Madol Doova (English)

Original price was: Rs 425.00.Current price is: Rs 380.00.

මඩොල් දූව
Translated by Ashley Halpe

Martin Wickramasinghe’s novel Madol Doova has been read, re-read and loved by generations of Sri Lankans in its original Sinhala as well as in Tamil and English translations. During the half a century since it was first published in 1947, over a million copies have been printed. It has been translated into Chinese, Russian, Dutch, Rumanian, Czech Bulgarian and Japanese Ianguages and published in these respective countries.

‘The courage and determination that give Upali and Jinna heroic stature in the eyes of the reader, is a product of their unyielding physical and mental strength. Their intelligence confronts and overcomes the handicap of a deficient education. Upali is a hero who overflows with an extraordinary human vitality.
– Professor I. Scavetch, Bruno University –

#madol duwa

අපේ ගම | Ape Gama

Original price was: Rs 450.00.Current price is: Rs 405.00.

දකුණු පළාතේ ගමක වාසය කළ දරුවෙකුගේ සිතුම් පැතුම් වස්තු කොට ගත් අපේ ගම පරිසරය චරිත හා අත්දැකීම් විසින් ලංකාවේ කවරම ප්‍රදේශයක හෝ වෙසෙන ගැමි දරුවෙකුගේ අත්දැකීම් වලට සමාන වෙයි. ගස් කොළන් ඇල දොල ගංගා හා ගැමියන් ද සහිත ගමෙහි ජීව ලක්ෂණ දරුවෙකුගේ දෘෂ්ටියෙන් නිරීක්ෂණය කොට තිබීම අපේ ගම හි සජීව ගුණයට හේතු වී තිබේ.

1940 වසරේදි පළමු වරට මුද්‍රණය වූ අපේ ගම සිංහල පාඨක ජනතාව අතර – විශේෂයෙන් ළමා පාඨකයින් අතර බෙහෙවින් ප්‍රචලිත වු කතා සංග්‍රහයකි.

මේ වන විට පිටපත් ලක්ෂ ගණනක් දරුවන් අතට පත්ව තිබීමෙන් අපේ ගම පොත අත්පත් කොට ගෙන ඇති ජනප්‍රියතාව වටහා ගත හැකිය.

කලියුගය | Kaliyugaya

Original price was: Rs 900.00.Current price is: Rs 810.00.

ග්‍රාමීය ජීවිතයත් ඉංගිරිසි අනුකාරක වෙස් ගත් නාගරික ජීවිතයත් සැබෑ ඉංගිරිසි වත පිළිබිඹු කරන එංගලන්ත ජීවිතයත් යන මේ තුනෙහි ගැටෙන සිංහල පවුලක අධාත්මික තතු මෙන්ම බාහිර තතු ද පිරිසිඳ දකින නවකතාවකි. කලියුගය අනුලා, පියල්, නන්දා, ඇලන් යන චරිතයන් මගීන් සිදුවන යට කී සමාජ සමාජ ස්ථර තුනේ ගැටුම පිළිබඳ පරිණාමය කලියුගය නවකතාවෙහි තියුණු ලෙස නිර්මාණය වී තිබේ.

ගම්පෙරළිය | Gamperaliya

Original price was: Rs 900.00.Current price is: Rs 810.00.

ගම්පෙරළිය විවිධ මට්ටම් වලින් රස විඳිය හැකි සංකේත භාවිතය නිසා සංකීර්ණ කලාත්මක ලක්‍ෂණ මතු ගැබ්වුණු උසස් ගද්‍ය කාව්‍යයක තත්වයට පත්වේ. කලාත්මක අයුරින් සංවිධානිත්මක ලෙස සංකේත භාවිතය නවකතාවට හඳුන්වා දීමට වික්‍රමසිංහ සිංහලයෙන් ගත් පළමු උත්සාහය බොහෝදුරට සාර්ථක විය. මෙම උත්සාහය නිසා ගම්පෙරළිය උසස් කලා කෘතියක් බවට බවට පත්වූවා පමණක් නොව,
සිංහල නවකතාව එතෙක් පැවති අසංස්කෘතික මට්ටමෙන් ඉවත්ව වඩා ඉහළ මට්ටමකට පත්වූයේය. ගම්පෙරළිය තේමාව අතින් පමණක් නොව නවකතා ශිල්පය අතින් ද සිංහල නවකතාවේ වැදගත් සන්ධිස්ථානයක් ලකුණු කරන බව කිව හැකි වන්නේ මේ නිසාය.
– මහාචාර්ය සරත්චන්ද්‍ර වික්‍රමසූරිය –

මඩොල් දූව | Madol Doova

Original price was: Rs 475.00.Current price is: Rs 425.00.

