Novels - නවකතා
ලැවෙන්ඩර් | Lavender
Original price was: Rs 750.00.Rs 675.00Current price is: Rs 675.00.මේක පුංචි ලැවෙන්ඩර් මල් පෙත්තක් ගැන හරි ලස්සන කතාවක්…
හේස්ලි ලැවෙන්ඩර් ස්කයිලර්… සරලවම, මගේ නමේ තේරුම “හේසල් දුබුරු පාට ඇස් තියෙන, ලැවෙන්ඩර් පුසුබැති පුංචි දැරිවිය කියන එක…
මේක ඔයාලා කවදාවත්ම අත්විදලා නැති විදිහේ හරිම ලස්සන, හුදෙකලා කදුකර නිම්නයක් පුරාවටම දග කරපු චුටි ගෑනු ළමයෙකුගේ පටන් බෘනට් පාට කොන්ඩ කැරලි තිබුනු ලස්සන චෙරි රෝසපාට තරුණ ගෑනු ළමයෙක් වෙනකල් එයා අත්විදපු සුන්දරම මතකයන් ගැන අපුරු කතාවක්..
SEX – Faculty Of Sex 01 | සෙක්ස් – ෆැකල්ටි ඔෆ් සෙක්ස් 01
Original price was: Rs 900.00.Rs 810.00Current price is: Rs 810.00.ආදරය පදනම් වෙන්න ඕන සෙක්ස් මත. ආදරයකට වඩා ප‍්‍රැක්ටිස් කරන්න ඕන ආශාව. සෙක්ස් කියන එක ඔය හිතන තරම් ලේසි කාරණාවක් නෙමෙයි. පිරිමි මේ කතාව එලියට කියන්නෙ නෑ. එහෙම කියනවා මං අහලා නෑ. පිරිමියෙකුට ගෑනියෙක් එක්ක සෙක්ස් කරලා විතරක් කායිකව ගන්න පුළුවන් තෘප්තියක් නෑ. එහෙම තියෙනවා නම් ඒ කෙනා සෑහෙන අසහනයකින් ඉන්න කෙනෙක් වෙන්න ඕන. සෙක්ස් කරලා ධාතු පහවෙලා ඉවර වෙද්දි සියදිවි නහගන්න තරමෙ හිස්කමක් එනවා. මේ හිස්කමට මූනදෙන්න අමාරුයි. එතනදි ඕන වෙනවා අනිත් මනුස්සයා එක්ක කතා කරලා හුවමාරු කරගන්න දෙයක්. ඒක ජීවිතෙන් කෑල්ලක් වෙන්න ඕන. ඒ මනුස්සයා කතා කරන්න දන්න, අපේ හැගීම් එහාට මෙහාට ෂෙයාර් කරගන්න දන්න කෙනෙක් නොවුනොත් සෙක්ස්වල තෘප්තියක් නෑ. ශරීරයක් බෙදාගන්නවා, කෙටි කාලීන අත්දැකීමක් බෙදාගන්නවා කියන කාරණාවට එහා පැවැත්මක් බෙදා ගන්නවා කියන තැනට යන්න පුළුවන් වෙන්නෙ ඔය ක‍්‍රියාවලියෙන්. ගෑනියෙක් එක්ක ලිවින්ග් ටුගෙදර් හරි කසාද ජීවිතේකදි හරි හම්බුවෙන වටිනාම දේ මේක. පේ‍්‍රමයත් එක්ක ෂෙයාර් කරගන්න තියෙන දේවල් අසීමිතයි. ඒ හැමදෙයක්ම සෙක්ස් මත පදනම් වෙන්නෙ නැති වුනාට සෙක්ස් හොඳට කරන මිනිහෙක් තමන්ගෙ පාට්නර් එක්ක හොඳට සුවපහසු වෙන්න දන්නවා.
