Miscellaneous - විවිධ
කම්මැළි මොළේ | Kammali Mole
Original price was: Rs 950.00.Rs 855.00Current price is: Rs 855.00.සෑම මොළයක්ම මූලික ව්‍යුහයෙන් එකම වුවද, සාර්ථක වන අය සහ අරගල කරන අය අතර ප්‍රධාන වෙනස මොළයේ නොව – අපි එය භාවිතා කරන ආකාරයයි. කම්මැළි මොළේ යන සංකල්පය මොළයේ ස්වාභාවික ප්‍රවණතාව වන සුවපහසුව සෙවීම, අභියෝග මඟහැරීම සහ කෙටි මාර්ග ගැනීම පිළිබඳ අවධානය යොමු කරයි. මෙය නිතර මැළිකමට සහ අහිමි වූ අවස්ථාවන්ට හේතු විය හැකිය. නමුත් මෙයින් අදහස් වන්නේ ඔබ ‘කම්මැළි මොළයක’ සිරවී සිටින බව නොවේ. මෙම පොත මානසික පුරුදු හඳුනා ගැනීම සහ ජය ගැනීම, ඔබේ මොළය පහසුම මාර්ගය සොයන එකක් සිට ඵලදායිතාව, වර්ධනය සහ සාර්ථකත්වය මත වැඩෙන එකක් බවට පරිවර්තනය කිරීම ගැන ගවේෂණය කරයි. ප්‍රායෝගික ක්‍රමවේද සහ අවබෝධයන් සමඟ, කම්මැළි මොළය ඔබගේ චින්තනය නැවත සකස් කිරීම, සීමාකාරී රටාවන්ගෙන් නිදහස් වීම සහ ඔබේ මනස තුළ රැඳී සිටින විශාල විභවය නිදහස් කර ගැනීම ගැන ඔබට උගන්වයි. උත්සාහ කරන්න! යළි යළිත් උත්සාහ කරන්න. ඔබ නොදැනීම දිනයි. ඒත් මතක් තියාගන්න. ඔබේ විභවය අනෙකාගේ විභවය නොවන බව මෙහි කතුවරයා කියයි.
ඉකිගායි | Ikigai
Original price was: Rs 650.00.Rs 585.00Current price is: Rs 585.00. Ikigai The Japanese Secret to a Long and Happy Life
by Hector Garcia & Fransesc Miralles
ඉකිගායි දීඝායු ලැබීමේ ජපන් ක්‍රමය
මට අවශ්‍ය දිගු කාලීනව ජීවත් වන්නටද? ඒ නැත්නම් ඊට වැඩි අර්ථයක් ගැන සිතනවාද? සමහර අය තමන්ට අවශ්‍ය දේ ගැන දනිති. ඒ වාගේම ජීවත් වන්නට ආසාවක් ද ඇත. තව අය අවුළක් තුළ කරදර විඳිති. ඇයි ඒ?
අපේ සාකච්ඡාවේ එක්තරා තැනකදී ඉකිගායි නම් වු ගුප්ත වචනය මතු වී ආයේය. මේ වචනය රළුවට හැම විට කාර්යයක යෙදීමේ සතුට නම් අර්ථය දෙයි. එසේම එයට සංකේත මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර කිරීම යන අදහස දිය හැකි වුවත් ඊට එහා යන බවක්ද පෙනේ. ඒ සමඟම ජපන් ජාතිකයන්ගේ – විශේෂයෙන්ම ඔකිනාවා දුපත් වැසියන්ගේ – දීර්ඝකාලීන ජීවිතය තේරුම් කරන වචනයක්ද වෙයි. එහි ජීවත්වන මිනිසුන් හැම ලක්ෂයකටම සියයට 24.55 ක් වයස සියය පැන්නූ අය වෙති. එය ලෝකයේම වැඩි ජීවිත කාලයක් ගතකරන මිනිසුන්ගෙන් ඉහළම ප්‍රතිශතයයි. දකුණු ජපානයේ මේ කියන දූපතේ ජීවත්වන අය ලෝකයේ වැඩිම ආයු කාලයක් භූක්ති විඳින අය වන්නේ කෙසේද යන්න ගැන අධ්‍යයනය කරන්නෝ ඊට සාමාන්‍ය හේතූන් වන පෝෂ්‍යදායි ආහාර වේල, එළිමහනේ ගතකරන ජීවිතය, හරිත තේ සහ අර්ධ උෂ්ණ කලාපීය දේශගුණය වැනි කරුණු අතරට, ඔවුන්ගේ ජීවිත හැඩගස්වන ඉකිගායි ද හේතුවන බව විශ්වාස කරති.