“මඩොල් දූව නවකතාවේ වීරයන්, නිර්භය අධිෂ්ඨානය ඇත්තන් කරනු ලබන්නේ ශ්‍රම ශක්තිය විසිනි. ඔවුන්ගේ වැටහෙන නුවණ නූගත්කම මැඩ ජයග්‍රහණය කරයි. මේ සියලු ගති ගුණාංග උපාලිගේ චරිතයෙන් විකාශනය වෙයි. උපාලි අපූර්ව වීරයෙකි. උතුරා යන තරම් ජීවය ඇත්තෙකි ඔහු.”
-ආචාර්ය අයි. ස්කාවෙජ්-

අඩ සියවසකට අධික කාලයක් මේ රටේ පාඨක ජනතාවගේ ආදරය දිනාගත් මඩොල් දූව නවකතාවේ මෙම මුද්‍රණය අලුත් සැකැස්මකින් හා නව සිත්තම්වලින් සැරසී තිබේ.ශ්‍රි ලංකාවේ පමණක් පිටපත් දශ ලක්ෂයකට වැඩියෙන් අලෙවි වී ඇති මඩොල් දූව,මෙරට සිංහල හා දෙමළ දරුවන් වැඩිපුරම කියවන පොත ලෙස සැලකේ.රුසියන්,රුමේනියන්, චීන, බල්ගේරියන්, ඉංග්‍රීසි, ලන්දේසි, ජපන් ආදී භාෂා ගණනකට පරිවර්ථනය වී ඇති මඩොල් දූව, එම රටවල ද බෙහෙවින් ජනප්‍රිය නවකතාවකි.

කරුවල ගෙදර | Karuwala Gedara

Original price was: Rs 700.00.Current price is: Rs 630.00.

“අම්මා දැන් වයසට ගිහිල්ල. වයසක මිනිස්සු ඔහොම තමයි. ඒගොල්ලන්නෙ අදහස් වෙනස් කරන්න බැහැ” යි නිමල් තම මවට දොස් නැඟු, විමලාට කීවේය. “හැමදාම මෙයා කියන්නේ අම්මගෙ වයස ගැන” යි විමලා තරහයෙන් කීවාය. “අම්මා තාම හිතන්නේ එයා ඉලන්දාරි ගෑණියෙක් කියා. අම්මගෙ ඔළුවෙ ඉදුණු කෙස් ගහක්වත් නෑ. අම්ම ඕව කරන්නේ ආඩම්බරකමට. තාත්තාට නම් වයස වැඩියි. නමුත් තාත්ත අම්ම වගෙ නෙවි.” “ගෑනු උදවිය පිරිමි වගෙ නෙවි. විමලාගෙ අම්මා වස කාලා මැරුණු එක අම්මට මතක නැති කරන්න බැරුව ඇති.” “වස නොකෑවට මෙයාගෙ අම්මගෙ විත්ති මම අහල තියෙනව” යි විමලා කෝපයෙන් කීවාය. “කට වහගනින්” යි නිමල් දැඩි ස්වරයෙන් තෙපලේය. “අපි කසාද බැඳලා අවුරුද්දක් වෙනව. තාම මෙයා අම්මලයි ගෙදරට මාසෙකට සැරයක් හාල් ගෝනියෙකුයි මාසෙකට ඇති වෙන්න සිල්ලර බඩුයි යවනව. මම ගෙදර වැඩ කරන්කෙ අරපිරිමහගෙන. මම අක්කට මොකුත් ඇරියම මෙයා ඒකට වැඩිය කැමති නෑ”.

