුණේය. ඔහු ඇතෙකු සමඟ පැමිණ ටොන් එකක් පමණ බර යකඩ බාල්ක ඔසවාගෙන යනු මුරකරුවෙකු දැක ඇත. එසේ නම් ඔහුට ටොන් භාගයක බරක් පහසුවෙන් එසවිය හැකි විය යුතුය. මා ඔහුට රිපීටරයෙන් තුන්වරක් වෙඩි තැබුව ද රිපීටරය පත්තු නොවීය.
කාන්තාරයේ කුසුම | Kantharaye Kusuma
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00. Desert Flower
by Waris Dirie, Cathleen Miller
අප්‍රිකානු කාන්තාරයේ හිංසාකාරී ජීවිතයෙන් ගැලවීම සඳහා හිරිමල් වියේ දී ම ඉන් පලා යන විට වාරිස් ඩයිරි ගේ උරුමය වූයේ දිළිඳුකමේ සංකේතයන් වන ඇඟ දැවටුණු සාළු කඩමාල්ල සහ නූගත්කම පමණි. අද ඇය නිව්යෝර්ක් නුවර ජීවත්වන ජගත් විලාසිතා ලොව සුපිරි නිරූපිකාවක් වන අතර, මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිණිස උද්යෝගිමත් කාර්යභාරයක් ඉටු කරමින් ලොව සැරිසරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ තානාපතිවරියක ද වන්නී ය. මානව විශ්වාසය හා ධෛර්යය, ත්‍රාසය හා සන්ත්‍රාසය නොමඳ ව දනවන, තම සත්‍ය ජීවිත කතාව නිර්ව්‍යාජ ව, සිත් බඳන හා අනුප්‍රාණය දනවන අයුරකින් ඉදිරිපත් කරන වාරිස් ඩයිරි ගේ “කාන්තාරයේ කුසුම” සිංහල පාඨකයන්ට නවම් අත්දැකීමක් වනු නිසැක ය.
කාන්තාරයේ දරුවෝ | Kantharaye Daruwo
Original price was: Rs 700.00.Rs 560.00Current price is: Rs 560.00. Desert Children
by Waris Dirie
“කාන්තාරයේ දරුවෝ” කතුවරිය වන වාරිස් ඩයරි සිය මිතුරිය වන මාධ්‍යවේදිනී කොරින්නා සමග එක්ව ස්ත්‍රී චර්මඡේදනයට විරුද්ධව යුරෝපය තුළ ඇය ගෙන යන අරගලය මෙම කෘතියට විෂය වී ඇත.
අප්‍රිකානු කාන්තාවෝ ඔවුන්ගේ චාරිත්‍රයකට අනුව ස්ත්‍රී චර්මඡේදනය නමැති ව්‍යසනයට ගොදුරැ වෙති. යුරෝපීය කාන්තාවෝ සිය ලිංගේන්ද්‍රිය අලංකාර කරගැනීම සදහ චර්මචේදනය කරවා ගනිති. අප්‍රිකානුවන් පසුගාමී ම්ලේච්ඡ කොටසක් වශයෙන් සලකන මේ ශිෂ්ට සම්පන්න යැයි කියාගන්නා යුරෝපීය කාන්තාවෝ බුරුතු පිටින් කෘතිම රූපලාවන්‍ය සායනයන් වෙත ගොස් නීත්‍යානුකූලව චර්මඡේදනය කරවා ගනිති. යුරෝපීය කාන්තාවන් අතර සිදුවන ස්ත්‍රී ලිංගේන්ද්‍රයේ පෙනුම සම්බන්ධව , චර්ම ඡේදනය ගැන කතාකරන බොහෝ අවස්ථාවල බොහොමයක් දෙනා කියා සිටින්නේ අප්‍රිකාවේ චර්මඡේදනය සිදුවන්නේ පුරුෂ පක්ෂයේ අවශ්‍යතාවයක් මත බවයි. එසේ නම් යුරෝපයේ තත්ත්වය කෙසේ ද ? යුරෝපය තුළ ද පුරුෂ පක්ෂය තුළ ඇති සෞන්දර්යය සංකල්පයට අනුව ස්ත්‍රිය ක්‍රියාකරන බැව් පැහැදිලිව පෙනෙන්නට තිබේ. එසේ නැතිනම් ස්ත්‍රී ලිංගේන්ද්‍රිය අලංකාර කරගනු වස් මෙවැනි කෘත්‍රිම රූපලාවන්‍ය සදහා වෛද්‍ය සායන පවතින්නේ කෙසේද ?