නිරුවත් ගැහැනිය | Niruwath Gahaniya
Original price was: Rs 1,380.00.Rs 1,240.00Current price is: Rs 1,240.00. The Naked Woman A Study of the Female Body
by Desmond Morris
මනුෂ්‍ය ස්තී‍්‍ර රූපය විශ්මයජනක යෝග්‍ය සකස්වීම්වලින් සහ සියුම් ඔපලීම්වලින් පිරි පරිණාමයේ අවුරුදු මිලියන ගණනක විශිෂ්ට ප්රතිඵලයකි. එය ග්‍රහලෝකය මත ඉතාම අපූරුව පැවැත්ම වේ.
විවිධ කාලයන්හි සහ විවිධ ස්ථානයන්හි මානව සමාජයන් විවිධ ආකාරයන් දහස් ගණනක් තුළ ස්තී‍්‍ර රූපය වෙනස් කරමින් සහ අලංකාර කරමින් සොබාදහම මත වැඩිදියුණු කිරීම්වලට වෑයම් කර තිබේ. මෙම අලූත් අධ්‍යයනය තුළ ඩෙස්මන්ඞ් මොරිස් ඔහුගේ නිපුණතාවය සහ අවධානය ස්තී‍්‍ර රූපය කෙරෙහි යොමු කරමින් ‘හිසේ සිට දෙපා තෙක්’ මඟපෙන්වීම් චාරිකාවක පාඨකයාව රැුගෙන යයි.
සියලූ කාන්තාවන්ට පොදු ජීව විද්‍යාත්මක ලක්ෂණවල පරිණාමීය කාර්යයන් ඉස්මතු කරමින් ඩෙස්මන්ඞ් මොරිස් ස්තී‍්‍ර රූපයේ හැසිරවීම සහ පරිපූර්ණත්වය වෙනුවෙන් ගවේෂණය තුළ මානව සමාජයන් වර්ධනය කර ඇති වැඩිදියුණු කිරීම් සහ සීමා කිරීම් අනාවරණය කරයි.
‘නිරුවත් ගැහැනිය’ මානව සත්ත්වයා පිළිබඳ නිරීක්ෂකයෙකු ලෙස ඩෙස්මන්ඞ් මොරිස්ගේ අසමසම ප්‍රවීණත්වය මත පදනම් වෙමින් ජීව විද්‍යාඥයකුගේ පර්යාලෝකයකින් ලියැවුණු විද්‍යාත්මක සාධකවලින්, සිත්ගන්නාසුලූ අන්දරයන්ගෙන් සහ පොළඹවනසුලූ නිගමනයන්ගෙන් සමන්විත ග්රන්ථයකි.
#niruvath geheniya gaheniya
භාරත යෝගී ස්වාමි රාමා | Bharatha Yogi Swami Rama
Original price was: Rs 1,100.00.Rs 990.00Current price is: Rs 990.00.Living with the Himalayan Masters
හිමාල වනයේ ජීවත්වූ විශ්මිත යෝගීන්ගේ හා ඍෂිවරුන්ගේ ජීවන ප්රවෘත්ති රැගත් “භාරත යෝගී ස්වාමි රාමා” නමැති මේ කෘතිය යෝගීන්ගේ හා ඍෂිවරුන්ගේ ආයාසකර ජිවන රටාවත්, ඔවුන් විසින් සිදු කරන ලද ඇදහිය නොහැකි තරමේ අරුම පුදුම සිද්දීන් රැසකින්ද සමන්විතය.
ඕනෑම දෙයක ස්වරුපය වෙනස් කෙරෙන අඝෝර් විද්‍යාවේ නිපුනයකු වූ අඝෝර් බාබා මිනිමස් උයා රසගුලා නමැති ප්‍රනීත ආහාරය බවට පත් කරයි. ස්වාමි රාමගේ ගුරු දේව වසූරියෙන් මියැදෙන අහිංසක දරුවකුගේ වසූරිය තමන්ට පවරාගෙන දරුවා මරණයෙන් බේරයි. තම අබල දුබල සිරුර අතහැර මියගිය තරුණයකුගේ සිරුරට ඇතුළුවන අනූ පස් හවාරදී යෝගියා, ඍද්දියෙන් නොපෙනී යන මහලු යෝගියා, අවශ්‍ය වූ විට සිරුර හැර යන යෝගීන්, විශ්මිත රෝග සුව කිරීම් ආදී පුදුමාකාර සිද්දීන් ඇතුලත් මෙම කෘතියෙන් ප්‍රවීණ ලේකක තිලක කුඩාහෙට්ටි ඔබ හිමාලයේ රිෂිකේෂී, ගංගෝත්‍රි, බද්රිනාත්, කේදර්නාත්, කුමායුන්, අල්මෝරා, කෛලාස කූටය පමණක් නොව, මානා දුර්ගය හරහා ඩාර්ජිලිංගේ, සිකීම්, පොඩොංග්, ග්යැන්සි, ෂිගට්සේ ඔස්සේ නේපාලයේ නාසා නගරයටත්, ලමාවරුන්ගේ පන්සල්වලටත් ජීවමානව කැඳවා ගෙන යයි.