කරුවල ගෙදර දක්වන චරිත හා බලවේග අතුරින් මා සිතට වඩාත් ගොදුරු වුයේ රතුහාමිගේ චරිතයත් කොග්ගල පිළිබඳ සියුම් විස්තරයත්ය. පැරණි කොග්ගල පිළිබඳ කතුවරයාගේ අත්දැකීම් ඔහු තුල අමරණියව පවතින බව මෙහි එය නිරූපනය කොට ඇති ආකාරයෙන් පෙනේ.කරුවල ගෙදර නිර්මාණය කිරිමේදි … බොහෝ සිංහල නවකතාවල දක්නට නොලැබෙන සංයත කලාත්මක භාවයන් කර්තෘ ප්‍රකාශ කරයි.එය කියවීමෙන් එක්තරා ප්‍රමාණයකින් අපේ අත්දැකීම් අර්ථාන්විත බවට පමුණුවයි.”රතුහාමිගෙ” චරිතය මතක් ප්‍රතිභාවෙන් ද අනුකම්පාවෙන් ද යුතුව නිර්මාණය කොට ඇත.

#karuvala gedara

අයිරාංගිනි | Airangini

Original price was: Rs 400.00.Current price is: Rs 360.00.

මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියූ තුන්වැනි නවකතාව වන අයිරාංගිනි 1923 දී පළවිය. සමාකාලීන නවකථාවල පිළිබිඹු වු ඒකාකාර දෘෂ්ටියෙන් තරමක් මිදී ඇති මේ නවකතාව ඛේදවාචකයකින් අවසන් වෙයි. 20 වැනි සියවසේ මුල් භාගයේ ශ්‍රි ලාංකික සමාජ සිරිත් විරිත් හා මනුෂ්‍ය ස්වාභාවයන්හි පිළිබිඹුවක් මේ නවකථාව තුළ දැක්ක හැකිය.

බව තරණය | Bawa Tharanaya

Original price was: Rs 700.00.Current price is: Rs 630.00.

සිදුහත් සිරතත් බුදු සිරිතත් මෙතරම් තාත්වික අන්දමින් මොනම භාෂාවකින්වත් ලියා ඇතැයි නොසිතමි.සිංහල පාලි සංස්කෘත ඉංගිරිසී භාෂාවලින් ලියු බුද්ධ චරිත හැම එකක්ම වාගේම මම කියවා ඇත්තෙමි.මේ තාක් කිසිම කෙනෙකු කල්පනා නොකළ ආකාරයට සිදුහත් සිරිත මෙහි පිළිබිඹුවන අයුරු ලියා තිබීම ආශ්චර්යජනක ය.බුද්ධ ධර්මයෙහි ගැඹුරු තැන් දැන ගැනීමට මෙම පොතෙන් ලැබෙන පිටිවහල අපමණය. මෙය වෙනත් භාෂාවන්නටද පරිවර්තනය කොට ලොව පුරා ප්‍රචාරය කිරිමට අතිශයින්ම සුදුසු ය.බුදු සමයේ හරයත් එකල දඹදිව පැවති ආගම්වල තත්වයත් ජන සමාජයේ තොරතුරුත් බුදු රදුන්ගේ ඇති කළ සමාජ පෙරළියත් එක්වර මේ පොත කියවන්නකුට උගත හැකි ය.
– පණ්ඩිත ශාස්ත්‍රපති අකුරැටියේ අමරවංශ නායක මාහිමි –

Destiny

Original price was: Rs 425.00.Current price is: Rs 380.00.

යුගාන්තය – Yuganthaya
Translated by Ranga Wickramasinghe & Dinesha Wikramasinghe

Destiny is the third novel of Martin Wickramasinghe’s Uprooted trilogy: Gamperaliya, Kaliyugaya and Yuganthaya.

The narrative of the trilogy links three generations descended from the Kaisaruwattes, a family of the gentry of a Southern coastal village. Gamperaliya (The Village) is the story of the First and Second generations in a Changing village culture of the latter half the nineteenth century’ Kaliyugaya (The Age of Kali) deals with the urbanized, anglophile second and third generations, living in Colombo from the early part of the twentieth century, whilst still sustaining links with the village.

Yuganthaya (Destiny) is the story of the fourth generation. This generation, completely anglophile and oblivious of their village origins, is the destiny of the evolutionary and revolutionary changes in people and society depicted by Martin Wickramasinghe in the trilogy. Inevitably, the destiny of the new generations of the educated rural professional class of the mid twentieth century becomes linked to that of this fourth generations. Tissa is the only second generation kaisaruwatte surviving in Destiny. He has preserved some of his simple humane village values by cultivating a hard protective cynical and sceptical intellectual shell, and a life style bordering on asceticism.

