Novels - නවකතා
Forget Me Not | ෆොගෙට් මී නොට්
Original price was: Rs 1,200.00.Rs 1,080.00Current price is: Rs 1,080.00.මල් කිණිත්තක පුරාවෘත්තය
බිඳුණු මිනිස්සුන්ට ආදරය කරන එක කොහෙත්ම ලේසි නෑ යුමී සං කැබලි වෙච්චි ඔවුන්ව තදින් වැළඳගත යුතු වෙනවා මුදු නමුත් ස්ථීර ප්‍රේමයකින්. ඒත් ඒ තියුණු දාර සහිත බිඳුණු කැබලි, වැළදගන්නා ආදරණීයයාව රිදවනවා. ඔහුවත් කපා දමනවා. මට හොඳටම විශ්වාසයි, ආදරය කියන්නේ කැපකිරීමක්” වග කියන්නට ඇත්තේ, මේ ලෝකයේ මුල් වතාවට බිඳුණු ගැහැණියකට ආදරය කරපු කරුණාවන්ත ඇහිපිය ඇති පිරිමියෙක්. කැබලි වුණු පිරිමියෙකුට ප්‍රේම කළ විශාල හදවතක් ඇති ගහැණියක්.
****
ඔල්යා, විශ්වය කෙළවර තිබෙන්නේ වසන්තයේදී මල්බර වෙන චෙරි ගස් කීපයක් සහ සරත් කාලයේදී කොළ හැලෙන මේපල් තුරු කීපයක් බවයි මගේ විශ්වාසය. එහෙම විශ්වාසයකින් කාටවත් හානි වෙන්නේ නෑ කුමන ඍතුවකදී වුණත් එතැන ඉතාම අලංකාර ඇති. මම ඔයාට එවන කොණ්ඩා කූර අයිති සචිකො සංට ඒ අගිස්සේ – ප්ලාස්ටික් පබලු කීපයක් උණු කිරීමෙන් – චෙරි මල් කිණිත්තක් දැවටුවේ මං. ඒවා නෙලාගත්තේ විශ්වය කෙළවර ඇති ගසකින්. රතු මේපල් කොළ ඔයාට ඊළඟ සරත් කාලයේදී ලැබේවි!
මොනර කුටුම්බය – නවකතාව | Monara Kutubaya
Original price was: Rs 1,100.00.Rs 990.00Current price is: Rs 990.00.එදින රැයේ නිදි යහනට ගොඩ වැදුණ සද්ධා තමන්ගේ බඳ පෙදෙසට අතක් දමා තමන්ට තුරුළු වන්නට දැරූ උත්සාහය සිතුවම්පටක් සේ මහේෂිගේ මනසේ මැවෙන්නට වූයේය. සද්ධාගේ අත සෙමින් ඉවතට දමා දැන් නිදාගන්න…” යැයි කියමින් තමන් ද සයනයේ අනෙක් පසට හැරුණ අයුරු මහේෂිට මතකය. එතැන් සිට සද්ධා ටිකෙන් ටික හුදෙකලා වන්නට උත්සාහ කළ අයුරු මහේෂිට දැන්..දැන් නිරවුල්ව සිහිපත් වන්නට විය.
පාදඩ ගැහැනිය පිනිදි හැඳ සිටි ගවුමේ ඉදිරි පලු දෙක දෙපසට ඇද ඉරා දැම්මේ සිය ගොදුරේ ළය දෙපළු කරන තරම් සැහැසි අයුරිනි. කොරිඩෝවේ මළානික ආලෝකයෙන් ගැහැනියට, පිනිදිගේ පිරිපුන් ළමැද පෙනේ. බිඳකුදු සලිත නොවන ඇගේ කෑදර, කාමුක දෙනෙත් එකපැහැර යොමු වී තිබුණේ පිනිදීගේ තුණුසපුව දෙසට ය.
තමන් ගිරයට අසු වූ පුවක් ගෙඩියක් මෙන් ගෙල මුලින්ම සිර වී ටිකෙන් ටික කැපී වෙන් වී යන්නට පටන් ගෙන ඇතැයි සද්ධාට හැගේ. ඒත් සමග සිය ආදරණීය බිරිඳ මහේෂිගේ හා පණ වැනි ආදරණීය දියණි දිල්මිගේ රූප සද්ධාගේ මනසේ එකපිට එක මැවෙන්නට පටන් ගත්තේය. ඔහුගේ දෑසට කඳුළු බිඳු පිරෙන්නට වූයේ එසැණින්ය.
“තමුන්ගේ නම මොකක්ද..?” ඉස්පැක්ටර්වරයාගේ ගොරෝසු හඬින් සද්ධා යළි මොලොවට විසි වී ආවේය.
”මේක විශාල මානුෂීය ප්‍රශ්නයක්. අපේ රටේ හුගක් පවුල් ඇතුළේ හුඟාක් ප්‍රශ්න පටන් ගන්නේ මෙන්න මෙතැනින්. මොකද මේ සම්බන්ධයෙන් ගැහැනු, පිරිමි දෙගොල්ලන්ටම හරි අවබෝධයක් නැතිකම හින්දා. ඒ හින්දා මිනීමරා ගන්නවා. හිරේ විලංගුවේ වැටෙනවා. දික්කසාද වෙනවා. දරුවෝ අනාථ වෙනවා. ඒ නිසා මේ වගේ ප්‍රශ්න දිහා අපි බලන්ඩ ඕනේ බොහෝම උපේක්ෂාවෙන්..”