තිවංක කතාව | Thiwanka Kathawa

Original price was: Rs 1,750.00.Current price is: Rs 1,575.00.
  • 2024 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශිත නවකතාව

නිදහසින් පසු දශක හතක් පුරා මෙරට පැවති පාලනයේ මාරාන්තික සන්ධිස්ථානයක් ලකුණු කරමින් මුළු ලොව ඉදිරියේ බංකොලොත් -භාවය‍් ප්‍රකාශ කරන අතරේ සිදු වූ ලංකා රාජ්‍යයේ අර්බුදය පිළිබඳව මෙතෙක් නොඇසූ නොඇසූ කතන්දරය මෙහි කියැවෙයි. මෙය සිංහල නවකතාවකට ස්වකීය රාජ්‍යය තේමා වුණු පළමු අවස්ථාව ලෙස සැලකීම වරදක් නොවේ.

මුළුමහත් සමාජය විනාශයේ මුවවිටට ඇදී යන අතරේ අත්විඳින ලද අවිනිශ්චිතතාව, අසරණකම හා ජීවය වියැකීම අලළා ලියවුණු මෙය අද දවසේ කතන්දරය ලෙස සැලකිය හැකි ය. එතෙක් පා තබා සිටින්නට නියම කෙරුණු සංස්කෘතික භූමි සියල්ල අහිමි වී යන බව දකිනා මිනිස්සු ස්වකීය අරගලය ඔස්සේ විකල්ප මතිමතාන්තර රාජ්‍යයක පිළිසරණ සොයා යති.

තිවංක පිළිමක ‘තුන් වක’ ආකෘතියෙන් දිග හැරෙන ඒ කතන්දරය අනුව මෙරට බුද්ධිමය සංස්කෘතියේ ජීවනාලිය වූ මුද්‍රණ කර්මාන්තය බිඳ වැටෙද්දී නිර්නාමික ප්‍රබන්ධයක අත්පිටපතක් මරදානේ පරණ

පොත් වෙළෙන්දෙකුට ලැබේ. ලංකා ඉතිහාසයේ අරාජික වකවානුවක සාහිත්‍යය හා සංස්කෘතිය වෙනුවෙන් දියත් වුණු හුදකලා වීර-චාරිකාවක් පසුබිම් කර ගත් ඒ අත්පිටපත වෙළෙන්ඳා කියවයි. නවකතාවේ තෙවෙනි වකයේ දී ඒ අත්පිටපතට හිමිකම් කියන අරගලයේ නීතිඥයකු එහි කතුවරයා ද, එතුළින් තම පියා ද සොයා යයි.

ඉතිහාසකරණයේ ප්‍රබන්ධය, සාහිත්‍යයේ ගුප්තය, කර්තෘගේ මරණය සහ නිර්-ප්‍රභූ කර්තෘත්වය පිළිබිඹු කරන මෙය මේ යුගයේ සාහිත්‍යයේ කතන්දරය ලෙස ද සැලකීම සුදුසු ය.

#thinanka kathava

පහනක අඳුර | Pahanaka Adura

Original price was: Rs 950.00.Current price is: Rs 855.00.
  • 2023 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව සදහා නිර්දේශිත

මෙරට මැද පංතිය තමා තුළ සිදු වුණු සංක්‍රාන්තීන් ඔස්සේ දම්බ සමාජයක් හෙවත් ප්‍රෝඩාකාරී මගඩි සමාජයක් දක්වා අවගමනය වීම මෙහි සටහන් වන්නේ එමඟින් ඇති කරන ලද දරුණු ආර්ථික හා සමාජ ව්‍යසනයේ ඇතුළාන්ත පරිණාමය අවබෝධ කර ගන්නට ඉඩක් ලබා දෙන සමාජ නිරූපණයක් ලෙසිනි.

අවංකකම, හෘදසාක්ෂිය හා නීතිය මත කටයුතු කරන සිවිල් නිලධරයකුගේ පාපෝච්චාරණය මැද කොළඹ නගර සිතියම මත ඇඳෙන සංකීර්ණ බල සබඳතා මෙරට සමකාලීන මානව ප්‍රහසනය නිමවයි.

සමාජ-දහවල එළිය කළ ප්‍රබුද්ධත්වයේ සූර්යයා ද, සමාජ-රාත්‍රිය පහත් කළ ප්‍රබුද්ධත්වයේ පහත් ද නිවී යයි. පරිහානියට පත් වුණු සමාජ හා සංස්කෘතික සංස්ථාපිතයෝ ආලෝකය වෙනුවට අන්ධකාරය පතුරති. රැස් වළලූ වෙනුවට කළු කුහර ද මවති. දුස්වප්නයක් බවට පත් වුණු මෙරට රාජ්‍යයේ හා නිදහසේ සිහිනය සිංහල නවකථා වංශාවලිය තුළ කියැවේ.