The central characters of Destiny are Saviman Kabalana, the unrelenting capitalist, his son Malin, the socialist trade – union leader educated in England rebelling against his father and his business empire, Malin’s sophisticated Young sister Chamari, also a rebel against the snobbish elitism of her own anglophile class, and Aravinda, the bright village lad who has become a gifted surgeon, and seeks to become one of the urban social elite of Colombo.

ලීලා | Leela

Original price was: Rs 400.00.Current price is: Rs 360.00.

”මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් මා වෙත එවන ලද ලීලා නම් අභිනව ප්‍රබන්ධ කථාවෙන් කොපියක් ඇබී ස්තූති සහිතව භාරගෙන කියවා බැලිමි. මට නොඑක් විට ලැබෙන පොත්පත් සම්බන්ධ ගුණ දෝෂ පරික්ෂණයට නොවෙහෙසෙන නමුත් මේ පොත ගැන විශේෂ වශයෙන් යමක් ලිවීමට අදහස් විය.මක්නිසාද යත් මාර්ටින් වික්‍රමසිංහ මහතා යම් යම් දේ සොයා පරික්ෂා කොට බලා ඇත්ත නැත්ත තෝරා බේරා ගැනීමට ආසා ඇත්තෙකැයි පෙනෙන හෙයිනි.”
– යගිරල පඤ්ඤානන්ද නාහිමි –
සරසවි සඳරැසල 1919 පුනි 19

”ලීලා නවකතාව පසුබිම් වී ඇත්තේ විචාරයෙන් තොරව බටහිර පමණක් නොව පෙරදිග ද පාරම්පරික අදහස් හා සිරිත් විරිත් අනුකරණය කිරීමයි.නවකතාවේ අදහස් ප්‍රකාශනයට හසු වී ඇති සමාජ වාතාවරණයත් ඒ පිළිබඳව කෙරෙන විවේචනයත් අදට ද වලංගු වේ.ලීලා කොතෙක් දුරට වර්තමාන සාහිත්‍ය විචාරය අනුව අගය කිරීමකට ලක්කල හැකි ද යන්න විමසීමේදී එය වැදගත් වේ.පැරණි සාහිත්‍ය තත්කාලීන විචාර ධර්මයෙහි පිහිටා අගය කිරිමේ කාර්යය ආරම්භ කරන ලද්දේ මාර්ටින් වික්‍රමසිංහ විසිනි.”
– චන්ද්‍රා අමරසේකර –
සබරගමුව විශ්ව විද්‍යාලයේ භාෂා හා සමාජ විද්‍යා අංශයේ හිටපු පීඨාධිපතිනි

#lila

යුගාන්තය | Yuganthaya

Original price was: Rs 900.00.Current price is: Rs 810.00.

“අපේ උසස් සමාජයේ ජීවිතය චිත්‍රපටයකින් මෙන් වික්‍රමසිංහ මහතා යුගාන්තයෙන් පිළිබිඔු කරයි.ඔහු මේ කථාව කියන්නේ සමාජයේ අප කාටත් අසන්නට හා දකින්නට ලැබෙන සිදුවීම් වස්තු කොට ගෙන ය.ඒ සිද්ධීන් සිදුවන සැටියෙන්ම පාඨකයා ඉදිරියෙහි මවා පෙන්විමට යොදා ගෙන තිබෙන්නේ සමාජයේ ජීවත්වන ප්‍රකෘති ස්ත්‍රි පුරුෂයන්ගේ චරිතයන් ය.එහෙත් කතෘ ගේ ප්‍රතිභා ශක්තිය නිසා පාඨකයාට යුගාන්තයෙන් කියවන්නට ලැබෙන්නේ ඔහු ඇසූ දෙයෙහි වුව ද අපූර්ව සෞන්දර්යක් හා අපූර්ව රසයක් ඇති චමත්කාර ජනක කථාන්තරයකි.

Lay Bare the Roots

Original price was: Rs 375.00.Current price is: Rs 335.00.

අපේ ගම – Ape Gama
Translated by Laksmi De Silva

Lay Bare The Roots Is not Simply a record of childhood impressions. There is a Continual exposure of Causes, whether of the growing up of the child, or of change in the village. At times the questing eye falls briefly on the sources of impulse and habit, tracing them back to the beginnings of life itself. The ultimate value of the book perhaps, is in the insight into the process of growth which it proffers through the balance between recollection and reflection, the contrast and connection revealed between the boy passionately involved in his experience and the tolerant irony of the man.

Kaliyugaya (English)

Original price was: Rs 975.00.Current price is: Rs 875.00.

