නාඩන් සැළලිහිණි | Nadan Salalihini

Original price was: Rs 850.00.Current price is: Rs 680.00.

අසංක ඇගේ නෙතු අල්ල ගත්තේ පෙර සසරේ හැමදාම ඈ දෙස බැලූ සෙනෙහෙවන්ත බැල්මෙනි. අසංකගේ වමතේ එල්ලී, සුලෝචනා ඔහු පිටුපසින් ඒදණ්ඩ තරණය කළාය.

ඒදණ්ඩ මධ්‍යයේදී අසංක නැවතී යළිත් අගේ දෑසට එබී බැලුවේ, ඈ අල්ලාගෙන උන් වමතින් අගේ බඳ වෙළා ගනිමිනි.

ලෝකය අත්පත් විය යුත්තේ යහපත් මිනිස්සුන්ටය.

ලෝකයේ හිමිකරුවන් බවට පත්විය යුත්තේ යහපත් මිනිසුන්ය. ඈගේ දෑස් ඉදිරිපිට යථාර්තයක් බවට පත්වෙමින් තිබුණේ, ඇය තරව ඇදහූ ඒ පරම සත්‍යයි.

රිදී විලංගු | Ridee Vilangu

Original price was: Rs 450.00.Current price is: Rs 360.00.

“මගේ සුදු දුවගෙයි… විමුක්ති පුතාගෙයි කැමැත්තක්… ඇත්තටම පුතේ… මනුස්සකමට වැඩිය කිසිම දෙයක් නෑ… ජීවීත කාලෙම ඒක දැනන් හිටිය ආච්චම්මට නම්… පසුතැවෙන්න කිසිම දේකුත් නෑ…”

දින ගණනාවකට පසු, මිත්තණියගේත්, තම පෙම්වතගේත් දෑත් අල්ලාගත් ෂනුදී… මදක් හඬ නගා හිනැහුණාය.

“මේ කොහෙවත් හිටපු එකෙකුට අන්තිමේදී සේරම අයිති උනා නේද කියලා… ඈන් ආන්ටි ඇවිත් මගේ විමූ අයියගේ ඔළුව පළන එකක් නෑ නේද ආච්චම්මි…???”