ෂල්මන් රෂ්ඩි නමැති ශ්‍රේෂ්ඨ ගත්කරුවා මෙසේ පවසා ඇත. “ඔබ පින්තූරයෙන් පිටතට පැමිණෙන තුරු ඔබට සම්පූර්ණ පින්තූරය දැකගැනීමට නොහැකිවනු ඇත”.
පින්තූරයෙන් පිටතට පැමිණෙන්නට දැන් කාලය එළඹ ඇත.
අදිසි නදිය | Adisi Nadiya
Original price was: Rs 1,100.00.Rs 880.00Current price is: Rs 880.00.- 2019 සවර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව
කපිල කුමාර කාලිංග විසින් මෙයට පෙර රචිත “පියැසි කවුළුව’, ‘කන්ද වීදිය’ හා ‘සැප්තැම්බරයේ දිග දවසක්’ නවකතා පාඨක විචාරක ප්‍රසාදය දිනා ගැනීමට සමත් විය. මෙවර ඔහු ‘අදිසි නදිය’ තුළින් සිංහල නවකතාවට නුහුරු විෂය භූමියකට පාඨකයා කැඳවා ගෙන යයි. මායාරූපී ප්‍රබන්ධය, අධිතාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය,දේශපාලන සහ විද්‍යා ප්‍රබන්ධ යනාදී සාහිත්‍ය ශානර ඔස්සේ ගලා බස්නා ‘අදිසි නදිය’ කුතුහලාත්මක බවින් පිරි සුපාඨනීය කියැවීමක් බවට පත්වෙයි.එසේම මානවවාදී ධීරවීර පුද්ගලයින් හා දූරදර්ශි අධිපතිවාදී පාලකයින් අතරේ පවත්නා නිරන්තර අරගලය ද ‘අදිසි නදිය’ දෑලේ නිරූපනය වෙයි.
චක්‍රවර්ති | Chakrawarthi
Original price was: Rs 1,400.00.Rs 1,120.00Current price is: Rs 1,120.00.- 2022 සවර්ණ පුස්තක සම්මාන නිර්දේශය
සුරස මුද්‍රාව යටතේ සූරියකුසුම, සඛී භාර්යා සහ මා යන පාඨක සම්මානයෙන් පිදුම් ලත් නවකතා නිර්මාණය කළ ප්‍රවීණ ලේඛක චූලාභය ශාන්ත කුමාර හේරත්ගේ නවතම නවකතාවයි චක්‍රවර්ති.
හෙළ රාජ්‍යක්වය දිනාගැනීමටත්, පවත්වාගැනීමටත් ඉවහල්වන රාජකීය රහසක් වසර දෙසීයකටත් අධික කාලයක් පැවැති පරම්පරා ගණනාවක් පුරා රැකගත් කුල කාන්තාවක පිළිබඳ කුතුහලය හා වීරත්වය පිරි අනුවේදනීය කතාවයි චක්‍රවර්ති. වංශකතා, සෙල්ලිපි, පුස්කොළපොත්, සන්නස්, ජනශ්‍රැති, ජනප්‍රවාද ඔස්සේ අතිශය චමත්කාරජනක ලෙස ගොඩනැගෙන මෙම රහස් කතාව පාඨකයා තුළ කුතුහලයත්, විමතියත්, සන්ත්‍රාසයත් ජනිත කරමින් ඔහුව ඉතිහාසයේ සොඳුරුතම මෙන්ම අඳුරුතම ඉසව්වන් කරා රැගෙන යන අතිරමණිය වෘත්තාන්තයකි.
විසල් වපසරියක් පුරා විහිදි යන ඵෙතිහාසික සිදුවීම් මාලාවකට සම්බන්ධ ”චක්‍රවර්ති” පාඨකයාට නවමු වින්දනයක් ලබාදෙන අතිශය තෘප්තිමත් අත්දැකීමක් වනු නිසැකය.