-චින්තන ධර්මදාස-
GUILT – Faculty Of Sex 02 | ගිල්ට් – ෆැකල්ටි ඔෆ් සෙක්ස් 02
Original price was: Rs 1,200.00.Rs 1,080.00Current price is: Rs 1,080.00.පිරිමියෙක් එක්ක ආදරෙන් බැඳෙන ගෑනියෙකුට සිද්ද වෙනවා එයාගෙ අත්තටු අකුලගන්න. ඒ ආදරේ ඇතුලෙ බෑ ගෑනු ආත්මයක උපරිම නිදහස විඳින්න. කේ කොයිතරම් නිදහස් පිරිමියෙක් වුනත් මට සිද්ද වෙනවා එයා හින්ද මගේ වනාන්තර ආත්මය යම් තරමකට හෝ පාලනය කරන්න. ඉගිල්ලෙනවා වෙනුවට එයා එක්ක පයින් යන්න. ඒක අපිව ඩිප්රෙස් කරනවා. එහෙම ඇකිලිලා ජීවත් වෙන්න ගෑනියෙකුට අමාරුයි. ඒත් හැම ගෑනියෙක්ම පිරිමියෙක් වෙනුවෙන් තමන්ගෙ ආත්මය පුංචි කරගන්නවා. ඒ පිරිමියාගෙ ලෝකෙ ඇතුලෙ හිරවෙලා ජීවත් වෙන්න තෝරා ගන්නවා. ඒත් අපි විලංගු දාලා තියෙන අපේ අත්තටු හැමතිස්සෙම ඒවායේ උරුමය ඉල්ලාගෙන විහිදෙන්න කැරලි ගහනවා. අපි හැමදවසකම ඒ තටු කපා දමමින් අපිව දුර්වල කරගන්නවා. ගෑනියෙකුගේ උපරිමය දරාගන්න කිසිම පිරිමියෙකුට බෑ. බුදුවරයෙක් වුනත් එතනදි අසමත්.
ඒත් කේ කියන්නෙ මගේ ඒ ජීවිතේ අවසානය. කේ ගියාට පස්සෙ මං මගේ අත්තටු දිගට වැඩෙන්න ඉඩ දෙනවා. මං පොලොව අත්ඇරලා මට අයිති අහසේ ජීවිතය තෝරගන්නවා. ටියුලිප් මල් යායවල් ලැවෙන්ඩර් යායවල් උඩින් මං ඉගිල්ලෙනවා. සීත හිම උඩින් කාන්තාර උඩින් මුහුදු උඩින් පියාඹනවා. මං ගොඩක් පිරිමි ගැහැණු එක්ක ආදරෙන් බැඳෙනවා. ගොඩක් සෙක්ස් කරනවා. ඒ හැමෝගෙම හදවත් මං දරුණු විදිහට තුවාල කරනවා. තුවාල වුනු හිතකට විතරයි ජීවිතේ විඳින්න පුළුවන්. මං ඒ හැමෝමව අත්ඇරලා යනවා. කවදාවත්ම ඒ ආදරවන්තයින්ට ඒ ගොල්ලොන්ගෙ පරණ ජීවිතය තරම් ආයිමත් පුංචි වෙන්න බැරි පැල්ම මම වේවි. මං වළාකුල් වෙනවා. වැස්ස වෙලා වැටෙනවා. දියපාර වෙලා ගලනවා. ගගක් වගේ වැඩෙනවා. මුහුදක් තරම් ලොකු වෙනවා.
-චින්තන ධර්මදාස-
LOVE – Faculty Of Sex 03 | ලව් – ෆැකල්ටි ඔෆ් සෙක්ස් 03
Original price was: Rs 1,350.00.Rs 1,215.00Current price is: Rs 1,215.00.හැම කෙනෙකුටම තියෙනවා එයාගෙම ශෘංගාර කතාවක්. ඒක කාටවත් නොකියන එකක් වෙන්න පුළුවන්. කවුරු හරි එක් කෙනෙක් එක්ක විතරක් බෙදා ගන්න එකක් වෙන්න පුළුවන්. යාලුවො විතරක් දන්න එකක් වෙන්න පුළුවන්. කොහොම වුනත් අපි හැමෝගෙම ශෘංගාරය අපිටම අනන්‍යයි. ශෘංගාරයේ සුන්දරත්වයත් ඒකමයි.
ඔය කවුරු වුනත් ඇඳුම් ගැලෙව්ව්වම එකයි වගේ කතා කියන්නෙ ශෘංගාරය ගැන කිසි දැනීමක් නැති මිනිස්සු. ශෘංගාරය තියෙන්නේ ශරීර අඟපසඟ වල නෙමෙයි. ඒක තියෙන්නෙ සංවේදනා වල. ඒක අපි විඳින්නෙ අපේ අතිශය පුද්ගලික තැන් වලින්.