#baratha barat bharat yogi svami rama
එළියකන්ද වධ කඳවුර | Eliyakanda Wada Kandawura
Original price was: Rs 850.00.Rs 765.00Current price is: Rs 765.00.රෝහිත මුණසිංහ 1989 නොවැම්බර් 14 වැනි දින යුද හමුදාව විසින් අත් අඩංගුවට ගනු ලදුව වැලිගම යුදහමුදා කඳවුර, මාතර එළියකන්ද වධකාගාරය. බුස්ස රැඳවුම් කඳවුර කොග්ගල පුනරුත්ථාපන කඳවුර යන ස්ථානවල වසරක් පමණ කොටු වී සිට 1991 දී ප්‍රංශයට පැමිණ ප්‍රංශ රජයෙන් දේශපාලන රැකවරණ ලබා ගත්තේ ය.
හමුදා කඳවුරේ දී හා වධකාගාරයේ දී සිදු වූ සියලු මිලේච්ඡ ක්‍රියා හා ඝාතන ගැන බූස්ස රැඳවුම් කඳවුරට පැමිණි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට හෙළිදරව් කළ ඔහු ප්‍රංශයට පැමිණි වහාම ජාත්‍යන්තර ක්ෂමා ආයතනයට (ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්) ද සියල්ල හෙළිදරව් කළේය.
එළියකන්ද වධ කඳවුර නම් වූ ඔහු ගේ මේ කෘතියට අන්තර්ගත වන්නේ භීෂණ යුගය යයි නම් දැරූ අඳුරු කාල පරිච්ඡේදයේ දී හමුදා කඳවුර තුළ ද වධකාගාර තුළ ද සිදු වූ අමානුෂික අප්‍රකට සිදුවීම් පිළිබඳ අන්තවාදී නො වූ දෘෂ්ටියකින් කරන මධ්‍යස්ථ විග්රහයකි.
ප්‍රසන්න ලේඛන ශෛලියකින් බස හසුරවන රෝහිත මුණසිංහ නම් අපූරු ලේඛකයා ගේ ආධ්‍යාත්මය, මේ ග්‍රන්ථය වෙතින් ද දැකිය හැකිය.
භාරත යෝගීන් සහ ඉසිවරයන් සමඟ 1 | Bharatha Yogin Saha Isiwarayin Samaga 1
Original price was: Rs 850.00.Rs 765.00Current price is: Rs 765.00. A Search in Secret India
by Paul Brunton
#baratha barat bharat
රිචඩ් ද සොයිසා – නිහඬ කළ හඬ | Richard De Zoysa – Nihanda Kala Handa
Original price was: Rs 1,000.00.Rs 800.00Current price is: Rs 800.00.භාරත යෝගීන් සහ ඉසිවරයන් සමඟ 2 | Bharatha Yogin Saha Isiwarayin Samaga 2
Original price was: Rs 800.00.Rs 720.00Current price is: Rs 720.00. A Search in Secret India
by Paul Brunton
#baratha barat bharat
උපන්දාසිට බාල විය | Upandasita Bala Viya
Original price was: Rs 400.00.Rs 360.00Current price is: Rs 360.00.මාර්ටින් වික්‍රමසිංහයන් 1961 වසරේ දී ලියා පළ කළ උපන් දා සිට ග්‍රන්ථය, බාලවිය, තරුණවිය මැද විය යන කොටස් තුනකින් යුතු ය. එහි මුල් කොටස වන බාල විය වෙනම පොතක් ලෙස පළ කර ඇත්තේ පාසල් දරුවන් සඳහා වූ අතිරේක කියවීම් පොතක් වශයෙන් එහි ඇති වැදගත්කම සලකා ගෙන ය.