සුර අසුර යාමය | Sura Asura Yamaya
Original price was: Rs 1,400.00.Rs 1,120.00Current price is: Rs 1,120.00.‘සුර ඇසුර යාමය’ පුරා නින්නාද වන්නේ අතුරු අන්තර දුක් විපත් හමුවේ අපව ආදරයෙන් රැක බලා ගන්න ආදරයේ ආත්මීය බැඳීම් හා එකී බන්ධනයන්ට එරෙහිවන්නවුන්ගේ සදාකාලික ගැටුමේ අවි එසවෙන හඬයි.
හැටේ දශකයෙ අග භාගයේ සිට දශක හතරකට ආසන්න කාල වකවානුවක් තුල අප සමාජ ස්ථරයන් දැඩිසේ කම්පනයටද, තිගස්මටද, ලක්කළ මානව ඛේදවාචකය මෙම කෘතියෙන් විස්තර කෙරේ.
සඛී භාර්යා | Saki Barya
Original price was: Rs 1,600.00.Rs 1,280.00Current price is: Rs 1,280.00.සිය බිරිඳගේ අකල් වියෝව හේතුවෙන් තනිවුණු මැදිථවියෙහි පසුවන දෙදරු පියෙක් සහ තරුණ වියේදීම අසාර්ථක විවාහයකින් දික්කසාද වුණු මැදිවියේ කාන්තාවක් අතර ඇතිවන සංවේදී ප්‍රේම සම්බන්ධයක් කේන්ද්‍ර කර ගනිමින් ‘සඛී භාර්යා’ කතාව ගොඩනැගී ඇත. මධ්‍යම පාන්තික ජීවිත විවරණය කෙරෙන මෙහි පුද්ගලයෙකුගේ දෙවෙනි විවාහය, ඔහුටත්, ඔහුගේ දරුවනටත්, ඔහු ඇසුරු කරන සමාජයටත් බලපාන ආකාරය අපූරුවට නිරූපනය කෙරේ.
එදා පායා තිබුණේ අඩ සඳකි,ඒ අඩ සඳ දුම්බර කඳු අතරින් එබී බැලුවේ ලැජ්ජාවෙන් මෙන් ය,කෝල බව සහ ආගන්තුක බව හමන සීතල සුළඟ පවා තැවරී තිබිණි.ලා සඳ එළිය අඳුරෙහි සැඟවී ඇති සොඳුරු තැන් විවර කරන විට ඒ තැන් වසා දමන්නට සඳට යටින් පාව ගිය වළාකුළු අසාර්ථක උත්සාහයක යෙදෙමින් සිටියේය..සිතුවිලි වලට පියාපත් ලැබී තිබුණ අතර වචන දෙතොළග මිදී තිබුණි.සීතල ඇඟිලිතුඩු රිද්මයකට අනුව මිටියාවත් කඳු වැටි වන ලැහැබ් අතරින් සෙමෙන් සෙමෙන් ඇවිද ගියේ උණුසුම් තැන් සොයමින් ය.සුවඳ තැවරුණු උණුසුම් සුසුම් අතරින් නැගුණු සිහින් කෙඳිරිය මිහිරි ගීයක්ව කඳු අතරින් පාව සැඟව ගියේ කිසිවකුටවත් නෑසෙන ලෙසිනි.රාත්‍රිය ගෙවී යද්දී ඔහුගේ පළල් උරතලයේ වැතිර සිරවී විඩා නිවමින් තිබුණේ මහා ළෙන්ගතු කමකි.පසුදා හිරු පායන විට ඒ ලෙන්ගතු කම සිය ජීවිතයේ සියලු අහුමුළු කරා විහිද ගිය මහා ප්‍රේමණීය සෙනෙහසක් බවට පත්ව තිබිණි .
පඬුරු බඳින ගස් | Panduru Bandina Gas
Original price was: Rs 1,400.00.Rs 1,120.00Current price is: Rs 1,120.00.- 2023 සවර්ණ පුස්තක සම්මාන නිර්දේශය
ලෝකයක් දිනන්න පිරිමියෙකුට ඕනැ කරන්නෙ එකම එක දෙයයි. ඒ ජීවිතේ හති වැටුන වෙලාවක උණුහුමට ඔලූව තියාගන්න පුලූවන් ආදරණිය ගැහැනියකගේ උකුළක්.
