පෝල්ගේ ලෝකය | Paul’s World

Original price was: Rs 1,650.00.Current price is: Rs 1,320.00.

SPELLBINDER: Paul’s World
by Mark Shirrefs & John Thomson

“රියානා” ආගන්තුක ලෝකයක සිට තවත් ආගන්තුක ලෝකයකට අදිසියේ පැමිණි ඇය මුහුණ දෙන්නේ කුමනාකාර අත්දැකීම් සමුදායකටද ?

මහා බලසම්පන්න මායාබන්ධකයින් ගේ බලයට යටපත්ව බියෙන් සහ කම්පනයෙන් දිවි ගෙවන මිනිසුන් වෙසෙන ලෝකය රියානාගේ නිජබිමය. මායාබන්ධකයින් ගේ ලෝකයට අදිසියේ පැමිණි පෝල් ව බේරාගැනීමේ උත්සාහයේදී රියානාට ද සිදුවන්නේ නොසිතූ ලෙසින් පෝල් ගේ ලෝකයට පැමිණෙන්නටයි. තාක්ෂණික දියුණුවෙන් ඔප් නැංවුණු නවීන ලෝකයට පැමිණි රියානාට දියුණු පරිසරයට අනුගත වීමට හැකිවෙයිද?

මායාබන්ධකයින් යටත් කොට රියානාගේ ලෝකය අත්පත් කර ගැනීමට වෙරදරන ආශ්කාගේ බිහිසුණු සැලැස්ම පරාජය කිරීමට රියානාට සහ පෝල් ට හැකිවෙයිද?

රියානාට නැවතත් සිය උපන් දේශය කරා යාමට හැකිවෙයිද?

රියානාගේ ලෝකය | Riana’s World

Original price was: Rs 1,400.00.Current price is: Rs 1,120.00.

SPELLBINDER: Riana’s World
by Mark Shirrefs & John Thomson

දිදුලන දීප්තියක් සමඟ කම්බිය දිගේ අධිසැර විදුලි දහරාවක් ගුහාව කරා ඇදී ආවා…ඊළඟ නිමේශයේදී පෝල් ගුහාව තුළ සිටියේ නැත. ඔහු අතුරුදහන් ව ගොසිනි. මොහොතකට පසුව පෝල් සිටියේ අමුතුම පරිසරයක් සහිත අමුතුම ලෝකයකයි. කාර්මික විප්ලවයේ පහස නොලත් ඒ ලෝකයේ මිනිසුන් පාලනය කළේ “මායා බන්ධකයින්” විසිනි. මායා බන්ධකයින් ගේ‍ ලෝකය නමින් හැඳින්වූ මේ සමාන්තර ලෝකයේ අතරමං වූ පෝල් උත්සාහ ගන්නේ එහි සැඟව ඇති රහස් හෙළි කරගන්නටයි. ඒ උත්සාහයට පෝල් ට සහාය වන්නේ රියානා ය. සමාන්තර ලෝකයේ වෙසෙන ඇය සුන්දරය, නිර්භීතය, ධෛර්්‍යය සම්පන්නය.

පෝල් සහ රියානා එක්ව මුහුණ දෙන නොනවතින වික්‍රමාන්විතයේ අවසානය කුමක්ද ?

මායා බන්ධකයින් මිනිසුන් පෙලූ යුගය අවසන් වෙයිද ? පෝල් ට නැවතත් සිය ලෝකය කරා ආපසු පැමිණීමට හැකිවෙයිද ?