History of Sri Lanka - ශ්‍රී ලංකාවේ ඉතිහාසය
ලංකාවේ සියවසක් | Lankawe Siyawasak
Original price was: Rs 850.00.Rs 680.00Current price is: Rs 680.00. Ceylon in the Jubilee Year
by John Ferguson
“ලංකාවේ සියවසක්” ඉතිහාස ග්රන්ථයක් නොවේ. එය 1803 සිට 1887 දක්වා වූ කාලපරිච්ඡේදයේ අපේ සමාජයේ සිදු වූ සුවිශාල වෙනස්කම් අළලා ජෝන් ෆර්ගියුසන් විසින් ලියන ලද සමාජ විද්‍යාත්මක වටිනාකමක් සහිත අපූරු කෘතියකි. එක් සියවසකට මදක් අඩු කාලයක් තුළ දහනව වන සියවසේ දී ලංකාව වෙලා ගත් විපර්යාස සමූහය මනරම් වෘතාන්තයක් මෙන් හොඳින් මේ වියමනට කෘතියක් තුළ ගොනුකර ඇත.
සිංහල ලකුණ | Sinhala Lakuna
Original price was: Rs 350.00.Rs 315.00Current price is: Rs 315.00.දකුණු පළාතේ ගමක වාසය කළ දරුවෙකුගේ සිතුම් පැතුම් වස්තු කොට ගත් අපේ ගම පරිසරය චරිත හා අත්දැකීම් විසින් ලංකාවේ කවරම ප්‍රදේශයක හෝ වෙසෙන ගැමි දරුවෙකුගේ අත්දැකීම් වලට සමාන වෙයි. ගස් කොළන් ඇල දොල ගංගා හා ගැමියන් ද සහිත ගමෙහි ජීව ලක්ෂණ දරුවෙකුගේ දෘෂ්ටියෙන් නිරීක්ෂණය කොට තිබීම අපේ ගම හි සජීව ගුණයට හේතු වී තිබේ.
1940 වසරේදි පළමු වරට මුද්‍රණය වූ අපේ ගම සිංහල පාඨක ජනතාව අතර – විශේෂයෙන් ළමා පාඨකයින් අතර බෙහෙවින් ප්‍රචලිත වු කතා සංග්‍රහයකි.
මේ වන විට පිටපත් ලක්ෂ ගණනක් දරුවන් අතට පත්ව තිබීමෙන් අපේ ගම පොත අත්පත් කොට ගෙන ඇති ජනප්‍රියතාව වටහා ගත හැකිය.