කලියුගය – Kaliyugaya The Age of Kali
Translated by Ranga Wickramasinghe & Aditha Dissanayake

Kaliyugaya is the second Part of Martin Wickramasinghe’s Uprooted trilogy consisting of Gamperaliya, Kaliyugaya and Yuganthaya.

‘The Story in Kali Yuganthaya is built round the disharmony, the loss of sympathy , and the loosening of ties among three generations, the generation in the village – Nanda’s mother, Piyal’s mother, and those like tissa and Anula – who at heart are part of the village; the next generation – Nanda and Piyal – who, born and the village, have broken with it and come to the city; and Finally their children, born in the city and directed away from the village. The novel has a neat formal structure which bespeaks an easy and natural skill in the craft of fiction There are three centres of action in the novel which represent the three centres of values, the three interacting worlds. There is the old village of koggala with its dilapidated ancestral home; the “Maha Gedara”, symbolic of the neglected past; there is the modern home in Mutwal with its well equipped comfort. Its hybrid sophisticated life;and across the sea,which it faces, lies England from where Alan writes,And where Alan goes as though he is driven to seek reality ,the living source from which his parents derived their pale and awkward imitations.’

-Godfrey Gunathilake

Uprooted

Original price was: Rs 900.00.Current price is: Rs 810.00.

ගම්පෙරළිය – Gamperaliya
Translated by Ranga Wickramasinghe & Lakshmi De Silva

At a time when the classical novel familiar to most of us, was being rejected and discarded by some as an anachronism, two events of importance in the field of literature came to my notice. One of these was the opportunity to read the novel ‘The Leopard’ authored by a Sicilian aristocrat, Giuseppe di Lampedusa, a novel in the familiar classical tradition. It was a novel, which received accolades not of Italian, but also of French, England And American critics and readers. The reasons for its universal appeal was, I believe, the great depth and understanding and artistic skill Shown in the presentation of the vicissitudes of the vicissitudes of a feudal class in a modernizing world, the microcosm of a feudal family, the ups and downs in their circumstances, and their joys and sufferings.

The other important event was publication of the Russian language translation of Martin Wickramasinghe’s novel “Gamperaliya.” What struck me was the close kinship of “Gamperaliya” in its theme, subject, high Novelistic qualities and creative power to di Lampedusa’s novel, the first Italian edition of which was published in 1958, fourteen years after the publication of the first Sinhala edition of Martin Wickramasinghe’s “Gamperaliya.”
V.Korchitov In “Problems of Literature”

#gamperaliya

ශීතා | Sheetha

Original price was: Rs 275.00.Current price is: Rs 245.00.

1923 දී මාර්ටින් වික්‍රමසිංහ ලියූ ශීතා නවකතාව ද ඔහුගේ පළමු නවකතා තුන මෙන්ම ත්‍රාසය කුතුහලය වැනි මනෝභාවයෙන් පිළිබිඹු කෙරෙන අද්භූත කථා සම්ප්‍රදායට අයත් වූවකි.එහෙත් වික්‍රමසිංහ කථා කලාවේ මඳක් මුහුකුරා ගිය කතා සන්දර්භයක් ශීතා නවකතාව තුල ඇත.වස්තු වින්‍යාසයේ වුවද දැකිය හැක්කේ මුල් නවකතා තුන ඉක්මවන සංකීර්ණත්වයකි.තම නොපැසුණ අසංස්කෘත යථාර්ථවාදී රීතිය ශීතා නවකතාව තුළ දැකිය හැකි බව වික්‍රමසිංහ පසු කලෙක පැවසුවේ එහෙයිනි.

මිරිඟුව | Miriguwa

Original price was: Rs 500.00.Current price is: Rs 450.00.

“මා අවිවාහකයකුව සිටියදී ලියූ නවකථා කිහිපයෙන්‌ වඩාම හොඳ නිර්මාණය මිරිඟුව යි. මෙය රචනා කරන්ට මගේ කල්පනාව පුබුදු කළ අරමුණු දෙකක්‌ වී ය.

කුරැඳුවත්තේ උසස්‌ පවුලක ඉතාම උගත්‌ විචක්‍ෂණ ස්ත්‍රියක තම සැමියා හැර සුදු මිනිහකු සමඟ එංගලන්තයට ගොස්‌ පදිංචි වීම හා ඇගේ පීවිතය ද පිළිබඳ තොරතුරැ රාශියක්‌ දැනගන්ට ලැබීම එයින්‌ එක්‌ අරමුණයි.