මරණයේ සිට උපත දක්වා | Maranaye Sita Upatha Dakwa
Original price was: Rs 500.00.Rs 450.00Current price is: Rs 450.00. From Death to Birth Understanding Karma and Reincarnation
by Pandith Rajmani Tigunait
උපන්දාසිට | Upandasita
Original price was: Rs 975.00.Rs 875.00Current price is: Rs 875.00.බාල විය – තරුණ විය – මැද විය
උපන්දාසිට ගැමි පරිසරය වික්‍රමසිංහ කෙරෙහි පැවැත් වු බලයත් ඒ පරිසරයෙහි බැසගත් මුදුන් මුල ඇති ඔහුගේ චරිතය හැම ආපදාවන්ට ඔරොත්තු දෙන දැඩි ශක්තියක් ලැබූ සැටිත් ඔහු මේ පොතින් ව්‍යක්ත ලෙස නිරූපනය කරන්නේ තමා කළ පින් පව් නොසඟවා කියන මමත්වයෙන් තොර දරුවෙකු ලෙසිනි.
සිංහල ලකුණ | Sinhala Lakuna
Original price was: Rs 350.00.Rs 315.00Current price is: Rs 315.00.දකුණු පළාතේ ගමක වාසය කළ දරුවෙකුගේ සිතුම් පැතුම් වස්තු කොට ගත් අපේ ගම පරිසරය චරිත හා අත්දැකීම් විසින් ලංකාවේ කවරම ප්‍රදේශයක හෝ වෙසෙන ගැමි දරුවෙකුගේ අත්දැකීම් වලට සමාන වෙයි. ගස් කොළන් ඇල දොල ගංගා හා ගැමියන් ද සහිත ගමෙහි ජීව ලක්ෂණ දරුවෙකුගේ දෘෂ්ටියෙන් නිරීක්ෂණය කොට තිබීම අපේ ගම හි සජීව ගුණයට හේතු වී තිබේ.
1940 වසරේදි පළමු වරට මුද්‍රණය වූ අපේ ගම සිංහල පාඨක ජනතාව අතර – විශේෂයෙන් ළමා පාඨකයින් අතර බෙහෙවින් ප්‍රචලිත වු කතා සංග්‍රහයකි.
මේ වන විට පිටපත් ලක්ෂ ගණනක් දරුවන් අතට පත්ව තිබීමෙන් අපේ ගම පොත අත්පත් කොට ගෙන ඇති ජනප්‍රියතාව වටහා ගත හැකිය.
හිමාලයානු යෝගී ස්වාමි රාමාගේ නිල චරිතාපදානය 2 | Himalayanu Yogi Swami Ramage Nila Charithapadanaya 2
Original price was: Rs 350.00.Rs 315.00Current price is: Rs 315.00.The Official Biography of Swami Rama of Himalayas
හිමාලයානු යෝගී ස්වාමි රාමාගේ නිල චරිතාපදානය 1 | Himalayanu Yogi Swami Ramage Nila Charithapadanaya 1
Original price was: Rs 600.00.Rs 540.00Current price is: Rs 540.00.The Official Biography of Swami Rama of Himalayas
හිමාලයානු යෝගී ස්වාමි රාමාගේ නිල චරිතාපදානය 3 | Himalayanu Yogi Swami Ramage Nila Charithapadanaya 3
Original price was: Rs 850.00.Rs 765.00Current price is: Rs 765.00. The Official Biography of Swami Rama of Himalayas
by Pandit Rajmani Tigunait
ලක් බිමේ සත් වසක් | Lakbime Sath Wasak
Original price was: Rs 1,480.00.Rs 1,255.00Current price is: Rs 1,255.00. Growing
by Leonard Woolf
අපේ රටටත් අපේ මිනිසුන්ටත් පමණක් නොව, අපේ සතා සීපාවාටත් ආදරය කළ සුදු ඒජන්ත හාමුදුරුවෝ වන ලෙනාඩ් වුල්ෆ් ගේ (1904–1911) ස්වයං ලිඛිත චරිතාපදානයේ දෙවැනි කොටස වන GROWING (1961) කෘතහස්ත පරිවර්තකයකු වන ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතා විසින් සිංහලයට නඟා ඇත. පාහියන්ගේ – හියුංසාංගේ – දේශාටන වාර්තා – රොබට් නොක්ස්ගේ ලංකා විස්තරය ඩොයිලිගේ දිනපොත මෙන්ම වුල්ෆ්ගේ GROWING නම් කෘතිය ද ලංකාවේ අතීත තොරතුරු සොයන පර්යේෂකයනට ඍජු මූලාශ්‍ර ග්රන්ථයක් ලෙස අතිශය වැදගත් ය. ලෙනාඩ් වුල්ෆ් ලියූ, බැද්දේගම නමින් සිංහල පාඨකයන් හඳුනන VILLAGE IN THE JUNGLE (1912) නම් නවකතාව ලංකාව පසුබිම් කොට ඉංගිරිසියෙන් ලියැවුණු ශ්‍රේෂ්ඨතම නිර්මාණාත්මක කෘතිය ලෙසසැලකේ.
– තිලකරත්න කුරුවිට බණ්ඩාර