ඒ වගේම තමයි… ගෑනියෙකුට ලෝකයක් හිමි කරගන්නට ඕනැ කරන්නේ තමුන්ට රැකවරණයක්, ආදරයක්, ගෞරවයක් දැනෙන පිරිමියෙක්ගේ උරහිසක වාරුවක්.
එහෙම දෙන්නෙක් අහම්බෙන් හරි මුණගැහුණහම ඇතිවෙන ගින්දර නිවන්න මේ ලෝකෙ කාටවත් බැහැ. ජාති, ආගම්, කුලමල, වයස විතරක් නෙමෙයි උන්ට උන් හිටි තැනුත් අමතක වෙනව. මුළු ලෝකෙම ඉන්නේ තමුන් විතරයි කියල උන් දෙන්නා හිතන්න පටන් ගන්නව. එතැන ඉඳල මුළු ලෝකෙම අයිති උන්ට…!
එහෙම දෙන්නෙක් මුහුදු හතක් පීනලා, කඳු හතක් උඩින් පැනලා, අන්තිමට ආයිත් තමුන්ගෙ අක්මුල් හොයාගෙන ආපහු එනකොට උන්ට අභියෝග කරපු හු`ගක් අයට සිද්ධ වෙන්නෙ හැංගෙන්න.
නමට විතරක් දියමන්තියක් වුණ, කුසෙන් වදපු දරුවන් පවා පයට පෑගෙන දුහුවිල්ලක් තරම්වත් නොතැකූ අසරණ අහිංසක ගැහැනියක් අන්තිම මොහොතෙ තමුන්ගේ ජීවිතය රන් කර`ඩුවක් වගේ සලකා එයට නිසි වටිනාකමක්, උණුසුමක් දෙන උරහිසක් සොයා යන්න හිතන එක වරදක්ද..? එහෙම සිතුවිල්ලක් හිතේ මෝදු වුණාට පස්සෙ ගෑනියෙකුට අතාරින්න බැරි දෙයක් තියෙනවද…? හැමෝගෙන්ම බැටකාපු, නින්දා අපහාස විඳපු, හෑල්ලූවට සූරාකෑමට ලක්වුණ ගැහැනියකට එහෙම ගිහින් තමුන්ගේ ජීවිතය වෙනස් කරගන්න අයිතියක් නැද්ද…..? එහෙමත් නැත්නම් ලැබූ අනේක ගැරහුම් ගෞරවයක්, ආදරයක්, භක්තියක් බවට පෙරළා ගන්න බැරිද..?
වනාන්තරේ ගස් ඕනැ තරම් තියෙනව. හැබැයි මිනිස්සු ප`ඩුරක් බැඳලා දෙවි පිහිට යදින්නේ එහෙමත්ම ගහකට. තමුන්ගේ ඉරණමට බැඳුන සැබෑ දෙවියන් සිටින ගසකට ප`ඩුරක් ගැටගහන්නත් ගැහැනියකට තිරසාර බලපොරොත්තුවක් තියෙන්නෝනෑ. බලාපොරොත්තුව වෙනුවෙන් අනිත් සියල්ලම අතෑරපු එවුන් තමයි අන්තිමට දිනන්නෙ. මේ එලෙස සියල්ල හැර පියා බලාපොරොත්තුව ලූහුබැඳ ගිය එවුන්ගේ කතාවයි.
සූරිය කුසුම | Sooriya Kusuma
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00.අනාථ නිවාසයක ජීවත්වන යුවතියක් තරුණ ජන මාධ්‍යකරුවකු සමග එක්ව සිය මවුපියන් සොයා යන ගවේශනාත්මක චාරිකාවක් ‘සූරිය කුසුමට’ පසුබිම් වී ඇත. තොරතුරු සොයමින් ඒවා පසුපස ලුහුබඳිමින් යන කුතුහලයෙන් පිරුණු මේ ගමනේදී කාලයේ වැලි තලාවේ සැගවුණු අභිරහස් සිදුවීම් රැසක් මතුකර ගැනීමට ඔවුන්ට හැකිවේ. කුතුහලය, ත්‍රාසය සහ ප්‍රේමය තේමා කරගත් මේ කෘතිය ඔස්සේ එහි කතුවරයා පවතින් වත්මන් සමාජය සහ දේශපාලනය පිළිබඳවද සියුම් විග්‍රහයක යෙදේ .