හැම ශෘංගාර කතාවක්ම අපි කියන අනිත් හැම කතාවකටම වඩා ලස්සනයි. අපිට පුළුවන් නම් අපේ ශෘංගාර කතා විවෘතව බෙදා ගන්න අපේ ජීවිතේ ශෘංගාර කලාපයන් විශාල වෙනවා. ඒ වගේම එහෙම බෙදාහදා ගැනීමක් කරන්න අපි අතර විශ්වාසය ගෞරවය වගේම ආදරයත් විශාල වෙන්න ඕන.
මේ පොතේ පිටු අතර කියවන්න ලැබෙන්නේ ඒ වගේ එක එක මිනිස් ජීවිතවල ශෘංගාර සංවේදන. අපි හිතන නොහිතන, විඳින නොවිඳින, පිලිගන්න නොපිලිගන්න, ගොඩක් තැන් ඒ අතර තියෙන්න පුළුවන්. ඒත් ඒ තව කෙනෙකුගේ ආස්වාද විශ්වයක් හැටියෙන් බාරගන්න පරිණතකමක් අපිට තියෙන්න ඕන.
නිරුවත් පහසක් විඳිනවා කියන්නෙම ආර්ට් එකක් අපිට බඩගින්නට මොනවා හරි බඩට දාගන්න පුළුවන්. ඒ වගේම විවිධ රස භාවයන් විඳිමින් කෑමක් වරුවක් විතර විඳින්නත් අපිට පුළුවන්. සෙ ස් කියන්නෙත් එහෙම දෙයක්. අවශ්‍යතාව පිරිමසා ගැනීමේ සෙක්ස් කියන්නෙ දුප්පත්කමක්. හුස්මෙන් හුස්ම කියවන, රෝමයෙන් රෝමය දනවන, සුවඳ, නර්තනය විඳින සෙක්ස් කියන්නෙ සුඛෝපභෝගීත්වයක්.
ෆැකල්ටි ඔෆ් සෙක්ස් ලියන්නෙ එහෙම නිදහසක්, බාර ගැනීමක් වගේම දියුණු විඳීමක් ජීවිතය ඇතුලෙ නිර්මාණය කරගත්ත පොහොසත් වැඩිහිටියන් වෙනුවෙන්. ඒ කතා තියෙන්නෙ ඒවා අහන්න තරමට සංස්කෘතික වුනු කන්වලට විතරයි.
-චින්තන ධර්මදාස-
කස්තුරි සුවඳ | Kasthuri Suwanda
Original price was: Rs 3,500.00.Rs 3,150.00Current price is: Rs 3,150.00.පපුව ගණන් කරගන්න බැරි ගාණකට යහන් බෙර වයනවා. හිත එකම පිස්සුවකින් අස්නේ නටද්දි සිහිය ඒ අස්නෙට හත්පද අල්ලනවා. දැන් මාණික්‍යගේ මුළු සරුවාංගෙම කංකාරි මඩුවක්.
“මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ”
– රුෂිර මාණික්‍ය දේවප්‍රිය –
කල්පයක් ගියත් ඒ බැල්ම නැහෙන්නේ මාණික්‍ය මත්තේමදෝ කියන ඇස් හඬ නගන හැඟීම් මාණික්‍ය කියන ගිම්හානයේ හමාගෙන යන කලබලයක් නැති හුළඟක් වගේ එයා ළඟම ගැවසෙන්නේ ඇත්තටම ඒ ලෝකෙට තියෙන එකම සෘතුව මාණික්‍ය වගේ. මනරුගේ මල් පිපෙන හදවතත්, සදාහරිත හැඟීමත්, කොළ වැටෙන්න වැටෙන්න දලු දාන ආදරයත්, සීතලට මිදුණත් ගිනියම් වෙන ආලයත් මාණික්‍යම කරගත්ත සදාකාලික බැඳීම…
“ඔයා නැති මගේ ජීවිතේ හරියට ගැටබෙර පද ගොළු වුණ තානමක් වගේ. මං හුස්ම ගත්තත් ඒක රහ නෑ… කිසිම තාලයක් නෑ… මම නටන්නයි කැමති මාණික්‍ය. මට නටන්න ලස්සන බෙර පදයක් ඕනේ. ඉතින් ඔයාට පුළුවන්ද මට කවදාවත් නවතින්නේ නැති බෙර පදයක් වෙන්න…?”
– සුවහස් මනරු හැඩපත්විල –
*මෙම පොත LGBTQ 18+ සමරිසි ආදරයක් ගැන ලියවුනු කෘතියකි.
#kasturi suwada suvanda suvada #කස්තුරි සුවද