මේ සිද්ධියට අවුරැදු පහළොවකට පමණ පෙර ටෝල්ස්ටෝයිගේ ඇනා කැරනිනා කියවීමෙන්‌ ලත්‌ අත්දැකීම මගේ කල්පනාව පිබිදු අනික්‌ අරමුණයි.

ඉහළ පන්තියේ සිංහලයන්ට නින්දා කරන අදහසින්‌ ඔවුන්ගේ පීවිත විගඩමක්‌ ලෙස මම නිරෑපණය නො කෙළෙමි: ඔවුන්ගේ උසස්‌ උදාර ගති මෙන්‌ මෝඩකමි හා දුබලකමි ද ඔවුන්ගේ චරිතයන්ගෙන්‌ හෙළි කරන්ට වෑයමි කෙළෙමි.”
– මාර්ටින්‌ වික්‍රමසිංහ

රෝහිණී | Rohini

Original price was: Rs 500.00.Current price is: Rs 450.00.

පාසල් කියවීම් පොතක් වශයෙන් ඉතා මැනවයි ගිහි පැවිදි උගතුන් විසින් සම්භාවිත රෝහිණි නවකතාව පළමුවරට මුද්‍රණය වුයේ 1929 දීය.

එවක පටන් සෑම තරාතිරමකම පාඨක ජනතාව අතර අතිශයින් ජනප්‍රිය වු රෝහිණි දුටුගැමුණු රජ සමයේ විසූ සිංහලයන්ගේ සූරවීරකම් ගැන ලියැවුණු හොඳම කතා සංග්‍රහය හැටියටත් සිංහලයෙන් ලියැවුණු උසස්තම ඓතිහාසික නවකතාවක් හැටියටත් සැලකේ.

විරාගය | Viragaya

Original price was: Rs 850.00.Current price is: Rs 765.00.

ඇතුළු හදටම ඇරුණු සිත් ඇත්තකු වු අරවින්ද ස්වයං විවේචනයෙන් තම සිතැඟි සියල්ල නොපැකිළව හෙළි කළ තරුණයෙකු වී ය. ආසාවන් තුනී කරගෙන ජීවත්වන්ට වෑයම් කළ ඔහුට මැඩගත නොහැකි වුයේ ස්ත්‍රීන් නිසා උපන් ආසාව පමණි. සරෝජනීට හා බතීට දුරින් සිට ඔහු ආලය කළේ පොදු ජීවන රටාවෙන් ඈත්ව ජීවත්වීමට තැත් කළ කෙනෙකු නිසාය.

අරවින්ද තමාගේ චරිතයෙහි හොඳතැන් මෙන්ම නරක තැන් ද අහුමුළුවල සැඟවුණ අශෝභන ගති ද හෙළි කරන්නේ පාපෝච්චාරණයෙන් ආත්ම විශුද්ධිය පතන්නෙකු ලෙසිනි.

විරාගය ‌ශෝකාන්ත අධ්‍යාත්ම නාටකයකි.

1956 දී පළ වූ මෙම නවකතාව මෙතෙක් සිංහලෙන් බිහි වූ විශිෂ්ඨතම නවකතාව බව විචාරකයින්ගේ මතය යි. විරාගය දෙමළ, ඉංග්‍රිසි, ප්‍රංශ හා ජපන් භාෂා වලින් ද පළ වී ඇත.

 

#wiragaya

සෝමා | Soma

Original price was: Rs 450.00.Current price is: Rs 405.00.

මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියන ලද දෙවැනි නවකථාවයි.සෝමා ලියන ලද්දේ පළමු නවකතාව වන ලීලා රචනා කොට අවුරුදු අටකට පසුව එනම් 1922 දීය.චරිත හැසිරවීම භාෂාව හා දෘෂ්ටිය විසින් සෝමා සමකාලීන කතා මාලාවට නෑකම් කියයි.එසේ වුවද 20 වැනි සියවසේ මුල් භාගයේ සමාජය,ජීවිතය හා චාරිත්‍ර වාරිත්‍ර ආදිය අරභයා කතුවරයා පළ කරන අදහස් වල නවමු ස්වභාවයක් මෙන්ම ස්වාධීන බවක් ද මෙම නවකතාවෙන් පිළිබිඹු වෙයි.