#suriya kusuma
දෙයියෝ තමයි දන්නෙ | Deiyo Thamai Danne
Original price was: Rs 1,500.00.Rs 1,200.00Current price is: Rs 1,200.00. 400 Days
by Chetan Bhagat
සියා අරෝරා…
අවුරුදු දොළහෙ පොඩි කෙල්ල…
අම්මයි, තාත්තයි, නංගියි එක්ක
සීයලගෙ මහ ගෙදරට යනව.
නෑදෑ දරුවො එක්ක
සෙල්ලම් කර කර ඉඳල
රෑට නිදාගන්න යනව.
පහුවදා උදේ සියා නෑ !
අතුරුදහන් !!
සියාට මොකද වුණේ ?
කැමැත්තෙන් යන්න ගියාද ?
හීනෙන් ඇවිදල කොහේ හරි ගියාද ?
කා එක්ක හරි පැනලා ගියාද ?
කවුරු හරි පැහැරගෙන ගියාද ?
විහිළුවට හැංගුණාද?
දෙයියො තමයි දන්නෙ !
මරණයේ දොරටුව | Maranaye Doratuwa
Original price was: Rs 1,300.00.Rs 1,040.00Current price is: Rs 1,040.00. Auschwitz
by Dr. Miklos Nyszli
වියරු වැටුණු නාසි රාජ්‍ය එහි අවසාන දර්ශනය ලොක වේදිකාව මත රඟ දක්වමින් සිටියහ.මුළු ලෝකයටම ගිනි තබන ලද ඔවුහු අද ඔවුන්ගේම ගිනිමැලයකට වැටී දැවී යමින් සිටින්නෝය.දශකයක් තිස්සේ මුළු ලෝකය පුරා රැව් දෙන ලද “Deautshland,Deautshland uber allaes” “ලෝකයේ උතුම්ම ම ජාතිය ජර්මනියයි” යන අඥාපතියාගේ වියරු හඬත් සමඟ ඔහුගේ අද පොළොව යට ඇති බංකරයකට වී ගැහෙමින් සිටින්නේය. අහංකාරෝන්මාදයෙන් ආඩම්බරයෙන් වැජඹුණ නාසි රාජ්‍යයට විරුද්ධව, මුළු ලෝකයම එකතු වී, නිදහස සඳහා කරන ලද විරෝදාර සටනින් සහතික වශයෙන්ම නාසි රාජ්‍යයේ බළ බිඳ දමා ඇත.
යුද්ධයේ අතුරු කතාවක් | Yuddaye Athuru Kathawak
Original price was: Rs 1,200.00.Rs 960.00Current price is: Rs 960.00. The Nazi Officer’s Wife
by Edith Hahn Beer
එඩිත්හාන් නමැති යුදෙව් ජාතික දිරිය කතගේ ආත්ම භාෂණය රැගත් ‘The Nazi Officer’s Wife’ විෂම සමාජයක උපත ලැබ අනේකවිධ දුක් දොම්නස්වලට මුහුණ දී අවසානයේ විමුක්තිය ලබන අයුරු විවරණය කෙරේ.
දෛවයේ කිසියම් කාරුණික බලවේගයක් සහ මනුෂ්‍යත්වය හඳුනන උතුම් මිනිසුන් කිහිපදෙනෙකුගේ මැදිහත් වීම මත මගෙත් ඇන්ජලා ගේ ජීවිතය බේරුණි.
මේ ලෝකයේ අන්කිසිම අයෙකුට වඩා මගේ සත්‍ය ජීවිත කතාව දැන ගන්නට උවමනා වී තිබුණේ මගේ දියණිය වූ ඇන්ජලා ට ය.ඇගේ බලකිරීම නොවන්නට මේ කතාව කිසිවෙකුට දැන ගන්නට නොලැබෙනු ඇත.