පේත | Petha

Original price was: Rs 250.00.Current price is: Rs 225.00.
  • 2020 ස්වර්ණ පුස්තක සම්මානය විශිෂ්ටතම නවකතාව

සාකච්ඡා සමුළු – කට උත්තර – ඡායාරූප – කෙටි නාට්‍ ය- කෙටිකතා – දින සටහන් යනාදිය ඇසුරෙන් ලියවෙන මේ කෙටි නාවකතාව බිහිසුණු ව්‍යාකූලත්වයේ ගිලුණු සමාජයක තද අඳුරු ඇතුළාන්තය නීරුපණය කරයි.ජීවමාන මිනිස් චරිත තරමටම ක්‍රියාකාරි වන්නා වු මහජන මතය, හෘදසාක්ෂිය, විගලිතභාවය, මනෝවිකාර වැනි දේ මෙන්ම මරණාපර ප්‍රේත ලෝකය හා අකාමකා දැමිය නොහැකි කටුක මතකය ද පිළිබිඹු කරන මේ ප්‍රබන්ධය, පිළිකා රෝගී කොටි කතකට රැකවරණය ලබා දුන් සිංහල තේ කඩයක් පිළිබඳ නඩුවේ හා මහජන අවසන් විනිශ්චයේ විවාදාත්මක පුවත ඔබට පවසයි.මෙරට වාම මානව සංහතියේ නිවාසස්ථානයක් ලෙස ඒ තේ කඩය ස්වකීය දුක් ගැහැට සහිත විපරිණාමය ඔස්සේ ඉතිහාසයෙන් වර්තමානයට ද, දේශපාලනයෙන් සෞන්දර්යට ළගා වෙයි.තරණය කළ නොහැකි අපේ කාලයේ ක්ෂිතිජය ලෙස සටහන් වන දේශපාලන ඉතිහාසය තුළ මෙරට හුදී ජනයාගේ දෛනික ජීවන වාසස්ථානය හමු වෙයි.ජීවිත අවදානම සහිත කැරලිකාර දේශපාලන ශ්‍රමය මධ්‍යයේ ශුද්ධ වු පවුලේ රහස ලෙස මිහි පිට කැරැලිකාර පවුල බිහි වෙයි.

විතණ්ඩ සමය | Withanda Samaya

Original price was: Rs 450.00.Current price is: Rs 405.00.

ඉතිහාසය විසින් උජාරුවට ලියා දෙන ලද උදාර ජීවන සැලැස්මක් මේ ටවුමේ ජීවිතයට නැත. ස්වකීය ගැම්මෙන් එය ඉදිරියට ගලා යයි.

ටවුමේ වීථි, අතුරු වීථි එකිනෙක හරහා විහිදෙන අයුරින් එක් චරිතයක් තවත් චරිතයකට සම්මුඛ වෙයි. සාම්ප්‍රදායික ප්‍රභූ සමාජය සමග ගැටුමට හා සහවාසයට යන චරිත අතර වෙළෙඳ පවුල්වල හිතුවක්කාර දූපුත්තු ද, පුනරුත්ථාපන කඳවුරුවලින් නිදහස ලබා අලුතින් ජීවිතය අරඹන දේශපාලන සිරකරුවෝ ද, සැමියන්ගේ බයිපාස් සැත්කම් වෙනුවෙන් දිවි කැපකර සම්මාදම් එකතු කරන තරුණ බිරියෝ ද, වෙළෙඳ හාම්පුතුන්ගේ අවජාත දරුවන් කුස දරන ද්‍රවිඩ මෙහෙකාරියෝ ද වෙති. විතණ්ඩාවට ඔවුන්ගේ ජීවිත දාහය යි.

සහශ්‍රයක් කෙළවර කරමින් මතු වූ බියකරු දේශපාලන අර්බුද මැදින් නාගරික සමාජය හා වෙළෙඳ ප්‍රජාව පශ්චාත් නූතන ව්‍යාකූලත්වයට හා අවිනිශ්චිතතාවට මුහුණ දෙන සැටි සාම්ප්‍රදායික අති නාටකීය කතා රසයෙන් අනූන අසම්ප්‍රදායික නව ප්‍රබන්ධයකට නැගෙයි.

#vithanda samaya