Novels - නවකතා
අයේෂා ආපසු එයි | Ayesha Apasu Ei
Original price was: Rs 600.00.Rs 540.00Current price is: Rs 540.00. The Return of She: Ayesha
by H. Rider Haggard
රයිඩර් හැගාඩ් ගේ ”ඈ හෙවත් අයේෂා” නමැති ලෝ පතළ නව කථාවේ අනුබන්ධය වන මේ “අයේක්ෂා ආපසු එයි” නමැති නව කථාව, සාහිත්‍ය රස මදිරාවෙන් පිරි ඉතිරෙන, පළිඟු කරඬුවකට සමාන කළ හැකි ශ්‍රේෂ්ඨ ගද්‍ය කාව්‍යයකි. “ජීවන ගින්නේ දී” ශෝක ජනක ඉරණමකට ගොදුරු වන අයේෂා, ඉන් පසු තිබ්බතයේ ගිරි කූළුවලින් ගහන ප්‍රදේශයක පිහිටි ආශ්‍රමයක දී යළි උපත ලබයි. එහි දී අයේෂා යළි සොයා ගන්නා ලියෝ වින්සි, විෂය රසයන්ට ගිජු වීමෙන් අකාලයේ මිය යයි. එ තැන් පටන් අයේෂා, ලියෝ වින්සි හා එකතු වී සැපවත් ජීවිතයක් ගත කිරීමේ අපේක්‍ෂාවෙන්, යළිත් වරක් සිය සංසාර ගමන අරඹයි. සැබවින් ම ජීවිතයේ සැපයක් තිබේ ද? සාහිත්‍යයේ පරමාර්ථය ජීවිතයේ යථාර්ථය හෙළි කිරීම ය. “අයේෂා ආපසු එයි” නමැති මේ නව කථාව අතිශයින් ත්‍රාස ජනක, අතිශයින් චමත්කාර ජනක, අතිශයින් ශෘංගාරාත්මක සනාතන සාහිත්‍ය කෘතියකි. සම්පූර්ණ යි. අසංක්‍ෂිප්ත යි.
ඈ හෙවත් අයේෂා 2 | Ae Hewath Ayesha 2
Original price was: Rs 800.00.Rs 720.00Current price is: Rs 720.00. She 2nd Volume
by H. Rider Haggard
එච්. රයිඩර් හැගාඩ් ගේ ශ්‍රේෂ්ඨතම සාහිත්‍ය කෘතිය වන “ඈ හෙවත් අයේෂා” පුනරුත්පත්තිය තේමාව කර ගත් බටහිර සාහිත්‍යයේ එන එක ම නව කථාව වෙයි.අවුරුදු දෙ දහසක කාලයක් තුළ ජීවත් වන, රූප ශ්‍රීයෙන් අග්‍ර ප්‍රාප්ත අමරණීය රැජනකත්, ලියෝ වින්සි නමැති ඉංග්‍රීසි තරුණයකුත්, අමෙර්නාතස් නමැති මිසර තරුණියකත් වටා ගෙතුණු අද්භූත ජනක ප්‍රේම ත්‍රිකෝණයක් වන මේ චමත්කාර ජනක නව කථාව ශෘංගාර රස පූර්ණ ගඟුලැල්ලකට සමාන කළ හැකි ය.ත්‍රාසයෙන් හා භීතියෙන් පිරී ඉතිරෙන මේ නව කථාවෙන්, සිංහල නව කථාවේ නිම් වළලු පුළුල් වන අතර ම, අප ගේ පාඨකයන්ට මෙය නව අත්දැකීමක් ද වනු නොඅනුමාන ය.
ඈ හෙවත් අයේෂා 1 | Ae Hewath Ayesha 1
Original price was: Rs 800.00.Rs 720.00Current price is: Rs 720.00. She 1st Volume
by H. Rider Haggard
එච්. රයිඩර් හැගාඩ් ගේ ශ්‍රේෂ්ඨතම සාහිත්‍ය කෘතිය වන “ඈ හෙවත් අයේෂා පුනරුත්පත්තිය තේමාව කර ගත් බටහිර සාහිත්‍යයේ එන එක ම නව කථාව වෙයි.අවුරුදු දෙ දහසක කාලයක් තුළ ජීවත් වන, රූප ශ්‍රීයෙන් අග්‍ර ප්‍රාප්ත අමරණීය රැජනකත්, ලියෝ වින්සි නමැති ඉංග්‍රීසි තරුණයකුත්, අමෙර්නාතස් නමැති මිසර තරුණියකත්වටා ගෙතුණු අද්භූත ජනක ප්‍රේම ත්‍රිකෝණයක් වන මේ චමත්කාර ජනක නව කථාව ශෘංගාර රස පූර්ණ ගඟුලැල්ලකට සමාන කළ හැකි ය. ත්‍රාසයෙන් හා භීතියෙන් පිරී ඉතිරෙනමේ නව කථාවෙන්, සිංහල නව කථාවේ නිම් වළලු පුළුල් වන අතර ම, අප ගේ පාඨකයන්ට මෙය නව අත්දැකීමක් ද වනු නොඅනුමාන ය.